Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

October 30, 2015

ගණිතඥයෝ හොලිවුඩය වර්ණවත් කළේ කෙසේද?

 
කෙටි පිළිතුර :- එක් හුදකලා ප්‍රතිභාවන්තයෙක් නිසා වඩාත් වර්ණවත් තිර රචනා බිහි වේ.
මේ වසරේ පැවති හොලිවුඩ් ශාස්ත්‍රීය සම්මාන උළෙලේදී (Hollywood Academy Awards) හොඳම චිත්‍රපටිය සඳහා නාම යෝජනා වූ චිත්‍රපට අතරින්  ගණිතඥයින් සම්බන්ධ චිත්‍රපට එකක් නොව දෙකක්ම තිබීම ඉතාම විරල සිදුවීමකි. ’The Theory of Everything’ නම් වූ චිත්‍රපටය,තාරකා භෞතික විද්‍යාඥ සුප්‍රසිද්ධ ස්ටෙෆාන් හෝකින්ස් ගේ ජීවිත කථාව පිළිබඳව වන අතර ‘The Imitation Game’ නම් වූ චිත්‍රපටය , පරිගණක විද්‍යාඥ ඇලන් ටියුරින්ගේ ජීවිත කථාව පිළිබඳවයි.මේ චිත්‍රපට වල වැදගත්ම ලක්ෂණය ඒවා ඔවුන්ගේ ක්ෂේත්‍රවල කල ප්‍රමාණාත්මක සොයා ගැනීම්ම ඔවුන්ගේ දෛවය නොවීමයි.

සිනමාවේ විද්‍යා සංවර්ණනය හෙවත් විද්‍යාව විස්තර කිරීම පිළිබඳ ලිපි පළ කළ ජෝර්ජියා තාක්ෂණ ආයතනයේ ටී.හියූ ක්‍රෝෆෝඩ් ප්‍රකාශ කළේ අපි ගණනය කිරීම් පිළිබඳ උන්මාදයට පත්ව ඇති බවයි.හෝකින්ස් සහ ටියුරින් ගණිතඥයින් දෙදෙනා වත්මන් ඩිජිටල් යුගයේ වීරයින් ලෙස සැලකිය හැකිය.එහෙත් මෙහිදී වඩා වැදගත් වනුයේ ඔවුන් දෙදෙනාම හුදකලාව තම කාර්යයන්හි යෙදී තිබීමයි. හොලිවුඩය හුදකලා වෘකයින්ට ඉතා ලැදි බව ප්‍රකට කරුණකැයි ක්‍රෝෆෝඩ් සඳහන් කරයි.

හුදෙකලා වීරයින් ගැන ඇති ආකර්ශනය අලුත් දෙයක් නොවුනත් මෙහිදී වීරයන් වූයේ ගණිතඥයින් වීම සුවිශේෂී වේ.1927 – 1960 කාලය තුල එළි දැක්වුණු ජීවිත පුරාවෘත්ත චිත්‍රපටි 291 න් විද්‍යාව තේමාව කර ගෙන ඇත්තේ 6% ක ප්‍රතිශතයක් පමණක්  බව ජෝර්ජ් ෆෙඩ්රික් තස්ටන් නම් චිත්‍රපට විශ්ලේෂකයා වාර්තා කරයි. ඒවායෙන් හරි අඩක්ම සායනවේදීන් සම්බන්ධවය.එනම් හෙදියන්,වෛද්‍යවරුන් පමණක් නොව දන්ත වෛද්‍යවරුන් පිළිබඳව සැකසී තිබේ.ඉතිරියද බොහෝ විට රචනා වී ඇත්තේ නව නිපැයුම් කරුවන් වූ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් සහ තෝමස් එඩිසන් පිළිබදවය.එසේත් නැත්නම් ලුවී පාස්චර්,මාරි කියුරි වැනි පරීක්ෂණාගාර විද්‍යාඥයින් මූලික කොටගෙනය.එහෙත් වත්මන් ජීව පුරාවෘත්ත වෙනස් ප්‍රවේශයකට යොමු වී තිබේ.වර්තමානයේ මෙම නිර්මාණ ශාස්ත්‍රිය ගණිතඥයින් හෝ භෞතික විද්‍යාවේදීන් කෙරෙහි යොමු වී ඇති අතර එම විද්‍යාඥයින්ගේ සොයාගැනීම් සුවිශේෂී සොයා ගැනීම් පෙලක් ලෙස සලකනු ලබයි.


