June 21, 2017

දරුණු අසාත්මතිකතා නිට්ටාවටම සුව කිරීමට ප්‍රතිකාරයක්

සමහර විශේෂිත අසාත්මතිකතා (ඇදුම රෝගය වැනි) ඇති කරන ප්‍රතිශක්ති ප්‍රතිචාරයන් නවතා දැමීමට හැකි නව ප්‍රතිකාර ක්‍රම වේදයක් ඕස්ට්‍රේලියාවේ කුවිස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

JCI INSIGHT හි ප්‍රසිද්ධ කර ඇති මෙම සොයාගැනීම මගින් රටකජු හා සිප්පිකටු වැනි ඉතාමත් සාමාන්‍ය පොදු ද්‍රව්‍ය සදහාද දරුණු අසාත්මතිකාතා දක්වන්නන් තවදුරටත් ඒවාට භියවිය යුතු නැති බව දැක්වේ.

අසාත්මතිකතා ඇති පුද්ගලයන්ගේ ප්‍රෝටිනවලට ප්‍රතිශක්ති සෛල ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිපලයක් ලෙස ඇඳුම රෝග ලක්ෂණ වැනි අසාත්මතිකතා මතුවන බව පර්යේෂණ කණ්ඩායම මෙහෙයවූ මහාචාර්ය Ray Steptoe පවසයි. ඔවුන්ගේ පර්යේෂණ ඇඳුම අසාත්මතිකතාව මුලික කරගෙන වුවත් මෙම ප්‍රතිකාරය රටකජු, මිමැසි විෂ, සිප්පිකටු සහ වෙනත් දේ සදහා ඇතිවන විවිධ අසාත්මතිකතා සදහාද භාවිතා කළ හැකිය.

පර්යේෂණ ක්‍රියාවලියේදී විද්‍යාඥයෝ රුධිර ස්ටෙම් සෛලයක් ගෙන එය තුළට අසාත්මතික  ප්‍රෝටීනය නියාමනය කළ හැකි ජානයක් ඇතුළු කළෝය. එමගින් ප්‍රතිශක්ති ප්‍රතිචාරයට අදාළ අසාත්මතිකතා මකා දැමිය හැකි බව ඔවුහු නිරීක්ෂණය කර අවබෝධ කර ගත්හ. ඉන්පසු නැවතත් අසාත්මතිකතා අවස්ථාවන්ට පුද්ගලයා නිරාවරණය වුවිට ප්‍රෝටීන සදහා වූ ප්‍රතිශක්ති ප්‍රතිචාරය නැවතී තවදුරටත් අසාත්මතිකතාවක් ඇති නොවිණි. එනම් මෙම පර්යේෂණය මගින් සොයාගත්  ප්‍රතිකාරය මගින් රෝගය පරිණත වීමට පෙර එය නවතා දැමීම සිදු කරයි.



කෙසේවෙතත් තවමත් මෙම පර්යේෂණ පුර්ව සායන මට්ටමේ බැවින් ප්‍රතිකාරය සංවර්ධනය කර සායන මට්ටමින් මිනිසුන් සදහා යොදාගැනීමට තව වසර කිහිපයක් ගතවනු ඇතැයිද ප්‍රකාශ වී තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර  

https://youtu.be/d7HQCppf3BQ?t=5

0 comments:

Post a Comment