Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

June 29, 2017

පැළදිය හැකි සෞඛ්‍යමය උපකරණ බලගැන්වීමට දහඩිය

පැළදිය හැකි උපකරණ බලගැන්විමේ ක්‍රමවේදවල අනාගතය පිළිබද සංඥාවක් ගුවන්විදුලි යන්ත්‍රයක් බලගන්වන දහඩිය උපයෝගි කරගත් ජෛවඉන්ධන කෝෂය ලබාදී ඇත. ඔබේ ගුවන්විදුලි යන්ත්‍රයේ බැටරි බලය අඩු නිසා ක්‍රියාත්මක නොවේද? එසේනම් ඔබ කළ යුත්තේ දහඩිය පිටවෙන ක්‍රියාවක නිරත වීමයි.

සමට සම්බන්ධ කළ මෙම නව patch (අණ්ඩය / බිස්ස) හි හැකියාව නිසා දහඩිය පමණක් උපයෝගී කරගෙන රේඩියෝව දින දෙකක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලශක්තිය ලබා දිය හැකි බව ප්‍රදර්ශනය කරන ලදී.

සෙ.මි. කිහිපයක දිග පළලින් යුත් සමචතුරශ්‍රාකාර සහ සමට ඇලෙන සුළු මෙම අණ්ඩය නම්‍යශිලිද වේ. බැටරි සදහා සාමාන්‍යයෙන් භාවිතාවන අගනා ලෝහ ප්‍රතිස්ථාපනය කළ හැකි එන්සයිම වලින් සමන්විත මෙම අණ්ඩය විසින් දහඩිය ක්‍රියාත්මක කර බලශක්තිය ලබාදේ. පෙර පර්යේෂණවලදී ජෛවඉන්ධන කෝෂවලින් ප්‍රමාණවත් ලෙස බලශක්තිය ලබා ගැනීම දුෂ්කර කාර්යයක් වූ නමුත් මෙම නවතම සංස්කරණය මගින් පෙර මෙන් දසගුනයක බලයක් නිෂ්කර්ශනය කිරීමට හැකි වී තිබේ.
“ අපි දැන් සිත්ගන්නා සුළු මට්ටමකට බලශක්තිය ලබාගන්නෙමු. ඔබ දිවීමට සමත් නම් ඔබට ජංගම උපකරණයක් බලගැන්විය හැකිය.” යයි නව තාක්ෂණ නිර්මාණ කණ්ඩායමේ සාමාජික සහ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ Joseph Wang පවසයි.

ගුවන්විදුලි යන්ත්‍රයක්  බලගැන්වීම මගින් ජෛවඉන්ධන කෝෂ තාක්ෂණය බොහෝ සංවර්ධනය වී ඇතැයි පෙන්වන නමුත් පර්යේෂකයන්ගේ ඉලක්කය දහඩිය ගුවන්විදුලි යන්ත්‍ර නිපදවීම නොව  මෙම ජෛවඉන්ධන කෝෂ උපයෝගී කරගෙන මිනිසාගේ සෞඛ්‍ය තත්වය සොයාබැලීම වේ. එවැනි එක් නිර්මාණයක් නම් සෞඛ්‍ය තත්වය සොයා බැලීමට පැළදිය හැකි සංවේදකයක් සහ සංවේදකය නිකුත් කරන වාර්තා ස්මාට් දුරකතනයකින් ලබා ගැනීම සදහා Bluetooth සම්බන්ධ කිරීමට දහඩියෙන් ක්‍රියාත්මක වන ජෛවඉන්ධන කෝෂ භාවිතා කිරීමයි.

මෙම ජෛවඉන්ධන කෝෂ සදහා දහඩියෙහි ඇති ලැක්ටේක් භාවිතා කර තිබේ. තවද දහඩියෙහි ඇති ලැක්ටේක් හෝ ලැක්ටික් අම්ල ප්‍රමාණය පුද්ගලයාගේ මාන්ෂපෙශී කාර්යක්ෂමතාව මත රදා පවතින් බැවින් ව්‍යායාම් වලදී ක්‍රීඩයකුගේ  ක්‍රියාශීලි බව මිනිය හැකි වේ. රුධිරයේ ග්ලුකෝස් සාන්ද්‍රණය දහඩිය වල ග්ලුකෝස් මට්ටමට බලපාන බැවින් දියවැඩියා රෝගින්ගේ  සිනි මට්ටම හිදිකටු හෝ ලේ සාම්පල නොමැතිව ජෛවඉන්ධන කෝෂ භාවිතයෙන් දැනගත හැකි වේ.

