July 27, 2016

වසරේ අති ප්‍රබල දේශගුණික කථා 8

දේශගුණික විපර්යාස  ලෙස විවේචනාත්මකව බැලූ කල අප පැමිණෙමින් සිටින්නේ ඉතා ප්‍රබලම වර්ෂයේ අවසානයටයි.
 “Paris Climate talks” දේශගුණික විපර්යාස පිළිබද එක්සත් ජාතීන්ගේ සමුළුව 2015, හිදී මේ සදහා වන ගිවිසුම් හා එමගින් රටවල් හෝ ජාතීන් ඔව්න්ගේ සියලු ශක්තිය හා ක්‍රියාවන් එකට එක් කර කාබන් ඩයොක්සයිඩ් වහනය අඩුකිරීමත් එසමග දේශගුණික විපර්යාස වන අවධානම නැතිකර ගැනීමත් දෙස කාගේත් ඇස යොමු වූවා.
2015 වර්ෂය වාර්තාවල උෂ්ණත්වය ඉහලම වර්ෂය වීමත් එසේම 2015 සැලකිය යුතු කාබන් ඩයොක්සයිඩ් සැතපුම් කණු ඉක්මගිය වර්ෂයක් හා මුහුදු ම්ට්ටම් ඉහලයාම වැඩිවූ හා සමකාසන්න ෆැසිපික් කලාපයේ සංකීරණ දේශගුණික වෙනස්වීම් මාලාවක් සිදුවූ වර්ෂයක් ලෙසත් හදුනා ගැනුනා.

ලබන වසර අපගේ දේශගුණික විපර්යාස සම්බන්ධතා  පිළිබද කාතාවේ නව පරිච්ඡේදයක් වෙනු ඇත. එනමුත් මෙහි  2015 වර්ෂය තුල ගොඩනැගුනු ප්‍රධාන කථාව දැක්වේ. 

පෘතිවිය විකෘමත්ලෙස වසරපුරාම උණුසුම් වී ඇත.  උෂ්ණත්වයෙන් ඉහලම වර්ෂයට වන තුරග තරගයක් ඇත්තාක් සේ 2015 එහි ප්‍රමුඛත්වය ගෙන ආරම්භයේ සිට අවාසානය කරා ඇදෙන්නට පටන් ගත්තා. අප්‍රේල් මල මුල සිටම 2015 වර්ෂය වාර්තාගත උණුසුම්ම වසර බවට සලකුණු ඉස්මතු වන්නට වූවා.


ගොඩබිමෙත් , මුහුදෙත් සිට මිනිසුන් සහ ධ්‍රැව දක්වා 2015 වසර ලෝකය සදහා අසාමාන්‍ය ලෙස උෂ්ණාධික වී ඇත එමගින් එම සියලු අතින්ම එය පෘථිවිය උණුසුම් වීමක් ලෙස දැක්විය හැක. මෙම අවස්තාව තවත් අයුරකින් පෘථිවිය  සාමාන්‍යය උෂ්ණත්වය  1oC (1.8 0F ) දක්වා ලගාවන පළමු අවස්ථාව ලෙස සදහන්වේ. 

අපගේ ලොකයේ කාබන් මාපකය මිලයනයට කොටස් 400 දැන් අපගේ පසුපසින් ඇත. දේශගුණික විපර්යාස  කාබන් ඩයොක්සයිඩ් එක් අනුවක් දක්වා අතීතයට හබා යා හැක. ඉහත සදහන් කල උෂ්ණත්ව ඉහලයාම නංවමින් කාර්මික විප්ලවයේ සිට එය 40% කින් ඉහලගොස් ඇත.
මෙම වසරෙහිදීද  අවකාශය තුල ඉහල යන කාබන් ඩයොක්සයිඩ් ගමන නව උසස් තත්වයක් දක්වා රැගෙනවිත් ඇත.  මෙලෙස අප ජීවන කාලය තුල නැවත එම කාබන් ඩයොක්සයිඩ් කඩඉම වන මිලියනයට 400 වන පරිමාව නොවැටෙනු ඇත. 