  
එහෙත් මෙම විද්‍යාඥයින් සියලු දෙනාටම අදාළ රචනාවල පොදු වූ ලක්ෂණය නම් ආදරය සම්බන්ධ බැඳියාව හෙවත් හොලිවුඩය වේ.

 උපුටා ගැනීමකි.: What’s with all the movie Mathematician?
http://www.popsci.com/whats-with-all-movie-mathematicians
https://www.youtube.com/watch?v=5gcyB72nFmc

October 29, 2015

ශබ්දය උපයෝගී කර කුඩා වස්තු පාලනයකින් චලනය කිරීම.(ශබ්ද හොල්මන)

විද්‍යා ප්‍රබන්ධයක් වූ STAR TREK හි නිර්මාණ දිනෙන් දිනම විද්‍යා ප්‍රබන්ධයන් නොව සත්‍ය විද්‍යාවක් බවට පරිවර්තනය වේ.හොලොග්‍රැෆික් වෛද්‍යවරු , භෞතික වස්තුන් ප්‍රවාහනය කරන විදුලි කදම්භ, Andtricorders සහ ස්වයංක්‍රීය දොරවල් යනාදි නිර්මාණ අද සාර්ථක වී තිබේ.එහෙත් Trek ලෝකයේ නිර්මාණ පිළිබඳ තථ්‍ය ලෝකයේ ඇත්තේ අඩු පිළිගැනීමකි. ආලෝකය මඟින් කුඩා වස්තු කෙටි දුරක් ප්‍රවාහනය කළ හැකි ආකෘති නිර්මාණය කිරීම සඳහා විද්‍යාඥයින් ක්‍රියාකරමින් සිටියි.මේ අතරට නවතම සංකල්පයක් ලෙස ආලෝක කදම්භ වෙනුවට ශබ්ද කදම්භ මඟින් කුඩා වස්තු කෙටි දුරක් ප්‍රවාහනය කිරීමද ආරම්භ වී තිබේ.

Nature Communication සඟරාවේ පළ කර ඇති වාර්තාවකට අනුව කුඩා භෞතික වස්තු මෙහෙයවීමට හැකි ධ්වනි හොලෝග්‍රම් කදම්භ (Acoustic Hologram) පර්යේෂකයින් විසින් හඳුනාගෙන තිබේ. කුඩා ශබ්ද විකාශන ජාලයක් යොදා ගනිමින් කුඩා බෝලයක්, මධ්‍ය අවකාශයේ මෙහෙය වීමට එනම් ඉහල පහල යැවීම, කැරකැවීම යනාදිය ශබ්දය උපයෝගී කරගෙන ක්‍රියාත්මක කිරීමට විද්‍යාඥයින් සමත්ව ඇත .මේ සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් අධි තීවෘතාවයක් සහිත ශබ්ද ඇති කර එමඟින් බෝලය වටා බල ක්ෂේත්‍රයක් නිර්මාණය වන සේ වූ වැඩසටහනක් ප්‍රතිලේඛනය කර තිබේ.

මේ සම්බන්ධව ඉදිරිපත් කර ඇති වීඩියෝවේ Tractor model beam (ට්‍රැක්ටර් කදම්භ ආකෘතිය), කුඩා බෝලය අවකාශය තුල මෙහෙයවන්නේ ඇඟිලි වලින් බෝලයක් චලනය කරන ආකාරයෙනි.එය පියවි ඇසට හිස් අවකාශයේ ස්වයංක්‍රීයව බෝලයක් පාවෙන ආකාරයෙන් දිස්වේ.එය ශබ්ද හොල්මනක් ලෙසද පෙනෙනු ඇත. මීට අමතරව පර්යේෂකයින් විසින් ප්‍රයෝගකාර ශබ්ද කේතුවක් නිර්මාණය කර ඇති අතර එමඟින් වස්තුවක් ශබ්ද කේතුවේ කේන්ද්‍රය දෙසට ආකර්ශනය වේ.

මින් පෙර පර්යේෂණ වලදී ට්‍රැක්ටර් කදම්භ, ජලය තුලදී ක්‍රියාකිරීමට හැකි ලෙස නිර්මාණය කර තිබුනද නව නිර්මාණය අවකාශයේදීද ක්‍රියාත්මක වේ.මෙම සියුම් මෙහෙයවීම මගින් ඉදිරියේදී ශබ්දය පාදක කොට භාණ්ඩ එකලස් කිරීම හා රෝගියෙකුගේ ශරීරය තුල ඇති ඖෂධ මෙහෙයවීම වැනි කාර්යයන් ක්‍රියාත්මක කළ හැකි වේ යැයි පර්යේෂකයෝ විශ්වාසය පළ කරති.

