Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

April 27, 2023

රොබෝ කුණු කූඩය ප්‍රසිද්ධියේ සැරි සරයි - (Robot trash cans)


රොබෝවරු පොලිසියට උදව් කිරීම
, ගිනි නිවීම හෝ ආපදා කලාපවලට සහාය වීම වැනි භයානක රැකියා කිරීමට පෙළ ගැසී සිටිති. එපමණක් නොව  ඔවුන් කුණු කූඩ ඉවත් කිරීමටද ඉඩ ඇත.

මිනිසුන් ඒවාට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පරීක්ෂා කිරීම සඳහා Cornell විශ්ව විද්‍යාලයේ පර්යේෂකින් විසින් මෑතකදී රොබෝ කුණු කූඩ යුගලයක් යොදවා ගෙන ඇත. අංශක 360 කැමරාවලින් සමන්විතව ප්‍රතිනිර්මාණය කරන ලද hoverboards (රෝද) මත  ගමන් කරන කුණු බඳුන්වල වීඩියෝව, පසුගිය මාසයේ 2023 මානව-රොබෝ අන්තර්ක්‍රියා පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී ඉදිරිපත් කරන ලදී. පර්යේෂකයින් මෙම රොබෝ කුණු කූඩ ප්‍රසිද්ධ ස්ථානයක  මුදා හරින ලද්දේ මිනිසුන් රොබෝ බඳුන් සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය බැලීමටය.

ඔවුන් කසළ බඳුන් දෙකක්, එකක් කසළ සඳහා, තවත් එකක් ප්‍රතිචක්‍රීකරණය සඳහා සකසා ඒවා මෑන්හැටන් හි ඇස්ටර් පෙදෙසෙහි මුදා හැරියේය. නිව් යෝර්ක් නගරය තුළ මෑන්හැටන් හි ඇස්ටර් පෙදෙස, මිනිසුන්ට රැස් වීමට මේස, පුටු සහ කුඩ සහිත බොහෝ මිනිසුන් ගැවෙසෙන නිදහස් ස්ථානයකි. අධ්‍යයනය අතරතුර දුරස්ථ ක්‍රියාකරුවෙකු රොබෝවරයා (කසළ කූඩය) පාලනය කළ බව පර් යේෂිකාවක් පැවසුවාය. මෙය වඩාත් බුද්ධිමත් පද්ධතියකට ප්‍රතිචාර වශයෙන් මිනිසුන් කිරීමට ඉඩ ඇති දේවල් වටා අන්තර්ක්‍රියා ගොඩනැගීම අරඹයා දත්ත රැස් කිරීමට මානව-පරිගණක අන්තර්ක්‍රියා පර්යේෂණ වලදී භාවිතා කරන පොදු තාක්‍ෂණයක් යැයිද සදහන් වේ .  Wizard of Oz යෙදවීමේ ක්‍රමයක් මෙන් වු එය, පරිගණකයක් යැයි සිතන චංචල දෙයක් සමග මිනිසුන්ට අන්තර් ක්‍රියා කිරීමට ඉඩ සලසයි. නමුත් එය ඇත්ත වශයෙන්ම පාලනය කරනු ලබන්නේ නොපෙනෙන මිනිසෙකු විසිනි. පර්යේෂකයන්ගේ වීඩියෝවල දැක්වෙන්නේ මේසවල වාඩි වී සිටින හෝ ඇවිදින පුද්ගලයින් අතර බඳුන් එහා මෙහා සැරි සරන ආකාරයයි.

පොදුවේ ගත් කල, මිනිසුන් රොබෝවරුන් පිළිගෙන ඇති අතර, සමහර අවස්ථාවලදී, ඉදිරිපත් කරන ලද වීඩියෝව මත පදනම්ව රොබෝවරුන් සමඟ මිත්‍ර වීමට සහ ප්‍රතික්ෂේප කිරීමට පවා මිනිසුන් උත්සාහ කළ බව පෙනේ. සුමටව ගමන් කිරීමට අපහසු මතුපිටක රොබෝවෙකු සිර වූ විට එක් පුද්ගලයෙක් තරමක චලනයක් සිදු කර රොබෝගේ ගමන පහසු කළේය. තවත් අයෙක් රොබෝවරයාට ප්‍රදේශයේ සංචාරයේ යෙදීම සදහා ඉඩ සැලසීමට පුටුවක් ඈත් කළේය.

