පුද්ගලයන්
ගොදුරුවන්නාවු රෝග තත්වයන්ට ප්‍රථිකාර වශයෙන් වෛද්‍යවරුන් විසින් ඖෂධ ලබාදෙන අතර
සෑම ඖෂධයකටම අතුරු අබාධ එකක් හෝ වැඩි ගණනක් ඇත. ඖෂධ නිර්දේශ කිරිමේදී වෛද්‍යවරයා
විසින් ද, ඖෂධ නිකුත් කිරිමේ දී ඖෂධවේදියා විසින්ද ඖෂධයේ අතුරු ආබාධ පිළිබඳ රෝගියා
දැනුවත් කළ යුතුය.
ඖෂධයක්
වෙළඳපළට නිකුත් කිරිමට ප්‍රථම සායනික පරික්ෂණ (Clinical trials)
මඟින් එහි ඖෂධීය ගුණය හා
අතුරු ආබාධ සොයා වැඩි වාසි ඇත්නම් පමණක් වෙළදපල සදහා අනුමැතිය ලබා දේ.
1. සාමාන්‍ය
අතුරු ආබාධ
2. භායනක අතුරු
ආබාධ
සාමාන්‍ය අතුරු ආබාධ
ඖෂධ භාවිතා
කරන සියළුම පුද්ගලයන්හට ඇතිවන අතර ඖෂධ මාත්‍රාව, රෝගයේ ස්වභාවය, වයස, බර, ස්ත්‍රි/පුරුෂ
භාවය හා සිරුරේ නිරෝගීකම මත අතුරු ආබාධයේ බලපෑම වෙනස් වේ. බොහෝ ඖෂධ වර්ග අවශෝෂණය
ආහාර ඡීර්ණ පද්ධතිය මඟින් සිදුවන බැවින් ඒ හා සම්බන්ධ ගැටළු ඉතා සුලභව අතුරු ආබාධ
ලෙස දැක්විය හැක.
මීට අමතරව
නිදිමත ගතිය, පේෂීවල වේදනාව හා සමේ ඇතිවන පලු හා කැසීම් වැනි තත්වයන් ද දැකිය හැක.
කරකැවිල්ල ඉතා
සුලභ අතුරු ආබාධයක් වන අතර වයස වැඩිවීමත් සමඟ එහි බලපෑම වැඩිවේ.
භායනක අතුරු ආබාධ
සාමාන්‍ය අතුරු ආබාධ වලට අමතරව භයානක අතුරු
ආබාධ තිබිය හැක. එවැනි බෝහෝ අවස්ථා වලදී ඖෂධය වෙළඳපලෙන් ඉවත් කෙරේ. භයානක අතුරු
ආබාධ ලෙස,
1.
මරණය
එකවර මරණයට
පත්වන හෘදයාබාධ වැනි තත්වයන් මෙන්ම ක්‍රමයෙන් මරණය කරා ළඟාවන මාරාන්තික පිළිකා
තතවයන් ද ඇතිවිය හැකිය. පෙනිසිලින් වැනි ඖෂධ මඟින් ඇතිවන අසාත්මිකතාව කැසිමේ සිට anaphylactic response දක්වා විය
හැකි අතර එය මරණය පවා ගෙනදීමට හේතු වේ.
එසේම
දියවැඩියා තත්වයේ දී භාවිතා වන Avendia
,Actos වැනි ඖෂධ මඟින් මාරාන්තික හෘදයාබාධ හා ආඝාතය
වැනි තත්ව ඇතිවිය හැක.
II. භෞතික දුර්වලතා
බොහෝ ඖෂධ
මඟින් හිසරදය, අමාශයේ වේදනා , හන්දි හා පේෂී වේදනාව මෙන්ම සිරුරේ සමබරතාව පවත්වා
ගැනීම අපහසුතාවය වැනි ශරීරයේ කොටසක හෝ පූර්ණ ලෙස ඇතිවන අපහසු තතවයන ඇතිවිය හැක.
උදා- කොලොස්ටරොල්
සඳහා භාවිතාවනන ඖෂධ
III. හෘදය හා සම්බන්ධ ගැටළු
හෘදයාබාධ, Congestive
heart failure, දිගුකල් පැවැතිය හැකි හෘදයේ දුර්වලතා හා
cardiomyopathy වැනි තත්වයන් බොහෝ ඖෂධ හා බැඳී පවතී. සිරුරේ ජල ප්‍රමාණය රඳවා
ගන්නා ඖෂධ මඟින් හෘදයාබාධ මෙන්ම, හෘදයේ දුර්වලතා (heart failure) ඇතිවේ.
උදා - Celebrex වැනි සමහර වේදනා නාශක දිගුකලක්
භාවිතය
මීට අමතරව
tesosterone replacement therapy (TRT)ඖෂධ මඟින්
පිරිමි පුද්ගලයන්ගේ හෘදයාබාධ අවධානම දෙගුණවේ.
උදා - AndroGel
IV. ආඝාතය
සමහර ඖෂධ
මඟින් රුධිර කැටිති ඇතිවීම සිදුවන අතර ඒවා රුධිරවාහිනී තුල සිරවීම මඟින් මොළයට
රුධිර සැපයුම අඩාල වේ. එමඟින් අඝාතය වැනි තත්වයන් ඇතිවේ.
උදා- මානසික
රෝග තත්වයන්හි දී ලබාදෙන සමහර ඖෂධ වර්ග
V.
පිළිකා
සමහර
දියවැඩියා ඖෂධ එක දිගට වසර දෙකකට වඩා භාවිතය මඟින් මුත්‍රාශ පිළිකා අවදානම 80%කින්
වැඩිවන බව පරික්ෂණ මඟින් සොයාගෙන ඇත. එසේම පියයුරු පිළිකා සඳහා භාවිතා කරන Tamoxifen වැනි ඖෂධ මගින් මුත්‍රාමාර්ගය
ආශ්‍රිත පිළිකා අවධානමක් ඇති
බව සොයාගෙන ඇත.
මීට අමතරව
සමහර ඖෂධ මඟින් රස සංවේදනයේ දුර්වලතා, මතකය හැකි වී යාම, පෙනීම අඩුවීම, භයානක
සිහින පෙනීම හා ශබ්ද ඇසීම වැනි තත්වයන් ද ඇතිවේ.
අතුරු ආබාධ
අවම කරගැනීම
ප්‍රථිකාර
ලබාගැනීමෙදී වෛද්‍යවරයා දැනුවත් කරීම මගින් බොහො අතුරු ආබාධ අවම කරගත හැක.











www.better health.vic.gov.au
එච්.එම්.ඒ.ඒ හේරත්
විද්‍යා හා තාක්ෂණ නිලධාරි.
ඉබ්බාගමුව.
1 comments:
well
Pradeep Edirappully , Pharmcist
Post a Comment