Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

June 30, 2015

සසලවිය හැකි දේශගුණික විපර්යාස

ප්‍රමාද වී හෝ දේශගුණික විපර්යාස පිළිබඳව මෑතකදී ලොවම අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් පරිසරවේදීන් සතුටට පත් වී තිබේ. මේ සම්බන්ධයෙන් මහජනයාගේ අවධානය දිනා ගැනීම සඳහා පාප්වහස්සේ මෑතකදී කළ ප්‍රකාශ සේම ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික සාකච්ඡා සහ ධවල මන්දිරයේන් නිකුත් කළ අධිකාරී ලත් වාර්තාව විශේෂ කොට සැලකිය හැකිය. දේශගුණය සඳහා ලබා ගත හැකි සියලු අවධානයන් අත්‍යාවශ්‍ය වන අතර මතුවිය හැකි යැයි දැනෙන බියකරු අවෂ්ථාවන් වලට හේතුවන දේශගුණික විපර්යාස යනු ව්‍යසනය බව සැලකිය යුතුය. මේ සම්බන්ධව බොහෝ දෙනා සන්ත්‍රාසයට පත් වුවද සමහරු සර්ව ශුභවාදීව කටයුතු කරයි.

මහා කලාකරුවෙකු වූ නැසී ගිය කාල් සාගන් (Carl Sagan) විසින් විස්තර කථනය කරන ලද Eric Wernquist 2014 දී නිපද වූ විනාඩි 03 ක කෙටි චිත්‍රපටියක් වන “Enter Wanders” (ආෂ්චර්යට ඇතුළුවන්න) හී දීප්තියෙන් අඩු නිල් තිත (Pale Blue Dot) වලින් ලද උපුටා ගැනීම් මෙහිදී වැදගත් වේ. පියාපත් ලද මිනිසුන්, උපකල්පනය කරන ලද සෞරග්‍රහ මණ්ඩලයක පියාසර කරමින් උපද්‍රව අවස්ථාවලදී මිනිසාගේ කෞශල්‍යෙයන් පෙළෙඹවූ  බලාපොරොත්තුව මෙම චිත්‍රපිටියෙන් පිළිබිඹු වේ. එය දේශගුණික විපර්යාස සම්බන්ධව පමණක් නොවුනද මෑතකදී පළ කළ වාර්තාවකින් NPR හී ඇඩම් ෆරැන්ක් ( Adam Frank) මෙයට දේශගුණික විපර්යාස සම්බන්ධ කර ඇත.

අපි මුහුණ දී ඇති කල්පැවැත්මේ පටු දොර සත්‍ය හා සිදුවිය හැකි බවට සැක නැති අතර එමඟින් මානව ශිෂ්ඨාචාරය සඳහා වූ අනුභූතික අභියෝග පැහැදිලිය. ඒ වාගේම මනුෂ්‍ය වර්ගයා පුදුම සහගත ලෙස දක්ෂ හා නිර්මාණශීලී වේ. ඒ නිසා දේශගුණික විපර්යාස සඳහා හොඳින් මුහුණ දීමට සහ එහිදී සානුකම්පිත ලෙස කටයුතු කිරීමටද අපට හැකියාව තිබේ.

එහෙත් එවැනි ජයග්‍රහණයකට  වුව ද වෙනත් ගැටළුවක් ඇති කළ හැකිද? කල්පවත්නා, සමබර සහ බලශක්ති කාර්යක්ෂම තාක්ෂණික ශිෂ්ඨාචාරයක් බිහි කිරීමට අප සමත්වුවහොත් කුමක් සිදුවේද?
දේශගුණික විපර්යාස සමග ජයග්‍රහණය කළ යුතු එකම සාධකය සෞරග්‍රහ මණ්ඩලය තුල වාසය ස්ථිර කර ගැනීම පමණක් නොව දිගු කාලීන වශයෙන් ළඟා කර ගත යුතු අවශ්‍යතා වඩා වැදගත් වේ. බොහෝදුරට ප්‍රබන්ධ සහිත වුව ද පරිපූර්ණ විද්‍යාවක් සඳහා Wanders චිත්‍රපටියේ  වීර ක්‍රියාව මෙන්ම Frank ගේ ධ්‍යානය අවසාන ගුරුපොත විය හැකිද?

උපුටා ගැනීම -
This short film narrated by Carl Sagan will give you shivers
https://www.youtube.com/watch?v=Q6goNzXrmFs

https://www.youtube.com/watch?v=H8MoICl8qvI

June 29, 2015

දේශගුණික විපර්යාස පිළිබඳ ක්‍රියාශීලී වීමට නෙදර්ලන්ත රජයට නියෝගය

නෙදර්ලන්තයේ ජනතාව එරට රජයට එරෙහි අධිකරණයේ ගොනු කළ නඩුවක් හේතුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ක්‍රියාශීලී වීමට පෘතුගාල රජයට අධිකරණය නියෝග කර තිබේ. එලෙස අධිකරණයක් විසින් දේශගුනික විපර්යාස පිළිබඳ කටයුතු කරන ලෙස තම රජයට (විධායකයට) නියෝග කළ ලොව ප්‍රථම අවස්ථාව මෙය වේ. සෑම දෙයක් සඳහා ම ප්‍රථම වරට සිදුවීමේ අවස්ථාවක් උදාවේ. 

