December 19, 2017

පස් රහිතව වගා කිරීම

නව ජපන් තාක්‍ෂණය ඕනෑම පරිසර තත්වයක පළතුරු සහ එලවළු වැවීම හැකියාව ඇතිකරයි.
ජපන් විශේෂඥයන්  (පොලිමර් ෆිල්ම්) භාවිතා කර ආහාර නිෂ්පාදනය කිරීමට වගා තාක්‍ෂණයේ නව සොයාගැනීමක් බිහිකරයි.

ටෝකියෝ නගරයට පැයක පමණක දුරින් ඇති මේ (මෙබිඔල් පර්යේෂණ සහ සංවර්ධන) මධ්‍යස්ථානයේ කුඩා කාමරයක් තුල (බේබි කොස්, සලාද කොල) දම් ආලෝකය සැපයූ තැටියක් මත වැවිම සිදුකරයි. තවත් රාක්කයක තැටියක් මත  පැල තවානක් (මයික්‍රො ග්‍රීන්ස්) වැඩෙමින් පවතී. මෙහිදී බීජ පැලකිරීම පස් නොමැතිව, විනිවිද පෙනෙන පොලිමර් පටලයක් මත සිදුකරයි.

පොලිමර් ෆාර්මින් නම් නව්‍ය තාක්‍ෂණ ක්‍රමයෙන් සමතලා මතුපිටක් මත ප්‍රායෝගිකව එලවළු සහ පලතුරු වැවීමේ හැකියාව ඇති කරයි. පොලිමර් ෆිල්ම්  හයිඩ්‍රො ජෙල් නැමති සුපිරි උරාගැනීමේ ද්‍රව්‍යයකින් සාදයි. මේවා සාමාන්‍ය වශයෙන් ගෙදරදී භාවිතා කරන ඩයපර් ( කුඩා ළමුන්ට / රෝගීන් සදහා අන්දවන ජලය උරාගන්නා කොටසක් සහිත යට අදුමක් ) අදිය නිපදවීමට භාවිතා කරයි. මෙහිදි ඉතා කුෂුද්‍ර සිදුරු ( මිලිමීටරයකින් මිලියනයකින් එකක් ) මගින් ජලය සහ පොහොර උරා ගනිමින්  පොලිමර් ෆිල්මි ක්‍රියා කරයි. මෙහිදී පොලිමර් ෆිල්ම් එක මත පැලෑටි වැඩීම සිදුවන අතර මුල් පස් තුලට වැඩීම වෙනුවට පොලිමර් තරලය මත දැලක අකාරයට වැඩීම සිදුවේ.

ෆිල්ම් ෆාර්මින් යුචි මෝරි නම් රසායණ විද්‍යාඥයාගේ නිර්මාණයකි. ඔහු 1995 දී මෙබිඔල් ආයතනය බිහිකරන ලදී.යුචි මෝරි තම වෘත්තීය දිවියේ බොහෝ කලක් වෛද්‍ය නිෂ්පාදනයන් සදහා පොලිමර් තාක්‍ෂණය දියුණු කලේය. නමුත් පසුව ඔහු තුල පැලෑටි ජීව විද්‍යාව පිළිබඳ මහත් ප්‍රබෝධයක් හා උනන්දුවක් ඇතිවී එලවළු වගාවේ නව වෙනස් තාක්‍ෂණයන් සොයා ගැනීම සිදු කෙරුවේය.

බොහෝ අතින් මිනිසුන්ට වඩා ශාක හා පැලෑටි වැදගත් වේ. ඒවා පෘථිවියේ ජීවය පවත්වා ගැනීමටත් අහාර සැපීයමටත් හා අමතර කාබන්ඩයොක්සයිඩ් ඉවත් කිරීමටත් ඉවහල් වේ. එබැවින් ඔහු සැම විටම පැල වල බලය උපරිම කිරීමට ඇති හැකියාව පිළිබදව සිතුවේය.
පොලිමර්  තාක්‍ෂණය කෘෂිකර්මය සදහා යොදා ගැනීම  වසර 20 කට පමණ පෙර ඔහු කෘතීම වකුගඩුවක් සාදමින් සිටින අවස්ථාවේ ඇතිවූ අදහසක් මත පදනම් වේ.  එහිදී පොලිමර් එම කෘතීම රුධිර නාල හා තරල පෙරණ නිර්මාණ තාක්‍ෂණයට යොදා ගන්නවා සේම වගා මධ්‍යක් ලෙසද යොදා ගත හැකි බව වැටහිනි.

