Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

August 30, 2016

'ස්මාර්ට්' බහු අවයවක ( SMART POLYMERS)

"ස්මාර්ට් බහු අවයව"  සඳහා නිෂ්පාදන ක්ෂේත්‍රයේ මෙන්ම පර්යේෂකයන්ගේ ද වැඩි අවධානයක් දිනා ඇත්තේ ඒවා, සුවිශේෂී ගති ලක්ෂණවලට අනුව නිර්මාණය කලහැකි නිසයි. බහු අවයව "ස්මාර්ට්" කරන  ලක්ෂණ, අවට පරිසරයේ  ඉතා සුළු වෙනස්කම් අනුව පවා ප්‍රතිචාර දැක්වීමට සමත් වේ. ස්මාර්ට් බහු අවයව  ශක්තිමත්, ඔරොත්තු දියහැකි, නම්‍යශීලී, පහසුවෙන් හැසිරවිය හැකි ය.

ස්මාර්ට් බහු අවයව වර්ගීකරණය
ස්මාර්ට් බහු අවයව, ඒවායේ භෞතික ලක්ෂණ හෝ උත්තේජකයන් අනුව වර්ගීකරණය කළ හැක.
 එනම්,
  •  භෞතික උත්තේජකයන් (උෂ්ණත්වය, ultrasounds, ආලෝකය, ආතතිය)
  •  රසායනික උත්තේජකයන් (pH අගය සහ අයනික ශක්තිය)
  •  ජීව විද්යාත්මක උත්තේජකයන් (එන්සයිම සහ ජෛව අණු) ය.
  •   pH අගය සංවේදී ස්මාර්ට් බහු අවයව - pH අගය වෙනස් වන අදාල ප්‍රතිචාරයට අනුව ප්රෝටෝන පිළිගැනීමට හෝ නිදහස් කිරීමට හැකියාව ඇත.  මිනිස් සිරුර තුළ ඖෂධ කාර්යක්ෂමව පරිවහනයටත්, විවිධ රෝග සහ අක්‍රමිකතා හදුනා ගැනීමටත් භාවිතා කෙරේ.
  •   තාප ප්‍රතිචාර බහු අවයව - මෙම ස්මාර්ට් බහු අවයව, උෂ්ණත්වයට සංවේදී වේ. හිරු ආවරණ කන්නාඩි, සුවිශේෂී දර්පණ වර්ග මේ සඳහා නිදසුන් වේ.
  •    ද්විත්ව උත්තේජකයන් සහිත බහු අවයව - උෂ්ණත්වය හා pH අගය දෙකටම සංවේදී බහු අවයවීය ව්‍යූහයන් මේ නමින් හැදින්වේ.
  •   ආලෝක සංවේදී ස්මාර්ට් අවයව - දෘශ්‍ය ආලෝකය හා බැදුණු භෞතික සබඳතා හෝ යාන්ත්‍රික ක්‍රියාවලීන්ට අනුගතව උත්තේජන සපයන බහු අවයව වේ. පාරගම්යතාව, භාර, වර්ණය, බන්ධන ආදී ගුණාංග අනුව ප්‍රතිචාර දැක්විය හැකි ය.
  •    බහු උත්තේජකයන් සහිත බහු අවයව  - ආලෝකය හා උෂ්ණත්වය, උෂ්ණත්වය හා pH අගය, ආලෝකය හා විදුලි ක්ෂේත්රයේ සංයෝජන අනුව මෙම බහු අවයව නිපදවා ඇත.


ස්මාර්ට් බහු අවයවයන්වල භාවිතයන්


  •   පටක ඉංජිනේරු විද්යාව, ජාන රෝග සහ වෛරස් ආසාදන සුව කිරීමටත්  වර්ධනය වේගය අඩු කිරීමටත්  යොදාගැනේ

  •     අන්තරායකාරී න්‍යෂ්ටික දූෂණය ඉවත් කළ හැකි ය
  •   රෙදිපිළි ඉංජිනේරු තාක්ෂණය සදහා ස්මාර්ට් බහු අවයව යොදා ගන්නේ, විවිධ භෞතික සහ පාරිසරික තත්වයන්ට අවශ්‍ය වන ආකාරයෙන් ය.
  •   ග්ලූකෝස් සංවේදක ලෙස - දියවැඩියා ප්‍රතිකාර සඳහා ඉන්සියුලින් සැපයීමේ පද්ධතිය පිරිසැකසුම් කෙරේ. එනම්, එක් එක් රෝගීන්ට අවශ්‍ය නිශ්චිත ඉන්සියුලින් ප්‍රමාණය ලබා දීමේ කාර්යය සඳහා යොදාගෙන තිබේ
            • වියෝජනය වන ප්ලාස්ටික් වර්ග නිෂ්පාදනය



පර්යේෂණ වාර්තා සහ අන්තර්ජාලය ඇසුරිනි.
සැකසුම: ප්‍රිමල්ෂි ධර්මතිලක

විදාතා සම්පත් මධ්‍යස්ථානය (කුණ්ඩසාලේ)

හයිඩ්‍රජන් අභ්‍යන්තර දහන එන්ජින් (HICEV)..................

           මෙම හයිඩ්‍රජන් දහන එන්ජින් ඔබ අප දන්නා ඩීසල්,පෙට්‍රල් දහන එන්ජින් හෝ දෙමුහුන් වාහන වල ඇති හයිඩ්‍රජන් ඉන්ධන කෝෂ එන්ජින් වලට වඩා වෙනස් වේ.(හයිඩ්‍රජන් ඉන්ධන කෝෂ එන්ජින් තුල සිදු වන්නේ දහනයට එහා ගිය විද්‍යුත් රසායනික අපවර්තනයකි)
ඉතිහාසය...
       Francois Isaac de Rivas විසින් 1806 දී හයිඩ්‍රජන් හා ඔක්සිජන් මිශ්‍රණයකින් ක්‍රියාත්මක වන ප්‍රථම හයිඩ්‍රජන් අභ්‍යන්තර දහන එන්ජිමක් නිර්මාණය කරන ලදී.පෝල් ඩයිජස් නැමැත්තා විසින් 1970 දී වැඩිදියුණු කල හයිඩ්‍රජන් අභ්‍යන්තර දහන එන්ජිමක් සදහා පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලදී.මෙය සාමාන්‍ය ගැසොලින් එන්ජිමක් නවීකරණය කොට සාදන ලද්දකි.