උපුටාගැනීම:

You can now lock on to (very small) targets by Beth Griggs

විසිතුරු කඩදාසි නිමැවුම් පණ ගන්වන (රොබෝ ) Arduino මොළ

ඇත අතීතයේ සිට පැවත එන කඩදාසි නැවීමෙන් විසිතුරු නිමැවුම් බිහිකරන කලාව Origami ලෙස හැඳින්වේ. Origami කලාකරුවන් ද්විමාන කඩදාසි ත්‍රිමාණ වස්තු බවට පත් කරන ආකාරය ඉතා සිත්ගන්නා සුළුය. නවීන විද්‍යාව හා ඉංජිනේරු ශිල්පය භාවිතයෙන් නිර්මාණය කළ Arduino නම් ඉලෙක්ට්‍රොනික් මොළ මෙම ත්‍රිමාණ වස්තු බහු නිපුණතාවය සහිත සක්‍රීය උපකරණ බවට පත් කිරීමට සමත්ව තිබේ.උදාහරණ ලෙස අවකාශ කැඩපත, හෘද stent හැඳින්විය හැකිය.එනිසා මෙම තාක්ෂණය උපයෝගී කර ගනිමින් කඩදාසි වලින් මිල අඩු ලාභදායි රොබෝවරු නිර්මාණය කළ හැකිවීම තවත් එක් ප්‍රයෝජනයකි.

මුලින් සරල ලෙස සාමාන්‍ය රුප සැකිල්ලක මුද්‍රණ පිටපතක්  ලබා ගෙන එය කැපීමෙන් හා නැවීමෙන් කඩදාසි වලින් ත්‍රිමාණ වස්තුවක් සකස් කර ගත හැක.ඉන් පසු එයට සරල ඉලෙක්ට්‍රොනික් මොළයක් හෙවත් Arduino සම්බන්ධ කල විට මෙම කඩදාසි ත්‍රිමාණ වස්තු වලට පොළව මත පෙරලීම ,අඳුරු මතු පිට වල ඇලී සිටීමට හැකියාව ලබා දිය හැකිය. පරාවර්තනය වන ආලෝක ප්‍රමාණය හඳුනා ගැනීමේ හැකියාව ඇති Arduino මොළ මඟින් මෙවැනි කාර්යයන් ක්‍රියාත්මක කල හැකි වේ.යම්හෙයකින් විසිතුරු කඩදාසි රොබෝගේ කඩදාසිය ඉරී ගියද කඩදාසි වල මිල අඩු බැවින් නව සැකිල්ලක් මුද්‍රණය කර ගැනීම අපහසු නොවේ.

අඩු මිලකට රොබෝවක් සෑම කෙනෙකුටම ලබා ගැනීමේ හැකියාව ලබා දීමේ අරමුණින් තම Arduino යන්ත්‍රය නිර්මාණය කල බව එහි නිර්මාතෘ MIT ආයතනයේ පශ්චාත් ආචාර්ය උපාධි අපේක්ෂක Ankur Metra ප්‍රකාශ කරයි.ජංගම දුරකථන ඇතුළු ස්මාට් උපකරණ සමඟ කටයුතු කරන ආකාරයට, ඉංජිනේරුවන් නොවන සාමාන්‍ය පුද්ගලයින්ටද මෙම ඉලෙක්ට්‍රොනික මොළය යොදා ගෙන තම රොබෝවරු නිෂ්පාදනයට හා ඒවා පාලනයකිරීමේ හැකියාව උදාකර ගත හැකි බවද Ankur Metra තවදුරටත් පවසා සිටියි. 
                  
අවවාදයයි:
ලිතියම් පොලිමර් බැටරි ගිනි ඇතිවීමේ ප්‍රවනතාවයක් ඇති නිසා කඩදාසි ත්‍රිමාණ නිර්මාණවලට විදුලිය ලබා දීමට ප්‍රථම බැටරියේ ආරක්ෂිත භාවිතය පිලිබඳ උපදෙස් පත්‍රිකාව, කඩදාසි නිර්මාණයට විදුලි ශක්තිය ලබා දීමට ප්‍රථම හොඳින් කියවා අවබෝධ කර ගැනීම වැදගත් වේ.

