December 29, 2017

නැනෝ තාක්ෂණයේ යෙදවුම්

නැනෝ තාක්ෂණය අතිශය බහු ක්ෂේත්‍රීය වූ ක්ෂේත්‍රයක් වන අතර ව්‍යවහාරික භෞතික විද්‍යාව ද්‍රව්‍ය විද්‍යාව අතුරු මුහුණත් හා කලිල විද්‍යාව උපකරණ භෞතික විද්‍යාව අති අණුක රසායන විද්‍යාව (අණුවල සහ සංයුජ නොවන බන්ධනමය අන්තර්ක්‍රියා අරමුණු කොට ඇති රසායන විද්‍යා කොටස වේ.) ස්වයං ප්‍රතිගුණ යන්ත්‍ර සහ රොබෝතාක්ෂණය ,රසායනික ඉංජිනේරු විද්‍යාව ,යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවජෛව ඉංජිනේරු විද්‍යාව හා විදුලි ඉංජිනේරු විද්‍යාව යන ක්ෂේත්‍රවලින් නැනෝ තාක්ෂණයට දායක වේ. නැනෝ තාක්ෂණය යටතට විද්‍යා ක්ෂේත්‍ර කාණ්ඩ කිරීම නැනෝ පරිමාණයේ කටයුතු මෙහෙයවන විද්‍යාවන් වෙන්කර ගැනීමේ අපහසු කම ගැටළුවක් බවට පත්ව තිබේ. විද්‍යාවේ සියලු ක්ෂෙත්‍රයන් අතර පොදු වන එකම තාක්ෂණික යෙදුම් කාණ්ඩය උපකරණ භාවිතය වේ. එය නොසලකා හැරී විට ඖෂධ නිෂ්පාදන සමාගම් සහ අර්ධ සන්නායක නිෂ්පාදන සමාගම් අතර වෙනත් සම්බන්ධතා නොතිබෙන අතර එසේ තිබීමේ අවශ්‍යතාවක්ද නොපවතී. නමුත් මෙම ක්ෂෙත්‍ර යුගලේම නැනෝ පරිමාණ හැසිරවීම් සඳහා උපකරණ භාවිත වේ. තවද තම නිෂ්පාදනය නැනෝ තාක්ෂණය යැයි නම් කරන සමාගම් පවා සිය නිෂ්පාදන කිසියම් නිශ්චිත කාර්මික ක්ෂේත්‍රයකට පමණක් වෙළඳාම් කරනු ලබයි. නැනෝ තාක්ෂණය ය‍ටතේ බොහෝ අංශු වල ගුණ මෙන්ම C (nano fuhes) හා අනෙකුත් කුඩා දිලිසෙන අංශු වල ගුණ අධ්‍යයනය කළ හැක. ඉතා කුඩා පරිමාණයේ අංශු සාමාත්යිත යෙදුම් සදහා එනම් වාණිජමය ප්‍රයෝජන සදහා බහුලව යොදා ගනී. නැනෝ වෛද්‍ය විද්‍යාව යටතේ මෙවැනි ක්ෂුද්‍ර අංශු වෛද්‍ය විද්‍යාව සදහා යොදා ගන්නා ආකාරය සලකා බලයි. පතුලේ සිට ක්‍රමයෙන් සකස්වීමේ ක්‍රමය (Bottom up approachs) මෙහිදී කුඩා සංයෝග සංකීර්ණ සංයෝග දක්වා සකස් වීම සලකා බලයි.

කෘෂිකර්මාන්තය
කෘෂි කර්මාන්ත විෂයෙහිලා හඳුන්වා දී ඇති නැණෝ සෙන්සර් (nano sensors) නමැති සංවේදී උපකරණ මගින් කෘෂි කාර්මික බවභෝග වර්ධනයේ දී ඒවායේ නිරෝගී භාවය නිරීක්‍ෂණය කොට දත්ත ලබා දීමත්සක‍්‍රීය නැණෝ අංශු මගින් පසෙහි වූ අහිතකරතාවයන් ඉවත් කරලීමත් සිදු කෙරේ. මෙබදු නැණෝ සෙන්සර් ජාලා පද්ධති මගින් භව භෝගයන්ට වෛරස් වර්ග මගින් වැළදිය හැකි රෝග කල්තියා හඳුනා ගැනීමපසෙහි සරු බව සේමභෝග වලට ඉතා කාර්යක්ෂමවවර්ධනයට අවශ්‍ය පොහොර සහ කෘමි නාශක නැනෝ කැප්සුල (nano capsuls) මගිවන් නිශ්චිත ඉලක්කයටම ලබා දීම සැබැවින්ම විශ්ම ජනකය. තවද මේ වන විට ආහාර සැකසීම සේම සෞඛ්‍යාරක්‍ෂිතව ගුණාත්මක භාවයට හානි නොවන පරිදි ආහාර වර්ග ඇසුරුම් කිරීමට ද නැණෝ තාක්‍ෂණය වර්තමානයේ දී භාවිතා කෙරේ.

පශු සම්පත් සංවර්ධනය
මීට අමතරව පශු සම්පත සංවර්ධනය සඳහා ද වර්තමාන ලෝකය නැණෝ තාක්‍ෂණය භාවිතා කරයි. නැණෝ අංශු මගින් පශු සම්පත සඳහා වර්ධක හෝමෝනඑන්නත් සහ ජාන ඉංජිනේරු තාක්‍ෂණය සඳහා DNA භාවිතා කිරීමේ ක‍්‍රමවේද පහසු කොට තිබේ.

රෙදි පිළි කර්මාන්තය
රෙදි පිළි කර්මාන්තයෙහි නව මානයක් ඇති කරමින් රෙදි සේදීමේ දී වදයෙන් ඔබව මුදවා ගැනීමට දැන් නැණෝ තාක්‍ෂණයට හැකි වී තිබේ. නැණෝ පර්යේෂකයින් විසින් සාර්ථකව අත්හදා බලා ඇති පරිදි වූල් (wool) වර්ග සහ සිල්ක් (silk) වර්ග වල රෙදිනැණෝ තාක්‍ෂණය ඇසුරෙන් නිපද වූ මේවා (nano fabric) එහි රැදෙන කුණු පැල්ලම් නැණෝ අංශු මගින් කා දැමීම නිසා ගෙදර ගෘහණියට හෝ ඔබට රෙදි සේදීම ගැන ඉදිරියේ දී කරදර විය යුතු නොවේ.

පිරිසිදු කිරීම්
එසේම මේ අයුරින්ම නිපද වූ නැණෝ රසායනික දියර මගින් (ස්පේ‍්‍ර කිරීම මගින්) ඔබගේ මුළු තැන්ගෙයි ඇති දැලි කුණු සහමුලින්ම ඉවත් කර දමනවා පමණක් නොව ඒවා යලි එකතු වීමද වලකා දමයි.
 W.A.S Jinasoma

විද්‍යා හා තාක්ෂණ නිළධාරි- බෙන්තොට

0 comments:

Post a Comment