නෙදර්ලන්තයේ හේග් අගනුවර දිස්ත්‍රික් අධිකරණයේදී එරට පුරවැසියන් 886 දෙනෙක් පුද්ගල මට්ටමින් ඔවුන්ගේ රජයට එරෙහිව ගොනු කළ මෙම නඩුවෙන් රජයේ නිලධාරීන් මීට වඩා අවධාණයකින් දේශගුණික විපර්යාස විපත් වැළැක්වීමට කටයුතු කළ යුතු බව ඉල්ලා සිටියෝය.
අධිකරණ නියෝගයේ ‘1990 වර්ෂයේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රමාණයෙන් 25% ක්‌  2020 වර්ෂයේදී අඩු කිරීමට නෙදර්ලන්ත රජය කටයුතු කළ යුතු බව සඳහන් විය. දැනටමත් නෙදර්ලන්තයේ හරිතාගාර වායු නිෂ්පාදනය 1990 ට වඩා 17% කින් අඩු කිරීමට රජය කටයුතු කර තිබේ. එහෙත් පුරවැසියන් වෙනුවෙන් මෙම පෙත්සම ඉදිරිපත් කල Urgenda පදනම පැවසුවේ එය ප්‍රමාණවත් නොවන බවයි’.

 “රජයක යුතුකම එහි පුරවැසියන් ආරක්ෂා කිරීමයි. Urgenda පදනමේ අධ්‍යක්ෂ Marjan Minnesma, නේචර් සඟරාවට පැවසුවේය. දේශපාලකයින් තම සම්මුතීන් ආරක්ෂා නොකරන්නේ නම් ඒ සඳහා අධිකරණය ඔවුන්ට උපකාර කළ යුතුය.

රජයෙන් හෝ  බහුජාතික සමාගම් හෝ වෙනත් ආකාර වලින් සිදුවෙන පරිසර අපයෝජනය සඳහා වන්දි ලබා ගැනීමට මින් පෙර කටයුතු කර තිබුණ ද එය සාර්ථක වී නැත. හරිතාගාර වායු පිට කිරීම අඩු කර ගැනීමට අවශ්‍ය උපයෝගිතා ක්‍රියා කරවීමට ඇමෙරිකා එක්සත් ජනපදයේදී කළ උත්සහය අසාර්ථක විය.
 
නෙදර්ලන්තයේ මෙම අධිකරණ නියෝගය එවැනි නියෝග සඳහා අනෙක් රටවල් ද කටයුතු සිදුවීමට මාර්ගෝපදේශයක් වනු ඇතැයි පරිසරවේදීන් බලාපොරොත්තු වේ. අධිකරණය එසේ තීන්දු කළ ද එය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව රජයට උපදෙස් ලබා දීමට සමත් වී නැත. ඒනිසා මේ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ලෝකය විමසිල්ලෙන් පසුවේ.

උපුටා ගැනීම -
 Dutch citizens sued their government to act on climate change and won
 There’s first time for everything by Mary Beth Griggs.

https://www.youtube.com/watch?v=s4K58DLoGsw

June 26, 2015

වර්ණ හා මෝස්තර කෘත්‍රීමව වෙනස් කරන ඇඳුම්

පර්යේෂකයෝ, මි.මි. 1 ප්‍රමාණයේ ඇෆ්ගන් ගැහැණු රූපයක් සහිත ඇඳුමක් නිර්මාණය කර වෝල්ටීයතාව යොදා ගනිමින් ඇඳුමේ වර්ණ වෙනස් කළෝය. අනාගතයේ ඔබේ සහෝදර සේවකයින් ඔබ එකම ඇඳුම නැවත නැවත අඳින බව  දැකගනු ඇතැයි තවදුරටත් සැක සිතීමට අවශ්‍ය නැත. මන්ද ඔබ එකම ෂර්ට් එකක් ඇන්දත් එහි වර්ණ සහ මෝස්තරය ඔබට අවශ්‍ය පරිදි  ක්ෂණයෙන්  වෙනස් කර ගත හැකි වීමයි.

