Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

July 31, 2016

ආහාර වර්ණක

වර්ණක ආහාර වලපෙනුම සහ පාරිභෝගික ආකර්ශනය වැඩි කරන අතර ඒවා ආකාර 03කින් හදුනා ගත හැකිය.
1.කෘතීම ආහාර වර්ණක
2.ස්වභාවික වර්ණක
කෘතීම වර්ණක
මෙම වර්ණක ස්වභාවිකව නොමැති අතර රසායන ද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කෙරේ.
අනුමත කෘතිම ආහාර වර්ණක
ආහාර වර්ණක පාරිභෝගික රැචිකත්වය දිනා ගැනීමේ එක් සාධකයකි.
කෘතීම රසකාරක සහ සුවද වර්ග නිපදවනුයේ ගල් අගුරැ තාර රසායන සංයුතියකිනි.
දීප්තිමත් වර්ණක අඩංගු සංයෝග පිළිකාකාරක වේ. ඒවා වර්ණ දේහ වලට හානි කර ලෙස බලපෑ හැකිය.
     

July 29, 2016

සුර්ය බලයෙන් පෘථිවිය වටා යෑම

ප්‍රතිජනන හා පිරිසිදු බලශක්තියක් වූ සුර්ය බලය පමණක් උපයෝගී කරගෙන පෘථිවිය වටා ගමන් කළ ඒ භාරදුර ගුවන් ගමන පසුගියදා සම්පුර්ණ කළ බව වාර්තා විය.පියාසර කිරීම සදහා අවශ්‍ය අවරපෙති හතරම ක්‍රියාත්මක කිරීමට සුර්ය බලය පමණක් පාවිච්චි කළ මෙම සුර්ය බල ගුවන් යානය එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ අබුඩාබි ගුවන් තොටට පෙ.ව. 4.05 ට ගොඩ බෑමෙන් ලොව වටා චාරිකාව සාර්ථකව සම්පුර්ණ කරන ලදී.

මෝටර් රථයක බද තරම් සැහැල්ලුවූ මෙම ගුවන් යානය සුර්ය කෝෂ 17,000 කින් සමන්විත වූ අතර ජම්බෝ ජෙට් යානයක් තරම් පළල විය.සුපතල විද්‍යාඥයකු වූ ටෙස්ලා මෝටර් වාහන (ස්වයං චලන ) කර්මාන්තය විදුලි මෝටර් රථය දක්වා දියුණු කිරීමට මුලික වූ අයුරින් ගුවන්තරණ කර්මාන්තය දියුණු කිරීමට මෙය මුලික නොවන නමුත් එය ගුවන්තරණ කර්මාන්තයට සුවිශේෂී පහන් කණුවක් වනු ඇත.
Bertand Piccard සහ Andre Borschberg යන සුවිස් ජාතික ගුවන් නියමුවන්ගේ නිර්මාණයක් ලෙස එක අසුනක් පමණක් සහිත මෙම ගුවන් යානය අධියර 17 කින් ලොව වටා ගමන් කිරීමට සමත් විය.2015 මාර්තු 09 දින අබුඩාබි ගුවන්තොටුපලින් ආරම්භ කළ මෙම චාරිකාව ආසියාව, පැසිෆික් සාගරය, එක්සත් ජනපදය, අත්ලාන්තික් සාගරය සහ මැද පෙරදිග ඔස්සේ කි.මි.43,401 දුරක් ගමන් කරන ලදී.අවසාන අධියරයේදී කයිරෝ, ඉජිප්තුව සිට අබුඩාබි දක්වා දින 02 ක් ගත කළේය.

1999 දි බැලුනයකින් ලොව වටා ගමන්කර ලත් අත්දැකීම් මත Solar Impulse (සුර්ය ජවය) 1 ව්‍යාපෘතිය  මගින් සුරය බලයෙන් ගිවන් මගින් ලෝකය වටා ගමන් කිරීමට 2009 දි සැලැසුම් කරන ලදී.එහෙත් යොදා ගන්නා බැටරිය (විදුලි කෝෂය ) සම්බන්ධ ගැටළු කිහිපයක් නිසා මාස 09 ක කාලයක් Solar Impulse (සුර්ය ජවය) 1 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි විය 2014 වසරේදී අඩුපාඩු සකස් කළ Solar Impulse (සුර්ය ජවය) 2 ව්‍යාපෘතිය මගින් සුර්ය බලය පමණක් උපයෝගී කරගෙන ගුවනින් ලොව වටා යාමට ඔව්හු සමත් වුහ.

අන්තර්ජාලය ඇසුරිණි

https://www.youtube.com/watch?v=b8DdhEBb3tk

July 28, 2016

සිගරට්.... බොන්න බොන්න මොකද වෙන්නේ...?



