June 16, 2015

විශ්මයජනක තාක්ෂණික සොයාගැනීමක්

MIT මාධ්‍ය පරීක්ෂණාගාරයේ ප්‍රත්‍යක්ෂ මාධ්‍ය කණ්ඩායම පරිගණකකරණයේ අනාගතය ස්පර්ශය යයි විශ්වාස කරයි. මේ සම්බන්ධව එළිදැක්වීමක්, හෙට දින මූර්තනය කළ හැකි අන්තර් මුහුණත් පිළිබඳව MITහී ස්ඵටිකාලෝකන එකතුව සිදු කර ඇත.

 බොහෝ විට සජීවී මැටි  මේසයක් ආකාරයට ත්‍රිමාණව ස්වරූප වෙනස් කරන මතුපිටක් ලෙස inFORM සැලකේ. එමගින් භාවිතා කරන්නාට ඩිජිටල් අන්තර්ගතය සමග කටයුතු කිරීමට පමණක් නොව සැතපුම් සිය ගණනක් ඈත සිටින පුද්ගලයෙකු සමග අතට අත දීමේ හැකියාව ද ලබාදේ. මෙයද හුදෙක් ආරම්භයක් පමණි.

මහාචාර්ය හිරෝෂී ඉෂිනි ගේ උපදේශකත්වයෙන් ඩැනියල් ලිටීන්ගර සහ සීන් ෆෝලමල් විසින් නිර්මාණය කරන ලද inFORM පිටුපස ඇති තාක්ෂණය අවබෝධ කර ගැනීම ඒ තරම් අපහසු නැත. එය මූලිකව අලංකාර Pinscreen (කුරුතිරය) කි.

තද කිරීමෙන් කූරු ඇතුලට එබිය හැකි වීම නිසා විවිධාකාර ත්‍රිමාණ රූප නිර්මාණය කිරීමේ හැකියාව ලබාදෙන පාලක ක්‍රීඩා මේසයක් ලෙස Pinscreen සැලකිය හැක. inFORM හි මෙම සෑම කූරක්ම ලැප්ටෝප් පරිගණකයෙන් පාලනය වන මෝටරයකට සම්බන්ධය. ඒ නිසා කූරුවලට ඩිජිටල් (සංඛ්‍යාoක) අන්තර්ගතය භෞතික තත්ත්වයට පරිවර්තනය කිරීමට හැකිවේ. තවද Microsoft  kinect තොරතුරු ලබා ගැනීමේ ආධාරයෙන් එහි මතුපිට සමග භෞතික ලෝකයේ විවිධ සජීවී වස්තු සමග අන්තර් සම්බන්ධතාවය ඇති කර ගැනීමට එයට හැකිය.
 
MIT ඉදිරීපත් කළ වීඩියෝව නරඹන්න

උපුටා ගැනීම -

 Tangible Amazing Technology Inventor By Andree

https://www.youtube.com/watch?v=lvtfD_rJ2hE

1 comments:

හරිම ලස්සනයි. ඇත්තට ටිකක් දියුණු කරාම ත්‍රිමාණ ලෝකයේ නිර්මාණ ඒ තරම් අපහසු වෙන එකක් නැහැ. ස්තුතියි බෙදා ගත්තාට...

Post a Comment