 1970 දි පටන් ටෝකියෝ විශ්වවිද්‍යාලය මෙම එන්ජින් සංවර්ධනය කිරීමෙහි නියුක්තව සිටී.වර්තමානය වන විට හයිඩ්‍රජන් මගින් ධාවනය වන ට්‍රක්රථ හා බස්රථ නිෂ්පාදනය දක්වා ඔවුන්ගේ ගමන් මග සාර්ථක වී ඇත.මැස්ඩා සමාගම මගින් Wankel නමින් හයිඩ්‍රජන් දහන එන්ජිමක් නිපදවා ඇත.2005ත් 2007 අතර කාලයේදී බී.එම්.ඩබ්ලිව් සමාගම විසින් BMW Hydrogen 7 නමින් හැදින්වෙන කාර් රථයක් පරීක්ෂාවට බදුන් කොට ඇත.එහි උපරිම වේගය පැයට කි.මී 301 කි.හයිඩ්‍රජන් අභ්‍යන්තර දහන එන්ජිමක් සහිත ෆෝක් ලිෆ්ට් යන්ත්‍ර ද මේ වන විට සාර්ථකව අත්හදා බලා ඇත.ඒ සෘජු ඉන්ධන විදුම් පද්ධතියක් සහිත ඩීසල් එන්ජිමක් පරිවර්තන කටයුතු වලට ලක් කිරීමෙන් අනතුරුවයි.
අඩු විමෝචන තත්වය.....
හයිඩ්‍රජන් ඔක්සිජන් සමග දහනයේ එකම ඵලය වන්නේ ජලය පමණි.

 නමුත් ඉහළ උෂ්ණත්වයකදී ඉන්ධන දහනය වීමේදී (භූමිතෙල්,පෙට්‍රල් හෝ ස්වභාවික වායු වැනි ඉන්ධන) නයිට්‍රජන් ඔක්සයිඩ ද ඇති විය හැක. (NOX-).
                                                              
මෙම හයිඩ්‍රජන් දහන එන්ජින් වල විශේෂතා.......
සමාන්‍ය අභ්‍යන්තර දහන එන්ජිමකට වඩා මෙවායේ පහත විශේෂතා ඇත.
1.වැරගැන්වූ වෑල්ව ඇත.
2.ශක්තිමත් පිස්ටන් අත් ඇත.
3.ප්ලැට්නම් තුඩු නොයෙදූ පුලුගු පේනු.
4.ඉහළ වෝල්ටීයතාවයකින් යුතු ජ්වලන දගරය
5.ගෑස් සදහා විශේෂිත ඉන්ධන විදුම් නොසල
6.ඉහල තාපාංකයකින් යුතු ලිහිසි තෙල් මේ සදහා භාවිතා වේ.

අන්තර්ජාලය ඇසුරිනි.
කේ.ජේ.ඒ.වී පෙරේරා,
විද්‍යා හා තාක්ෂණ නිළධාරි,
මීගමුව.

August 29, 2016

නිරෝගී ලස්සන දිවියකට - සුපිරි බල ඇති 'කහ'

ශ්‍රී ලංකාවේ බහුලව සොයාගත හැකි ඉවුම්-පිහුම් සඳහා පාවිච්චි කරන කහ (Curcuma longa) අපේ මුළු ඇඟටම එක ලෙසින් සෞඛ්‍යසම්පන්න බවක් ලබාදෙන ප්‍රයෝජනවත් ඖෂධීය වටිනාකමක් සහිත ය.
ස්වාභාවිකවම විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට කෑම වලට කහ එක් කරන්නේ එහි ඇති සුවිශේෂී විෂබීජ නාශක ගුණය නිසයි . එසේම  කහ ‘තේ’ ලෙසින් පානයක් ලෙසද ගත හැකි ය. උණුම උණු කහ තේ කෝප්පයකින් ඇඟ පුරා ඇති විෂබීජ වගේම අයහපත් විෂ වර්ග ස්වාභාවිකවම ඉවත් කිරීමට ඇති  හැකියාව හරිම ඉහළයි. අපේ ශරීරයේ අක්මාවේ සහ වකුගඩු වල වගේම රුධිරයේ අන්තර්ගත විෂ ද්‍රව්‍යයන් හරිම ඉක්මනින් ශරීරයෙන් ඉවත් කිරීමටත් හැකියාවක් ඇත.
කහ වල අඩංගු ප්‍රධානම සාරයක් වන ‘කර්කියුමින්’ ඉතාම ප්‍රබල ප්‍රති-ඔක්සිකාරකයක්. ශරීරයේ පැවැත්මට එරෙහි රෝගයන් සමඟ ශක්තිමත්ව සටන් කිරීමටත් ශරීරයේ ඇති සෞඛ්‍යසම්පන්න සෛල හානියට පත් කරන විෂ ද්‍රව්‍යයන් වගේම එවැනි ක්‍රියාකාරිත්වයන් සමඟ සටන් කර සිරුරේ නිරෝගී පැවැත්ම ආරක්ෂා කරන්නටත් මහගු හැකියාවකින් යුක්තය.
ඉන්සියුලින් ප්‍රතිරෝධය වර්ධනය කිරීමට වගේම පරිවෘත්තිය ක්‍රියාවලිය වේගවත් කිරීමටත් කහ වලින් ලැබෙන්නේ ලොකු උදව්වක්. ඒ නිසා ඉඟුරු-කහ මිශ්‍ර සුවඳවත් බත් හෝ සුදුලූණු- ඉඟුරු-කහ මිශ්‍ර බාස්මති දුඹුරු බත් ආහාරයට එක් කරගැනීමෙන් ශරීරයේ බර අඩු කරගැනීමටත් හැකිය.
කහ වල අන්තර්ගත විශේෂිත ශක්තිය මොළයේ ක්‍රියාකාරිත්වය වේගවත් කරන්නත් සමත්වෙනවා. කර්කියුමින් සංඝටකය, ප්‍රදාහයන් වැනි තත්වයන් අවම කර මොළයට සැපයෙන රුධිර ප්‍රවාහයන් වඩා වේගවත් කරන්නත් එමඟින් මොළයේ ක්‍රියාකාරිත්වය ශක්තිමත් කරන්නත් හැකියාව ඇත.
සමට වඩා පැහැපත් බවක් ලබාගැනීමට, මීපැණි සහ කහ මිශ්‍රණය සහිත face mask  මගින් සමට ස්වභාවික වෙනසක් එක් කරයි .

