July 11, 2016

අනාගතයේදී කණෙන් බැරිනම් දිවෙන් අහන්න පුළුවන්










ඇමරිකාවේ කොළරාඩෝ ප්‍රාන්තයේ පර්යේෂකයන් පිරිසක් අලුත්ම විදිහේ ඇසිමේ ක්‍රමයක් සොයාගෙන තියේනවා.මෙම ක්‍රමයේදී කණ මග හැර කෙලින්ම මොළයට ඇහෙන්න සලස්වන්න පුලුවන්. අනාගතයේදි කණ ඇසිමේ දෝෂ තියෙන අයට කර්ණශංක බද්ධයක් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට කටෙන් නැත්නමම් දිවෙන් ඇහුම්කන් දෙන්න පුලුවනි.

කණ මග හැර ඇසීමට උදව්වෙන මෙම තාක්ෂණයට පදනම වි ඇත්තේ බ්ලුටූත් එකකි. මෙම බ්ලූටුත් එක මගින් ශබ්දය හඳුනාගෙන එය විදුලි ස්පන්දනයක් වශයෙන් ඉලෙක්ටට්‍රොඩ රැසක් රඳවා ඇති ධාරකයකට යවනවා. ඒ ධාරකය දිවට තද කළ විට අසන්නාගේ දිවට ඒ ස්පන්ධක දැනෙනවා. අසන්නාගේ මොළයට ඒ ශබ්ද අසන්නට ලැබෙන්නේ ඉන් පසුවයි. මෙය කනට සැත්කමක් කරනවාට වඩා වියදම් අඩුවෙන් කර ගත හැකි සරල ක්‍රමයක් බව ඇමරිකාවේ ජෝන් විලියම්ස් වෛද්‍යවරයා පවසනවා.


- විදාතා සම්පත් මධ්‍යස්ථානය
නොච්චියාගම.

0 comments:

Post a Comment