https://youtu.be/pS5ptE2USSo?t=5

එක් පුද්ගලයෙක් ඔහුගේ කුණු රැගෙන යාමට කුණු කූඩ රොබෝවරයා තමා වෙත ඇද ගැනීමට උත්සාහ කර එයට අවනතව රොබෝ ක්‍රියාකළවිට  "හොඳ ළමයා,"යැයි ඔහුට කීවේය. තවත් පුද්ගලයෙකු පසුපස ගොස් එම පුද්ගලයා අත තිබූ කුණු විසි කිරීමට තරම් දුරකට රොබෝ ළං වන විට එම පුද්ගලයා තම අතෙහි තිබු කුණු ළඟා වන කුණු කූඩයට විසි කළේය. "කමක් නැහැ, ඔවුන් ඉගෙන ගන්නවා," යයි ඔහු පැවසීය.

මේසයක වාඩි වී සිටින කාන්තාවක් අසල එක් කුණු කූඩයක් සැරිසැරූ විට, ඇය රාමුවෙන් පිටත තවත් පුද්ගලයෙකුට කීවේ, "එයා (රොබෝ) දන්නවා මම මෙතන සෑහෙන වෙලාවක් ඉඳගෙන හිටියා, මම ඒකට (රොබෝට) යමක් (කුණු) දිය යුතුයි," ඇය පැවසුවාය. ඇය ප්ලාස්ටික් කෝප්පයක් ඔසවා ප්‍රතිචක්‍රීකරණය කරන රොබෝවරයාට කතා කළා, "මෙහෙට එන්න, යාලුවනේ!" එය සිදු වූ විට, ඇය කෝප්පය කසළ බඳුනට විසි කර, "හොඳ වැඩක්" යයි කීවාය.

නමුත් හැමෝම රොබෝවරු අගය කළේ නැහැ. කුණු එකතු කර ගැනීමට රොබෝ  කාන්තාවක් වෙත ගිය විට, කාන්තාව පැවසුවේ, "ඒක බය හිතෙනවා" කියාය. තවත් පුද්ගලයෙක් රොබෝවෙකු ළං වන විට සැහැල්ලුවෙන් පයින් ගසන ආකාරයත් තවත් අයෙකු රොබෝවෙකුට මැද ඇඟිල්ල පෙන්වන ආකාරයත් දර්ශනය විය.

මෙම සොයාගැනීම් අනාගත රොබෝවරුන්ට, මිනිස් හැසිරීම් පුරෝකථනය කරන අයුරු සහ නිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳව පුහුණු කිරීමට උපකාරී වේ. ඉතින්, පෙනෙන විදිහට රොබෝවරුන්ට ඝන සමක් (ලොකු දැරීමේ හැකියාවක්) තිබිය යුතුය.

"මෙම රොබෝවරු, රොබෝවරයා සමඟ වැඩ කිරීමට පුහුණුවක් නොමැති පුද්ගලයින් හෝ මිනිසුන් අතරට යොදවනු ඇති බැවින්, එදිනෙදා මිනිසුන් කිරීමට ඉඩ ඇති විවිධ දේ අපේක්ෂා කිරීමට රොබෝවරු නිර්මාණය කළ යුතුය," පර්යේෂක වරයෙක් පැවසීය.

හර්ෂ - පිළිගත් වෙබ් ඇසුරෙන්

April 25, 2023

Facebook ගෙවූ වන්දියෙන් අදාල පරිශීලකයන්ට පෞද්ගලිකත්ව වන්දි ? - (compensation by Facebook?)