උපුටාගැනීම:
FOLD A PAPER ROBOT WITH AN ARDUINO BRAIN ORIGAMI ACTION
By Liz Kruesi
http://www.popsci.com/fold-paper-robot

https://www.youtube.com/watch?v=Ibg7M7Qoqag

October 26, 2015

තත්පරයට බිලියන 48 ක ස්නායු ක්‍රියාකාරකම් සිදු කරන කෘතිම කුඩා මොළ

මොලය තුළ ඇති ස්නායු ක්‍රියාකරන ආකාරයට ක්‍රියාකරන ස්නායු චිප් (chip) නිර්මාණය කිරීම සදහා IBM පර්යේෂකයෝ 2008 වසරේ සිට උත්සහ දරමින් සිටිති.ඒ සම්බන්ධ කුතුහලයට පත්වන සොයා ගැනීමක්‌ ගැන පසුගියදා ඔව්හු නිවේදනය කළෝය. එමඟින් කුඩා කෘමි සතෙකුගේ මොළයේ ඇති ස්නායු සෛල මිලියන 48 කට සමාන කෘතිම ස්නායු පද්ධතියක චිප පද්ධතියක් විද්‍යාඥයින් විසින් සංවර්ධනය කරන ලද බව ප්‍රකාශයට පත් විය.

වසර කිහිපයක සිට පර්යේෂණ කණ්ඩායම,DARPA ගේ NEUROMORPHIC අනුවර්තිත ප්ලාස්ටික් ඉලෙක්ට්‍රොනික ප්‍රමාණක(SYNAPSE) සමඟ කටයුතු කළෝය. පර්යේෂකයින් සහ රාජ්‍ය නිළධාරීන් සඳහා වූ සති තුනක අධ්‍යාපනික උද්දීපන කඳවුරකදී පර්යේෂණ කණ්ඩායම ඔවුන්ගේ TrueNorth පද්ධතියේ සුවිශේෂී ප්‍රයත්නය ඉදිරිපත් කරන ලදි.මෙම TrueNorth පද්ධතිය කෘතිම ස්නායු සෛල මිලියන 48 කින් සමන්විත චිප් ජාලයක් බවත් එහි සෑම එක් චිපයක මිලියන 01 ක කෘතිම ස්නායු අන්තර්ගත බවත් සඳහන් වේ.මෙම චිප නිර්මාණය කර ඇත්තේ කාබනික (ඓන්ද්‍රීය) මොළයක් ලෙස ක්‍රියාකිරීමට හැකිවන අයුරිනි.ඒ නිසා එම චිප් පද්ධතිය NEUROMORPHIC ලෙස හැදින්වේ.

 IBM පර්යේෂකයෝ පවසන්නේ ඔවුන් මොළය හෝ වෙනත් කිසිදු ආකාරයක කෘතීමමොළයක් නිර්මාණය නොකළ බවයි.ඇත්තවශයෙන්ම ඔවුන්  නිර්මාණය කළේ මොළයේ ක්‍රියාකාරීත්වයට සමාන  පරිගණකයක් පමණකී.සම්ප්‍රදායික පරිගණකය,මොළයේ වම් කොටස මෙන් හෙවත් සංඛ්‍යා කැල්කියුලේටරයක් ලෙස ක්‍රියකරන බව සඳහන් කරන ඔවුන් TrueNorth පරිගණකය හෙවත් කෘතිම ස්නායු චිප පද්ධතිය මොළයේ දකුණු කොටස ආකාරයට එනම් සෙමින් සංවේදී, රටා හඳුනා ගන්නා යන්ත්‍රයක් ලෙස ක්‍රියාකරන බව දන්වයි.
 
FACE BOOK හි මුහුණු හඳුනා ගැනීම හෝ SKYPE හි සජීවී පරිවර්තන ක්‍රම සඳහා යොදා ගත් AI තාක්ෂණයට අනුරූප තාක්ෂණයන් TrueNorth සඳහා යොදා ගෙන තිබේ.එහෙත් මෙම ක්‍රම දෙක අතර ප්‍රධාන වෙනස නම් IBM චිපය වඩාත් කුඩා,අඩු විදුලියකින් ක්‍රියාකරන සහ අඩු වියදමකින් ක්‍රියාත්මක කල හැකි වීමයි.එම නිසා AI තාක්ෂණය, වඩා කුඩා උපකරණ වූ දුරකථන,අත් ඔරලෝසු යනාදිය සඳහා යොදා ගැනීමට TrueNorth භාවිතා කළ හැකිය. කෘතිම ස්නායු චිප් පද්ධතිය හෙවත් TrueNorth ක්‍රමයේ නිෂ්පාදන වෙළඳපොළට පැමිණීමට තව කාලයක් ගතවිය හැකි වුවද එමඟින් පරිගණක ලෝකයේ විශාල විප්ලවයක් සිදුවනු ඇතැයි අනාවැකි පල වී තිබේ.

