කිසිදු වායු විමොචනයකින් තොරව ප්‍රවාහන කටයුතු කරගැනීමේ හැකියාව හෙවත් zero emission ලෙස හදුන්වන තාක්ෂණයන් සඳහා යොමුවන්නේ ඒවායේ ඇති පරිසර හිතකාමී බව නිසාමයි. ලොව දියුණු බොහෝ රටවල් වල hybrid වාහන හා පුර්ණ විදුලි බලයෙන් ධාවනය වන වාහන මිලදීගැනීමට තම ජනතාව උනන්දු කරවන්නේ මේ නිසාය. සූර්ය පැනල සවි කල ත්‍රී රෝද රථය, පරිසර හිතකාමී තාක්ෂණයෙන් එළිදකින ප්‍රවාහන සේවයකට කදිම නිදසුනක් වේවි.

බැටරිය charge කිරීම මගින් 70 km දුරක් 35 kmph වේගයෙන් ගමන් කල හැකි අතර හොදින් සුර්යාලෝකය ඇති දිනෙක තවත් 50 km දුරක් ගමන් කිරීමේ හැකියාවද ලැබේ. මිට අමතරව සාමාන්‍ය pedal කිරීමක් මගින් තවත් දුරක් එකතුකර ගන්නට හැකි අතර එලෙස එක් කිරීම මගින් 190 km පමණ දුරක් එක් charge එකකින් ගමන් කිරීමේ හැකියාව මෙය සතුයි. 250 kg උපරිම බරක් සහිතව ධාවනය කළහැකි මෙම රථය ඔවුන් ප්‍රධාන වශයෙන් සැලසුම් කර ඇත්තේ නගරාසන්න ප්‍රයෝජන සඳහායි.
TECHPEDIA ඇසුරිනි
සැකසුම: ප්‍රිමල්ෂි ධර්මතිලක
විදාතා සම්පත් මධ්‍යස්ථානය (කුණ්ඩසාලේ)
0 comments:
Post a Comment