කේම්බ්‍රිජ් ඇනලිටිකා ආකාරයේ නීති ක්‍රියාදාම (Cambridge Analytica class action lawsuit ) නඩුව සමථයකට පත්කළ බේරුම්කරණය වෙනුවෙන් ගෙවු මුදලින් දැන්, අදාල ෆේස්බුක් පරිශීලකයින්ට ඔවුන්ගේ කොටස සඳහා ඉල්ලුම් කළ හැකියැයි 2023 අප්‍රේල් 20 දා Harry Guinness වාර්තා කර තිබේ. Facebook හි මව් සමාගම වන Meta, පසුගිය දෙසැම්බරයේ නඩුව සමථයකට පත් කර, ඩොලර් මිලියන 725 ක් ගෙවීමට එකඟ විය. ඔබ ප්‍රාන්තයේ පදිංචි වී 2007 මැයි 24 සහ 2022 දෙසැම්බර් 22 අතර ඕනෑම වේලාවක සක්‍රිය Facebook ගිණුමක් තිබුනේ නම්, ඔබ ඔබේ ගිණුම මකා දමා තිබුණද ඩොලර් මිලියන ගණනක බේරුම් මුදලින්  කොටසකට ඔබට හිමිකම් ඇත. ඉදිරිපස ලස්සන එහෙත් ඒ් සමග අවලස්සන පිටු පස පෙනෙන මොණර නැටුමක් ලෙස සමහරු Facebook භාවිතා කිරීම හෝ වෙනත් කරුණක් නිසා  එය 2023 දී ඔබ තෝරා ගත් සමාජ මාධ්‍ය වේදිකාව නොවුනද, ඔබට පසුගිය වසර 15 හෝ ඊට වැඩි කාලය තුළ ඕනෑම අවස්ථාවක සක්‍රිය Facebook ගිණුමක් තිබුනේ නම්, ඔබට නොමිලේ මුදල් ලැබීමට හිමිකම් ඇත. ඒ් සදහා ඔබ 2023 අගෝස්තු 25 ට පෙර හිමිකම් පෑමක් ඉදිරිපත් කළ යුතුය. සමාවන්න මෙය ශ්‍රී ලාංකික ෆේස්බුක් පරිශීලකයින්ට නොවේ.

  

2016 වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී මිලියන 87ක් දක්වා වූ පුද්ගලික තොරතුරු වෙත අනිසි ලෙස ප්‍රවේශ වීම සහ ඡන්දදායකයින් ඉලක්ක කර ගැනීමට භාවිතා කිරීම සදහා ෆේස්බුක් විසින් කේම්බ්‍රිජ් ඇනලිටිකා හට 2018 කළ හෙළිදරව් කිරීම් හේතුවෙන් මෙය සිදු වී ඇත. කේම්බ්‍රිජ් ඇනලිටිකා යනු දැනට අක්‍රියව පවතින බ්‍රිතාන්‍ය උපදේශන සහ දත්ත කැණීම් සමාගමක් වේ. පෞරුෂ ප්‍රශ්න විචාරාත්මක යෙදුමක් භාවිතයෙන් අධ්‍යයන අරමුණු සඳහා මෙම දත්ත රැස් කර ඇත. පුද්ගලයන් 270,000 ක් පමණක් ප්‍රශ්නාවලිය ලබා ගත්තද, Facebook හි ලිහිල් රහස්‍යතා ප්‍රතිපත්ති නිසා, එම යෙදුමට පෙර කී පුද්ගලයන්ගේ Facebook මිතුරන්ගෙන් පුද්ගලික තොරතුරුද සීරීමට හැකි වී ඇතැයි වාර්තාවේ සදහන් වේ. 

පරිශීලකයන්ගෙන් නොවිමසා ඔවුන්ගේ තොරතුරු වෙනත් ආයතනයකට ලබාදිම නුසුදුසු යැයි පිළිගෙන තිබේ. එම තොරතුරු මගින් හදුනාගත්, නව තාක්ෂණයෙන් නිර්මාණය කළ වාර්තා වල ව්‍යාජ ඒවා හදුනාගැනීම අපහසු, විශේෂ ස්ථාවරයක් නැති , වැඩිහිටි ......... යනාදි බොහෝ පරිශිලකයන්ට ඇනලටිකා සමාගම විසින් බෝම්බ වරුසාවක් සේ දැන්වීම් යැවීමෙන්  ඇමරිකානු මැතිවරණයකදී , එංගලන්ත ජනමත විචාරණයකදි ඇතුලු රටවල් කිහිපයක මැතිවරණවලදී සමාගම තම මතය පරිීශීලකයන්ට ඒ්තතු ගැන්වීමට උත්සහ කළේ යැයි චෝදනාවක්ද ඉදිරිපත් වී තිබේ.