උපුටාගැනීම :
New Brain-Inspired Chip Can Perform 46 BILLION Synaptic Operations Per Second by Aamna Mohdin

https://www.youtube.com/watch?v=akIVU6le0g4

October 23, 2015

විද්‍යාවේ ස්වභාවය‍

  
මානව ඉතිහාසය පුරාවට ජනතාව භෞතික,ජීව,මානසික විද්‍යාත්මක සහ සමාජ ලෝක ගැන බොහෝ අන්තර් සම්බන්ධිත සහ නෛතිකව මෙන්ම ප්‍රායෝගිකව වලංගු අදහස් සංවර්ධනය කර තිබේ.ඒ අදහස් මඟින් මානව,සත්ව  විශේෂ සහ එහි පරිසරය පිළිබඳව පාරම්පරිකව වඩ වඩාත් දියුණු වූ හා දියුණු වන විශ්වාසනීය අවබෝධයක් සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබී ඇත. මෙම අදහස් සංවර්ධනය කිරීම සඳහා භාවිතා කරන මාධ්‍යන් ලෙස නිරීක්ෂණය,සිතීම,අත්හදා බැලීම සහ තහවුරු කිරීම වැනි විශේෂ කාර්යයන් සඳහන් කළ හැක.මෙම ක්‍රම මඟින් විද්‍යාවේ ස්වභාවයේ  මූලික අංගයන් පිළිඹිබු කරයි.

විද්‍යාව,ගණිතය සහ තාක්ෂණය යන ක්ෂේත්‍රවල එකතුවක් වූ විද්‍යාවේ ස්වභාවයේ ඇති සුවිශේසී සංකලනය නිසා ඉතා සාර්ථක විද්‍යාත්මක කර්තව්‍යයන් නිර්මාණය කිරීමට හැකිවී තිබේ. විද්‍යාව,ගණිතය සහ තාක්ෂණය යන මේ සෑම මානව ක්ෂේත්‍රයක් සඳහාම වෙන් වෙන් වශයෙන් ස්වයං ලක්ෂණ හා ස්වාධීන පැවැත්මක් ඇති අතර ඒවා එකිනෙක මත යැපෙන හා එකිනෙක වෙනුවෙන් පෙනී සිටීම යන ලක්ෂණ සහිත වේ.ඒ අනුව විද්‍යාත්මක කර්තව්‍යයන් හිදී විද්‍යාව, ගණිතය සහ තාක්ෂණයන් හි ඇති ප්‍රතිරූප මඟින් ඒවා අතර සමානකම් හා සම්බන්ධතා හදුනාගැනීමට හැකිය.මෙහිදී විද්‍යාත්මක ලෝකයේ දැක්ම,පරීක්ෂණ මෙහෙයවන විද්‍යාත්මක ක්‍රම සහ විද්‍යාත්මක ව්‍යවසායක ස්වභාවය යන ප්‍රධාන කරුණු 03 ක් පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.තවද විද්‍යාව, ගණිතය සහ තාක්ෂණයෙන් සාමාන්‍යයෙන් වෙනස් විම,නවින විද්‍යාව මඟින් ලොව විස්තර කිරීම, විද්‍යාවේ ඓතිහාසික විවරණය යනාදිය තුලින් විද්‍යාවේ සංවර්ධනය සඳහා අවශ්‍ය මූලික කරුණු ආවරණය වන බව සදහන් කළ හැකිය.

මේ අනුව විද්‍යාත්මක කර්තව්‍යයන්හිදී  විද්‍යාව,ගණිතය සහ තාක්ෂණය යන ක්ෂේත්‍රවල අනන්‍ය වූ කාර්යභාරය , විද්‍යා ක්ෂේත්‍රය, ගණිතය සහ තාක්ෂණයෙන් සාමාන්‍යයෙන් වෙනස් වන ආකාරය, නවින විද්‍යාව මඟින් ලොව විස්තර කිරීම සහ  විද්‍යාවේ ඓතිහාසික විවරණය පිළිබදව http://www.project2061.org/publications/sfaa/online/chap1.htm වෙබ් පිටුවේ පළවී ඇති වැඩි දුර තොරතුරු අධ්‍යනය වැදගත් වේ.


උපුටාගැනීම  :  THE NATURE OF SCIENCE

 http://www.project2061.org/publications/sfaa/online/chap1.htm

October 22, 2015

නින්ද වැදගත් ඇයි?

