December 31, 2017

සාගරය රකින කොරල් පර

කොරල් පර සාගරයේ දැකිය හැකි වැදගත් පරිසර පද්ධතියකි. වෙරළේ ආරක්ෂාවටත් ධීවර කර්මාන්ත‍යේ පැවැත්මටත් සංචාරක කර්මාන්තය‍ටත් එමගින් ඉමහත් මෙහෙයක් ඉටුකරයි. දේශගුණික වෙනස් වීම් සාගර දූෂණය හා හිරිගල් කැඩීම වැනි හේතු මෙම පරිසර පද්ධතියේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල කර ඇත.

සාගරයේ වටිනාම සම්පත වන  කොරල් පර ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදේ.එනම්  කොරල් (Hard corals) හා මෘදු කොරල් (Soft corals) වශයෙනි. දඩ කොරල් වල කැල්සියම් කාබනේට් වලින් හැදුණු බාහිර සැකිල්ලක් දැකිය හැකි අතර මදු කොරල්වල අභ්‍යන්තරයේ සු වශයෙන්  කැල්සියම් කාබනේට් ඇත. ශ්‍රී ලංකාව සතු කොරල්පර ප්‍රමාණය සීමිතය. ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ කොරල් විශේෂ 183ක් පමණ ඇතැයි විශ්වාස කරන අතර එහි   ඩ කොරල් හා මෘදු කොරල් යන කාණ්ඩ දෙවර්ගයම හමුවේ.

කොරල් සෑදී ඇත්තේ බුහුබාවා නම් ඉතා කුඩා ජීවීන් රැසකගේ එක් වීමෙනි. බුහුබාවා විසින් දෘඩ  කොරල් වල කැල්සියම් කාබනේට් ආවරණයක් නිර්මාණය කරයි . එවන් ආවරණ රාශියක් එක් වී කොරල් ඝනාවාසයක් සෑදෙන  අතර. දඩ කොරල් වාස  භූමි සිය ගණනක් එකිනෙකට ආසන්න වීමෙන් එකමත එක වැඩීමෙන් කොරල් පරයක් නිර්මාණය වේ. කොරල් වලට වර්ණය ලැබෙනුයේ බුහුබාවන්ගෙන් වන අතර බුහුබාවන්ට එම වර්ණය ලැබෙනුයේ ඔවුන්ගේ ශරීර තුල ජීවත් වන ඒක සෛලික ඇල්ගී මගිනි.

නමුත්  කොරල් සෑම මුහුදකම හෝ මුහුදු තීරයකම වර්ධනය නොවන අතර එයට සාධක ගණනාවක් අවශ්‍ය වේ. ඒ සහා මුහුදු තීරයේ උෂ්ණත්වය සෙ.අංශක 25-30 අතර තිබීම යෝග්‍ය වේ. අධික හිරු එළිය කොරල් වලට හානිදායක වන නමුත් කොරල් හා සහජීවනයෙන් ජීවත් වන සුසැන්තිලේ  වැනි  ඇල්ගී   විශේෂ වර්ධනයට හා ශක්තිය නිපදවීමට හිරු එළිය අවශ්‍ය වේ.එමෙන්ම කොරල් වර්ධනයට ජලයේ පැහැදිලි බව ඉතා වැදගත් වේ. එමෙන්ම කොරල් මිරිදිය ජලයේ වර්ධනය නො‍වන අතර අධික ලවණතාවය සහිත ජලයට ඔරොත්තු දේ. කොරල් නිර්මාණය අවුරුදු දහස් ගණනක් තිස්සේ සිදුවන අතර ඒවායේ වර්ධනය ඉතා සෙමින් සිදුවේ. ඇතැම් කොරල් වසරකට සෙ.මී 15 පමණ වර්ධනය වන අතර තාරකා කොරල් හා මස්තිෂ්ක කොරල් වැනි විශාල කොරල් වර්ග වසරකට අල් 1/8-3/4 දක්වා ‍වර්ධනය වේ.   

ගැටි කොරල් බාධක පර අතොල් පර ලෙස කොරල් වර්ග කිහිපයකි. ගැටි කොරල් වෙරළට ආසන්නව වර්ධනය වී ඇත. වෙරළේ සිට මුහුද දක්වා විහිදී ඇත. බාධක කොරල් වෙරළ තීරය‍ට සාමාන්තරව ඇති අතර වෙරළෙන් වෙන් වන්නේ ජල තීරුවකිනි. එනම් එමගින් වෙරළත් මුහුදත් අතර බාධකයක් නිර්මාණය කරඇත. ගිලුණු ගිනිකන්දක ආවාට මුදුන වටා හෝ සාගරය තුල ගිළී පවතින කදු මුදුන් ව‍ටා කවා කාර හැඩයෙන් යුත් දූපත් ලෙස වර්ධනය වී ඇති කොරල් අතොල් පර  නමි. ශ්‍රී ලංකාවේ  බහුලවම ඇත්තේ ගැටි කොරල් පරය. බාධක පර හා අතොල් පර දැකිය නොහැකිය. ගැටි කොරල් පර බොහොමයක් නිරිත දිග දකුණ හා නැගෙනහිර වෙරළ තීරයට ආසන්නව ව්‍යාප්තව ඇත. ඒ අනුව දකුණු වෙරළ තීරයට අයත් හික්කඩුව උණවටුන වැලිගම ආසන්න වෙරළ තීරයේත් නැගෙනහිර වෙරළ තීරයේ ත්‍රිකුණාමලය පරෙවි දූපත ආසන්නයේත් හොදින් වැඩුණු කොරල්පර දැකගත හැකිය.මීට අමතරව මන්නාරම් බොක්කේද  කල්පිටිය අර්ධද්වීපයට බටහිරින් ගැඹුරු මුහුදේද  හොදින් වැඩුණු කොරල්පර දැකගත හැකිය.     
                        
මුහුදු රළ‍ට එරෙහිව බාධකයක් වී වෙරළ ආරක්ෂා කරන සාගරයේ සිටින මසුන්ට හා අනෙකුත් අපෘෂ්ඨ වංශීන්ට ජීවත් වීමට පරිසරයේ ආරක්ෂාව හා ආහාර ලබා දෙන කොරල් පර සාගර ජෛව විවිධත්වය කෙරෙහි ඉතා වැදගත් වන පරිසර පද්ධතියකි.

සැකසුම-‍‍(පොත පත ඇසුරිනි)
කේ.ඩී.පී.ඩී.සිරිවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී-බලපිටිය

0 comments:

Post a Comment