මෑතකදී කරන ලද අධ්‍යයන වාර්තාවක් මගින් පර්යේෂකයන් පියවි  සම හා සමාන තුනී සහ නැවෙන සුළු ඇඳුමක් නිර්මාණය කරන ලද බව ප්‍රකාශයට පත් කරන ලදි . වෝල්ටීයතාව ආදේශ කර මෙම ඇඳුම්වල  වර්ණ සහ මෝස්තරය වෙනස් කළ හැකිය. කඩදාසියක් තරම් සියුම් පෙති දැනටමත් තිබෙන නමුත් මෙම නිර්මාණය මිනිස් හිසකෙස් ගසකට වඩා සිහින්ය. එපමණක් නොව එයට මුළු ආලෝක වර්ණාවලියම ලබාගත හැකි වන අතර තත්පරයෙන් 1000 න් පංගුවක කාලයකදී එහි වර්ණ වෙනස් කර ගැනීමට ද හැකිය. මේතාක් පර්යේෂණ වලදී වර්ණ කිහිපයකට තත්පර 10 ක කාලයකදී වෙනස් වීමට හැකියාව පමණක් සංවර්ධනය කර තිබුණි. ලෝහමය ප්‍රලාපයක් වැනි නිනිති ව්‍යූහයන් ද්‍රව පළිඟු මගින් පිරවීම සහ ප්ලාස්ටික් තල දෙකක් අතර එය තැවරීමෙන් ඉතාම සියුම් (සිහින්) හා වඩා කාර්යක්ෂම ඉදිරිපත් කිරීමක් නිර්මාණය කිරීමට පර්යේෂකයන් සමත් විය.

ජංගම දුරකතන මුහුණතක (Screen) වල මෙන් මෙම නිර්මාණයට තම ආලෝක ප්‍රභවය නිෂ්පාදනය කිරීම අවශ‍්‍ය නොවේ. ද්‍රව පළිඟු සමග ඇති සියුම් ස්ථරයට ආදේශ කළ වෝල්ටීයතාවයේ ප්‍රමාණය නිසා එහි අණුකමය හැඩගැසීම් වෙනස් කිරීම සහ නිනිති ව්‍යූහය මගින් සිදුවන පරාවර්තනය හා අවශෝෂණය නිසා පරිමණ්ඩිත ආලෝකය තරංග ආයාම වෙනස් කිරීම සිදුවේ.

සෙන්ට්‍රල් ෆොලෝරිඩා විශ්ව විද්‍යාල පර්යේෂණ  කණ්ඩායම මි.මි. 1 ක ප්‍රමාණයේ ඇෆ්ගන් ගැහැණු රූපයක් නිර්මාණය කර විවිධ වෝල්ටීයතා ආදේශනයෙන් එහි වර්ණ වෙනස් කරන ලදී. රූපය තිත්  ආකාරයෙන් දිස් වුවද පර්යේෂණය මෙහෙය වූ දෙබාසිස් චන්ද වඩා විශාල වූ ප්‍රදර්ශනයකදී රූපවාහිණී තිරයක මෙන් වඩා පැහැදිලි රූප දක්වන බව සඳහන් කරයි.

ඔබ ස්වභාවධර්මය දෙස බලන්නේ නම් කටුස්සා, අෂ්ටදල (Octopi) තම පියවි සම පාදක කරගෙන පරිමණිඩිත ආලෝකය නිර්මාණය කරයි. මෙවැනි තාක්ෂණයක් උපයෝගී කරගත් විට ඕනෑම මතුපිටක වර්ණය සහ මෝස්තරය වෙනස් කළ හැකිය. චන්ද පවසයි.

තවද චන්ද සිතන ආකාරයට මෙම තාක්ෂණය නැමෙන සුළු ද්‍රව්‍යවල විශාල ප්‍රදේශ සඳහා වඩා ලාභදායීව යොදා ගත හැකිය. එයට  E-reader පරිගණකය  සඟරාවක් ලෙස නිර්මාණයට පමණක් නොව වර්ණය වෙනස් කරන මෝස්තර නිර්මාණ , බිත්ති ප්‍රමාණයේ තිර වැනි වෙස් මාරු කරන ආම්පන්න නිපදවීමට හැකි වේ.

උපුටා ගැනීම -
 Super Thin electronic textile could dress you in video

 You’ll never want to change your clothes again By Levi Sharpehttp://www.popsci.com/skin-display-future-color-changing-clothing

මර්ස් රෝගය(MERS )


මේ රෝගය මර්ස් කොරෝනා වෛරස් ආසාදනය ලෙස හඳුන්වයි. මිඩිල් ඊස්ට් රෙස්පි‍රටරි සින්ඩ්‍රොම් කොරෝනා වෛරස් රෝගය මුලින් ම වාර්තා වන්නේ 2012 වසරේ අප්‍රේල් මාසයේ සවුදි අරාබියෙන් ය. කොරෝනා වෛරස් ආසාදන රෝගය පිළිබඳව අදාළ කරුණු මුලින් ම සොයා ගන්නේ ඊජිප්තුවේ වෛද්‍යවරයකු විසිනි. මෙහිදී වෛද්‍යවරු බොහෝ දෙනා අනුමාන කළේ සාර්ස් වෛරස් රෝගය හා සසඳමින් එම රෝගයේ තවත් වර්ධනයක් ලෙසට ය.
සාර්ස් රෝගයේදී පෙනහලු ආශ්‍රිත ආසාදන තත්ත්වයක් වර්ධනය වී නිව්මෝනියා ඇතිවේ. එහෙත් සාර්ස් වකුගඩු ආශ්‍රිත රෝග තත්ත්වයක් දක්වා වර්ධනයවීමක් සිදු නොවෙයි.ඊජිප්තු වෛද්‍යවරයා ඇතුළු වෛද්‍ය කණ්ඩායම මර්ස් රෝගය ගැන වැඩිදුරටත් කරන ලද පරීක්ෂණවලදී නිව්මෝනියාව වැලඳී අවසානයේ දී වකුගඩු දක්වා පැතිර ගොස් වකුගඩු අකර්මණ්‍යවී රෝගියා මරණයට පත්වීම ද සිදුවෙන බව සොයා ගත්තේ ය.

