August 30, 2016

'ස්මාර්ට්' බහු අවයවක ( SMART POLYMERS)

"ස්මාර්ට් බහු අවයව"  සඳහා නිෂ්පාදන ක්ෂේත්‍රයේ මෙන්ම පර්යේෂකයන්ගේ ද වැඩි අවධානයක් දිනා ඇත්තේ ඒවා, සුවිශේෂී ගති ලක්ෂණවලට අනුව නිර්මාණය කලහැකි නිසයි. බහු අවයව "ස්මාර්ට්" කරන  ලක්ෂණ, අවට පරිසරයේ  ඉතා සුළු වෙනස්කම් අනුව පවා ප්‍රතිචාර දැක්වීමට සමත් වේ. ස්මාර්ට් බහු අවයව  ශක්තිමත්, ඔරොත්තු දියහැකි, නම්‍යශීලී, පහසුවෙන් හැසිරවිය හැකි ය.

ස්මාර්ට් බහු අවයව වර්ගීකරණය
ස්මාර්ට් බහු අවයව, ඒවායේ භෞතික ලක්ෂණ හෝ උත්තේජකයන් අනුව වර්ගීකරණය කළ හැක.
 එනම්,
  •  භෞතික උත්තේජකයන් (උෂ්ණත්වය, ultrasounds, ආලෝකය, ආතතිය)
  •  රසායනික උත්තේජකයන් (pH අගය සහ අයනික ශක්තිය)
  •  ජීව විද්යාත්මක උත්තේජකයන් (එන්සයිම සහ ජෛව අණු) ය.
  •   pH අගය සංවේදී ස්මාර්ට් බහු අවයව - pH අගය වෙනස් වන අදාල ප්‍රතිචාරයට අනුව ප්රෝටෝන පිළිගැනීමට හෝ නිදහස් කිරීමට හැකියාව ඇත.  මිනිස් සිරුර තුළ ඖෂධ කාර්යක්ෂමව පරිවහනයටත්, විවිධ රෝග සහ අක්‍රමිකතා හදුනා ගැනීමටත් භාවිතා කෙරේ.
  •   තාප ප්‍රතිචාර බහු අවයව - මෙම ස්මාර්ට් බහු අවයව, උෂ්ණත්වයට සංවේදී වේ. හිරු ආවරණ කන්නාඩි, සුවිශේෂී දර්පණ වර්ග මේ සඳහා නිදසුන් වේ.
  •    ද්විත්ව උත්තේජකයන් සහිත බහු අවයව - උෂ්ණත්වය හා pH අගය දෙකටම සංවේදී බහු අවයවීය ව්‍යූහයන් මේ නමින් හැදින්වේ.
  •   ආලෝක සංවේදී ස්මාර්ට් අවයව - දෘශ්‍ය ආලෝකය හා බැදුණු භෞතික සබඳතා හෝ යාන්ත්‍රික ක්‍රියාවලීන්ට අනුගතව උත්තේජන සපයන බහු අවයව වේ. පාරගම්යතාව, භාර, වර්ණය, බන්ධන ආදී ගුණාංග අනුව ප්‍රතිචාර දැක්විය හැකි ය.
  •    බහු උත්තේජකයන් සහිත බහු අවයව  - ආලෝකය හා උෂ්ණත්වය, උෂ්ණත්වය හා pH අගය, ආලෝකය හා විදුලි ක්ෂේත්රයේ සංයෝජන අනුව මෙම බහු අවයව නිපදවා ඇත.


ස්මාර්ට් බහු අවයවයන්වල භාවිතයන්


  •   පටක ඉංජිනේරු විද්යාව, ජාන රෝග සහ වෛරස් ආසාදන සුව කිරීමටත්  වර්ධනය වේගය අඩු කිරීමටත්  යොදාගැනේ

  •     අන්තරායකාරී න්‍යෂ්ටික දූෂණය ඉවත් කළ හැකි ය
  •   රෙදිපිළි ඉංජිනේරු තාක්ෂණය සදහා ස්මාර්ට් බහු අවයව යොදා ගන්නේ, විවිධ භෞතික සහ පාරිසරික තත්වයන්ට අවශ්‍ය වන ආකාරයෙන් ය.
  •   ග්ලූකෝස් සංවේදක ලෙස - දියවැඩියා ප්‍රතිකාර සඳහා ඉන්සියුලින් සැපයීමේ පද්ධතිය පිරිසැකසුම් කෙරේ. එනම්, එක් එක් රෝගීන්ට අවශ්‍ය නිශ්චිත ඉන්සියුලින් ප්‍රමාණය ලබා දීමේ කාර්යය සඳහා යොදාගෙන තිබේ
            • වියෝජනය වන ප්ලාස්ටික් වර්ග නිෂ්පාදනය



පර්යේෂණ වාර්තා සහ අන්තර්ජාලය ඇසුරිනි.
සැකසුම: ප්‍රිමල්ෂි ධර්මතිලක

විදාතා සම්පත් මධ්‍යස්ථානය (කුණ්ඩසාලේ)

0 comments:

Post a Comment