නින්ද මිනිසාගේ ජීවිතයට නැතුවම බැරි දෙයකි. අපට අවශ්‍ය ශක්තිය, මනා සිහිකල්පනාව රඳවාගත හැකි වන්නේ හොද නින්දක් නිසයි. ඒ වගේම ජීවිතය සන්තෝෂයෙන් ගෙවා දැමීමටත් නින්ද අවශ්‍යම වේ. නින්ද අඩුවෙන්ම ලබන කෙනෙකුට සතුටින් සහ නිරෝගීව ජීවත්වීම ඉතා අපහසු වේ. ඒ වගේම නින්ද අඩුවීම තුල පුද්ගලයාට දැඩි අසහනකාරී තත්වයක්ද ඇතිවේ.

නින්ද මේ තරමටම මිනිසාට වැදගත් ඇයි යන පැනයට නිෂ්චිත විද්‍යාත්මක පිලිතුරක් තවමත් නැත. කොහොම වුණත් විද්‍යායන් කියන්නේ මිනිසාට නින්ද නැතුව ජීවත්වනවාට වඩා දිගුකලක් ආහාර නැතුව ජීවත්වන්නට පුලුවන් බවයි. විද්‍යායන් දැනට සොයාගෙන ඇති කරුණු කරණා වලට අනුව නින්දේ වැදගත්කම ගැන මෙසේ පවසන්නට පුලුවන.

01. මිනස් මොලයේ කටයුතු නියමාකාරයෙන් සංවිධානය වන්නේ මිනිසා නින්දට වැටුනු විටයි. අවධියෙන් සිටින විට මොළය තුලට ගලා එන තොරතුරු පණිවුඩ යනාදී ආදාන (Inputs) නිසි පිළිවෙලකට සංවිධානය විය යුතුය. එය සිදුවීමට උපකාරී වන ක්‍රියාවලිය ස්නායු සෛල තුල ගොඩ නැගෙන්නට නින්ද අවශ්‍යය යැයි කියා විද්‍යායෝ විශ්වාස කරති. එබදු සංවිධානය වීමක් මිනිස් මොළය තුල සිදු නොවුණුහොත් ස්නායු සෛල අකර්මන්‍ය වී මොළයේ ක්‍රියාකාරිත්වයත් අඩාල වන්නට පුලුවන.

02. නින්ද නිසා මිනිස් මොළය තුල පවත්නා දත්ත කිසියම් පිළිවෙලකට සකස්වීමක් සිදුවේ ඒ තුලින් ගැටලු වලට පිළිතුරු සොයාගැනීමට හැකි වාතාවරණයක් ඇතිවේ. ඒ වගේම අලුතින් මොළයට ලැබුනු තොරතුරු ක්‍රියාත්මක වන්නට පටන් ගන්නේ මිනිසා නිදාගත් පසුවයි. තොරතුරු පිළිවෙලකට තබාගන්නටත් ඒ තොරතුරු ගබඩාකර ගන්නටත් මිනිසා නින්දට වැටිය යුතු බව විද්‍යායන්ගේ මතයයි.
03. නින්ද මිනිසාට සැබෑම විවේකයකි. සිරුර තුල සිදුවන පරිවෘත්තීය ක්‍රියා පහල මට්ටමකට වැටෙන්නේ මිනිසා නිදාගත් විටදීය. එමෙන්ම මිනිස් සිරුර තුල ශක්ති පරිභෝජනය අවම තලයකට ලගාවන්නේත් මිනිසා නින්දේ පසුවෙද්දී බව විද්වත්හු පවසති.
            මිනිසාගේ හෘදය ආශ්‍රිත රුධිර වාහිනී පද්ධතියේ ක්‍රියාකිරිත්වය කිසියම් මට්ටමකින් විවේකයට එළඹෙන්නේ මිනිසා නිදාගත් අවස්ථාවලදීය. සාමාන්‍ය හෝ අධික රුධිර පීඩන තත්ත්වවලින් පෙලෙන අයගේ හෝ රුධිර පීඩනය 20% සිට 30% දක්වා අඩුවෙන්නේත් හෘද ස්පන්දනය 10% සිට 20% දක්වා අඩුවෙන්නේත් නින්ද නිසා බව පර්යේෂණ වලින් සනාථ වී ඇත.