මේ රෝගය අපේ රටෙන් වාර්තාවීමක් සිදුවුවහොත් රජයේ රෝහල්වලට එන මෙවැනි සැක සහිත රෝගීන්ගේ පරීක්ෂණ වාර්තා සිදුකරන්නට පහසුකම් පවතින්නේ රජයේ වෛද්‍ය පර්යේෂණායතනයට ය.
මර්ස් කොරෝනා වෛරස් ආසාදන නවතම රෝගයේ රෝග ලක්ෂණ ලෙස පෙන්නුම් කරන්නේ සතියක් පමණ තිබෙන උණ, හුස්ම ගැනීමේ අපහසුතාව කෙටි හුස්ම ගැනීම සහ ඉන්පසු රෝග තත්ත්වය අසාධ්‍ය බවට පත්වී නිව්මෝනියා දක්වා වර්ධනය වීමත් අනතුරුව වකුගඩු දක්වා රෝග තත්ත්වය ව්‍යාප්ත වී රෝගියා මිය යාම ය. විශේෂයෙන් ම මැද පෙරදිග රටවලට ගොස් එන පිරිස් වැඩි වෙමින් පවතින නිසා උණ රෝග ලක්ෂණ සතියක් සති දෙකහමාරක් පමණ වුව ද පැවතියහොත් වෛද්‍යවරයකු හමු වී පරීක්ෂණ කිරීම උචිතය. වෛරසය ශරීර ගත වී රෝග ලක්ෂණ ඇතිවෙන්න දින 12 ක් පමණ ‍ගතවෙයි.
පරීක්ෂණය සඳහා රෝගියාගේ සෙම් සොටු දියර ගැනීම සිදු වෙයි. මේවා ඉන්පසුව පරීක්ෂණයට ලක්වන්නේ ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂක උපයෝගි කරගෙන ය. මෙවැනි පරීක්ෂණයක් සඳහා රුපියල් 10,000 - 15,000 මුදලක් වැය කිරීමට සිදුවෙයි. රජයේ රෝහල්වලට මෙවැනි ‍රෝගීන් පැමිණියහොත් ඔවුන් ගෙන් රෝග නිශ්චයට ගන්නා සාම්පල පරීක්ෂා කරන්නේ නොමිලයේ ය.

මර්ස් රෝගය පැතිරයාම වැළැක්වීමට නම්  තප්පර 20 බැගින්වත් අත සේදිය යුතු බවට සහ කහින හෝ කිඹුහුම් අරින විට මුඛය සහ නාසය ටිෂූවලින් වසා ගත යුතු බවට රෝග මර්ධන සහ වැළැක්වීමේ අමෙරිකන් මධ්‍යස්ථානය පෙන්වා දී තිබේ.ඇස් , නාසය සහ මුඛය නිතර ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු අතර රෝගියාගේ භාජන පාවිච්චි කිරීමෙන් වැළකීම මෙන්ම පෞද්ගලික ස්පර්ශයෙන්ද වැළකී සිටිය යුතු වේ.

රෝගියාගේ ස්පර්ශයට ලක්වන ස්ථාන නිරතුරුව විෂබීජ ‍නාශක යොදා පිරිසිඳු කළ යුතු බව රෝග මර්ධන සහ වැළැක්වීමේ අමෙරිකන් මධ්‍යස්ථානය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
         මර්ස් වෛරසය පැතිරීයාම හේතුවෙන් දකුණු කොරියාව ප්‍රබල ගැටලුවකට මුහුණ දී ඇතිඅතර  මුලින්ම හඳුනාගත් සෞදි අරාබියාවේ හැරුණු කොට එම වසංගතය තදින්ම පැතිර ඇත්තේ දකුණු කොරියාවේයි.ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එහි සේවය කිරීමද අවදානමකි.මර්ස් වෛරස් ආසාධිතයන් බවට සැක පිට 2500 කට අධික පිරිසක් නිවෙස්වල හෝ සෞඛ්‍ය මධ්‍යස්ථානවල රඳවාගෙන සිටිනඅතර වසංගතයට වැඩි වශයෙන් ගොදුරුවි ඇත්තේ වැඩිහිටියන් බවයි පැවසෙන්නේ.
මේ වෛරසය කරලියට පැමිණ තවමත් ගතවී ඇත්තේ අවුරුදු තුනක් තරම් කෙටිකාලයක් නිසා එහි මූලාරම්භය හෝ එය පැතිර යන ආකාරය පිළිබඳ වෛද්‍යවරුන්ටපවා තවමත් නිශ්චිත අවබෝධයක් නොමැති අතර එම වෛරසය පහසුවෙනමිනිසාගෙන් මිනිසාට බෝ නොවන බව නිගමනය කර තිබේ.

පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී

ප්‍රෝටීන් ආහාර

ප්‍රෝටීනවල තැනුම් ඒකකය ඇමයිනෝ අම්ල වේ.සරලතම ඇමයිනෝ අම්ලය ග්ලයිසීන් වන අතර ප්‍රෝටීන ජීර්ණයේ අන්ත ඵලය වන්නේද ඇමයිනෝ අම්ලයි. ඒ අනුව ප්‍රෝටීන ජීර්ණය වූ පසු අපේ රුධිරයට අවශෝෂණය වන්නේ ඇමයිනෝ අම්ල ලෙසය.ප්‍රෝටීන අපේ ශරීරයේ වර්ධනයට අත්‍යවශ්‍ය වන පෝෂණ සංඝටකයකි. එනිසා ම ප්‍රෝටීන බහුල ආහාර වර්ග තම ආහාර වේලට එක්කර ගැනීමට සියලු දෙනාම පාහේ විශාල උනන්දුවක් දක්වති. එහෙත් ප්‍රෝටීන් භාවිතය පිළිබඳ සමාජයේ ඇතැම් පිරිස් අතර පවතින්නේ තරමක් සාවද්‍ය අදහස් බව නම් නො කියාම බැරි කරුණකි. දැන් අපි මෙබඳු මිත්‍යා අදහස් කිහිපයක් විමසා බලමින් ඒවා නිවැරැදි කරගන්නට උත්සහ කරමු. හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යාම සඳහා ඉතා විශාල ප්‍රෝටීන් ප‍්‍රමාණයක් දිනපතා අවශ්‍ය වේ.

එළවළුවල ප්‍රෝටීනඅඩංගු නොවන බවට මතයක් ඇතත් සාමාන්‍යයෙන් අප එදිනෙදා ආහාරයට එක්කර ගන්නා බොහෝ එළවළු හා මාංශ ආහාරවල ප්‍රෝටීන් බහුලව අඩංගු වේ. දඹල, මෑ වැනි රනිල කුලයේ එළවළු හා මස්. මාළු . කිරි හා බිත්තර ද ඒ අතරින් ප‍්‍රධාන වේ. මේ සියල්ලෙන් ලැබෙන ප්‍රෝටීනවලින් අපේ සිරුර විසින් අවශේෂණය කරගනු ලබන්නේ එකත්රා සීමිත ප‍්‍රමාණයකි. ඒ නිසා මහා පරිමාණයෙන් ප්‍රෝටීන් ආහාර වශයෙන් ලබා ගැනීම අනවශ්‍ය කටයුත්තකි.
මේ තාක් සිදුකරන ලද පර්යේෂණවලට අනුව හෙළි වී ඇත්තෙ, කය වෙහෙසා කී‍්‍රඩා කිරීමේ දී වුව ද කිසිදු වැඩිපුර ප්‍රෝටීන් ප‍්‍රමාණයක් ශරීරය උකහා නො ගන්නා බවයි. වෙහෙසකර කී‍්‍රඩා අභ්‍යාසයන්හි යෙදෙන කී‍්‍රඩකයන්, අධික ප්‍රෝටීන ප‍්‍රමාණයක් ලබාගත හොත් ඇතැම්විට එය ඔහුට හානිකර ද විය හැකි ය. එනම් ඔහු ගේ වෙහෙසකර බව වැඩි වීමට මෙම ප්‍රෝටීන් අතිරික්තය ඉවහල් වන බැවිනි. පෝෂණ විශේෂඥයන් ගේ නිර්දේශයට අනුව කී‍්‍රඩකයන්ට අවශ්‍ය වන්නේ අමතර ප්‍රෝටීන ප‍්‍රමාණයක් නොව, වැඩිපුර කාබෝහයිඩ්‍රේට ප‍්‍රමාණයකි. එමඟින් අමතර ශක්තියක් ලබාගැනීමට අවශ්‍ය වැඩිපුර කැලරි ප‍්‍රමාණය ඔවුනට සැපයේ. එ නිසා සමබල ආහාර වේලක් සමඟ මඳක් වැඩියෙන් පිෂ්ඨ ආහාර, කෑම වේලට එක්කර ගැනීම කී‍්‍රඩකයන් සඳහා යෝග්‍ය ය.

