June 12, 2015

ජල තීන්ත බඳුනේ ගිල්වා මෝස්තර ආලේපනය

සාමන්‍යයෙන් තීන්ත බදුනක ගිල්වීමෙන් භාණ්ඩයක් ආලේපනය කළ හැක්කේ එක් වර්ණයකින් පමණි. එහෙත් පිළිමයක් ජල තීන්ත බදුනක ගිල්වා විවිධ වර්ණයෙන් වර්ණ ගන්වන අයුරු වීඩියෝවේ දැක්වේ. මෙහිදී වර්ණ ගැන්වූ පටලයක් වැනි තට්ටුවක් (ස්තරයක්) ජල තීන්ත වලට අමතරව භාවිතා වේ.

මෙම වීඩියෝව සහ ඒ පිළිබඳ විස්තර සහිත වාර්තාව Columbia සහ Zhenjiang විශ්ව විද්‍යාල වල පර්යේෂකයින් විසින් පසුගියදා ප්‍රසිද්ධියට පත් කරන ලදී. ත්‍රිමාණ රූපයක් සඳහා වර්ණවත් ප්ලාස්ටික් පටල ස්ථරයක් ඉතා සියුම්ව නිවැරදිව ආලේපනය කරන අයුරු මෙහිදී විදහා දැක්වේ. ඒ සඳහා මිනිත්තුවක් වැනි සුළු කාලයක් ගත වීම ද සුවිශේෂීතාවයක් වන අතර මින් පෙර එවැන්නක් කිරීමට සමත්  වී නැත.

යතුරු පැදි, මෝටර් වාහන, ඉතාමත් වර්ණවත් චිත්‍ර රූප යනාදියෙන් ආලේපනය කිරීම අපට ඉතා හුරුපුරුදුය. එහෙත් එවැනි රූප පසුතලය අනුව සම්පූර්ණයෙන් ත්‍රිමාණව දැකිය නොහැකිය. උදාහරණයක් ලෙස පූසෙකුගේ ත්‍රිමාණ රූපයක එලෙස සටහන් කළ නොහැකි සේම තල රූපයක නිර්මාණය වුව ද අවසානයේදී චිත්‍ර යේ විවිධ කොටස් අපැහැදිලි ලෙස පිහිටීම සිදු විය හැකිය.
නව ක්‍රමය ප්ලාස්ටික්, වානේ සහ දැව වැනි විවිධ පෘෂ්ඨ සඳහා යොදා ගත හැක. එහෙත් සීමා කිරීම් පවතී. අවතල පෘෂ්ඨයකට එනම් භාජනය ඇතුලු පැත්ත පෘෂ්ඨය මෙලෙස වර්ණවත් කිරීමේදී සම්පූර්ණයෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කිරීම අපහසු වේ. එසේවුවද ත්‍රිමාණ වස්තු අවශ්‍ය ස්වරූපයෙන්ම වර්ණ ගැන්වීම ඉතා සාර්ථකව ක්‍රියාත්මක කළ හැකිය.

උපුටා ගැනීම -

Watch this futuristic vat of water paint a cat by MB Griggs

https://www.youtube.com/watch?v=YlUhPrAqiY0

1 comments:

ෂා..........පට්ට ක්‍රමයක්නෙ.කාර්යක්ෂමයි

Post a Comment