සමබල ආහාර වේලක ප්‍රධාන වශයෙන් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ,
විටමින්, ඛණිජ ලවණ හා ජලය අඩංගු විය යුතුය. මේවා අපේ ආහාරයට ධාන්‍ය, එළවළු,
පළතුරු, කොළ වර්ග, කිරි, බිත්තර, මස් හා මාළු එක් කර ගැනීමෙන් සපුරා ගත හැක.අප ආහාරයට ගන්නා බත් ඇතුළු ධාන්‍ය වර්ග වල
කෙදි හා තන්තු වැඩි ප්‍රමාණයක්
අඩංගු වේ. එමගින් අප ශරීරයේ සිනි හා කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරිමත් ආහාර
මාර්ගය ආශ්‍රිත පිළිකා සෑදීමේ අවධානමද අඩු කර ගත හැකි වේ.
තවද අපගේ ආහාරයේ එළවළු, පළතුරු, පළා වර්ග වල විවිධ විටමින් හා ඛණිජ ලවණ
අඩංගු වේ. එමෙන්ම ධාන්‍ය වර්ග, බිත්තර, කරවල, මස් මාළු වැනි දේ ආහාරයට එක් කර
ගැනීමෙන් ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගත හැකි වේ. මේදය අඩංගු ආහාර හැකිතාක් භාවිතය
අවම කළ යුතු වේ. යම් යම් මේද ප්‍රතිඔක්සිකාරක
ලෙස ක්‍රියා කර පිළිකා සහ නිදන්ගත රෝග
සෑදීමේ අවධානමක් ඇති වේ. එබැවින් මේදය අඩංගු ආහාර අවම
මට්ටමින් භාවිතා කිරිමට කටයුතු කළ යුතුය.
එලෙසම පිරිසිදු ජලය භාවිතයට පුරුදු විය යුතු අතර දිනකට පුද්ගලයෙකු ජලය ලීටර
1.5 - 2 පමන පානය කළ යුතුය.තවද ලුනු භාවිතය හැකිතාක් අඩු කළ
යුතු අතර පුද්ගලයෙකුට නිර්දේශිත ලුනු ප්‍රමාණය ග්රෑම් 05 අඩු විය යුතුය.සීනි භාවිතය හැකිතාක් සීමා කළ යුතුය. සීනි භාවිතය වැඩි වීම හේතුවෙන් ශරීරයේ
ශක්ති අතිරික්තයක් ඇති වී අධික බර හා ස්ථුලතාවයක් ඇති වේ. මෙමගින්
දියවැඩියාව, හෘද රෝග සහ පිළිකා ඇති වීමේ
අවධානමද ඇති වේ.තවද අප ගන්නා ආහාරයට තිරිගු පිටි හා ඒ ආශ්‍රිත ආහාර වර්ග භාවිතය හැකිතාක්
අවම විය යුතුය. තිරිගු පිටි හා ඒ ආශ්‍රිත ආහාර වර්ග බහුලව ගැනීමෙන් ස්ථුලතාවය ඇති
වේ. එමගින් දියවැඩියාව හා ආහාර මාර්ගය ආශ්‍රිත රෝග සෑදීමේ ප්‍රවනතාවයක් ඇති වේ.
තවද ආහාරයට ගන්නා එළවළු, පළතුරු හා පළා වර්ග හැකිතාක් සෑම විටම ගෙවත්තෙන්
ලබා ගැනීමට පුරුදු වන්න. එමගින් එළවළු, පළතුරු පළා වර්ග වලට බාහිරින් එකතුවිය හැකි
(කෘෂි රසායන වර්ග හා රසායනික පොහොර වල) අහිතකර ද්‍රව්‍ය ශරීරගත වීම වළකා ගත හැක.