සිගරට් නිසා මිනිසුන් මිය යනවද
සිගරට් බොන දෙන්නෙක් ගත්තොත් දෙන්නගෙන් එක්කෙනෙක් මිය යන්නේ සිගරට් නිසා ඇතිවන රෝගී තත්වයකින්. කියන්නේ සිගරට් බොන අයගෙන් 50%ක් සිගරට් නිසා මිය යනවා. මේ විදියට වසරකට මිය යන සංඛ්‍යාව ගණනය කලොත්, සංඛ්‍යාව මේ ලැයිස්තුවේ තියෙන කාරණා නිසා මිය යන සංඛ්‍යාවෙහි එකතුවටත් වඩා වැඩියි

• Motor vehicle accidents -
මෝටර් රථ අනතුරු

• Suicides -
සිය දිවි නසාගැනීම

• Homicide -
මනුෂ්‍ය ඝාතන

• Tuberculosis -
ක්ෂය රෝගය

• Maternal deaths -
මාතෘ මරණ

දුම් පානය නිසා කෙනෙක් මිය යන්නේ කොහොමද?
දුම්කොළ වල අඩංගු විවිධාකාරයේ විෂ රසායන ද්‍රව්‍ය අපේ ස්වසන මාර්ගයට ඇතුල් වුනාම ඒවා අපේ ශරීරයට එරෙහිව ක්‍රියා  කරනවා. නිසා මේ විදියේ රෝගාබාධ ඇති වෙන්න පුළුවන්.

හෘද රෝග
o Myocardial infarction -
හෘදයාබාධ
o Stroke -
ආඝාත (මොළයට රුධිරය සැපයීම අවහිර වීම)
o Sudden death -
හදිසියේ මියයාම (හේතුවක් නැතිව)
o Peripheral vascular disease -
රුධිර වාහිනී ආශ්රිත රෝග

පිළිකා
o Lung -
පෙනහළු
o Oral cavity -
මුඛ කුහරය
o Oesophagus -
අන්නශ්රෝතය
o Stomach -
ආමාශය
o Pancreas -
අග්න්‍යාශය
o Larynx -
ස්වරාලය
o Bladder -
මුත්‍රාශය
o Kidney -
වකුගඩු
o Leukaemia -
ලියුකේමියා (ලේ පිළිකා)
o Liver -
අක්මාව

පෙනහළු
o Chronic obstructive pulmonary disease(COPD) -
නිධන්ගත පෙනහළු රෝග

මේවාට අමතරව තවත් ගැටළු ඇති වෙන්න දුම්පානය හේතු වෙන්න පුළුවන්. ඒවායින් මූලික කාරණයක් තමයි ප්‍රජනක සෞඛ්‍ය  (reproductive health) සම්බන්ධයෙන් ඇති වෙන ගැටළු
ශරීරයේ නිපදවෙන ශුක්‍රාණු ප්‍රමාණය 24%කින් අඩු වෙනවා.
විකෘති වූ ශුක්‍රාණු නිපදවෙනවා. ශුක්‍රාණු වල සඵලතාවය අඩුයි.
• Erectile dysfunction -
එහෙමත් නැත්නම් ලිංගික අප්‍රාණිකත්වය (impotence) ඇති  
  වෙන්නත් මූලික හේතුවක්  වෙන්නේ දුම්වැටි

මේ ගැටළු ඇති වෙන්නේ දුම් බොන අයට විතරද? නෑ.

දුම් බොන අය ළඟ ඉන්න දුම් නොබොන අයටත් මේ දේවල් බලපානවා. ඒකට කියන්නේ "අක්‍රිය දුම් පානය". එහෙම වෙන්නේ, සිගරට් දුමෙන් ¾ ක් පිට වෙන්නේ වායුගෝලයට. මේ දුම සාමාන් වාතයට වඩා බරින් වැඩි නිසා සුළඟට ගසාගෙන යන්නෙ නැතිව අවට පරිසරයේම රැඳි තියෙනවා. මේ නිසා දුම් නෙබොන කෙනෙකුටත් මේ දුම ආඝ්‍රාණය වෙන්න පුළුවන්. නිසයි පොදු ස්ථාන, ආවරණය කළ ස්ථාන, ජනතාව රැස්වෙන ස්ථාන වගේ ඒවගේ දුම් බීම තහනම් කරන්න නීති ගෙනල්ලා තියෙන්නේ. ඒවා ක්‍රියාත්මක වෙනවද කියන එක වෙනම ගැටළුවක්

අක්‍රිය දුම් පානය නිසා මෙන්න මේ දේවල් වෙන්න පුළුවන්.

• Sudden infant death syndrome -
හදිසියේ ළදරුවන් මියයාම
• Chronic cough - නිධන්ගතව පවතින කැස්ස
• Ear infection - කණේ ආසාදන
• Asthma - ඇදුම

ගර්භනී මවක් අක්‍රිය දුම් පානයට ගොදුරු වුනොත් කළලයට මේ විදියට බලපාන්න පුළුවන්.