සැකසුම: ප්‍රිමල්ෂි ධර්මතිලක
විදාතා සම්පත් මධ්‍යස්ථානය (කුණ්ඩසාලේ)

නිල් L.E.D

L.E.D යනු ඉංග්‍රීසි වචන තුනක එකතුවකි.එනම් L-Light   E-Emitting   D-Diode  යනුයි. එහි සංහල පරිවර්තනය ආලෝක විමෝචක ඩයෝඩ යනුයි. ඒ අනුව L.E.D යනු p nසන්ධියක් සහිත අර්ධ සන්නායනවලින් සෑදුනු ඩයෝඩයකි.
 2014 වසරේ නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවයේදී.  භෞතික විද්‍යාව සඳහා තිදෙනෙකුට නොබෙල් ත්‍යගය හිමි වුණේ 1994 දී ඔවුන් විසින් නිපදවන ලද නිල් අලෝක විමෝචන ඩයෝඩය (blue L.E.D bulb) සඳහායි. ඉසමු අකසකි (Isamu Akasaki) හිරෝෂි අමනෝ (Hiroshi Amano) සහ ෂුජී නකමුරා (Shuji Nakamura) යන ත්‍රිපුද්ගල විද්‍යාඥයන් විසින් මේ සොයා ගැනීම සිදු කරන ලදි.


නිල් L.E.D බල්බය සොයා ගැනීමත් සමඟම පරිගණක තිර, ස්මාර්ට් ජංගම දුරකථන වල තිර, ශක්තිය ඉතිරි වන ලෙස ඉතා කාර්යක්ෂම ලෙසත්, සුක්ෂ්ම ලෙස නිර්මාණය කරන්නට අවකාශය ලබා දෙන ලදි. එසේම සුදු ලාම්පු (bulbs) නිර්මාණය සඳහා අවකාශය ද ලබා දෙන ලදි. මෙමඟින් ඉතිරි වන බලශක්තිය මෙතෙකයි කියා නිම කල නොහැක.

විද්‍යාඥයින් විසින් මීට පෙරදී කොළ, කහ සහ රතු යන බල්බ සොය ගෙන තිබුණත්. මූලික වර්ණ තුනෙන් එකක් වන නිල් බල්බය නොමැතිව අනෙක් වර්ණ විශේෂයෙන් සුදු වර්ණය ලබා ගැනීම අපහසු වී තිබුණි. 1962 දී මහාචාර්ය  Nick Holonyak විසින් ප්‍රථම වරට දෘශ්‍ය වර්ණාවලියට අයත් රතු L.E.D බල්බය නිපදවන ලදි. L.E.D බල්බ නිපදවීම සඳහා ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ එන මූලික සිද්ධාන්ත කිහිපයක් යොදා ගැනේ.


සම්මතයක් ලෙස ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේදී පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වන බව පෙන්වා දෙයි. මෙය සූර්යයා වටා ග්‍රහලෝක භ්‍රමනය වීමකට සමකල හැකිය.  පරමාණුවක න්‍යෂ්ටියක් වටා පවතින එක් ඉලෙක්ට්‍රෝනයක් සලකමු. මේ ඉලෙක්ට්‍රෝනය වෙන් වෙන්ව පවතින කක්ෂ ශ්‍රේණි ගණනාවක තිබිය හැකිය. න්‍යෂ්ටියට ආසන්නව පවතින ඉලෙක්ට්‍රෝන වල අඩු ශක්තියකුත් න්‍යෂ්ටියට ඈතින් පවතින ඉලෙක්ට්‍රෝන වලට වැඩි ශක්තියකුත් ඇති බව සිතන්න. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන වැඩි ශක්ති අවස්ථා වල සිටීමට අකමැති බැවින් ශක්තිය විමෝචනය කර පහල ශක්ති මට්ටමක ඇති කාක්ෂිකයකට පැමිණේ. මෙසේ ඉලෙක්ට්‍රෝන ශක්තිය ආලෝකය වශයෙන් විමෝචනය කරයි. එහිදී ආලෝකය නිපදවීමක් සිදු වේ. මේ ආලෝකයේ වර්ණය තීරණය වන්නේ කාක්ෂික අතර පවතින ශක්ති පරතරය අනුවයි. වැඩි ශක්ති පරතරයක් ඇති විට නිල් පැහැයට ආසන්න ආලෝක නිකුත් කරනු ලබයි. මේ මූලික සිද්ධාන්ත ඇතුලත් කර සුදුසු පරමාණු හා ඝනද්‍රව්‍ය යොද ගෙන රතු, කහ හා කොළ බල්බ නිර්මාණය කරන ලදි. නමුත් නිල් වර්ණය සඳහා ශක්ති පරතරය තරමක් ඉහල වූ බැවින් ඒ සඳහා සුදුසු අමුද්‍රව්‍ය සහ නියමිත ක්‍රමය සොයා ගැනීම දුෂ්කරව තිබුණි.
L.E.D බල්බයක් නිර්මාණය කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් වන්නේ අර්ධ සන්නයකයි. ඒ සඳහා p-වර්ගයේ හා n-වර්ගයේ අර්ධ සන්නයක දෙකක් සංයොජනය කල යුතු වේ. n-වර්ගයේ අර්ධ සන්නායක වල ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් ඇති අතර p-වර්ගයේ අර්ධ සන්නායක වල ඉලෙක්ට්‍රෝන රඳවා තබා ගැනීමට කුහර ද පවතී. සුදුසු වෝල්ටීයතා තත්ත්ව යටතේ දී ඉලෙක්ට්‍රෝන් n සිට p දක්වා ගමන් කොට ශක්තිය නිකුත් කරමින් කුහර තුලට වැටේ.  මුල් කාලයේ මේ ඩයෝඩ නිකුත් කරන ලද්දේ ඉතා කුඩා ශක්තියක් නිසා ඒවා දෘශ්‍ය වර්ණාවලියට පිටින් ඇති අධෝරක්ත කලාපයට අයත් වුණි. පසුව මෙම ශක්ති පරතරය වැඩි කිරීමට විවිධ මූලද්‍රව්‍ය හා මාත්‍රණය කරන ලද අර්ධ සන්නායක යොදා ගන්න ලදි. ඇලුමිනියම් එසේ මාත්‍රණයට යොදා ගන්නා ලද මූලද්‍රව්‍යකි. නිල් L.E.D. බල්බ සඳහා ශක්ති වෙනස ඉතා ඉහල වූ නිසා එය සොයා ගැනීම තරමක් දුෂ්කර වූ නමුත් මහාචාර්ය ෂුජී නකමුරා විසින් 1994 දී ඉන්ඩියම් ගැලියම් නයිට්‍රයිඩ් (Indium Gallium Nitride) යොදා ගෙන සාදන අර්ධ සන්නායකයක් නිපදවන ලදි.  එහි තුල වූ ඉන්ඩියම් අනුපාතය වෙනස් කිරීමෙන් නිල් ආලෝකය ලබා ගැනීමට හෙතෙම සමත් විය. මීට පෙර කිහිප දෙනෙක් විසින් මේ මූලද්‍රව්‍ය යොදා ගෙන පර්යේෂණ කලත් ගැලියම් නයිට්‍රයිඩ් ස්ඵටික දිදුලවීමට හැකි පෘෂ්ටයක් සෑදීමේ ක්‍රමවේදය සොයා ගැනීමට අපහසු විය. මහාචාර්ය නකමුරා නිල් කැට මැණික් යොදා ගෙන මේ පෘෂ්ටය නිර්මාණය කරන ලදි. අනතුරුව වැඩිදුර පර්යේෂණ තුලින් අද තත්ත්වයට දියුණු කරන ලද L.E.D බල්බ නිර්මාණය කරන ලදි. වර්තමානයේ බොහෝ තාක්ෂණික මෙවලම් නිර්මාණයට නිල් L.E.D. බල්බය මෙන්ම අනෙකුත් L.E.D බල්බ යොද ගැනේ. අඩු ශක්තියකින් වැඩි එළියක් මේවා ලබා දේ. එමෙන්ම තවත් ප්‍රයෝජන රාශියක්ම මේ L.E.D බල්බ නිසා ලැබේ. එනිසා 21වන සියවසේ සිදු කරන ලද විශිෂ්ටතම නිර්මාණයක් ලෙස මේ නිල්  L.E.D බල්බ සැලකිය හැකිය. 

