April 27, 2023

රොබෝ කුණු කූඩය ප්‍රසිද්ධියේ සැරි සරයි - (Robot trash cans)


රොබෝවරු පොලිසියට උදව් කිරීම
, ගිනි නිවීම හෝ ආපදා කලාපවලට සහාය වීම වැනි භයානක රැකියා කිරීමට පෙළ ගැසී සිටිති. එපමණක් නොව  ඔවුන් කුණු කූඩ ඉවත් කිරීමටද ඉඩ ඇත.

මිනිසුන් ඒවාට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පරීක්ෂා කිරීම සඳහා Cornell විශ්ව විද්‍යාලයේ පර්යේෂකින් විසින් මෑතකදී රොබෝ කුණු කූඩ යුගලයක් යොදවා ගෙන ඇත. අංශක 360 කැමරාවලින් සමන්විතව ප්‍රතිනිර්මාණය කරන ලද hoverboards (රෝද) මත  ගමන් කරන කුණු බඳුන්වල වීඩියෝව, පසුගිය මාසයේ 2023 මානව-රොබෝ අන්තර්ක්‍රියා පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී ඉදිරිපත් කරන ලදී. පර්යේෂකයින් මෙම රොබෝ කුණු කූඩ ප්‍රසිද්ධ ස්ථානයක  මුදා හරින ලද්දේ මිනිසුන් රොබෝ බඳුන් සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය බැලීමටය.

ඔවුන් කසළ බඳුන් දෙකක්, එකක් කසළ සඳහා, තවත් එකක් ප්‍රතිචක්‍රීකරණය සඳහා සකසා ඒවා මෑන්හැටන් හි ඇස්ටර් පෙදෙසෙහි මුදා හැරියේය. නිව් යෝර්ක් නගරය තුළ මෑන්හැටන් හි ඇස්ටර් පෙදෙස, මිනිසුන්ට රැස් වීමට මේස, පුටු සහ කුඩ සහිත බොහෝ මිනිසුන් ගැවෙසෙන නිදහස් ස්ථානයකි. අධ්‍යයනය අතරතුර දුරස්ථ ක්‍රියාකරුවෙකු රොබෝවරයා (කසළ කූඩය) පාලනය කළ බව පර් යේෂිකාවක් පැවසුවාය. මෙය වඩාත් බුද්ධිමත් පද්ධතියකට ප්‍රතිචාර වශයෙන් මිනිසුන් කිරීමට ඉඩ ඇති දේවල් වටා අන්තර්ක්‍රියා ගොඩනැගීම අරඹයා දත්ත රැස් කිරීමට මානව-පරිගණක අන්තර්ක්‍රියා පර්යේෂණ වලදී භාවිතා කරන පොදු තාක්‍ෂණයක් යැයිද සදහන් වේ .  Wizard of Oz යෙදවීමේ ක්‍රමයක් මෙන් වු එය, පරිගණකයක් යැයි සිතන චංචල දෙයක් සමග මිනිසුන්ට අන්තර් ක්‍රියා කිරීමට ඉඩ සලසයි. නමුත් එය ඇත්ත වශයෙන්ම පාලනය කරනු ලබන්නේ නොපෙනෙන මිනිසෙකු විසිනි. පර්යේෂකයන්ගේ වීඩියෝවල දැක්වෙන්නේ මේසවල වාඩි වී සිටින හෝ ඇවිදින පුද්ගලයින් අතර බඳුන් එහා මෙහා සැරි සරන ආකාරයයි.