අවාසනාවකට මෙන්, 2022 දී එක්සත් ජනපද ෆේස්බුක් භාවිතා කරන්නන් මිලියන 240 ක් සිටි නිසා සහ  ඔවුන් සියලු දෙනාම හිමිකම් පෑමක් ඉදිරිපත් කළහොත් මෙම බේරුම්කරණයෙන් පරිශිලකයෙකුට ලැබෙන මුදල ඉතා කුඩා වනු ඇත. තවද සම්පූර්ණ පියවීම, පරිපාලන ගාස්තු අඩු කිරීම, නීතිමය වියදම් සහ තවත් වියදම් කිහිපයක් මෙයට ඇතුළත් වේ.

හර්ෂ -අන්තර්ජාලය ඇසුරෙනි

April 6, 2023

ප්‍රීතිමත් ජීවිතයක රහස - දශක 8ක පර්යේෂණ වලින් පාඩම් - ( Secrets to a Happy Life)

රොබට් වෝල්ඩින්ගර්, MD, මනෝ චිකිත්සකයෙක්, මනෝ විශ්ලේෂකයෙක් සහ සෙන් පූජකවරයෙකි. ඔහු හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ සහ මැසචුසෙට්ස් මහ රෝහලේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වන අතර, එහිදී ඔහු මෙතෙක් සිදු කර ඇති සතුට පිළිබඳ දීර්ඝතම විද්‍යාත්මක අධ්‍යයනය වන වැඩිහිටි සංවර්ධනය පිළිබඳ හාවඩ් අධ්‍යයනය මෙහෙයවයි. Dr. Waldinger යනු අපගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම හැඩගැස්වීමේදී සබඳතාවල කේන්ද්‍රීය කාර්යභාරය විමර්ශනය කරන කෘතියක් වූ “ The Good Life හි කතුවරයා  වන අතර එම කෘතියෙහි, අන් අය සමඟ අපගේ සබඳතා තුළින් අපගේ ජීවිතය සතුටින් හා වඩා අර්ථවත් කර ගත හැකි ආකාරය පෙන්වා දෙයි.

මේ සම්බන්ධව ඔහු TED Talks හි පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවක කරුණු කිහිපයක් ඉතා කෙටියෙන් පහත දැක්වේ.  ඒවා ඔබේ සිතැගි දැන ගැනීමට සම්පුර්ණ සාකච්ඡාව කියවීම යෝග්‍යය. https://youtu.be/IStsehNAOL8?t=9

1938 සිට ක්‍රියාත්මක මෙම අධ්‍යයනය පුද්ගලයින් 734 ගෙන් ආරම්භ කර මේ වන විට පුද්ගලයින්  2000 ක් සම්බන්ධ කර ගෙන ඇත. කිසිදු අධ්‍යයනයක් කිසිවක් සනාථ නොකරන බවත් විවිධ ජනවර්ග, විවිධ සංස්කෘතික කණ්ඩායම්, විවිධ භූගෝලයන්, විවිධ ආදායම් විෂමතාවන් යනාදි වෙනත් විවිධ තත්ව මත මේ සම්බන්ධ නව අධ්‍යයනයන් නැවත නැවතත් සිදු කළ යුතු බවත් එහි සදහන් වේ.

සබඳතා අපගේ සතුට සහ අපගේ ශාරීරික සෞඛ්‍යය හැඩගස්වන්නේ කෙසේද? විශාල ප්‍රතිලාභ ලබාදෙන්නේ කුමන ආකාරයේ සබඳතාද? අත්‍යාවශ්‍ය සබඳතා මොනවාද?  සබඳතා ගොඩනගන්නේ කෙසේද? සුදුසු ක්‍රම මොනවාද?  සබඳතා ශක්තිමත් කරන්නේ කෙසේද? කුමන හෝ සබඳතාවක් ඇතිකර ගැනිම හෝ පවත්වාගෙන යාම අපහසු වුයේ නම් කුමක් වේද? කුමක් කළ යුතුද? කායික ශක්තිය මෙන් “සබඳතා ශක්තිය තක්සේරු කරන්නේ කෙසේද? යනාදි ප්‍රශ්ණ ඇසුරෙන් මෙම දීර්ඝ සාකච්ඡාව සිදුවේ.