අන්තර්ජාතිකව දේශගුණික ක්‍රියාකාරිත්වය පිළිබද අති  තත්වය පෙර නොවූ විරූ අයුරින් යථාර්තවත් වී ඇත.  මෙම වර්ෂය තුල දේශගුණික පැතිකඩ පිළිබධ ඇති සියළු පුවත් අමිහිරි නොවේ. පැරීසියේ පැවති දේශගුණික සමුළුවේදී ගෙනා ගිවිසුම් සදහා ලෝකයේ ප්‍රධානම කාබන් දූශකයන්ගේ උනන්දුව හා සහයෝගය ලබාගැනීමට හැකි විය.  සම්මුති හා ප්‍රඥප්ති දැනට පවතින අවශ්‍යතා ඉටුකරගැනීමට ප්‍රමාණවත් නොවන අතර – සාමාන්‍ය උශ්ණත්වය 1.5 0C මුහුණදීම වැනි දුෂ්කර කාර්යයකට මුහුණ දීමට පෙර ලෝකය එය මැඩපැවැත්වීමට පියවර ගැනීමට තීරණය කර ඇත. එය ඉටු කිරීමේ බැරෑරුම් කාර්යය දැන් උදාවී ඇත. 
El Nino ( සමකාසන්න ෆැසිපික් කලාපයේ සංකීරණ දේශගුණික වෙනස්වීම් )  වාර්තා තැබූ අතර එය මහජනයාගේ නොසන්සුන් භාවයට හේතුවක් විය. මෙම ගැටළුව දෙස ලෝකය 2014 වර්ෂයේ සිට බලා සිටියේය. නමුත් 2015 හිදී නිවර්තන ෆැසිපික් කලාපයේ උණුසුම් ජලය හදුනාගනිමින් ඒය tweetජාලය හා අනෙකුත් මාධ්‍යවල ප්‍රධාන සිරස්තල බවට පත් වෙමින් මහත් ජනප්‍රියතාවක් ලැබුවේය. මෙම El Nino ව වාර්තා අතර ප්‍රබලම එකක් වේ. එය ඉන්දුනීසියාවේ  මහා ගිනි ඇතිවීමට හේතු වුනා , කැලිෆෝනියාවට ගංවතුර අවධානම ඇති කරා.

දකුණු වෙරළ වීථීය – මියාමි
දැන් සහ  අඩි 25 මුහුදු මට්ටම් ඉහල යාම
මුහුදු මට්ටම් ඉහලයාම වැඩිවෙමින් පවතී.  මෙහි පවතින්නේ එක් දිසාවකට එනම් ඉහලට පමණක් යන මුහුදු මට්ටමේ වැඩිවීමකි.  ඇන්ටාර්ට්ටිකා හා ග්‍රීන්ලෑන්ඩි හා අයිස් දියවීම අපේක්ෂා නොකල පරිදි වේගවත් වී ඇති අතර සාක්ෂි වලින් පෙනීයන්නේ අඩි 25ක මුහුදු මට්ටම් වැඩිවීමකට අප සිරවිය හැකි බවය. මෙම වැඩිවීම වසර 100ක් පමණ ගත හැකි අතර එබැවින් ඊලග පරපුර වෙත ඔව්න්ගේ වෙරළ ආශ්‍රිත නගර ඉදිකිරීම, මුහුදු මට්ටම් ඉහලයාමේ අවධානමට හුරුවීම හා ගංවතුර තර්ජන ඉහලයාම පිළිබදව සැලිකිලිමත් වීමට සිදුවනු ඇත.

