June 19, 2017

ප්‍රථම වරට ද්විමාන චුම්භක සොයාගැනේ.

වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සහ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ පර්යේෂකයින් විසින් ප්‍රථම වරට ද්විමාන චුම්භක සොයාගත් බව වාර්තා වේ.

“Nature” සඟරාව වාර්තා කරන පරිදි ක්‍රෝමියම් ට්‍රියොඩයිඩ් (Crl3) නම් ද්‍රව්‍ය එහි ද්ව්මාන ව්‍යුවහයේදී පවා ඉහළ චුම්භක ගුණ දක්වයි. මෙම විශේෂිත ද්‍රව්‍ය තනි පරමාණු ස්ථරයක් මගින් නිර්මාණය වුවක් වන අතර එය ඒකස්ථර ද්‍රවයක් ලෙස හැදින්වේ.

නව ද්‍රව්‍ය ස්වභාවයෙන් චුම්භක වූ වියෝජක ද්ව්මාන ද්‍රව්‍යයක් වන අතර එම පද්ධතියේ චුම්භකත්වය ඉතා ඉහළ බවත් එය පාදක කර ගෙන නව තොරතුරු තාක්ෂණයක් මතුවීම ඔවුන්ගේ අපේක්ෂාව බවත් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Xiaodong Xu පවසයි.

විශාල චුම්භක ද්‍රව්‍ය පෙරෝචුම්භක ලෙස හැදින්වේ. එම ද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රොන පෙලගැස්ම නිසා චුම්භකත්වය උපදියි. සෑම ඉලෙක්ට්‍රොනයක්ම ඉතාම සියුම් චුම්භකයක් ලෙස සැලකුවහොත් ද්‍රව්‍යයේ ඇති ඉලෙක්ට්‍රොන සියල්ල එකම ක්‍රමයකට යොමුවේ නම් පමණක් චුම්භකත්වය උපදින නමුත් එසේ යොමුවීමක් සිදුනොවුනේ නම් ඉලෙක්ට්‍රෝනවල චුම්භකත්ව එකිනෙකින් කැපී යනු ඇත.

ද්විමාන ඒකස්ථර ස්ඵටික වල විදුලි, චුම්භක, භෞතික හෝ රසායනික ගුණ එම ද්‍රව්‍යයේ විශාල ත්‍රිමාණ පිටපත ඇසුරෙන් නිවැරදිව විස්තර කළ නොහැකි බව ව්‍යාපෘතියේ සම කතෘ UW හි ආචාර්ය උපාධි ශිෂ්‍ය  Bevin Huang පවසයි. ඒකස්ථරය සැකසීම ඉතා පහසුය. ඒ සදහා අවශ්‍යවන්නේ ත්‍රිමාණ ක්‍රෝමියම් ට්‍රියොඩයිඩ් (Crl3) සහ ප්‍රමිතිගත ඇලෙන සුළු ටේප් පටි පමණක් වේ. විශාල ත්‍රිමාණ ස්ඵටික වලින් ඒකස්ථර සිවි ගැලවීම Scotch ටේප් මගින් පහසුවෙන් කළ හැකිය. මෙම සරල ක්‍රමය මුලින් භාවිතා කර ඇත්තේ ත්‍රිමාණ ග්‍රැෆයිට් වලින් ද්විමාන  ග්‍රැෆින් ලබා ගැනීම සදහා වන අතර ඉන්පසුව අනෙකුත් ද්‍රව්‍ය සදහාද මෙම ක්‍රමය භාවිතා කර තිබේ.

මිට අමතරව ඒකස්ථරයක් පෙරෝචුම්භක වන අතර ඒකස්ථර දෙකක් පෙරෝචුම්භක නොවන බවත් ඒකස්ථර තුනක් නැවතත් පෙරෝචුම්භක වන බවද පර්යේෂකයන් සොයා ගෙන තිබේ.
ඉදිරියේදී විෂම ව්‍යුහ නිර්මාණය විය හැකි බවත් ඒවා පරිගණක, දත්ත ගබඩා, සන්නිවේදනය සහ අනුමාන කළ නොහැකි බොහෝ ආදේශනයන්හි පෙරලියක් ඇති කරනු ඇතැයිද Xu ප්‍රකාශ කර තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස් කළේ:හර්ෂ ලංකේශ්වර

https://www.youtube.com/watch?v=_pdHpHOxD8c

0 comments:

Post a Comment