Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

March 31, 2015

கணணி வன்பொருள் பாகம் 3

சென்ற பாக தொடர்ச்சி ............

2.2 Four pin power connector

ATX Four pin power connectorஆனது Motherboard இற்கு Power வழங்கும் Connector ஆகும். இது 12V Power இனை Motherboard இற்கு வழங்கும்.



2.3 ATX 24 pin power supply connector

Power supply இலிருந்து Motherboard இற்கு Power வழங்கும் இன்னொரு வகை Connector ஆகும்.








2.4 Heat sink

கணனியின் CPU ஆனது ஒரு செக்கனில் Million of calcullation களை செய்யும். இவ்வாறு தொடர்ச்சியாக வேலை செய்யும் போது அது தானாகவே Heat இனை உருவாக்கும். இவ்வாறான Over heat இலிருந்து CPU பாதுகாத்து அதற்கு தேவையான குளிர்ச்சியினை வழங்குவது இவ் Heat sink ஆகும்.



Heat sink இனை மூன்று வகையாக பிரிக்கலாம். Active Heat sink , Passive Heat sink, Active and Passive Heat sink அவையாவன. Active Heat sink என்றால் CPU இன் Over heat இணை குறைக்க Fan பயன்படுத்தப்படும். Passive Heat sink என்றால் CPU இன் Over heat இணை குறைக்க Radiator பயன்படுத்தப்படும். Active and Passive Heat sink CPU இன் Over heat இணை குறைக்க Fan உம் Radiator உம் சேர்த்து பயன்படுத்தப்படும்.



2.5 CPU Fan connector

CPU Fan இனை இயக்க பயன்படுத்தும் ஒருவகை connector ஆகும்.







2.6 Three pin case fan connector

System unit இனுள் உட்புறமாக முன்பக்கமாகவோ அல்லது பின்பக்கமாகவோ System unit case இனுள் காணப்படும். System unit இனுள் உட்புறமாக காணப்படும் சூடான காற்றினை வெளியே செலுத்தவும் வெளியே இருந்து குளிரான காற்றினை காற்றினை செலுத்தவும் பயன்படுகிறது.


2.7 Power Inductor

Computer motherboard இனுள் செப்பு சுருள் போன்ற அமைப்பில் காணப்டுபடுவதாகும். இது தன்னை சுற்றி Electromagnetic இனை தோற்றுவித்து Magnetic energy இனை தோற்றுவிக்கிறது. இதனால் சக்தி சேமிக்கபடுவதுடன் இது Voltage conversion மற்றும் System த்தினுள் lower signal loss காகவும் பயன்படுத்தபடுகிறது. (Voltage conversion and provide lower signal loss in system)



2.8 Capacitor

மின்னை கடத்தாத Plastic உருளை போன்ற அமைப்பில் motherboard இனுள் இரண்டு அல்லது இரண்டுக்கு மேற்பட்ட சோடியாக காணப்படும்.

Direct current இனை motherboard பெறும்போது இவை Positive , negative என்ற வகையில் அக் current இனை தனிதனி Plates களில் சேமித்து வைத்து கொள்ளும்.





2.9 CPU Socket

CPU Socketஆனது Processor இனை Motherboard உடன் இணைக்க பயன்பதுவதாகும்.



தொடரும்.........

March 30, 2015

Client server configuration

பாரிய அளவிலான கணனிகளுக்கு பிரதியீடாக தனி நபர் கணனிகளின் வருகையுடன் கணினி சார்பான கணனி வலயமைப்புகள் பிரபல்யம் அடைந்தன.

கணணி வலைபின்னல் முறைகளில் Client server இனை கவனிக்கும்போது அதனை server கணனி மற்றும் Client கணனி என இரு வகைகளாக பிரித்து கொள்ளலாம்.





Client கணனி

கணினி வலை ஒன்றில் அல்லது இணையமூடாக கணினி ஒன்றால் சேவையை பெற்றுக்கொள்ளும் கணனிகள் Client கணனிகள் என அழைக்கப்படும். பொதுவாக இவை வலை பிரயோக மென்பொருட்களை பயன்படுத்தி இயங்கும் தனி நபர் கணனிகளாகும்.

Server கணனி

கணினி வலையமைப்பு ஒன்றில் அல்லது இணையமூடாக கணனிகளுக்கு சேவைகளை வழங்கும் கணனிகள் Severs என அழைக்கப்படும். Customer களுக்கு சிறந்த சேவையை வழங்குவதற்காக Severs களின் இயக்க வேகம் Memory Capacity அத்துடன் Storage Capacity என்பன அதிகரித்து காணப்படவேண்டும். வலையமைப்புக்கு சம்பந்தபட்ட வாடிக்கையாளர் கணணிகளின் எண்ணிக்கையை அதிகரிக்கும் போது அதற்கேற்ப Severs கணனிகளின் எண்ணிக்கையும் அதிகரிக்க வாய்ப்பு உள்ளது. இவற்றில் பலவகையான Servers காணபடுகின்றன.