මාංශ ආහාර අප සිරුරේ මස් පිඩු වර්ධනය සඳහා කෙළින්ම බලපායි. මස්වල අඩංගු ප්‍රෝටින, තවත් ශරිරයක මාංශ පේශි වර්ධනය සඳහා කෙළින්ම දායක නො වේ. අනෙකුත් ආහාරවලින් ලැබෙන ප්‍රෝටීන් මෙන් ම, මාංශ ප්‍රෝටීන් ද ශරිරය තුළ දී බඳුන් වන්නේ එක ම කි‍්‍රයාවලියකටයි. වෙනකක් තබා ඇතැම් අවස්ථාවල දී කාබෝහයිඩෙ‍්‍රටවලින් ද ප්‍රෝටීන නිපදවා ගැනීමට අපේ සිරුරට හැකියාව ඇත. එමෙන් ම ආහාර වේලෙහි කාබ්‍රෝහයිඩ්‍රේට ඌනතාවක් පවතින අවස්ථාවක දී, ප්‍රෝටීන ද ශක්ති ප‍්‍රභවයක් ලෙස ශරිරය විසින් භාවිත කරනු ලබන බව මේ වන විට අනාවරණය වී ඇත. ප්‍රෝටීන ආහාරවල අඩංගු වන්නේ අඩු කැලරි ප‍්‍රමාණයකි. ආහාරවල අන්තර්ගතවන එක් කාබෝහයිඩ්‍රේට ග‍්‍රෑමයකින් ශක්තිය කැලරි 4ක් අපේ ශරීරයට ලැබේ. ප්‍රෝටීන ග‍්‍රෑමයකින් ලැබෙන්නේ ද එයට සමාන කැලරි ප‍්‍රමාණයකි.

ඇතැම් අය පවසන පරිදි, සිරුරේ ඇති මේද පුළුස්සා දැමීමේ ශක්තියක් ප්‍රෝටීන්වලට ඇත. මෙය වැරැදි මතයකි. ශරීරයේ බර අඩුකර ගැනීමට නම් කළ යුතු වන්නේ ආහාර වේලෙහි ඇති පිෂ්ට ආහාර ප‍්‍රමාණය අඩු කිරීමයි. ඒ අනුව කෙට්ටුවීම සඳහා වැඩිපුර ප්‍රෝටීන් අනුභව කිරීමෙන් යහපත් ප‍්‍රතිඵලයක් උදා නොවෙයි. මෙලෙස වැඩිපුර ප්‍රෝටින් භාවිතය නිසා , සිරුරේ වකුගඩු ද අධික වෙහෙසකට පත්වන බව නවතම පර්යෙෂණවලට අනුව හෙළි වී ඇත. වැඩිමහලු පුද්ගලයනට ප්‍රෝටීන එතරම් අවශ්‍ය නැත. මන්ද යත් ඔවුන් ගේ වර්ධන අවස්ථාව පසු වී ඇති බැවිනි. ළදරුවන්ට සහ වැඩෙන අවස්ථාවේ පසුවන ළමයින්ට වැඩිපුර ප්‍රෝටීන ප‍්‍රමාණයක් අවශ්‍ය වුවද, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා සියලු දෙනාටම ප්‍රෝටීන යම් පමණකට අවශ්‍ය වේ. විශේෂඥවරුන් පවසන ආකාරයට වැඩිමහලු පුද්ගලයෝ සිය දෛනික කැලරි අවශ්‍යතාවෙන් සියයට 12කට නො අඩු ප‍්‍රමාණ්‍යක් ප්‍රෝටීන මගින් සපුරා ගනිති. සැබවින්ම කුඩා ළමයින් ගේ දිනපතා කැලරි අවශ්‍යතාව වෙනුවෙන් ද ප්‍රෝටීන් මඟින් සැපයෙන්නේ මෙයට සමාන දායකත්වයකි. ප්‍රෝටීන අඩංගු රුව වඩවන ආලේපන සහ ෂැම්පු මගින් සමට සහ හිසකෙස්වලට පෝෂණය ලබා දෙක බවට මතයක් ඇතත් හිසකෙස් හා සම නිර්මාණ වී ඇති සෛල මඟින් ප්‍රෝටීන, සිරුරට අවශෝෂණය කර ගැනීමක් සිදු නො වේ. සැබෑවට ම සිදුවන්නේ සම මතුපිට සහ හිසකෙස් මතුපිට පමණක් යම් කිසි සජිවි බලපෑමක් මෙබඳු ආලේපන මඟින් සිදු වීමයි. 