• Low birth weight -
අඩු බර දරු උපත්
• Prematurity - නොමේරූ ළදරුවන් බිහි වීම (සති 36 අඩු)
• Abortions - ගබ්සා වීම
• Still births - මළ දරු උපත්

• Congenital abnormalities -
ආබාධ සහිත දරුවන් ලැබීම



ආර්ථික සහ සමාජයීය ගැටළු ගත්තොත් අපේ රටේ කරපු සමීක්ෂණයකට අනුව මධ්‍යම පාන්තික පවුලක් සිගරට් සහ අරක්කු වලට වියදම් කරන මුදල පවුලේ ආදායමෙන් 1/3 ත් ½ ත් අතර ප්‍රමාණයක් වෙනවා. කියන්නේ මාසෙකට රුපියල් 12000ක් හම්බ කරන පවුලක් රුපියල් 4000ත් 6000ත් අතර මුදලක් සිගරට් සහ අරක්කු වලට වියදම් කරනවා. නිසා පවුලේ අනිත් සියළුම කටයුතු වලට ඉතිරි වෙන්නේ ආදායමෙන් 2/3ත් ½ත් අතර මුදලක් විතරයි. නිසා පවුල දවසින් දවස දුප්පත් වෙනවා.

නමුත් මේ කිසිම දෙයක් සිගරට් සමාගම් වලින් අපිට කියන්නෙ නෑ. ඔවුන්ට එක වාසියක් වෙලා තියෙන්නේ සිගරට් නිසා ඇති වන රෝග වලින් මියයන අය වාර්තා වෙන්නේ රෝගය නිසා මියගිය අය විදියට මිසක් සිගරට් නිසා මිය ගිය අය විදියට නොවීම. වගේම සමාජයේ සිගරට් ගැන මවලා තියෙන ප්‍රතිරූපයත් ඒකට හේතු වෙලා තියෙනවා

සිගරට් බීම නැවැත්තුවොත් කෙනෙකුට ඇතිවෙන වාසි මොනවාද?

1.
අපි කලින් කියපු රෝග වලට ගොදුරු වීමේ අවදානම සැළකිය යුතු ලෙස අඩු වීම.

2.
තම ආදායමෙන් විශාල මුදලක් දිනපතා ඉතිරි වීම.

3.
තම පවුලේ අය අක්රීය දුම් පානයට ගොදුරු නොවීම නිසා පවුලේ ලෙඩ රෝග අඩු වීම.

4.
සිගරට් බොන්නන්ගේ සංඛ්යාව අඩු කිරීමට දායක වීම තුලින් සිගරට් බීම විලාසිතාවක් නොවීමට හා ගැන සමාජ මතය වෙනස් කිරීමට ඔබ දායක වීම

5.
ඔබගේ දරුවන් සිගරට් වලට යොමු වීමේ අවදානම අඩු වීම.

සිගරට් බීම නවත්තන්නෙ කොහොමද?

ඒක තරම් අපහසු නෑ. සිගරට් බීම නවත්තන්න සිගරට් බොන ඕනම කෙනෙකුට පුළුවන්. අවශ්‍ය න්නෙ උනන්දුව විතරයි.

සිගරට් බීම නවත්තන දවස විදියට ඔබගේ ජීවිතයට වැදගත් දිනයක් යොදාගන්න.        (උදාහරණයක්  විදියට දරුවාගේ උපන් දිනය)
•  තමන් සිගරට් බීම නවත්තන බව ඔබ ඇසුරු කරන අනිත් අයට කියන්න. (බිරිඳ, පවුලේ අය)
  සිගරට් බීම වෙනුවට වෙනත් විකල්පයක් යොදාගන්න. (බබල්ගම් එකක්, තේ එකක්)
 සිගරට් වලට දිනපතා වියදම් කරපු මුදල එකතු කරන්න. සතියකට සැරයක් මුදල බැංකුවේ
   තැන්පත් කරන්න.  මාසෙකට සැරයක් ගිණුමේ ශේෂය පරීක්ෂා කරලා බලන්න.
•  ඔබගේ යාළුවන්ටත් සිගරට් බීම නවත්තන්න උපදෙස් දෙන්න.


එතකොට ඔබට ලොකු නිදහසක් දැනෙයි. අනික දීර්ඝ කාලයක් සිගරට් බීපු කෙනෙක් වුනත් සිගරට් බීම නවත්තලා අවුරුදු 5ක් යනකොට සිගරට් වලින් ශරීරයට ඇතුල් වුනු විෂ රසායන ඔක්කොට ශරීරයෙන් ඉවත් වෙනවා. එතකොට ඔබ සාමාන්‍ය මිනිසෙක්.

මේ ටික සිගරට් නොබොන අයට...

සිගරට් බීමෙන් වැලකිලා ඉන්නවා වගේම සිගරට් බොන කෙනෙක් ගලවාගන්නවා කියන්නේ ලොකු දෙයක්. ඔබට පුළුවන් වුනොත් සිගරට් බොන දෙන්නෙක් ඒකෙන් මුදවා ගන්න ඔබ ජීවිතයක් බේරා ගත් කෙනෙක් බවට පත් වෙනවා මුලින්ම කියපු කාරණය නිසා. // සිගරට් බොන දෙන්නෙක් ගත්තොත් දෙන්නගෙන් එක්කෙනෙක් මිය යන්නේ සිගරට් නිසා ඇතිවන රෝගී තත්වයකින්//

උපුටා ගැනීම :- මුදුන සගරාව
සකස්කළේ :
ප්‍රියංකා ජයකොඩි
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
රත්තොට