 අන්තර්ජාලයේ  http://wikimedia.org ඇසුරිනි.
පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී-අඹන්ගගකෝරළේ

August 28, 2016

සූර්ය තාපයෙන් විදුලිය...

පුනර්ජනනීය ශක්තීන් මගින් විදුලිය නිපදවෙන ආකාරයන් හා තාක්ෂණයන් ගැන දැන් ලෝකය උනන්දු වී කටයුතු කිරීමට පටන් අරන්. මොරොක්කෝවේ ස්ථාපිත කිරීමට නියමිත ලොව විශාලතම සුර්ය තාප බලාගාරය එයට නිදසුනක්. සුර්ය ශක්තිය මගින් විදුලිය නිපදවීම යනුවෙන් හැදින්වුවත් මෙහිදී සිදුවන්නේ  solar panel යොදාගනිමින් සිදුකරන, අප දන්නා ක්‍රියාවලිය නම්  නොවෙයි.
සුර්ය ශක්තිය මගින් විදුලිය නිපදවීමේ ප්‍රධාන  ආකාර දෙක වන  photo-voltaic හා thermal යන ආකාරවලින්  photo-voltaic ක්‍රමයේදී සුර්ය පැනල යොදාගැනෙන අතර thermal ක්‍රමයේදී  සිදුවන්නේ සුර්ය තාපය යොදාගැනීමයි. thermal ක්‍රමයේදී සිදුවන්නේ සුර්ය තාපය යොදාගනිමින් heat transfer fluid (HTF) එකක් ඉතා අධික උෂ්ණත්වයකට රත්කිරිමය. ඒ සඳහා සුර්යතාපය එක්රැස් කිරීමට වක්‍රාකාර දර්පන යොදාගන්නා අතර එම දර්පන වල නාභිය හරහා heat transfer fluid එක ගමන්කරවයි. මෙම බලාගාරයේ එක් දර්පනයක් මීටර 12ක් පමණ උසකින් යුක්තයි. එහිදී මෙම ද්‍රවය 393° C තරම් ඉහල උෂ්ණත්වයකට පත්වන අතර ඉන්පසු එම තාපය ජලය වෙත heat transfer එකක් මගින් හුවමාරු කොට එමගින් හුමාල turbine එකක් යොදාගෙන විදුලිය නිපදවනු ලබනවා. මොරොක්කෝවේ සාදන මේම බලාගාරය දර්පණ 500,000කින්  යුක්ත අතර එමගින් 580 MW ශක්තියක් නිපදවීමට බලාපොරොත්තු වෙයි. ඒ  අනුව මෙම ව්‍යාපෘතියෙන් නිවාස මිලියනයකට පමණ විදුලිය ලබාදීමට සුදානම්.

මෙහි ප්‍රථම අදියර දැනට ක්‍රියාත්මක වන අතර එය Noor 1 ලෙස හදුන්වා තිබේ. එහිදී 160 MW ශක්තියක් ලබාගනී. Noor 2 හා Noor 3 ඊළඟ අදියරයන් ලෙස 2017දි ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉන්පසුව steam turbine සඳහා අවශ්‍ය පැය 8ක ශක්තිය ගබඩා කරගැනීමේ හැකියාවෙන්ද යුක්තයි. වසර 2020දි මුළුමනින්ම  අවසන් කිරීමට නියමිත මෙම බලාගාරය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 9යක මුදලක් වැයවන බවට ගණන් බලා තිබේ. කෙසේ වෙතත් මෙම බලාගාරයෙ ප්‍රථම අදියර මගින් වසරකට කාබන්ඩයොක්සයිඩ් ටොන් 240,000 වායුගෝලයට මුදාහැරිම වළක්වාලීමට සමත්.

TECHPEDIA ඇසුරිනි
සැකසුම: ප්‍රිමල්ෂි ධර්මතිලක
           විදාතා සම්පත් මධ්‍යස්ථානය (කුණ්ඩසාලේ)

සූර්ය පැනල ත්‍රී රෝද රථ!