විකල්ප ක්‍රියා සම්බන්ධව මෙය හොද නිදසුනක් බවත් ජෛවඉන්ධන කෝෂ යෙදු උපකරණ නුදුරු අනාගතයේදී වෙළදපොලට පැමිණෙන බවත් එක්සත් ජනපදයේ Bath විශ්වවිද්‍යාලයේ Mirella De Lorenzo පවසයි.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර  

ඉලෙක්ට්‍රොනික බෙහෙත් පෙති - සිරුර අභ්‍යන්තරයේ දත්ත එක් රැස් කරයි.

වසර ගණනාවක ආයෝජනයන්හි හා සංවර්ධනයන්හි ප්‍රතිඵලයක් ලෙස ඉලෙක්ට්‍රොනික උපාංගයන් අන්තර්ගත කරන ලද මෙම කැප්සියුලය නිර්මාණය කර ඇත.
මෙම කැප්සියුලය තුල සංවේදක උපාංග හා ක්ෂුද්‍රීය කැමරා අන්තර්ගත වේ.මෙය ගිල දැමූ දින සිට දිනකින් හෝ දෙකකින් නැවත සිරුරෙන් බැහැර  වන තෙක් සිරුරේ ආහාර ජීර්ණ පද්ධතිය හරහා ගමන් කරමින් ආන්ත්‍රයික පද්ධතිය සම්බන්ධ දත්ත ලබා දීම සිදු කරයි.
මෙම කැප්සියුලයෙන් ලැබෙන දත්ත පරිගණකයක් ආධාරයෙන් ලබා ගත හැකි අතර එය ඹබගේ වෛද්‍යවරයාගේ පරිගණකය වනවාට කිසිදු සැකයක් නැහැ.ආන්ත්‍රයික මාර්ගයේ ආම්ලිකතාවය,පීඩනය සහ උෂ්ණත්වය මෙන්ම අවශ්‍ය ස්ථානයන්හි ප්‍රතිබිම්භ ලබා ගැනීමද මෙමගින් සිදු වේ.
වෛද්‍යවරුන් සාමාන්‍යයෙන් ආන්ත්‍රයික මාර්ගය නිරීක්ෂණය සදහා උපයෝගී කර ගනු ලබන කැතීටර භාවිතය,එන්ඩස්කොපික් පරීක්ෂාව,විකිරණශීලී සමස්ථානික පරීක්ෂාව (radioisotopes) වැනි පරීක්ෂාවන් මෙමගින් වඩාත් සුනම්‍ය ආකාරයට සිදු කර ගත හැක.ආන්ත්‍රයික ඉදිමුම්,අම්ලපිත්තය,උදරමය වේදනාවන්,මළබද්ධය,ගිලීමේ අපහසුතා,කෑම අරුචිය වැනි රෝග නිධානයන් නිරීක්ෂණය සදහා මෙම ඉකේට්‍රොනික කැප්සියුලය භාවිතයට ගත හැකිය.


Popular science ඇසුරිනි.
කේ.ජේ.ඒ.වී පෙරේරා,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
මීගමුව.