ගැටලු/ප්‍රශ්ණ නැති පුද්ගලයෙක් පෘථිවියේ නොමැති බව දැන ගැනීම කොතරම් ප්‍රයෝජනවත්ද? එය හඳුනාගත හැකි විට එයින්ම තනිකම බොහෝ සේ අඩු කරයි. ආවේණික අසතුටින් සිටින පුද්ගලයෙකුට, ජීවිතයේ කොයි මොහොතක හෝ සතුට ලබා ගත හැකි බවට උදාහරණ ලෙස“ The Good Life” පොතේ සැබෑ මිනිසුන්ගේ සැබෑ කතා කිහිපයක් ඇති බවත් සදහන් කරයි. එහි එක් මිනිසෙක් ව්‍යායාම් ශාලාවකදී ඔහු සිහිනෙන්වත් නොසිතූ “සබඳතා ප්‍රජාවක් සොයා ගත් අයෙකි. එහි සමහර කතා නම් ජීවිතයේ ප්‍රමාද වී විශාල පෙරළි ඇති, හුදකලා වූ සහ අඩු සතුටක් ඇති සහ අවු. 60 ගණන්වලදී මුළු සබඳතා ප්‍රජාවන් සොයා ගත් අය පිළිබදවයි. මේ ජීවිත දහස් ගණනක් අධ්‍යයනය කිරීමෙන් ලැබෙන පණිවිඩය නම්: එය කිසි විටෙකත් ප්‍රමාද වැඩි නොවේ. ඒ නිසා අතීතයේ මේ වාසනාව තිබුණේ නැහැ කියා හැඟුණත්, එය ප්‍රමාද වැඩියි කියා නොසිතන්න යයි රොබට් වෝල්ඩින්ගර් ප්‍රකාශ කරයි.

දරුවන්ගේ කුඩා කාලයේ සිට වැඩිවිය දක්වා දරුවන් සමග ශක්තිමත්, සෞඛ්‍ය සම්පන්න සබඳතා ගොඩනඟා ගැනීමට දෙමාපියන්ට ඔබට ඇති උපදෙස් මොනවාද? යැයි විමසීමට වෝල්ඩින්ගර් ප්‍රතිචාරය නම්

දරුවන්ට ඔවුන්ට හැඟෙන ආකාරය කෙරෙහි අවධානය යොමු කිරීමට සහ ඔවුන්ගේ හැඟීම් වඩාත් තේරීමක් සමඟ භාවිතා කිරීමට දෙමව්පියන් ඉගෙන ගැනීම උපකාර වේ. ඒ නිසා එතරම් ජනප්‍රිය නොවුනත් දරුවන් ආදරය කරන දේට ආදරය කිරීමට සහ ඔවුන් ආදරය කරන දෙයෙහි දෙමව්පියන් එල්ලී සිටීමට ඉගෙන ගැනීම අවශ්‍ය වේ. අම්මා කෙනෙක්ට එයාගේ දරුවා improv comedy කරන්න ඇත්තටම කැමති කොහොමද කියලා ප්‍රශ්නයක් වුනා. දරුවාට වයස අවුරුදු 12 යි, ඔහුගේ මිතුරන් එයට කැමති නැහැ. එය කෙසේ සිදු වුවද  ඔබේ දරුවාට ඔහු ආදරය කරන දේට ආදරය කිරීමට සහ වැඩිදියුණු කිරීම ඉගෙන ගැනීමට ඔහුට උපකාර කරන්න. එබැවින් තම කණ්ඩායමේ සිටින අනෙක් සියලුම ළමයින්ට සමාන නොවන දෙයකට ආදරය කිරීම සහ දරුවා ආදරය කරන දෙයට දරුවා ආදරය කිරීම කමක් නැති බව දැන ගැනීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. අසතුටින් සිටීම කමක් නැති බවත්, එය පහව යනු ඇති බවත්, හැඟීම් එන සහ යන බවත් දැන ගැනීමට දරුවන්ට උපකාර කරන්න. එකඟ නොවීම වුවද සුදුසු බව මෙන්ම පවුලට ආදර්ශවත් විය හැකිය, දෙමාපියන්ට ආදර්ශ විය හැකිය, මතභේද ඇති විය හැකිය, එකඟ නොවීම් හරහා පවා එය විසඳා ගැනීමට සහ යහපත් සබඳතා පවත්වා ගත හැකිය යනාදිය දරුවන්ට ලබා දිය හැකි ලොකුම පාඩම් කිහිපයකි. හැඟීම් වලට වඩා හැඟීම් භාවිතා කරන ආකාරය, හැඟීම් පාලනය කිරීම කියා දෙන්න.

අන්තර්ජාලය උපකාරයෙන් හර්ෂ ලංකේශ්වර