අන්තර්ජාලය ඇසුරිනි.
පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී

June 25, 2015

විශ්වයේ සිදුවීම් තාත්විකව හා ගැඹුරින් දකින්න

 
මින් පෙර ඉදිරිපත් නොවූ ආකාරයේ කාව්‍ය ස්වරූපයෙන් අපගේ විශ්වය පිළිබඳ ගවේශණාත්මක චිත්‍රපටයක් වූ “Interstellarසෑම පාසැලකම විද්‍යා විෂය ඉගැන්වීමේදී ප්‍රදර්ශනය කළ යුතු බව භෞතීකඥයින් ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රකාශ පිළිබඳ ඔබගේ තීරණය හෝ අදහස ඉදිරිපත් කිරීමට පෙර මෙය සුදුසුකම් නොලද පුද්ගලයකුගේ කිසිදු හරයාත්මක හේතුවක් රහිත ප්‍රකාශයක් නොවන බව වටහා ගැනීම අවශ්‍යය. එය ගැඹුරු භෞතික විද්‍යාව විස්තර කිරීම සඳහා සකස් කළ සුවිශේෂී වාර්තාවක් පදනම් කර හැකිතාක් නිවැරදි ලෙස කරන ලද ඉදිරිපත් කිරීමකි.

චිත්‍රපටි අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නොලන්, කැලිපෝනියාවේ තාක්ෂණික ආයතනයේ න්‍යාත්මක භෞතික විද්‍යා මහාචාර්ය වූ මෙම චිත්‍රපටියේ විධායක නිෂ්පාදන කිප් තෝන් සමග එම වාර්තාව ඉතා ගැඹුරු අධ්‍යයනයෙන් කටයුතු කර තිබේ. තාරකා මණ්ඩලයේ විවිධ  වස්තුවල දසුන් විද්‍යාවේ දක්වන ආකාරයට ඉතාම යථාර්ථවාදීව ඉදිරිපත් කිරීමේ අරමුණ නොලන් හා තෝන් දෙදෙනාට තිබුණි. ශක්තිමත් විද්‍යාව (robust science) සඳහා වූ එම කැපවීම නිසා ඉතා ප්‍රබල චිත්‍රපටයක් ගොඩනැඟුනු බව ලිපියේ තවදුරටත් සඳහන් වේ.

භෞතික විද්‍යාව පිළිබඳ ඇමරිකානු සඟරාවේ ජුනි මස කලාපයට ලිපියක් ඉදිරිපත් කරමින් ආචාර්ය ඩේවිඩ් ජැක්සන් වාර්තාව බුද්ධිමතුන් සඳහා පමණක් නොවේ යැයි සඳහන් කළේය. තවද ඔහු BBC වෙත අදහස් දක්වමින් ‘භෞතික විද්‍යාව ඉතා සියුම් ලෙස විද්‍යාඥයින් විසින් කරන ලද සමාලෝචනය ඉතා නිවරැදි බව පෙනේ. තම පන්ති වලදී සාමාන්‍ය සාපේක්ෂතාවය පිළිබඳ අදහස් ඇති කරවීමට භෞතික විද්‍යා ගුරුවරුන් උනන්දු කිරීම සඳහා මෙම ඉදිරිපත් කිරීම සමත්ය’යන්න ප්‍රකාශ කරන ලදි . “Interstellar” හී විශ්වයේ Wormhole (පණුගුල) ,පළිඟු බෝලයක ආකාරයේ අකෘතියකින් ඉදිරිපත් කර තිබේ. පෙර මෙන් සිදුරක් ආකාරයෙන් වෙනස්ව  මෙලෙස Wormhole පෙන්වූ ප්‍රථම අවස්ථාව මෙය  වේ. ආකර්ෂණ ප්‍රකෘතියට Wormhole මධ්‍යගත වුව ද මින් පෙර ඉදිරිපත් වූ කිසිදු දසුනක නොදැක් වූ ලෙස ආසන්නයේ සිටින මිනිසකු එය දකින අයුරු Interstellar ප්‍රථම වරට ඉදිරිපත් කර තිබේ. Wormhole, ගෝලාකාර සිදුරක් වීමට හේතුව ඉතා වර්ණවත්ව, සූක්ෂමව හා පැහැදිලිව ඉතා කෙටි වීඩියෝවෙන් පෙන්වා දෙයි. එය ඔබට බොහෝ දේ සිතීමට ඉඩ සලසයි.

මෙහි ප්‍රධාන අවධානය වූයේ ගුරුත්වාකර්ෂණය නිසා ආලෝකය වක්‍ර වීමෙන් (gravitational lensing) ඇති වෙන අනුඵල පිළිබඳවයි. අවකාශයේ ඇති සුවිශාල වස්තුවක් (black hole වැනි) ඒ වටා අවකාශ කාලය වෙලා ගන්නේ සාමාන්‍ය සාපේක්ෂතාව පිළිබඳ අයින්ස්ටයින් සිද්ධාන්ත වලට අනුවයි.
චිත්‍රපටි කණ්ඩායම හැකිතාක් දුරට  black hole කෙලෙස දිස්වේද, gravitational lensing, තල අධිවර්ධනය (accretion disks) හා සියළු දේ සඳහා මෘදුකාංග නිෂ්පාදනය කරන ලදී. එක් අනුරූපයකට pixel මිලියන 23 ක් වූ නිරූපණ ප්‍රබලතාවයේ තිබීම මෙහිදී අවශ්‍ය විය.