කිසිදු වායු  විමොචනයකින් තොරව ප්‍රවාහන කටයුතු කරගැනීමේ හැකියාව හෙවත් zero emission ලෙස හදුන්වන තාක්ෂණයන් සඳහා යොමුවන්නේ ඒවායේ ඇති පරිසර හිතකාමී බව නිසාමයි. ලොව දියුණු බොහෝ රටවල් වල hybrid වාහන හා පුර්ණ විදුලි බලයෙන් ධාවනය වන වාහන මිලදීගැනීමට තම ජනතාව උනන්දු කරවන්නේ  මේ නිසාය. සූර්ය පැනල සවි කල ත්‍රී රෝද රථය, පරිසර හිතකාමී තාක්ෂණයෙන් එළිදකින ප්‍රවාහන සේවයකට කදිම නිදසුනක් වේවි.
මෙය නමින් Sunnyclist ලෙස හදුන්වා දී තිබේ. වසර 2011දි ග්‍රීසියේ ඉංජිනේරුවන් පිරිසක් විසින් මෙය concept design එකක් ලෙස ඉදිරිපත් කර ඇති අතර ඉන්පසුව 2012දි හා 2013දි prototype දෙකක් ද සාර්ථකව අත්හදා බලා තිබේ. මුලික වශයෙන් ඇලුමිනියම් frame  එකක් වටා මෙය නිර්මාණය කර ඇති අතර lithium iron phosphate (LiFePO4) බැටරියකින් හා 6 kW මෝටර දෙකකින් පසුපස රෝද බලගන්වෙනවා. මිට අමතරව මෙහි ඇති අනෙක් විශේෂත්වය නම් මෙය ප්‍රධාන විදුලි සැපයුම මගින්  charge කිරීමෙන්, වහලයේ සවිකර ඇති solar panel මගින් charge කිරීමෙන් හා රියදුරු ඇතුළු මගීන්ට සපයා ඇති independent potable pedals පෑගීම මගින්ද charge කිරීමේ හැකියාවයි.
බැටරිය charge කිරීම මගින් 70 km දුරක් 35 kmph වේගයෙන් ගමන් කල හැකි අතර හොදින් සුර්යාලෝකය ඇති දිනෙක තවත් 50 km දුරක් ගමන් කිරීමේ හැකියාවද ලැබේ. මිට අමතරව සාමාන්‍ය pedal කිරීමක් මගින් තවත් දුරක් එකතුකර ගන්නට හැකි අතර එලෙස එක් කිරීම මගින් 190 km පමණ දුරක් එක් charge එකකින් ගමන් කිරීමේ හැකියාව මෙය සතුයි. 250 kg උපරිම බරක් සහිතව ධාවනය කළහැකි මෙම රථය ඔවුන් ප්‍රධාන වශයෙන් සැලසුම් කර ඇත්තේ නගරාසන්න ප්‍රයෝජන සඳහායි. 

TECHPEDIA ඇසුරිනි

සැකසුම: ප්‍රිමල්ෂි ධර්මතිලක
             විදාතා සම්පත් මධ්‍යස්ථානය (කුණ්ඩසාලේ)

සූර්ය පැනල සවි කල මාර්ගයක ඇවිද යන්නට හැකි වේවිද?

ප්‍රධානතම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන සූර්ය ශක්තිය කෙරෙහි වර්තමානයේ කාර්මික හා පර්යේෂණ අංශවල වැඩි අවධානයක් යොමු වී ඇත. ලොව පුරා විවිධ නිෂ්පාදන සහ සොයාගැනීම් මේ ඔස්සේ සිදුවන්නේ තිරසාර ගෝලීය සංවර්ධනයක් උදෙසා එමගින් මහගු පිටුවහලක් සැපයෙන නිසයි.

ලොව පුරා මෙන්ම අපේ රටෙත් දැන්  සුර්ය බලශක්තිය බොහෝසෙයින් භාවිතාවට ගැනෙනවා. බොහෝ විට මෙම solar panel සවිකිරීම සිදුවන්නේ නිවාස වල වහල මතයි. ඒ සුර්යාලෝකය හොදින් පතිත වීම මගින් වැඩි කාර්යක්ෂමතාවයකින් යුක්තව විදුලිය නිපදවීමටයි. නමුත් ප්‍රංශය ඊට වඩා වෙනස්  ස්ථානයක solar panel සවිකිරීමට කටයුතු කෙරේ. ඒ solar panel සවිකරන ලද මාර්ගයක් සැදීමටයි. ඒ අනුව මීළඟ වසර 5 ඇතුලත කිලෝමීටර 1000 දිගින් යුතු මාර්ගයක් සැදීමට බලාපොරොත්තු වෙයි.
මෙම විශේෂිත solar panel සහිත මාර්ගය හදුන්වන්නේ Wattaway ලෙසයි. මෙම සම්පුර්ණ ව්‍යාපෘතිය අවසානයේ මිලියන 5ක ජනයාට විදුලිය ලබාදීමට හැකි බව පැවසේ. එමගින් දැනට විදුලිය නිපදවීමට යොදාගන්නා ගල්අඟුරු, තාපබලාගාර වැනි පරිසරය හිතකාමී නොවන තාක්ෂණයක් බැහැරකිරිමට සැරසෙන අතර  ප්‍රංශ බලධාරීන් පවසන අන්දමට මාර්ගයක රථ වාහන මාගින් ආවරණය වන ප්‍රමාණය 10% පමණ වන නිසා (ඔවුන්ගේ රථවාහන තදබදය අනුව.) මෙය සාර්ථක වනු ඇති බව  විස්වාසය යි.
 මිලිමීටර් 7ක  (7mm)  උසින් යුතු මෙම සුර්ය පැනල රළු මතුපිටකින් යුක්තයි. ඒ රථවාහන ගමන් කිරීමට ඝර්ෂණය ඇතිකිරීම සඳහායි. තවද මෙය වසර 20ක් කාලයක් පුරා මාර්ගයේ සවිකර තැබිය හැකි බව ඔවුන් පවසනවා. මෙම  මාර්ගයේ එක් කිලෝමීටරයක් මගින් නිවාස 5000ක් සඳහා විදුලිය සැපයිය හැකියි. නමුත් මෙය නිවාස වල සවිකරන solar panel තරම් කාර්යක්ෂම නොවනු ඇතිබව බොහෝ දෙනාගේ මතය වුවත් මෙම තාක්ෂණය යොදාගන්නේ සුළු පරිමාණයෙන් නොව මහා පරිමාණයෙන් වන නිසා කාර්යක්ෂමතාව සමස්තයක් ලෙස ඉහල අගයක් ගනු ඇති බව මෙහි සැලසුම් ශිල්පීන් පවසයි.

TECHPEDIA ඇසුරිනි

සැකසුම: ප්‍රිමල්ෂි ධර්මතිලක
             විදාතා සම්පත් මධ්‍යස්ථානය ( කුණ්ඩසාලේ)

August 26, 2016

කටු අනෝදා තේ කෝප්පයක රස බලමුද?

