August 29, 2016

නිරෝගී ලස්සන දිවියකට - සුපිරි බල ඇති 'කහ'

ශ්‍රී ලංකාවේ බහුලව සොයාගත හැකි ඉවුම්-පිහුම් සඳහා පාවිච්චි කරන කහ (Curcuma longa) අපේ මුළු ඇඟටම එක ලෙසින් සෞඛ්‍යසම්පන්න බවක් ලබාදෙන ප්‍රයෝජනවත් ඖෂධීය වටිනාකමක් සහිත ය.
ස්වාභාවිකවම විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට කෑම වලට කහ එක් කරන්නේ එහි ඇති සුවිශේෂී විෂබීජ නාශක ගුණය නිසයි . එසේම  කහ ‘තේ’ ලෙසින් පානයක් ලෙසද ගත හැකි ය. උණුම උණු කහ තේ කෝප්පයකින් ඇඟ පුරා ඇති විෂබීජ වගේම අයහපත් විෂ වර්ග ස්වාභාවිකවම ඉවත් කිරීමට ඇති  හැකියාව හරිම ඉහළයි. අපේ ශරීරයේ අක්මාවේ සහ වකුගඩු වල වගේම රුධිරයේ අන්තර්ගත විෂ ද්‍රව්‍යයන් හරිම ඉක්මනින් ශරීරයෙන් ඉවත් කිරීමටත් හැකියාවක් ඇත.
කහ වල අඩංගු ප්‍රධානම සාරයක් වන ‘කර්කියුමින්’ ඉතාම ප්‍රබල ප්‍රති-ඔක්සිකාරකයක්. ශරීරයේ පැවැත්මට එරෙහි රෝගයන් සමඟ ශක්තිමත්ව සටන් කිරීමටත් ශරීරයේ ඇති සෞඛ්‍යසම්පන්න සෛල හානියට පත් කරන විෂ ද්‍රව්‍යයන් වගේම එවැනි ක්‍රියාකාරිත්වයන් සමඟ සටන් කර සිරුරේ නිරෝගී පැවැත්ම ආරක්ෂා කරන්නටත් මහගු හැකියාවකින් යුක්තය.
ඉන්සියුලින් ප්‍රතිරෝධය වර්ධනය කිරීමට වගේම පරිවෘත්තිය ක්‍රියාවලිය වේගවත් කිරීමටත් කහ වලින් ලැබෙන්නේ ලොකු උදව්වක්. ඒ නිසා ඉඟුරු-කහ මිශ්‍ර සුවඳවත් බත් හෝ සුදුලූණු- ඉඟුරු-කහ මිශ්‍ර බාස්මති දුඹුරු බත් ආහාරයට එක් කරගැනීමෙන් ශරීරයේ බර අඩු කරගැනීමටත් හැකිය.
කහ වල අන්තර්ගත විශේෂිත ශක්තිය මොළයේ ක්‍රියාකාරිත්වය වේගවත් කරන්නත් සමත්වෙනවා. කර්කියුමින් සංඝටකය, ප්‍රදාහයන් වැනි තත්වයන් අවම කර මොළයට සැපයෙන රුධිර ප්‍රවාහයන් වඩා වේගවත් කරන්නත් එමඟින් මොළයේ ක්‍රියාකාරිත්වය ශක්තිමත් කරන්නත් හැකියාව ඇත.
සමට වඩා පැහැපත් බවක් ලබාගැනීමට, මීපැණි සහ කහ මිශ්‍රණය සහිත face mask  මගින් සමට ස්වභාවික වෙනසක් එක් කරයි .

සැකසුම: ප්‍රිමල්ෂි ධර්මතිලක
විදාතා සම්පත් මධ්‍යස්ථානය (කුණ්ඩසාලේ)

0 comments:

Post a Comment