පොදුවේ ගත් කල, මිනිසුන් රොබෝවරුන් පිළිගෙන ඇති අතර, සමහර අවස්ථාවලදී, ඉදිරිපත් කරන ලද වීඩියෝව මත පදනම්ව රොබෝවරුන් සමඟ මිත්‍ර වීමට සහ ප්‍රතික්ෂේප කිරීමට පවා මිනිසුන් උත්සාහ කළ බව පෙනේ. සුමටව ගමන් කිරීමට අපහසු මතුපිටක රොබෝවෙකු සිර වූ විට එක් පුද්ගලයෙක් තරමක චලනයක් සිදු කර රොබෝගේ ගමන පහසු කළේය. තවත් අයෙක් රොබෝවරයාට ප්‍රදේශයේ සංචාරයේ යෙදීම සදහා ඉඩ සැලසීමට පුටුවක් ඈත් කළේය.

https://youtu.be/pS5ptE2USSo?t=5

එක් පුද්ගලයෙක් ඔහුගේ කුණු රැගෙන යාමට කුණු කූඩ රොබෝවරයා තමා වෙත ඇද ගැනීමට උත්සාහ කර එයට අවනතව රොබෝ ක්‍රියාකළවිට  "හොඳ ළමයා,"යැයි ඔහුට කීවේය. තවත් පුද්ගලයෙකු පසුපස ගොස් එම පුද්ගලයා අත තිබූ කුණු විසි කිරීමට තරම් දුරකට රොබෝ ළං වන විට එම පුද්ගලයා තම අතෙහි තිබු කුණු ළඟා වන කුණු කූඩයට විසි කළේය. "කමක් නැහැ, ඔවුන් ඉගෙන ගන්නවා," යයි ඔහු පැවසීය.

මේසයක වාඩි වී සිටින කාන්තාවක් අසල එක් කුණු කූඩයක් සැරිසැරූ විට, ඇය රාමුවෙන් පිටත තවත් පුද්ගලයෙකුට කීවේ, "එයා (රොබෝ) දන්නවා මම මෙතන සෑහෙන වෙලාවක් ඉඳගෙන හිටියා, මම ඒකට (රොබෝට) යමක් (කුණු) දිය යුතුයි," ඇය පැවසුවාය. ඇය ප්ලාස්ටික් කෝප්පයක් ඔසවා ප්‍රතිචක්‍රීකරණය කරන රොබෝවරයාට කතා කළා, "මෙහෙට එන්න, යාලුවනේ!" එය සිදු වූ විට, ඇය කෝප්පය කසළ බඳුනට විසි කර, "හොඳ වැඩක්" යයි කීවාය.

නමුත් හැමෝම රොබෝවරු අගය කළේ නැහැ. කුණු එකතු කර ගැනීමට රොබෝ  කාන්තාවක් වෙත ගිය විට, කාන්තාව පැවසුවේ, "ඒක බය හිතෙනවා" කියාය. තවත් පුද්ගලයෙක් රොබෝවෙකු ළං වන විට සැහැල්ලුවෙන් පයින් ගසන ආකාරයත් තවත් අයෙකු රොබෝවෙකුට මැද ඇඟිල්ල පෙන්වන ආකාරයත් දර්ශනය විය.

මෙම සොයාගැනීම් අනාගත රොබෝවරුන්ට, මිනිස් හැසිරීම් පුරෝකථනය කරන අයුරු සහ නිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳව පුහුණු කිරීමට උපකාරී වේ. ඉතින්, පෙනෙන විදිහට රොබෝවරුන්ට ඝන සමක් (ලොකු දැරීමේ හැකියාවක්) තිබිය යුතුය.

"මෙම රොබෝවරු, රොබෝවරයා සමඟ වැඩ කිරීමට පුහුණුවක් නොමැති පුද්ගලයින් හෝ මිනිසුන් අතරට යොදවනු ඇති බැවින්, එදිනෙදා මිනිසුන් කිරීමට ඉඩ ඇති විවිධ දේ අපේක්ෂා කිරීමට රොබෝවරු නිර්මාණය කළ යුතුය," පර්යේෂක වරයෙක් පැවසීය.

හර්ෂ - පිළිගත් වෙබ් ඇසුරෙන්

1 comments:

මට හිතුනෙ ලංකාවේ ඔයින් රොබෝ කෙනෙක් දැම්මනම් කොහොම වෙයිද කියල

Post a Comment