ගුයබානෝ යන නාමය නුහුරු නුහුරු නුපුරුදු නාමයකි. අනෝදා ශාකය ගුයබානෝ නමින් හඳුන්වයි. අනෝදා යනු ඖෂධයකි. අප දන්නා පරිදි අනෝදා ගෙඩිය පමණක් ආහාරයට ගත්තද අනෝදා ශාකයේ පත‍්‍රයද තේ වැනි බිම නිෂ්පාදනය සඳහා යොදා ගනී. අනෝදා ශාක පත‍්‍රයෙන් නිපදවන තේ පානය දියවැඩියාව, පිළිකාව, ආතරයිටිස් හා උෂ්ණාධික රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිතා කරයි.
අනෝදා ශාකය මල්හටගන්නා පළල් පත‍්‍ර දරන සදාහරිත ශාකයකි. නිවර්තන කළාපයේ මෙන්ම දකුණු ආසියාවේ හා පැසිපික් කළාපයේ ඇතැම් ප්‍රෙද්ශවලට ආවේණික ශාකයකි.
එම ශාකයේ සියඑ කොටස් ඒ ඒ රටවල පාරම්පරික වෛද්‍ය විද්‍යාවන්ට සමීප ඖෂධයක්වීම විශේෂ ලක්ෂණයකි.
ශ‍්‍රී ලංකාවේ කටු අනෝදා ශාකය අනෙකුත් රටවල මෙන් ආර්ථික බෝගයක් ලෙස වගා නොකෙරේ. එසේම ශ‍්‍රී ලාංකිකයන් මෙහි ඇති සුවිශේෂි ගුණාංග පිළිබදවද නොදැනුවත්ය.
කටු අනෝදාවල පිළිකා නැසීමේ ගුණය ඒ සදහා භාවිතා කරන රසායනික ඖෂධවලට වඩා 10000 ගුණයකින් ප‍්‍රභල වන බවයි. පිළිකා මර්ධනයේදී අතුරු ආභාධවලින් තොර නිරෝගී සෛල විනාශ නොකරන වටිනා ඖෂධයක් බව සොයාගෙන ඇත.

අනෝදා තේ පානය සකසා ගන්නා අන්දම (අනෝදා කොළ මගින්)

අවශ්‍ය ද්‍රව්‍ය:
·       පිරිසිදු ජලය ලීටර් 1 යි
·       අනෝදා පත්‍ර 40 යි (දළු භාවිතය සුදුසු නැති අතර වඩාත් වියලි කොළද සුදුසු නොවේ)

සකසාගන්නා ආකාරය:

භාජනයකට දමා ජලය හොඳින් රත්කරගන්න. රත් වූ ජලයට අනෝදා පත‍්‍ර දමා මඳ ගින්නේ විනාඩි විස්සක් පමණ තම්බා ගන්න.සාමාන්‍ය තේ පැහැයට ආ පසු නිවෙන්නට තබන්න. පැය 7-8 ක් පමණ ශීතකරණයේ තබා පානයට ගන්න.
සැලකිය යුතුයි ස්වභාවික පත‍්‍රවලට වඩා සුලගේ වේලන ලද මේරූ පත‍්‍ර භාවිත කරන්න. හිරු එළියේ හෝ උඳුනේ දමා පත්‍ර වෙලීමෙන් වලකින්න.
ආහාර ගැනීමට පෙර මේ තනා ගත් තේ පානය කරන්න. දවසට තුන් වරක් බැගින් මාසයක් තේ භාවිතා කිරීමෙන් හොඳ ප‍්‍රතිඵල ලබා ගත හැක. විශේෂයෙන් හිස් බඩ මේ තේ පානය කිරීමෙන් අඩංගු ඖෂධ ඉක්මනින් ශරීරයට අවශෝෂණය වෙයි.

වියළි අනෝදාවලින් ගුණාත්මක පානයක් (අනෝදා ගෙඩි මගින්)


පැසුණු අනෝදා ගෙඩියක් අරගෙන පුංචි කෑලිවලට කපා හොඳින් වියළා ගන්න. පසුව ඒක හොඳින් කුඩු කරගෙන සුළං නොවදින බඳුනකට දමාගන්න. දිනකට එක්වරක් හෝ දෙවරක් බැගින් උණුවතුර කෝප්පයකට ඒ වියළි අනෝදා කුඩු ස්වල්පය බැගින් මිශ්‍රකර දිනපතා පානය කරන්න. මුත්‍රාශ්‍රය ආශි්‍රත රෝගවලට, ආමාශය ආශි්‍රත රෝගවලට, පිළිකාවට, අර්ශස් අමාරුවට, පණු රෝගය ආදී රෝග රැසකට එය පොදුවේ භාවිත කළ හැකි හොඳ ඔෟෂධීය පානයක් ලෙස මෙය හැදින්විය හැක.


අන්තර්ජාලය ඇසුරිනි ( රිවිර සහ මව්බිම පුවත්පත් ලිපි ඇසුරිනි)


සැකසුම: ප්‍රිමල්ෂි ධර්මතිලක
              විදාතා සම්පත් මධ්‍යස්ථානය (කුණ්ඩසාලේ)