June 23, 2017

සුව දිවියට හකුරු

සිනි වෙනුවට ආදේශකයක් ලෙස හකුරු ජනප්‍රිය වෙමින් පවතින අතර ඉතා හිතකර සෞඛ්‍යමය සාධක නිසා හකුරු අතිවිශිෂ්ඨ  පැණිරස කාරකයක් ලෙස හදුන්වයි.
හකුරු යනු
ආසියාවේ හා අප්‍රිකාවේ නිෂ්පාදිත පිරිපහදු නොකරන ලද සිනි ලෙසද සමහර විට නිෂ්පාදන ක්‍රියාවලියේදි මොලැස් ඉවත් නොවන නිසා කෙන්ද්‍රපසාරි නොවන සිනි ලෙස හදුන්වයි.බොහෝ ග්‍රාමියව නිවාස තුල ආසියාව පුරාම විවිධ හකුරු විශේෂ දක්නට ලැබේ.විවිධ රටවල විවිධ  නම් වලින් අමතනු ඇත.ලෝකයේ හකුරු නිෂ්පාදනයෙන් 70% ක් ඉන්දියව නිපදවයි.
විද්‍යාත්මක හා තාක්ෂණික නිර්වචන වලට අනුව සැලකිය යුතු ප්‍රමානයක් සුක්රෝස් හෝ සිනි සහිත ශාක යුෂය මගින් නිෂ්පාදිත අස්පඨික ආකාර සිනි වේ.මේවා ගමබදව නිවාස තුල නිෂ්පාදනය කරන බැවින් දේශිය සිනි ලෙස හදුන්වයි.අර්ධ ඝන තත්වය නිසාmolasses ලෙස හදුන්වයි. රසායනිකවC12H22O12 වේ.බටහිර රටවල ව්‍යප්තිය අඩු වුවද ප්‍රධාන වශයෙන් ඉන්දියාව ලංකාව වැනි රටවල නිෂ්පාදනය වේ.ඉතා ප්‍රනිත රසයක් මෙන්ම ඉතා සෞඛ්‍ය සම්පන්නද වේ.
මෙයට සමාන නිෂ්පාදන ආසියාව, ලතින් ඇමරිකාව හා කැරිබියන් පුරා විවිධ නම් වලින් පැතිරි ඇත.
·         Gur: India.
·         Panela: Colombia.
·         Piloncillo: Mexico.
·         Tapa dulce: Costa Rica.
·         Namtantanode: Thailand.
·         Gulamerah: Malaysia.
·         Kokuto: Japan.
ලෝකයේ හකුරු නිෂ්පාදනයෙන් 70% වක් ඉන්දියාව සතුවන අතර බහුලවම ගුර් ලෙස හදුන්වයි/ මේවා උක් ශාකය මගින්  නිෂ්පාදනය කරන අතර කිතුල් තල් වැනි තාලවර්ගයේ ශාක වලින්ද සමහර රටවල නිපදවයි.ලංකාවේ කිතුල් හකුරු හා තල් හකුරු සදහා ඉතා ප්‍රසිද්ධ සෞඛ්‍යසම්පන්න සිනි ආදේශකයකි.
හකුරු නිවසේ පැණිරස කාරකයක් ලෙස භාවිතා කිරිමට අමතරව බහුල ලෙස ආහාර හා බිම නිෂ්පාදන කර්මාන්තයේදි භාවිතා කරයි.
.හකුරු නිෂ්පාදනය
 හකුරු නිෂ්පාදනය සම්ප්‍රදායිකව හා ස්වයංක්‍රිය යන්ත්‍ර  ආධාරයෙන් සිදු කලද බොහෝවිට සිදුවනුයේ සම්ප්‍රදායික ක්‍රම වේදයයි.
සම්ප්‍රදායිකව  උක් මිරිකිමෙන් හෝ තෙල් දිය උනු කිරිමෙන් ලබා ගනි.
මෙහි ප්‍රධාන පියවර තුනකි
1.නිස්සාරණය:- පැනිරස යුෂය හෝ තෙල් දිය ලබා ලැනිම
2.පැහැදිලි දියරයක් ලබා ලැනිම සදහා මන්ඩි පෙරිම හෝ උක් මන්ඩි තැන්පත් විමට තැබිම