Web server,

Mail server,

Proxy server,

Application server,

Domain name server



1.Web server

Web server ஆனது World wide web இல் HTTP இனை பயன்படுத்தி Client computer க்கு Web page களை வழங்கும் விசேடமான மென்பொருளாகும். இவ் Web server இணை அனைத்து Host computer களும் பயன்படுத்தும். இவற்றிற்கு உதாரணமாக Apache server, Internet information server, Novell server, Lotus server என்பன சிலவற்றை சொல்லலாம்.


2.Mail server

பிராந்திய மற்றும் தொலைவில் உள்ள பயனர்கள் மின் அஞ்சல்களை பெற்று கொள்வதற்கும் அனுப்புவதற்கும் பயன்படும் விசேடமான மென்பொருளாகும்.இவற்றிக்கு உதாரணமாக Microsoft exchange, Qmail, Exim, Sentmail என்பன சிலவற்றை சொல்லலாம்.

Mail server க்கு கிடைக்கும் பயனர்களின் மின் அஞ்சல்கள்ளானது முதலில் Mail storage ஒன்றில் களஞ்சியபடுத்தி வைத்து இரண்டாவதாக பெறுபவருக்கு அனுப்படும். Mail அனுப்பும் போது SMTP ( Simple mail transfer protocol ) எனும் நெறிமுறை தொழில்நுட்பம் பயன்படுத்தபடுகிறது. அதேவேளை Mail இனை பெறும்போது POP3 (Post office protocol version 3) அல்லது IMP (Internet message access protocol) எனும் நெறிமுறை தொழில்நுட்பம் பயன்படுத்தபடுகிறது.


3.Proxy server

Proxy server ஆனது Internet இனை பயன்படுத்தும் Business போன்றவற்றில் பயனர்களுக்கும் Internet க்கும் இடையில் இடைநடுவராக செயல்படும். இது இணையத்தினுடாக நடைபெறும் தகவல் பிரிவாக்கங்களை முறையாக கட்டுப்படுத்துதல், பயனரின் பாதுகாப்பை உறுதிபடுத்தல், மற்றும் Store செய்யும் சேவைகளை பெற்று கொடுத்தல் போன்றவற்றை நடாத்தும். அதேவேளை இது Cache memory இனை அனைத்து பயனர்களுக்கும் வழங்குவதால் மீண்டும் மீண்டும் கோரப்படும் இணையப்பக்கங்களுக்கு விரைவாக குறுகிய நேரத்தில் செல்லலாம்.


4.Application server

Application serverஆனது பிரயோக மென்பொருகளளிற்கு Business logic வழங்குவதற்காக பயன்படுத்தப்படும் Server ஆகும். அத்துடன் Web server உடன் இணைந்து செயற்படும் Application serverஆனது Web application server எனப்படும்.


5.Domain name server

DNS இல் இணைவத்தற்கு பதிவு செய்யப்பட்ட கணனியே Domain name server
எனப்படும். பொதுவான IP Address சிறப்பம்சங்களை கொண்டிருக்கும். அதேவேளை Domain name இனை IP Address களாக மாற்றியமைப்பதும் இதன் பிரதான காரியமாகும்.

ක්ෂය රෝගයෙන් තොරවීමට නම්

ක්ෂය රෝගයෙන් තොරවීමට ප්‍රථම ඒ ගැන මනා අවබෝධයක් ලබා ගැනීම කල යුත්තකි. ක්ෂය රෝගය පරම්පරා ගත රෝගයක් නොවේ. එය බෝවන රෝගයක් වන අතර, සෑදෙනුයේ Mycobaterium tubaculosis නම් බැක්ටීරියාව මගිනි.  ක්ෂය රෝගය සම්පුර්ණයෙන්ම සනීප කල හැක. ඒ සදහා නියමිත මාත්‍රාව, නියමිත බෙහෙත්, නියමිත කාලය පුරාම එනම් හය මාසයක් බෙහෙත් බීම පමණි.