August 24, 2016

ග්ලුටන් වල බලපැම

ග්ලුටන් යනු මේ දිනවල බෝහෝ  කතා බහට ලක් වන සංයෝගයකි. සමහර පොෂ්‍යෙවේදින් බොහෝ මිනිසුන් සදහා ග්ලුටන් හානි කර බව පවසයි.මැතකදි කරන ලද පර්යේෂණ වලට අනුව 30% වැඩි ඇමරිකන් ජාතින් ග්ලුටන් ආහාරයට ගැනිමෙන් වැලකි සිටි.ග්ලුටන් යනු මොනවාද  සහ එය ඹබගේ සෞක්‍යයට  කෙසේ බලපානවාද  යන්නමේහිදි සාකචජා කරනු ලබයි.
ග්ලුටන් යනු ප්‍රෝටින් පවුලට අයත් තිරුගු  ,බාර්ලි වැනි ධන්‍යවල දක්නට ලැබෙන විශේෂ ප්‍රෝටිනයකි.මෙම ධන්‍ය වලින් තිරිගු බහුලව ආහාරයට ගනි. ග්ලුටන් ප්‍රෝටින්ප්‍රධාන ප්‍රෝටින් දෙකකින් සැදි ඇත.එනම් ග්ලුටනින් හා ග්ලයඩින් වන අතර ග්ලයඩින්සෞක්‍යමය ගැටළු සදහා හේතු වේ.පිටි හා ජලය මිශ්‍ර කරන විට ග්ලුටන් ප්‍රෝටින් ගම් ආකාරයේ ඇලෙන සුළු දැලක් ඇති වේ.
මෙම මැලියම් ආකාර ලක්ෂණය මගින්  පිටි මෝලිය ඇදෙන සුළු ලක්ෂණ ඇති කරන අතර පාන් පිලිස්සිමේදි  ප්‍රමාණය  වැඩි කරයි. හැපිමට යෝග්‍ය , සතුටුදායක පෙනුමක් ඇති කරයි. මොලියට ලබාදෙන  මෙම  මැලියම් ආකාර ලක්ෂණය  නිසා ග්ලුටන් යන නම ලැබි ඇතකෙසේ වුවද   ග්ලුටන් මිනිසුන්ට  ගැටළු ඇති කලද බොහෝමිනිසුන්ට  මෙම ලක්ෂණ කදිමට දරා ගෙන සිටිය හැකි උවත්  සමහර සෞකඛ්‍යමය තත්වයන් යටතේ  මිනිසුන්ට ගැටළු සහගත තත්වයන්   වැඩි දියුණු  කරයි. මෙහිදිceliac  රෝගය ,ග්ලුටන් සංවේදි බව කිරගු වල අසාත්මික බව සමග තවත් රෝග  වේ.
Celiac Disease (සුසිරක)
මෙය දරුණුම ආකාරයේ ග්ල්ටන් අසාත්මිකකාව වන අතර ජනගහනයෙන් 0.71  % පමන බලපැමක් ඇති කරයි.
එය ස්භාවික පුතිශක්තියේ ගැටලුවක් වන අතර  ග්ලුටන් බාහිර ආක්‍රමිකයෙක් ලෙස සලකා සිරැර ක්‍රියා කරයි ප්‍රතිශක්තිකරන පද්දතිය ගුලුටන් වලට සේම බඩවැලේ ස්තර අක්‍රමනය කරයි.මෙමගින් ආහාර මාර්ගයේ බිත්ති වලට සිදුවන හානිය නිසා පෝෂණ ඌණතාවයන් රක්ත හිනතාවය හා ජිර්ණ ගැටළු සමග බොහෝ රෝග සදහා වැඩිවිමේ අවදානමක් ඇත.
මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වනුයේ ජිර්ණ අපහසුතා , කුඩා අන්තුයේ පටක තුවාල විම,පාචනය ,හිසරදය, මලබද්දය , මහන්සිය , හමේ දද , විසාදිය, බර අඩුවිම ,දුගද හමන මල ආදිය වේ.කෙසේ වුවද celiac (සුසිරක) රෝගය සහිත සමහර පුද්ගලයින් හට ජිර්ණරෝග නැති වුවද රක්තහිනතාවය මහන්සිය වැනි වෙනත් බොහෝරෝග ලක්ෂණ ඇත.
මෙම හේතුව නිසා මෙම රෝගය හදුා ගැනිම ඉතා අපහසුය .එබැවින් 80% celiac රෝගින් ඹවුන්ට එම රෝගය වැලදි ඇති බව නොදනි.
Non-Celiac Gluten Sensitivity

 රොගයට පරික්ෂණ කිරිමේදි ලක්ෂණ නොපෙන්වන බොහෝ මිනිසුන් සිටින නමුත් ඹවුන් ග්ලුටන් සදහා පුතිරෝදි වේ.මෙම තත්වය  non-celiac gluten sensitivityලෙස හදුන්වයි මෙම රොගතත්වයෙන් කොපමන පිරිසක් සිටි දැයි තවම නිවැරිදිව  නොදන්නා  නමුත්  ගනනයන්ට  අනුව 0.5=13 % වේ.මේහිදි ග්ලුටන් සංවේදි රෝග ලක්ෂණ ලෙස  පාචනය ,බඩරිදුම,මහන්සිය,ඉදිමිම,විසාදිය ආදිය වේ.
non-celiac gluten sensitivity පිළිබද පැහැදිලි අර්ථකථනයක් නොමැති වුවද රෝග විනිෂ්චයේදිරෝගියා ග්ලුටන් සදහා සෟණලෙස ප්‍රතික්‍රියා කරයි . නමුත් celiac  රෝගය හා අසාත්මිකතාවයන් සමාන නොවේ.කෙසේ වුවද සමහර විශේඥයන්ට අනුව මෙය ඇත්තම තත්වය නොවේ.ඔවුන් සිතන ලෙස ග්ලුටන්වලට අමතර දව්‍යයකද  අහිතකර බලපැමක් ‍වේ.
ග්ලුටන් රහිත ආහාර ලබාදි ග්ලුටන් අසාත්මික මිකිසුන් 400 යොදා කරන ලද අධ්‍යනයකදි  මිනිසුන් 26 කට පමනක් celiac රෝගය ඇති බවදදෙදෙනෙක් තිරැගු ආසාදිත යන්ද 27 වෙනත් රෝග ද  අනෙක් 364 ග්ලුටන් සංවේදි  බවද පෙන්නුම් කරයි.
එනම් 400 මිනිසුන් ග්ලුටන් අසාත්මක බව සිතුවද ඉන් 55 පමනක් ග්ලුටන් අසාත්මික වි ඇත.එමනිසා මිනිසුන් බොහෝ දෙනා ග්ලුටන් අසාත්මික රෝග ලක්ෂණ ඇතැයි සිතුවද ඇත්තවශයෙන්ම වෙනත් හේතු ඔහුන්ගේ රෝග ලක්ෂණ වලට හේතු වේ.
බොහෝ මිනිසුන් ග්ලුටන් සදහා සෟනකාරි ලෙස ප්‍රතිචාර දැත්කුවද මෙය celiac  රෝගය නොවන අතර  non-celiac gluten sensitivity, ලෙස හැදින්වුවද මෙම තත්වය විවාදාත්මක වේ.
Irritable Bowel Syndrome, Wheat Allergy and Others
Irritable bowel syndrome (IBS) යනු බහුල ජිර්ණආබාධයක් වන අතර බඩ රිදුම, පෙරලිම,ඉදිමිම ,වාතය හා පාචනය යන ලත්ෂණ වලට හේතු වේ.මෙය නිදන්ගත තත්වයක් වන අතර මිනිසුන් මෙය ආහාර පාලනය ,ජිවන ක්‍රමය වෙනස් කර ගැනිම හා ආතතිය පාලනය මගින්  පාලනය කරගෙන සිටි.අධ්‍යනවලදි සොයාගෙන ඇති පරිදි IBS   සහිත මිනිසුන් ග්ලුටන් රහිත ආහාර ගැනිම මගින් බොහෝඅහිතකර තත්වයන් මගහැර ගත හැක.දත්ත අනුව ජනගහනයෙන් 1%  ට ග්ලුටන් සහිත ආහාර අනුභවයට පසු තිරිගු ආසාත්මික විසා ඇතිවන ජිර්ණ අපහසුතා ඇතිකරයි..තවද අධ්‍යනවලට අනුව ග්ලුටන් රහිත ආහාර හිනොද්මානය  autism ,gluten ataxia වැනි රෝග වලින් පිඩා විදින්නන් හට ප්‍රතිලාභ ගෙන දේ.
ග්ලුටන් අහිතකර බව දැනගන්නේ කේසේද

