June 23, 2015

අභ්‍යන්තර (නොපෙනෙන) ලේ ගැලීම වළක්වන නැනෝ අංශු

බෝම්බයක් පිපිරීමෙන් සොල්දාදුවෝ  විසිවී බිම පතිත වෙති. පිටතින් ඔවුන්ගේ ශරීරයේ වෙනයම් ආබාධයක් දිස් නොවේ. එහෙත් ඇතුලතින් රුධිරය ගලා යාමට (hemorrhaging) ඔවුහූ භාජනය වී ඇති නිසා අභ්‍යන්තර අවයව වලින් ලේ ගැලීම අඛණ්ඩව සිදුවේ.ක්ෂණයකින් වෛද්‍යවරයෙක් පැමිණ ඔවුන්ට නැනෝ අංශු එන්නත් කරයි. එම නැනෝ අංශු ශරීරය තුල ගලා යන ලේ කැටි කර රුධිරය ගැලීම නවතා දමයි. සොල්දාදුවන්ගේ ජීවිත ආරක්ෂා වේ. මෙය විද්‍යා ප‍්‍රබන්ධ  චිත්‍රපටියක දසුන් මෙන් ඔබට දිස්වනු ඇත. ඔව් එසේ වුවද තවදුරටත්  එය විද්‍යා  ප්‍රබන්ධයක් නොව ප්‍රායෝගික සත්‍යයක් වනු ඇත.

වජිනියා හී Tech & Case Western Reserve විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් පෙර කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස ලේ කැටි ගැසීමේ හැකියාව ඇති නැනෝ අංශු නිපදවන ලදී. රෝගියාට ඖෂධ ලබා දිය යුතු අදාල ස්ථාන වෙත කෙලින්ම ලබා දීම සදහා ශරීරය තුල ප්‍රවාහනය කිරීමට එම නැනෝ අංශු වලට  ඇති හැකියාව සුවිශේෂී වේ. එවිට සංග්‍රාම භූමියෙන් සෙබලා ඉවත් කිරීමට ප්‍රථම ඔහුට ප්‍රතිකාර ලබාදීමට හැකිවේ.

පිපිරුම නිසා ඇතිවන ආබාධ බොහෝ තරංගවල පීඩනය නිසා හෝ විසිවී එන මුවහත් සියුම් තල වලින් සිදුවිය හැක. යුද්ධවලදී 79% ක මරණ මෙලෙස ලබන තුවාල හේතුවෙන්  මොලයේ, පෙනහළු, අක්මාව හා වෙනත් අවයව වල ඇතිවන පාලනය කළ නොහැකි රුධිරය ගැලීම නිසා සිදුවේ.

පර්යේෂකයන් පවසන පරිදි ඔවුන් ලේ කැටි කරන නැනෝ අංශු කෙරෙහි යොමුවී අඛණ්ඩව පර්යේෂණ මෙහෙයවා ඇත්තේ අභ්‍යන්තර රුධිරය ගැලීම සුව කිරීමට වෙනත් විකල්ප ක්‍රමයක් සත්‍ය ලෙසම නොතිබූ නිසාය. නැනෝ අංශු සුවිශේෂතාවය වන්නේ එය නියමිත ඉලක්කය වෙතම යොමු වීම බව පර්යේෂණ කණ්ඩායමේ Pamela Vande Vord පවසා තිබේ. නැනෝ අංශු ශරීරය තුලට එන්නත් කළ විට ඒවා රුධිර පද්ධතියට ඇතුළු වී ඝනීභවනය කළ යුතු රුධිර පට්ටිකා, සෛල සොයා ගමන් කරයි. එවැනි ස්ථාන වෙත අංශු ළඟා වූ වහාම අංශුවල පිටතින් ඇති රසායනික ආවරණය රුධිර පට්ටිකා වලට ඇලීම මගින් ඒවා එකිනෙක සම්බන්ධ වේ.

මෙම තාක්ෂණය යුද්ධමය අවස්ථා සඳහා පමණක් නොව අවු. 05 – 44 අතර වයස් කාණ්ඩයේ මරණවලට ප්‍රධාන වශයෙන් හේතුවන අභ්‍යන්තර ලේ ගැලීම සඳහා ප්‍රතිකාරයක්ද වනු ඇත.

උපුටාගැනීම:
Injected Nano particle could stop internal bleeding By Josh L Davis

https://www.youtube.com/watch?v=v1C9uyriDJg

0 comments:

Post a Comment