ශක සතුව බොහෝමයක් සමාජයේ පවතින ගැටළු විසඳීමේ හැකියාව පවතී.  ජීවන රටාවේ මතුවන රෝග සේම පාරිසරක ගැටළු වලටද ශාක මගින් විසදුම් ලැබේ.
( මා අපට ඕනෑම තැනක ශාක ගෙනයා හැකි ලොවක් මවනවා ) යුචි මෝරි පවසනවා.
ඔහු ප්‍රථමයෙන් තණකොල තට්ටුවක් LED ආලෝකය සෑපයූ හයිඩ්‍රො ජෙල් ෆිල්ම් එකක් මත වැවීම සිදු කලේය. ඉන් පසු දශකයක පමණ කාලයක පර්යෙෂණ මගින් මෝරි සහ ඔහුගේ සගයින් මගින් වගා කුටියක පස් රහිතව විශාල ප්‍රමාණයෙන් ධානය වැවීම සිදු කල හැකි ඒකකයක් නිර් මාණය කලේය.

පසුගිය වසර 40 ක කාලය තුල පෘථිවි භූමි ප්‍රමාණයෙන් 1/3 පමණ කොටසක්  ජනගහණ වර් දනය සහ මුහුදු කෑම හේතුවෙන් අහිමි වී ගොස් ඇති බව  2015 හිදී ෂෙෆීල්ඩ් ග්‍රැන්තම් විශ්වවිද්‍යාලය මගින් කල පර්යේෂණයකදී හෙලි විය.  අසීමිතව වගා කිරීම හා පොහොර අධි භාවිතය නිසා භූමියට නැවත ස්වභාවිකව ප්‍රතිචක්‍රීකරණය වීමට නොහැකි වන ලෙස විනාශ වීම  ඇති බලපෑම් වේ. දේශගුණික හා අධික කාලගුණික  විපර්යාස නිසා මුහුදු කාදනය වේගවත් වී ඇත. මෙම බලපෑම අහාර සදහා ඇති අධික ඉල්ලුමට බලපා ඇත. වගා කල හැකි භූමිය සීමිත වී ඇත. 2050 වසර වන විටදී අපේක්‍ෂිත බිලියන 9 ක පමණ ජනගහනයට සැපයීම සදහා දැනට පවතින අහාර නිෂ්පාදනය 50% කින් වරධදනය කල යුතු බව අදහස් කරයි.
අහාර වල සුරක්‍ෂිත බවට ඇති තවත් බලපෑමක් වන්නේ පවතින ජල සංචිතයයි. සැපයිමට හැකි පිරිසිදු ජල ප්‍රමාණය භූමි විනාශයත් සමග සීග්‍රෙයන් අඩු වී ඇත.

ෆිල්ම් ෆාර් මින් වගා ක්‍රමය මෙහිදී සම්පත් අත්‍යාවශ්‍ය වගා ක්‍රමයට විකල්පයක් ලබා දේ.  පොලිමර් ෆර් මින් (මෙබිඔල්) ක්‍රමයේදී සාම්ප්‍රාදායික වගා ක්‍රමයට වඩා 90% කට වඩා අඩු ජලය ප්‍රමාණයක් යොදා ගැනේ.පොලමර් පටලයේ ඇති කුෂුද්‍ර සිදුරු බැක්ටීරියා සහ වයරස් රෝග මැඩ පැවැත්වීම සිදු කරයි. එබැවින් විෂ සහිත කෘෂිනාශක යෙදීමට අවශ්‍ය නොවේ. පස් අවශ්‍ය නොවන නිසා  සාර් ථක වාගා කුටි ඕනෑම තැනක ( කාන්තාර, ගෙවල් වහලවල් උඩ, වගා කල නොහැකි බිම් මතු පිට )  ඉදි කිරීම කල හැකිය.  මෙම ක්‍රමයට වගා කරන ස්ථාන ජපානය තුල 150 ක් ද, චීනය තුල 1 ස්ථානයක්ද,  එක්සත් අරාබියේ කාන්තාරයක් මතද පවතී. මෙබිඔල් ආයතනය මෙම තාක්‍ෂණය යුරෝපයේ සහ මැද පෙරදිග රටවල් සදහා ප්‍රචලිත කිරීමට සූදානම් වී සිටී.

පොලිමර් ෆිල්ම් තාක්‍ෂණයෙන් වගා කල තක්කාලි සහ අනෙකුත් ආහාර වර් ග දැනටමත් ජපානයේ වෙළෙන්දන් අතර ප්‍රසිද්ධය. හොටෙල් සහ නිවාඩු නිකේතන වලටද මෙම නිෂ්පාදන අලෙවි වේ. ඔව්න් මෙම නිෂ්පාදන තම ආහාර වට්ටෝරු වලට එක් කර ගැනීමට කැමැත්තක් දක්වයි.

0 comments:

Post a Comment