.ග්ලුටන්  අසාත්මිකවිමේ පුධානම හදුනාගැනිම ජිර්ණ අපහසුතාව වන අතර    නිරක්තය හා  ස්ථුලභාවය සම්බන්ද ගැටළුද මේ සමග ඇති වේ.මෙහිදි වෛද්‍ය වරයා මගින් අපහසුතාවය ට හේතුව celiac disease (සුසිරක ) රෝගයද යන්න පළමුව හදුනා ගත යුතුයි
celiac disease ඇත්ද යන්න ක්‍රම දෙකක් මගින් හදුනා ගත හැක.
·                     රුධිර පරික්ෂණය මගින් -ප්‍රතිදේහ හදුනා ගැනිමට රුධිරපරික්ෂණ කිහිපයක් කරන අතර බහුලම පරික්ෂණය වන්නේtTG-IgA test  වේ. මෙමගින්  තහවුරු වුවහොත් පඨකපරික්ෂණය මගින් තහවුරු කරගනු ලැබේ.
·                     කුඩා අන්ත්‍රයේ පඨක පරික්ෂණය ;- කුඩා අන්ත්‍රයේ පඨක කොටස්  හානිය සදහා විශ්ලේෂණය කිරිම
ඹබ හිතනවා නම් ඹබට celiac  රෝගය වැලදි ඇතැයි කියා ග්ලුටන් රහිත ආහාර ගැනිමට පෙර  වෛද්‍ය උපදෙස් ලබා ගැනිම වඩා සුදුසුය.එමගින් නිවැරිදි රෝග විනිෂ්චය ලබා ගැනිම පහසුය.
 ඹබට celiac  රෝගය නොමැති නම්  ග්ලුටන් වලට සංවේදිද යන්න සොයා ගැනිමේ හොදම ක්‍රමය සති කිහිපයත් සුළුවශයෙන්වත් ග්ලුටන් අඩංගුනොවන ආහාර ගෙන ලක්ෂණ වැඩිවනවා නම් ද පසුව නැවතත් ග්ලුටන් සහිත ආහාර  මගින්  ලක්ෂණ නැවතත් පැරණි තත්වයට පත්වෙනවා නම්ද  යන්න විනිෂ්චයයි.
ග්ලුටන් නොමැති ආහාර මගින්  ලක්ෂන වැඩි නොවන්නේ නම්ද නැවත ග්ලුටන්  සහිත ආහාර මගින් නරක අතට පත්නොවන්නේ නම්ද  වෙනත් හේතුවක් බලපානු ඇත..
FODMAPs  ( කෙටිදාම කාබෝයිට්රේට්)  ජිර්ණ අපහසුතා ඇතිකරයි.

 FODMAPs  ( කෙටිදාම කාබෝයිට්රේට්) තිරිගු ඇතුළු බොහෝ ආහාර වල ඇත.බොහෝමිනිසුන්ට නිසිආකාරව මේවා ජිර්ණය කල නොහැක.එබැවින් අජිර්ණ ලක්ෂණ ඇතිකරයි.මෙම හේතුව නිසා බොහෝ ග්ලුටන් අසාත්මික රෝගින් ඇත්තටම සංවේදි වනුයේ ග්ලුටන් වලට නොව FODMAPs  ( කෙටිදාම කාබෝයිට්රේට්) වලටය.
 එක් අධ්‍යනයකදි  ග්ලුටන් සංවේදි මිනිසුන් 37 ක් FODMAPs  ( කෙටිදාම කාබෝයිට්රේට්) ආහාරඉතා අඩුවෙන් ලබා ගැනිමෙන් රෝග ලක්ෂණ අඩුවි ගියේය.
ග්ලුටන් පමනක් ලබාදිමෙන් අජිර්ණ ලක්ෂණ වලට බලපැමක් සිදු නොවිය. එනම් බොහෝ  ග්ලුටන් සදහා සෟන පුතික්‍රියා දක්වනවා යයි සිතන බොහෝ විට ඇත්තම හේතුව FODMAPs  ( කෙටිදාම කාබෝයිට්රේට්) වේ.ප්‍රධාන ග්ලුටන් සහිත ආහාර නම් තිරිගු බාර්ලි පාන් පැස්ටා  ධන්‍ය, බියර්.කෙක් හා පිටි කැම වර්ග කෙටි කැම හා සකස් කල කැම වර්ග  හා පුළුස්සන ලද කැම
ආරම්භයේදි ග්ලුටන් රහිත ආහාරගැනිම අභියෝගකි. පලමුවෙන්ම ග්ලුටන් සහිත ආහාර හදුනා ගත යුතුය.විශේෂයෙන් තිරුගු සහිත  ආහාර. ස්භාවිකව ග්ලුටන් රහිත ආහාර අනුභව කල යුතු අතර  ග්ලුටන් සහිත සකස්කල ආහාර කෙටි කැම ධන්‍ය වර්ග ඉවත්තල යුතු වේ.
 ග්ලුටන් රහිත  ස්භාවික ආහාර ලෙස ඉරිගු, සහල්,බඩ ඉරිගු මයිඤ්ඤෝක්කා පිටි, ඹ්ට් . තම්පලා හුලංකිරියා , මස් මාළු කිරි බිත්තර එළවළු පලතුරු ඹෞෂධ හා තුනපහ වර්ග  වැනි ආහාර ගත හැක. සකස් කල ග්ලුටන් රහිත ආහාර වලට වඩා ස්භාවවික ග්ලුටන් රහිත ආහාර තොරා ගැනිම ඉතා සුදුසු වේ.
.බොහෝ මිනිසුන් අනවශයලෙස ග්ලුටන් බැහැර කලද සමහර සෞක්‍යමය තත්ව යටතේ විශාල වෙනසක් ඇති කරයි. කෙසේ වුවද ආහාරය හිතකර විය යුතුය. සෞක්‍යමය ආහාර තොරා ගැනිමේදි gluten-free ලේබලය තිබු  පමනින්  සෞක්‍යමය  ආහාර යයි  නොසිතිය යුතුයි.