3. උණු කිරිම
.මේසේ හැදිගාමින්උනු කරන විට අපදව්‍ය ඉවත්ව යන අතර ජලය වාෂ්ප වි කහ පැහැති තලපයක් ඉතිරි වේ. මෙම තලපය අච්චුවකට දමා නිවේන්නට තැබුවිට හකුරු සැදේ.
පැහැය ලා රන්පැහැයේ සිට තද දුබුරු වර්ණය දක්වා විහිදේ.තද වර්ණයට වඩා ලා පැහැය වටිනා ලෙස ඉන්දියානුවෝ විශ්වාස කරති.හොද තත්වයේ ලා පැහැති හකුරු වල 70 % සුක්ක්‍රෝස් අඩංගුවේ.ග්ලුකොස් හා ප්‍රක්ටොස් 10% කට අඩුවෙන් පවතින අතර 5% ලෝහලවන අඩංගුවේ.මේවා ඝන කුට්ටි ලෙසද කැටි ලෙසද  දියර ආකාරයෙන්ද වෙළදපොලෙහි ඇත.
හකුරු සිනි වලට වඩා පොෂණියද ?
හකුරු වල මන්ඩි (molasses) ඇති නිසා ඒවා සිනි වලට වඩා පෝෂණය වැඩිය.සිනි නිෂ්පාදනයේ පෝෂණිය අපද්‍රව්‍යයක් ලෙස molasses ඉවත් කරයි. එබැවින් හකුරු වල පෝෂණය වැඩිය.නමුත් මේවායේ පෝෂක අගයන් භාවිතා කරන ශාකය මත වෙනස් වේ.
පරික්ෂණ වලට අනුව 100 ග්‍රැම් වල අඩංගු පොෂණ අගයන් පහත වේ.
·         Calories: 383.
·         Sucrose: 65–85 grams.
·         Fructose and glucose: 10–15 grams.
·         Protein: 0.4 grams.
·         Fat: 0.1 grams.
·         Iron: 11 mg, or 61% of the RDI.
·         Magnesium: 70-90 mg, or about 20% of the RDI.
·         Potassium: 1050 mg, or 30% of the RDI.
·         Manganese: 0.2–0.5 mg, or 10–20% of the RDI.
කෙසේ වුවද එක් වරකදි පුද්ගලයකු පරිභොජනය කරන ප්‍රමාණය ග්‍රැම් 20 ක් පමණ වේ.එසේම හකුරු වල විටමින් බි, ලොහ, කැල්සියම්,සින්ක් හා ලොස්පරස්, කොපර් ද සුළු වශයෙන් අඩංගුය.ස්භාවික බි විටමින් සදහා හොදමආහාරයක් ලෙස කිතුල් හකුරු හැදින්විය හැක.සිනිවල කැලරි පමනක් අඩංගු වන අතරකිසිදු පෝෂණයක් නැත. පෝෂණය සලකද්දි ඉතා ඉහල වටිනාකමක් හකුරු සදහා තිබුනද තවමත් සිනි සදහා වැඩි ඉල්ලුමක් ඇති නිසාවිශාල කැලරි ප්‍රමානයක් පරිභෝජනය කරයි.
එබැවින්සැලකියයුතු පෝෂණයක් සදහා වැඩි පුර හකුරු පරිභෝජනයට හුරු විය යුතුය..
සිනි ලෙසම හකුරුද කැම හාබිම වලදි සිනි වෙනුවට  භාවිතා කල හැක.මෙහිදි දේශිය රසකැවිලි නිෂ්පාදනයේදි බහුලව යොදා ගත හැක.එසේම ස්භාවික රෙදි වර්නක හා වයින් නිපදවිමට යොදා ගනි.
සුදු සිනිවලට වඩා වැඩි පෝෂණයක් සහිත බැවින් හකුරු ජනප්‍රිය වුවද විවිධ  අමතර සෞක්‍යමය හේතු  ඇත.

