December 31, 2017

ණිර්මාණික ළමුන් ( ඩිසයිග්නර් බේබීස් )

වෛද්‍ය වරයකු  යුවලක් සදහා  ඔවුන්ගේ කුඩා බිළිදාගේ  පූර්ව කලලයේ රුවක් තිරයක් මත පෙන්වමින් , එම කලලය පරම්පරාගත රෝග වලින් තොර නීරෝගි බව පැහැදිලි කරමින් සිටී.  එවිට එම යුවල පවසන්නේ  ඔව්නට දුඹුරු පැහැති ඇස් ඇති, කලු කොන්ඩය සහ පැහැපත් සමක් ඇති දරුවකු අවශ්‍ය බවට තීරණය කරයි.  එහිදී වෛද්‍යවරයා තවදුරටත්, බිළිදාගේ ජාන වලින් ඇති වීමට හැකි  දිගු දුර අන්ධ භාවය,  මත් ද්‍රව්‍ය ඇබ්බැහි භාවය, තරබාරු කම, ගෘහ හිංසාව  ඉවත්කිරීමට කටයුතු කර බවත් ප්‍රකාශ කරයි.
අපිට නම් ඒ ගැන නැවත දෙපාරක් සිතන්න අවශ්‍ය නෑ, මා කියන්නේ  ලෙඩරෝග ගැනසඵල මව පවසයි. එවිට ස්වාමි පුරුෂයා  එක් වරම පවසන්නේ  ඇතැම් දේ වාසනාවට ඉඩ හැරිම සුදුසු බව තමා සිතන බවය.

වෛද්‍ය වරයා බලාපොරෝත්තු පිරිපුන් දෙපලට  ඔව්න් තමා වෙත පැමිණියේ මන්දයා මතක් කර දෙයි. එය තම දරුවාට ඉතා හොදම ආරම්භය ලබා දීමටය.

මෙය මීට වසර 20 කට පෙර ඔක්ටෝබරයේ වෙදීකා ගතවූ ගටකා චිත්‍රපටයේ ජවනිකාවක සංවදයක කොටසකි.  නමුත් මෑත කලීන ජාන සංකරණ  විද්‍යාවේ අදාරයෙන්  ( ක්‍රිස්පආර්, කෑස් 9 = CRISPR/Cas9 ) මිනිස් කලලයක් ජාන සංස්කරණය කිරීම හා පාලනය කිරීම සැබෑවක් වෙමින් පවතී.
චිත්‍ර පටයේ පන්වන ආකාරයට  නිර්මාණික ලමුන් ( designer babies ) ලගදීම මානව අවශ්‍යතාවක් වනු ඇති බව  මානව වාදී දාර්ශණිකයින් පෙන්වා දෙයි.
ගටකා චිත්‍රපටයේ කතෘ පවසන්නේ  මෙලෙස කෘතීම කලල වැඩීමේ  පරිසරයක ජාන සංස්කරණය කරන ලද ආකාරය ආනාගතයේ සාමාන්‍ය ළමුන් බිහිවීමේ ක්‍රමය වන බවයි.  එලෙසම එහිදී  තම දරුවනට එම පර්යේෂණ සදහා මුදල් යෙදවිය නොහැකි  යටත් පංතියක් නිර්මාණය කෙරෙන බවද ඔහු පෙන්වා දෙයි.
මෑතක් වන තුරුම මෙලෙස මිනිස්  ඩීඑන්ඒ (DNA) සංස්කරණය කිරීම, සැකසීම  විද්‍යාත්මක පෙන්වා දීමක් හා ආදර්ශ කතාවක්ද,  ජීව විද්‍යාව හා ජාන තාක්‍ෂණය මගින් එල්ලවිය හැකි ජීව විෂම තාවයට අනතුරු ඇගවීමක් විය. මෙය පසුගිය හැස්ටින්ග් මධ්‍යස්ථානය මූලිකත්වයෙන් සාකච්ඡාවකදී  මාධ්‍යවේදීන්, විද්‍යාවේදීන්, දාර්ශණිකයන් හා වෛද්‍යවරු මගින් විවිචනයට හා අභියෝගයට ලක්ව ඇත.
මෑතදී ( ක්‍රිස්පආර්, කෑස් 9 = CRISPR/Cas9 ) ක්‍රමයෙන් බිහිරි භාවය, හෘද හා රුධිර අක්‍රමිකතා සදහා පිළියම් සොයාගත් බව වාර්තා කර ඇත.  ජාන සංස්කරණය සදහා මෙම විද්‍යාව හා උපකරණ භාවිතය වසර 5ක් පමණ කාලයක් දියුණු හා වර්ධනය කල බවත් එමගින්  නිර්මාණිකව මීයන්, ඌරන්, මාලුවන්, ශාක හා අනෙකුත් සතුන් සාදා අත්හදා බැලූ බවත් වාර්තා වේ. මෙය මිනිසුන් සදහා යොදාගන්නේද නැද්ද යන්න අතිශයින්ම විවාදයට ලක්වේ. 

0 comments:

Post a Comment