එලෙසම නැවුම් එළවළු, පළතුරු හා කොළ
වර්ග ස්වභාවිකව ලබා ගත හැකි ආහාර වර්ග
වැඩිපුර භාවිතයට පුරුදු විය යුතුයි.තවද අප ආහාරයට ගන්නා කුළු බඩු හැකි සෑම විටම නිවසේදීම සකසා ගැනීමට පුරුදු
වන්න. එමගින් ඔබටත් පවුලේ සාමාජිකයන්ටත් නිසි පෝෂණයක් ලබා ගත හැකි වේ. නිරතුරුවම
අපගේ ආහාරයේ තන්තුමය ආහාර අඩංගු වීම තුලින් හා දේශීය පළතුරු හා කොළ වර්ග භාවිතයට
වැඩි කිරිම තුලින් බොහෝ සෞඛ්‍ය ගැටළු විසදා ගත හැකි වේ.
තවද ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීමද යහපත් මානසික තත්වයක සිටිමද නීරෝගි
දිවියකට අත්‍යවශ්‍ය සාධකයකි.
මිනිසුන් නිරෝගීව සිටීම සදහා නිසි පෝෂණයක් ලබා ගත යුතුය. විවිධ පෝෂණ ඌණතා
හේතුවෙන් මිනිසුන් දුර්වල වී එදිනෙදා කටයුතු සිදු කිරීම අපහසුවීමත් කළ හැකි
කාර්යයන් ප්‍රමාණය අඩු වීමත් සිදු විය හැකිය.
තවද පෝෂණ ඌණතා වලට ලක් වන පුද්ගලයන් විවිධ රෝගාබාධ වලට නිරතුරුවම ලක්වීමක්
දැකිය හැකිය. තවද මෙලෙස පෝෂණ ඌණතා වලට ලක් වන පුද්ගලයන්ගේ මානසික හා අධ්‍යාත්මික
සෞඛ්‍ය තත්වයන් යහපත්ව පවත්වා ගත නොහැකි වේ.
පෝෂණ ඌණතා පවතින ගර්භණී මව්වරුන්ට ලැබෙන දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ තත්වයන්
අඩු වීමෙන් එම දරුවන් විවිධ රෝගාබාධ වලට ලක් වීමේ ප්‍රවනතාවයද වැඩි වේ. තවද මෙවැනි දරුවන්ගේ කායික හා මානසික දුබලතාවයට
ලක්වීමද දැකිය හැකි වේ. එබැවින් නීරෝගීව ජීවත්වීම සදහා නිසි පෝෂණය ලබා ගැනීම ඉතා
වැදගත් වේ.
(ආර්.වයි.කේ. ගුරුසිංහ ආරච්චි)
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
නාගොඩ.
27 comments:
වොව්
අඩෝ
mmmm good at most best
good
Good
ගූඩ්
Good thanks
හොදයි
Good
Good
Yes
වාව් ලස්සනයි
වාව්
thank you for helping
Thank you very much🙏🙏
Super💗💗
Very good 📸📸📸📸📸📸📸📸
Thank u so much
මේක නිසා අපේ ලමයින්ට හොදට රචනා ලියන්නත් පුළුවන්. මේ ගැන තේරුම් ගන්නත් පුළුවන්.
Very good
Good
Ok
𝒢𝒪𝒪𝒟
charith
Good
Iğdır
Adana
Karabük
Diyarbakır
Antep
O7İOZ
Very good essay
හොදයි
83052
Mersin Şehir İçi Nakliyat
Van Lojistik
Ünye Marangoz
Bayburt Parça Eşya Taşıma
Iğdır Şehirler Arası Nakliyat
Urfa Evden Eve Nakliyat
Kilis Lojistik
Van Şehirler Arası Nakliyat
Sivas Lojistik
F743B
Ünye Marangoz
Çankaya Fayans Ustası
Bayburt Lojistik
Antep Parça Eşya Taşıma
Tunceli Parça Eşya Taşıma
Tekirdağ Çatı Ustası
Kırklareli Şehir İçi Nakliyat
Yalova Evden Eve Nakliyat
Osmaniye Evden Eve Nakliyat
Post a Comment