හකුරු වල සෞඛ්‍යමය ප්‍රයෝජන
ඕනැම ආකාරයක හකුරු ගත් විට සුදු සිනි වලට වඩා සෞක්‍යය සම්පන්න වේ.
අධික තන්තු හා ඛණිජ වර්ග, ලවණ , විටමින්ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු කරයි.
ශරිරයේ රුධිර  සීනි ප්‍රමානය වේගයෙන් වැඩිනොකරන අතරඉතා සෙමින් දිගු කාලයක් තුලශක්තිය සපයයි.එබැවින් හකුරු මගින් දියවැඩියාව වලක්වන නිසා සුදු සීනි වලට වඩා හකුරු යහපතක් ගෙන දේ.
ස්වසන මාර්ගය පිරිසිදු කිරිම සදහා ශතවර්ශ ගනගනවක සිට සමහර ඉන්දියානු කොට්ඨාශ උක් හකුරු භාවිතා කර ඇති අතර කැස්ස හා සෙම්ප්‍රතිශාව සදහා ප්‍රතිකාරක ලෙස භාවිතා කර ඇත.මෙම පිරිසිදු කාරක ගුණය පරම්පරා ගණනාවක් තිස්සේ ඔප්පු වී ඇත.

ගිම්හානයේදි සිරුර සිසිල් කිරිම සදහා තල් හකුරු ජලයේ දිය කර පානය කරයි.මේ නිසා තල් යුෂ  නිෂ්පාදනය ගිම්හානයේදි සිදු කරයි.
රට ඉඳි හකුරු ශීත කාලයේදි ශිරැර උනුසුම් කිරිමට හා පෝෂණය සදහා නිෂ්පාදනය හා පරිභෝජනය කරයි.
ජිර්ණය වැඩි කරයි.රක්තහිනතාව අවම කරයි,අක්මාවිෂ අඩුකරයි.ප්‍රතිශක්තිය දියුණු කරයි..
·        ජිර්ණය පහසුව              
ඉන්දියාවේ ආහාරය පසු හකුරු කැම බහුලය.ජිර්ණ පද්දතියේ සංකොචන සදහා උදව් වන අතර මලබද්දය වලකයි.
·        නිරක්තය වැලක්විමපිළිබද අධ්‍යනවලදි සොයාගෙන ඇතිපරිදිහකුරු 100 grams 11 mg ක් යකඩ අඩංගුය.
බොහෝ ආහාර වල විෂ මගින් ඉවත් කරන අතරහකුරු මේ සදහා පහසු කරයි.
හකුරු වල ඇති මිනරල් හා ප්‍රතිඹක්සිකාරක රෝග වලින් මිදිමට ප්‍රතිශක්ති  පදතියට අදව් කරන බව මිනිසුන් විශ්වාස කරයි.එසෙම රොග වුවිට ශක්කිය සැපයිමට උදව් වේ.නමුත් මේවා සදහා පැහැදිලි සාක්ෂි නැත.
සිනි භාවිතයෙන් බොනොවන රෝග සදහා අවදානමක් ඇති බැවින්ද හකුරු වල පෝෂණයසුළු වශයෙන් පමනක් වෙනස් කම් පමනක් ඇති බැවින්ද ප්‍රමාණයට වැඩිය අනුභවය එතරම් සුදුසු නැත.
මෙයට අමතරව සංස්කෟතිමය වටිනාකමක්ද හකුරු සදහා ඇත.ඉන්දියානු සිරිත් විරිත් පුජාවිධි  හා ආගමික ක්‍රියාකාරකම් වලදි බහුලව භාවිතා කරයි.උක්හකුර පාරිසුද්ධ වස්කුවක් සේ සලකා  අළුත්වැඩක් කිරිමට ප්‍රථම හා දරු අපතකට පසු මරණයකට සහභාගි විමෙන් පසු හොද දෙයක් සැමරිමේදි භාවිතා කරයි.
හකුරු සදහා ආකලන
සියළුම හකුරු ආකලන සහිත නොවුවද යම් නිෂ්පාදකයින් විවිධ හකුරු සදහා විවිධ ආකලන යොදා ගනි.
උක් හකුරු සදහා  පාට වැඩිදියුණු කිරිමට Sodium bicarbonate යොදා ගනි.සමහරුන්
ZFS (Zinc formaldehyde sulphoxylate යොදා ගන්නා අතර මෙය රෙදිකර්මාන්තයේ යොදා ගන්නා අහිතකර රසායනිකයකි. Sodium hydrophosphide පාට ලබා ගැනිමට භාවිතා වන තවත් හානිකර රසායනිකයකි. Calcium carbonate (CaCO3) ද පැහැය හා බර වැඩි කිරිමට යොදා ගනි.
මිල අඩු නිසා තදබව ඇති කිරිමට සිනි එකතු කරයි
Adulterations in Date Palm Jaggery රට ඉදි හකුරු සදහා උක් හකුරු මිශ්‍ර කිරිම බහුලව සිදුවන අතර හමහර නිෂ්පාදකයින් උක් හකුරු මතුපිට රටඉදි හකුරු ආලේප කර පාරිභොගිකයා රවටනු ලබයි.
Adulteration in Palmyra Jaggery තල් හකුරු සදහාද විවිධ ආකලන වර්ථමානයේ යොදා ගනි. බහුලව යොදා ගන්නේ සිනි වේ.මෙය තද ගතියෙන් හා පැහැයෙන් සොයාගත හැක. Sodium bicarbonate සුදු පැහැය ලබා ගැනිමට යොදා ගනි.
වැඩි පුර සිනි යෙදු විට සුදු පැහැය අඩු කර ගැනිමට කහ වර්ණකය භාවිතා කරන අතර මෙය සෞක්‍යයට අහිතකර වේ.බොහොවිට මෙහිදි භාවිතා කරන වර්ණක ආහාර කාන්ඩයේ නොවේ.
කිතුල් හකුරු සදහාද ප්‍රධාන වශයෙන් සිනිද අමතරව විවිධ පිටි වර්ග එකතු කරනු ඇත.
හතුරු භාවිතයේදි ආකලන රහිත ස්භාවික නිෂ්පාදන භාවිතයෙන්  ඉහත හිතකර ප්‍රතිපල සියල්ල ලබා ගත හැක.
එස්.ඒ.පි. ශිරෝමි,
විද්‍යා හා තාක්ෂණ නිළධාරි.
කරන්දෙණිය.
උපුටා ගැනිම
authoritynutrition.com   

