August 19, 2016

ප්‍රතිචක්‍රියකරණය මගින් වායු දුෂක වර්ණවත් චිත්‍ර බවට පත් කිරීම.

වායු දුෂක පදාර්ථ ප්‍රතිචක්‍රීයකරණය කර තීන්ත (Air-Ink) විශේෂයක් නිෂ්පාදනය කළ ඉන්දියානු පර්යේෂකයන් පිරිසක් එම තීන්ත  භාවිතා කළ හැකි පෑනක්ද (Air-Pen) නිපදවීමට සමත් වී තිබේ. ඉන්දියානු ඉංජිනේරුවන්, විද්‍යාඥයින් සහ නිර්මාණකරුවන්ගෙන් සමන්විත මෙම පර්යේෂක කණ්ඩායම “Graviky Labs” නමින් හැදින්වෙන අතර පරිසර ආරක්ෂාව සදහා කටයුතු කිරීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යයක් වේ.

මෝටර් රථයකින් පිටවෙන දුමාරයේ ඇති අංශුමය පදාර්ථ එක්රැස් කිරීමේ ක්‍රමයක් සකස් කිරීමට ඔවුන් මුලින් සමත් විය.ඒ සදහා සංවේදක මගින් සක්‍රියවන පද්ධතියක් මෝටර් රථයේ විමෝචකයට සම්බන්ධ කරන ලදී. මෝටර් රථයේ දුමාරය මෙම පද්ධතිය තුළින් ගමන් කිරීමට සැලැස්වීමෙන් දුමාරය තුළ ඇති ප්‍රධාන වශයෙන් කාබන් වලින් සමන්විත මයික්‍රෝ මීටර 2.5ක  ප්‍රමාණයේ අංශු පද්ධතිය මගින්ම ග්‍රහණය කර ගැනීමට හැකි ලෙස නව තාක්ෂණය නිර්මාණය වී තිබේ. මෝටර් රථ එන්ජිම තුළ ජෛව ඉන්ධන අසම්පුර්ණ ලෙස දහනය වීමෙන් එම අංශු නිපදවේ. ඉන්පසු ආසෘත soot ද්‍රව්‍ය භාවිතාකොට Air-Ink පෑනක් හෙවත් Air-Pen සදහා අවශ්‍ය තීන්ත (Air-Ink) නිෂ්පාදනය කරනු ලැබේ.

සෑම පෑනක්ම මිලි මීටර 30 ක තීන්ත ප්‍රමාණයකින් සමන්විත වන අතර එය නිෂ්පාදනය සදහා  මෝටර් රථයක එන්ජිමකින් විනාඩි 30-50 කාලයකදී සිදුවන වායු දුෂණය ප්‍රයෝජනයට ගනී. Air-Ink වෙනත් ද්‍රව්‍ය සමග සංයෝග කර මෙම Air-Pen මගින් සුන්දර බිතු සිතුවම් නිර්මාණය කරනු ලැබේ. ඊට අමතරව සාමාන්‍ය එදිනෙදා භාවිතය සදහා සුදුසු ලෙස Air-Pen දියුණු කිරීමටද සමාගම කටයුතු කරමින් සිටියි.

මිලියන ගණනක මිනිසුන්ගේ පෙනහළු තුළ තැන්පත් විය හැකි වායු දුෂක මෙලෙස වර්ණවත් කලාත්මක නිර්මාණ බවට පත් කිරීමට හැකිවීම ගැන සමාගම මහත් සොම්නසට පත්ව ඇති බවද වාර්තා වේ. කාබන් විමෝචයෙන් සිදුවන විනාශයෙන් ලොව ගලවා ගැනීමට Air-Pen ට සත්‍යයවශයෙන් හැකියාව නැති නමුත් එම ඒකාත්මික ගැටලුව සදහා මෙවන් නිර්මාණශීලි විසදුම් ද ඉදිරිපත් කළ හැකි බව මෙමගින් ගම්‍ය වේ.



අන්තර්ජාලය ඇසුරෙණි 
https://www.youtube.com/watch?v=YwDncATswDg

0 comments:

Post a Comment