ඕනෑම පන්ති කාමරයක ඕනෑම අවස්ථාවක ප්‍රයෝජනය , උනන්දුව ලබා දිය හැකි මෙවැනි තාරකා විද්‍යාත්මක මාතෘකා මෙලෙස විද්‍යාමාන ලෙස ඉදිරිපත් කිරීමෙන් තාරකා විද්‍යාව පිළිබඳ ගවේෂණය යෙදීමට රුචි නව පරපුරක් ඉක්මනින් බිහිවනු ඇත.

උපුටා ගැනීම -
 Physicists say Interstellar should be shown in school classroom by Caroline Reid
https://www.youtube.com/watch?v=ce24uorjGj0
https://www.youtube.com/watch?v=MywwqjqKF6Y

June 24, 2015

ඔබගේ විඥානය (consciousness) අන් සිරුරකට ඇතුළු කළ හැකිද?

Consciousness (විඥානය/සිහිය) ලෙස අර්ථ දක්වා ඇත්තේ ඔබේ අනන්‍ය සිතුවිලි, මතක, දැනීම්, උද්වේග සහ පරිසරය පිළිබඳව ඔබගේ පෞද්ගලික දැණුවත්කමයි. ඔබේ අද්විතීය විඥානය පවතින්නේ මොළයේ සෛල ශ්‍රේණි  හෝ නියුරෝන මතය. ඒවා විවිධ රටාවන් අනුව උද්දීපනය වීම නිසා ඔබේ මතකය සහ හැඟීම් අවදි කළ හැකිවේ.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නිරෝගී පුද්ගලයින් 12 දෙනෙකු භාවිතා කර ප්‍රධාන  පර්යේෂක Martin Mont විසින් පර්යේෂණ අධ්‍යනයන්  ක්‍රියාත්මක  කරන ලදී. එහිදී Propofol සමග නිර්වින්දනය වීමෙන්  විඥානය නැති වී ගිය විට ඔවුන්ගේ මොළවල එම තොරතුරු වෙනස්වීම් FMRI ස්කෑන් මගින් නිරීක්ෂණය කර තිබේ. එමගින් ඔවුහූ විඥානය මොළයේ එක් විශේෂ ප්‍රදේශයක පවතින්නක් නොව එය බිලියන ප්‍රමාණයක් වූ නියුරෝන එකිනෙකා සමග සන්නිවේදන කිරීමෙන් පැන නගින මෝස්තර අනුව ඇතිවන බව ප්‍රකාශ කර ඇත. නිසා කිසිදිනෙක එවැනි පුද්ගලික, සංකීර්ණ සහ සම්පූර්ණ විඥානයන් නිවැරදිව හඳුනාගත හැකිවේද ? සමග එලෙස හදුනාගත් විඥානය වෙනත් අයෙක් තුල ඇති කිරීමට හැකිවේද ?

ASPSCIENCE වලට අනුව නම් මෙම ප්‍රශ්න සඳහා කෙටි පිළිතුර ‘ඔව්’ වේ. එය යම් දිනකදී සිදු කළ හැකිවනු ඇත.

මේ සමග ඇති වීඩියෝවෙහි එම කාර්ය සඳහා අවශ්‍ය  ක්‍රියාපිළිවෙත හා දැනුම පිළිබඳ ක්‍රියාවලිය නිරූපණය වේ.එය නරඹන්න.
එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය, ප්‍රධාන පර්යේෂණ වැඩසටහනක් මෙම connectcome නමැති මොළයේ ඇති නියුරෝන සහ ඒවා අතර සම්බන්ධකම් වල සැලසුම් පිළිබඳව ක්‍රියාත්මක කරති. මේ සඳහා දීර්ඝ කාලයක් ගත විය හැක.

මොළය විශ්වාස කළ නොහැකි තරම් සංකීර්ණ වන අතර බොහෝ විට පිටපත් කිරීම ඉතාමත් සංකීර්ණ  වේ. මොළයේ ඇති නියුරෝන සම්බන්ධතා ප්‍රමාණය ක්ෂීර පථයේ ඇති තාරක ගණනට වඩා දහස් ගණනකින් වැඩිය.

මනස පිටපත් කිරීම අනුකරණයකි.දෙවනුව නව අදහස්, මතක, අත්දැකීම් අනුකලනය ආරම්භ වේ. එවිට එය වෙනත් අයකුගේ විඥානයක්‌ ලෙස සැලකේ. එමගින් අපේ අනන්‍ය කොතරම්ද යන්න සත්‍ය වශයෙන් අගය කළ හැක. එහෙත් දියුණුවන විදග්ධ තාක්ෂණය යටතේ අනාගතය කෙසේ වේද? සමහර විට ලෝකය මමත්වය නැතිවීම වඩා ඈතක නොවනු ඇත.

උපුටා ගැනීම -
Could you transfer your consciousness to another body by Danielle Andrew
http://www.iflscience.com/brain/could-you-transfer-your-consciousness-another-body

https://www.youtube.com/watch?v=5r1Sl8DKjf4