June 22, 2017

ඇදුම් මැදීමේ රසායණික ක්‍රියාවලිය

ඇදුම් මැදීම වැඩිදෙනෙකුට ප්‍රිය උපදවන කාර්යයක් නොවුවත් අප විසින් කළ යුතුව තිබේ. එය වළක්වාලිය හැකිදැයි ප්‍රශ්ණ කළ අපහසුතාවයට පත් විද්‍යාඥයකු ඒ සදහා ප්‍රථමයෙන් එහි රසායණික  ක්‍රියාවලිය දැනසිටීම වැදගත් බවත් එවිට ඇදුම් මැදීම පහසු කර ගැනීමට උත්සහ කළ හැකි බවත් සදහන් කළේය.

කපු, ලිනන්, හණ වැනි ශාක පාදක කර නිපද වූ රෙදිපිළි වලින් නිමකළ ඇදුම් නිතර රැලි ගැසීම නිසා මෙලෙස මැදීම අවශ්‍යවේ. මෙම රෙදිපිළි මුලිකව සැදී ඇත්තේ සෙලුයුලොස් වලිනි.  රේඛිය දාම ලෙස එකට බැඳුනු දහස් ගණන් ග්ලුකෝස් අණු වලින් සැදී ඇති නිසා සෙලුයුලොස් බහුඅවයවික වේ. සෑම ග්ලුකෝස් උප ඒකකයක්ම ඇලෙන සුළු නිසා හයිඩ්‍රජන් බන්ධන මගින් එකිනෙකට ආසන්නයේ ඇති සෙලුයුලොස් එකිනෙකා හා බැඳීම පහසුවෙන් සිදු වේ. තනි තනිව ගත් කළ මෙම බන්ධන ඉතා දුර්වල නමුත් ඒවා එකට එක්ව ශක්තිමත් ජාලයක් නිර්මාණයෙන් රෙදිපිළි වලට සවිය ලැබේ.

තවද මෙම හයිඩ්‍රජන් බන්ධන ගතික බැවින් ඒවා නිතර බිදියාම සහ නැවත ප්‍රකෘතිමත් ලෙස එක්වීම සිදුවේ. ඇදුම් එකම ස්වරූපයෙන් පැවතීමට මෙය හේතුවන අතර රෙදිපිළි පොඩි කිරීමෙන් හෝ මිරිකීමෙන් ඒවා රැලි ගැසුණු ස්වරුපයකට පත් වේ. මිරිකීම නිසා මුල් හයිඩ්‍රජන් බන්ධන බිදී වෙනත් බන්ධන සෑදේ. රෙදිපිළිවලට ජලය එකතු වූ විට තත්වය තවත් දරුණු වේ. එනම් ජල අණු සෙලුයුලොස් අණු අතරට කාවැදී සෙලුයුලොස් අණු අතර පෙර තිබු හයිඩ්‍රජන් බන්ධන බිඳ දමා ස්වරුපය වෙනස් කරයි. ජලය ලිහිසිතෙල් මෙන් සෙලුයුලොස් අණු එකිනෙකින් ලිස්සා යාමට කටයුතු කරයි. එනිසා වියලුනු ඇදුම් රැලිගැසී තිබෙනු දක්නට හැකිය.

මෙම ක්‍රියාව ආපසු හැරවීම සදහා වූ ඇදුම් මැදිමේදී සිදුවනුයේ උෂ්ණත්වය සහ හුමාලය හැකිලුනු  ස්වරුපයට හේතුවූ නව හයිඩ්‍රජන් බන්ධන වේගයෙන් කඩා දැමීමයි. කුඩා පීඩනයක් මගින් සිදුවන තද කිරිමද මේ සමග සිදුවන විට සියලු බිදුණු සෙලුයුලොස් අණු එකිනෙකා හා නව සමාන්තර බන්ධන වලට යොමු වී ඇදුමේ රැලි ඉවත් වේ.

ඇඳුම් රැළි ඇතිවීම වැලැක්වීමට ආදී කාලයේ සිට කැඳ භාවිතා කර තිබේ. ඇලෙන සුළු හයිඩ්‍රජන් බන්ධන නිර්මාණය ක් වූ කැඳද බහු අවයවික වේ. එහෙත් සෙලුයුලොස් මෙන් නොව කැඳ ශාඛ දාම බහුඅවයවිකය. එනම් කැඳ සෙලුයුලොස් තුලදී පලන්චියක් ලෙස ක්‍රියාකර සෙලුයුලොස් අණු එක් ස්ථානයක් රඳවාගනියි. කැඳ දැමු ඇදුම් රැලි නොවැටුනද ඒවා පහසුවෙන් නොනැමෙන සුළු නිසා භාවිතය අපහසුය. තවද කැඳ ජලයේ දියවෙන නිසා මුල් තත්වයට පත්වීම වැලැක්විය නොහැක.


  අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර 
https://youtu.be/-EahDFgNq9g

කොහොඹ

අප රටේ ඈත අතීතයේදී නිවසට සෞභාග්‍ය ගෙනෙනවා යන අදහසින් ගෙමිදුලේ අලංකාර ලෙස සිටවන ලද ශාකය නම් කොහොඹ ශාකයයි. මෙම ශාකයේ ස්වභාවය ඉතා ඍජු ලෙස උසට වැඩෙන අතර අතු විහිදී වැඩෙති. මෙහි විශේෂත්වය නම් පති‍්‍රකා කොටස් වලට බෙදී කැඩුණු ස්වභාවයක් උසුලයි. තවද අතු අගදී අතු කිනිති ඉතා ළඟින් පිහිටා ඇත. මෙහි මල් සුදුපාටින් පොකුරු ලෙස හැදෙනු ලබයි. සෙ. මීටර් 1 - 2 පමණ වන ගෙඩි හට ගනී. තවද මෙම ගෙඩි ඉදුණු පසු කහ පැහැයෙන් යුක්ත වේ.අප රටේ වියළි කලාපයේ බහුල ලෙස මෙම ශාකය දක්නට ලැබෙන අතර තෙත් කලාපයේ දැකීමට හැකි වේ. කොහොඹ ඹෂධීමය සහ දැවමය වටිනාකමකින් යුත් මහෝගනී පවුලයට අයත් ගසකි. Meliaceac කුලයට අයත් වූ මෙම ශාකය Azadiracta Indica  (ඇස්ඩිරැක්ටා ඉන්ඩිකා) යන උද්භිද නාමයෙන් හඳුන්වයි. මෙම ශාකය ආසියාතික රටවල් වූ  ශ්‍රි ලංකාව, ඉන්දියාව, මැලෙසියාව යන තුන් රටටම මවුබිම කර ගෙන ඇත.
Salimuzzaman Siddiqui නම් විද්‍යාඥයා කොහොඹ වල ගුණ(ප්‍රතිහෙල්මින්තික, ප්‍රතිබැක්ටීරිය, වයිරස් නසන, උපත් පාලක සහ වේදනා නාශක) ප්‍රථමයෙන් පෙන්වා දුනි.1942 දී, ඔහු විසින් තිත්ත රසයන් 3 ක් පෙන්වා දුනි.‍
ආයුර්වේදයෙහි සඳහන්වන ආකාරයට කොහොඹ තිත්තය, සීතලය, සැහැල්ලුය, වාතය නසයි, කුෂ්ඨ රෝග, ඇස්‌ රෝග, සෙම් රෝග සඳහා යොදා ගනී. ලේ පිරිසිදු කරන පණුවන් නසන ඖෂධයක්‌ පමණක්‌ නොව විෂ බීජ නාශකයකි.
වර්තමානයේ කොහොඹ ශාකයේ යුෂ ආශ්‍රයෙන් සබන්, විෂබීජ නාශක, කෘමි නාශක ඖෂධ නිෂ්පාදනය කර තිබේ.
        කෘමි නාශකයක්‌ ලෙස කොහොඹ ඇට කුඩුකර ජලයට මිශ්‍රකර එළවළු වගාවට කෘමි නාශක ඖෂධයක්‌ ලෙස පාවිච්චි කරනු ලැබේ. සෑම ගොවියෙකුම මෙය උපයෝගි කරගන්නේ නම්, ආනයනික කෘමිනාශක විෂ තෙල් වර්ග ලංකාවෙන් තුරන් කළ හැක.බෝවන රෝග පැතිර යනවිට තම නිවසෙහි ආරක්‍ෂාව පිණිස කොහොඹ කොළ නිවසේ ඉදිරිපස එල්ලා තැබීම ආදියේ සිට දමිළ හා සිංහල ජනතාව කරගෙන එන පරම්පරා පුරුද්දකි.පැපොල, සරම්ප ආදි ශරීරයේ බිබිලි දමන රෝග සුව වූ පසු තුවාල සනීප වී, කැලැල් මැකී යැමට කොහොඹ කොළ අඹරා ශරීරයේ ආලේප කරයි. නිවසෙහි ඇති කරන ගව, සුනඛ ආදී සතුන්ගේ ශරීරයේ ඇතිවූ තුවාල, මැස්‌සන්, මැක්‌කන්, පණුවන් බෝකිරීමෙන් මුදා ගැනීම සඳහා ආදියෙත් වර්තමානයේත් ගම්බද හා වන්නිකරයේත් ජනයා පාවිච්චි කරයි.