ආගමික නායකයින් පාප් වහන්සේ ඇතුලුව දේශගුණය පිළිබද බලාපොරොත්තුවක් ලබා දුන්නා.  ජුනි මසදී පාප් ෆ්‍රැන්සිස් තුමා ඔහුගේ  ලිපිය ලබාදෙමින් දේශගුණික විපර්යාස පිළිබඳව ඉදිරිපත් කලා.  ඉම ලිපිය හා වාර්තා විද්‍යාත්මකව නිවරදි බවට ප්‍රකාශ උනා.  නමුත් එහි රාමුව දේශගුණික විපර්යාස ලෝකයේ දුගීන් සදහා ඇති මානූෂීය බලපෑමක් ලෙසට ගැබ්වී තිබුනා.

මූස්ලිම් ආගමිකනායකයින්ද සෙප්තෙම්බර් මසදී ප්‍රාකාශයක් නිකුත්කර සිටියේ  දෙවියන් වහන්සේ විසින් තෑගි කරන ලද ලෝකය ආර්ක්‍ෂා කරගැනීමට දේශගුණික විපර්යාස මැඩ පැවත්වීමට කටයුතු කිරීම සැමගේම අපේක්‍ෂාව විය යුතු බවය.

දේශගුණික විපර්යාස සදහා බලපාන  සාධක , විශේෂයෙන්  උෂ්ණත්වය සදහා පිළියම් යෙදීම බොහෝ සෙයින්  පෙර නොවූ අයුරින් පහසුවී ඇත.  මීම වසර කීපයකට පෙර ඒ සදයා උපකල්පිත ගෙනඒම කල නොහැකි වූවත් , විද්‍යාව හා පරිගණක තාක්‍ෂණයේ සිදුවූ සීඝ්‍ර දියුණුවත් සමග එය සපල කරගැනීමට හැකිවී ඇත. පර්යේෂකයින්  හා දේශගුණ මධ්‍යස්ථානය ( Climate Center ) මගින් සිදුකෙරෙන තත් කාලීන පරීක්ෂණ මගින් දේශගුණික විපර්යාස සදහා බලපාන උෂ්ණත්ව ධාරා (heat Waves ), හිම කුණාටු සහ කුණාටු නිරීක්‍ෂණය කර ඒවා පිළිබද නිගමනයන්ට එලඹීමට උත්සාහ කරයි.  පවතින ප්‍රබල කාලගුණික විපර්යාස සියල්ලෙන්ම දේශගුණික විපර්යාස සදහා උෂ්ණත්වයේ ඇති සම්බන්ධතාව කිසිදාක සුපැහැදිලිවී නැත.
නාසා හි (NASA) මගින් ගෙන එන රූපසටහන් හා තාක්‍ෂණය දේශගුණික විපර්යාසය ඉතාමත් පැහැදිලි කරයි. නාසා ආයතනය ඉතා අනර්ගතම එක්සත් ජාතික නියෝජිතයාය. ඔවුන්  මිනිසුන් සහ උපකරණ අභ්‍යවකාශයට යවන්නේ ඉතා මවිත කරවන පා තැබීමක් ලෙසටය. ඒ හැම ක්‍රියාවක්ම ඔවුන් කරන්නේ  අගහරුවල ජීවය පනගන්වන මැට් ඩැමොන් චිත්‍රපටයක් එලිදැක්වීමට නොවේ. එමගින් අපගේ ප්‍රෘථිවිය පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීම සිදුවේ.  විද්‍යාව අපට ඉතා  ප්‍ර යෝජනවත් වේ,  නමුත් ප්‍රෘථිවි මතුපිට කාබන් තට්ටු දැකගත හැකිවීමත් , අන්තර් ජාතිත අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් දේශගුණික බලපෑමක පුවත ලබාදීමත් සමග නාසා (NASA)  එම පුවත්  රූප රාමු මගින් ලබා ගත් ලෙසට කිසිදු  සැකයක් නොවේ. මෙම වර්ෂයද එයට සාධක ලබාදෙයි.  

0 comments:

Post a Comment