04. මනිසා නින්දට වැටුණු විට මිනිසාගේ දේහය තුල තිබෙන රසා‍යනික ද්‍රව්‍ය  ප්‍රතිස්ථාපනය වීමක් සිදුවේ. එපමණක් නොව මාංශ පේශීන් අලුත්වැඩියා වීමක් ද සිදුවේ. පඨක නැවත සකස් වන්නේත් මිනිසා නිදි සුවය ලබන විටදීය. ශරීරයේ වර්ධණයට ඉවහල් වන හෝර්මෝන වර්ග නිදහස් වන්නේත් නින්දේදීය.

            මිනිසාගේ සිරුර තුල පවත්නා රිද්මය ආරක්ෂා වන්නේ ඉතා හොද නින්දක් ලද විටදීය. නින්දේ ගුණාත්මක බව වගේම නිදාගන්නා ලද කාල ප්‍රමාණය හැමවිටම මිනිස් සිරුරේ රිද්මය කෙරෙහි  තීරණාත්මක සාධක  ලෙස ක්‍රියාකරණ බව විද්‍යායන් පවසති. මිනිස් සිරුරේ රිද්මය චක්‍රාකාරව ක්‍රියා කරන එකකි. එකී චක්‍රය නිසි අන්දමට ගොඩ නොනැගෙන්නේ නම් මිනිසා විවිධ මානසික රෝගවලට ගොදුරු වන පව පැවසේ. 

 සකස් කළේ 
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
අගුනුකොලපලැස්ස

October 19, 2015

රටක් සලිත කළ පාසල් නිර්මාණය

ටෙක්සාස් ප්‍රාන්තයේ අර්වින් හි පදිංචි 14 හැවිරිදි අහමඩ් මොහමඩ් දරුවා පරිපථ පුවරුවක් ආධාරයෙන් ඩිජිටල් (සංඛ්‍යාංක) ඔරලෝසුවක් පසුගිය ඉරිදා දිනයක නිර්මාණය කරන ලදි.පැන්සල් පෙට්ටියක් තරම් වූ එහි ඩිජිටල් සංදර්ශකයක් (DISPLAY) ඇතුළු තවත් කොටස් කිහිපයක් තිබුණු අතර එය නිර්මාණය කිරීමට අහමඩ් විනාඩි 20 ක් පමණ ගත කර තිබේ.පසුදින ඔහු මෙම  ඩිජිටල් ඔරලෝසුව පාසලට ගෙන ගියේ  තම නිර්මාණය ගුරුවරුන්ට ඉදිරිපත් කර පාසලේ ඉංජිනේරු සංගමයට ඇතුලත් වීමට සුදුසුකම් ලැබීමේ අපේක්ෂාවෙනි. ඔහුගේ ඉංජිනේරුමය හැකියාව සහ ඒ සඳහා ඇති උනන්දුවත් මෙම නිර්මාණයෙන් පිළිඹිබු වෙතැයි ඔහු සිතුවේය.එහෙත් අනපේක්ෂිත ලෙස  පාසලේ බලධාරීන් එම  ඩිජිටල් ඔරලෝසුව නිවසේ සෑදූ බෝම්බයක් යැයි සිතා අහමඩ් දරුවා සහ එම නිර්මාණය අත්අඩංගුවට ගෙන තිබේ.

උදෑසන ප්‍රවෘත්තියක් ලෙස මෙම සිදුවීම එදින රාත්‍රී මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසුව එම පුවතින් කලබලයට පත්  රට පුරා සිටි විද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන් කිසිදු භේදයකින් තොරව අහමඩ් දරුවා වෙනුවෙන් ඉදිරිපත් වුනේ ඔහුගේ  හැකියාව සහ උනන්දුව අගය කරමින් හා ඔහුට ප්‍රශංසා කරමිනි.ලොව ප්‍රථම  ඩිජිටල් ඔරලෝසු‍වේ නිර්මාණයේ සම අයිතිකරු වූ අනිල් දාස්, අහමඩ්ගේ පවුලේ සාමාජිකයින් මුණ ගැසී අහමඩ් අගය කරමින් සජීවීව අන්තර්ජාලය ඔස්සේ අදහස් පල කිරීමට ජනතාවට අවස්ථාව උදා කර දුන්නේය.තවද ප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ රචක ජෝන් ස්කාල්ඩි ඇතුළු සිය ගණනක් විද්වතුන් අහමඩ්ව විවිධ මාධ්‍ය ඔස්සේ අගය කළෝය.මේ අතර අහමඩ් අත්අඩංගුවට ගන්නා විට ඔහු ඇඳ සිටියේ නාසා ලාංඡනය සහිත ටී ෂර්ට් එකක් යැයි නාසා ඉංජිනේරු බෝබත්  ඉදිරිපත් කළ  ප්‍රකාශය මෙහිදී  වඩාත් කැපී පෙනුණි.