        කොහොඹ ශාකයේ පවතින ‘ජෙඩුනීන්’ නැමැති රසායනික සංයෝගය පිළිකා පියවි සෛල (Cancer Stem Cells) විනාශ කරන බව ලොව ප්‍රථම වතාවට සොයාගත් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණික ආයතනය කියයි.
        ඉන්දියාවේ සහ පාකිස්තානයේ මිනිසුන් අවුවේ වේළන ලද කොහොඹ කොළ අල්මාරි හා සහල් අසුරන භාජන සඳහා යොදා ගනිමින් කෘමි උවදුර වළක්වා ගනී. පාකිස්තානයේ උෂ්ණ කලාපයට අයත් ප්‍රදේශයන්හි මදුරුවන් පලවා හැරීම සඳහා කොහොඹ කොළ වියළා පුලුස්සයි. එසේම මෙම කොළ ඉන්දියානු උත්සව සඳහා(උදා: උගාදි උත්සවය) ද යොදාගනු දක්නට ලැබේ. කොහොඹ කොළ තවදුරටත් මුස්ලිම් ජනයාගේ මළ සිරුරු නැහැවීම සඳහා ද භාවිතයට ගනී.
අනෙකුත් ප්‍රයොජන
·         පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය: කොහොඹ තෙල් යොදා ගනිමින් රූපලාවන්‍ය ද්‍රව්‍ය උදා: ලෙස සබන්, හිස සෝදන ද්‍රව්‍ය(shampoo), බාම් වර්ග, ආලේපන(creams) දත් බෙහෙත් ආදිය නිපදවයි.
·         දත්බුරුසුවක් ලෙස: අතීතයේ, සිහින් කොහොඹ රිකිලි සපා දත්බුරුසුවක් හා දිව ශෝධකයක් ලෙස භාවිත කරන ලදී.
· ගස:පාරම්පරික ඉන්දියානු වෛද්‍ය විද්‍යාවේ භාවිතයන්ට අමතරව,කොහොඹ ශාකය කාන්තාරකරණය වැලැක්වීමේ උදාර මෙහෙය ඉටු කරයි.
·      පාරම්පරික ඉන්දියානු වෛද්‍යවරු රෝගින් හට සරම්ප වැනි රොග වැලදුනු විට කොහොඹ කොල මත වැතිරීම සුවදායී බව නිර්දේශ කරයි.
·         කොහොඹ මැලියම්විශේෂ ආහාර සැකසීම සඳහා එකතු කරයි.
·    රූපලාවන්‍ය ද්‍රව්‍ය : කුඩු කරන ලද කොහොඹ දලු මුහුණු ආලේප නිපදවීමට යොදා ගනී.
·         ලිහිසි තෙල් : කොහොඹ තෙල් කරත්තය රෝද ග්‍රීස් කිරීම සදහා යොදාගනී.
·    පොහොර ලෙස : කොහොඹ ඉතා හොඳ පොහොරකි.කොහොඹ පිඬැලි බෝග පල දරන්ට බහුලව යොදාගනී. උක්ගස් සහ එළවලු මෙවා බහුලව යොදා නිපදවන බෝග වේ.
·         පොත්ත : කොහොඹ පොත්තෙහි 14% ටැනින් (තද කහට වර්ගයක්) අඩංගු වේ. තවදුරටත්, එය ශක්තිමත්, ගොරෝසු කෙඳි ලබා දෙයි. මෙම කෙඳි ආශ්‍රයෙන් ඉන්දියානු ජනයා කඹ සාදාගනී.
·         මී පැණි :ආසියාවේ සමහර ප්‍රදේශ වල කොහොඹ මී පැණි ඉහළ මිලකට හිමිකම් කියයි.

අන්තර් ජාලයේ කොහොඹ සම්බන්ධ විවිධ ලිපි ඇසුරිනි
පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂෙණ නිලධාරී අඹන්ගගකෝරළේ