අවසානයේදී දරුවන්ගේ හැකියාව සහ උනන්දුව අගයකිරිම සදහා  ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරක් ඔබාමා මහතා  ,අහමඩ් දරුවාට ධවල මන්දිරයට පැමිණෙන ලෙස ආරාධනා කළේ මෙලෙස අදාළ විද්වතුන් කළ මැදිහත්වීම නිසාය.දැයේ දරුවන් පිලිබදව බොහෝදෙනා විවිධ අදහස් පළ කරමින්, විරෝධතාපාමින් කටයුතු කරන මේ වකවානුවේ දරුවන් හා මතුව ඇති ගැටළු කෙරෙහි විද්වතුන්ගේ මැදිහත්වීම වඩා වැඩදායක බවට මෙම සිදුවීම වුව සැලකිය හැකිය.

උපුටාගැනීම :
 FOUR CHILD INVENTORS WHO WEREN’T ARRESTED AND ONE WHO WAS GREAT THINGS HAPPEN WHEN SCHOOLS REWARD INQUISITIVE MINDS

https://youtu.be/3mW4w0Y1OXE

October 16, 2015

(ත්‍රිමාණ රුප නිර්මාණක පැන) 3D DOODLER

ඔබට අකුරු කියැවූ දා මතකද? එදා ඔබ ගල්කූරෙන් නැතිනම් පැන්සලකින් "අ" යන්න ලියන්නට ඇත.
කුඩා දරුවන් විවිධ හැඩතල හා රටා සිත්තම් කරන්නට පටන් ගන්නේ වසර දෙකක් ගතවීමටත් පෙර සිටය. අකුරු ලිවීමට හා චිත්‍ර ඇදීමට අප ඔවුනට ලබා දෙන්නේ පැතලි පෘෂ්ඨයකි. එබැවින් දරුවා ඉගෙන ගන්නේ බොහෝවිට ද්විමාන තලයන් ඔස්සේය. එක් අතෙකින් වැඩිහිටියන් වශයෙන් අප සිදුකරන්නේ ඔවුන්ගේ නිර්මාණ හැකියාව ද්විමාන තලයකට සීමාකිරීමයි.

මේ නිසා දරුවාට ත්‍රිමාණ හැඩතල තේරුම්ගැනීමට, ඇදීමට හා නිර්මාණය කිරීමට ඇති හැකියාව අඩුවේ. බොහෝ වැඩිහිටියන්ටද ත්‍රිමාණ ව්‍යුහයන් අවබෝධ කරගැනීමේ හැකියාව අඩුය. මෙයට එක හේතුවක් වන්නේ කුඩා කල මෙම ද්විමාණ තලයන් මත අධ්‍යනය කිරීමට පුරුදු වී තිබීම විය හැකිය.

ද්විමාණය අභිබවා යමින් ත්‍රිමාණය අවබෝධකරගැනීමේ හැකියාව කලාකරුවා සතුය. මූර්ති, කැටයම් ඇතුඑ විවිධ කලාවන් ත්‍රිමාණය විද්‍යාමාන කරයි.

කුඩාකල සිටම මෙසේ ද්විමාණය වෙනුවට ත්‍රිමාණය පිළිබද අවබෝධයක් ලබාගෙන අධ්‍යයනයන් කලහැකි පෑනක් නිපදවා ඇත. කලාකරුවන්ට, විද්‍යඥයින්ට, ඉංජිනේරුවන්ට පමණක් නොව කුඩා දරුවෙකුට වුවද පහසුවෙන් භාවිතාකල හැකි මෙය අපුර්ව සරල නිමැයුමකි.

3D WRITER, 3D DOODLER, 3D PEN ලෙස හදුන්වනු ලබන මෙම පෑන ඔබගේ නිර්මාණශීලි හැකියාවන් ඔපවත් කරයි.

ඔබගේ සිහින තවදුරටත් සිහිනයක් නොව නිර්මාණයක් ලෙස එලිදැක්වීමේ හැකියාව එමගින් ලැබේ. ත්‍රිමාණ අවකාශයතුල ඔබේ සිතැගි සිත්තම්කිරීමේ හැකියාව පහතින් නරඹන්න.



එල්. ඒ. අනූෂා සාගරිකා
විද්‍යා හා තාක්ෂණ නිලධාරී

තිඹිරිගස්යාය