එසේම බෙහෙත් ගැනීම අතරමග නතර කල විට, විෂබීජ යලිත් වර්ධනය වීමට පටන් ගනී. මෙලෙස දෙවන වර වර්ධනය වන විෂබීජ, බෙහෙත් වලට විනාශ කිරීමට නොහැකි වන අතර (එනම් ක්ෂය රෝගය සනීප කිරීමට නොහැකි තත්වයට පත්වේ. ) එම අවස්ථාව බහු ඹෟෂධ ප්‍රතිරෝධිත ක්ෂය රෝගය නම් වේ. (MDR-TB: Multi Drug Resistant TB)
මෙම රෝගය වැඩිපුර සෑදෙනුයේ පෙනහළු ඇතුලේ වන අතර නමුත් සිරුරේ ඕනෑම තැනක මෙම රෝගය සෑදීමට හැකිය. උදාහරණය ලෙස වසා ගැටිති (කුද්දැටි), කොදු ඇට පෙළ

ක්ෂය රෝගය සාදන විෂබීජය සිරුරට ඇතුළු වන්නේ හුස්ම ගන්නා වාතයත් සමගය. වාතයට විෂබීජ එකතු වනුයේ පෙනහළුවල ක්ෂය රෝගය ඇති රෝගියකුගේ කැස්සකදී, කිවිසුමකදී හෝ අධික සිනාසීමකදී ය. ක්ෂය රෝගය සාදන විෂබීජය 100 දෙනෙකුගේ සිරුරු වලට ඇතුළු වු විට ඉන් 10 දෙනෙකුට පමණ මෙම රෝගය සෑදීමේ ප්‍රවනතාවය ඇත. යම් අයෙකු ක්ෂය රෝගියකු වීමේ ප්‍රවනතාවය ඔහුගේ හෝ ඇයගේ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව මත රදා පවතී. එනම්
  • දුම්පානය හෝ මත්ද්‍රව්‍ය වලට ඇබිබැහි වුවන්ට
  • දියවැඩියා රෝගය ඇති අයට
  • මන්දපෝෂණයෙන් පෙළෙන අයට
  • ඒඩ්ස් රෝගීන්ට ක්ෂය රෝගය වැළදීමේ ප්‍රවනතාවය වැඩිය.


ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ වනුයේ
  • සති 03 කට වඩ පවතින කැස්ස
  • සෙම සමග ලේ පිටවීම
  • රාත්‍රී කාලයේ මද උණ ගතිය
  • කෑම අරුචිය
  • රාත්‍රී කාලයේ අධික දහඩිය දැමීම

ක්ෂය රෝගය ඇති බව නිවැරදිව දැන ගැනීමට ඉහත රෝග ලක්ෂණ තිබෙන බව දක්නට ලැබෙන විට හා  වහාම වෛද්‍යවරයකු හමුවීම හා සෙම පටල පරීක්ෂාකර බැලීම හා එක්ස්රේ වැනි පරීක්ෂණ සිදු කල හැක.

ක්ෂය රෝගය සදහා නියමිත ප්‍රතිකාර ක්‍රමය වනුයේ මාස 06 ක් බෙහෙත් ගැනීමයි. ප්‍රතිකාර සදහා රෝහල් ගත වීම අනිවාර්ය නොවේ. දැනට පවතින හොද ප්‍රතිකාර ක්‍රමය, රෝගියා සෞඛ්‍ය සේවකයකු / සේවිකාවක බලා සිටියදීම බෙහෙත් ගැනීමයි. මෙම ක්‍රමය සෘජු නිරීක්ෂිත ප්‍රතිකාර ක්‍රමය නම් වේ.

ක්ෂය රෝගය වලක්වා ගැනීමට නම් රෝගීන් නොපමාව හදුනා ගැනීම හා රෝගීන් නිසියාකාරව ප්‍රතිකාර ගැනීම හා කහිනවිට හෝ කිවිසුම් යන විට නාසය හා කට ආවරණය කර ගැනීමෙන් හා රෝගයෙන් පෙළෙන්නෙකු නම්, සෑම තැනම  සෙම දැමීමෙන් වැළකී, භාජනයකට එකතුකර වළලා දැමීමෙන් හෝ පුළුස්සා දැමීමෙන් කල හැක.

ක්ෂය රෝගය වැලැක්වීම සදහා එම රොගියකු සමාජයෙන් කොන්නොකිරීම හා රෝග ලක්ෂණ ඇති අය හදුනාගත් විට ළය චිකිත්සාගාරයක් වෙත යෑම සදහා උනන්දු කිරීම හා රෝගය ඇති බව හදුනාගත් අයකු නිවැරදි ලෙස බෙහෙත් ගැනීම සදහා උනන්දු කරවීම මගින් කල හැක. තවද සෑම දරුවකුටම උපතේදී බී. සී. ජී එන්නත ලබාදීම තුළින් ක්ෂය රෝගයේ භයානක අවස්ථා කිහිපයක් ඇතිවීම වළක්වා ගැනීමට හැකි වේ.

තුෂංග හේරත්
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
හාලිඇල

March 28, 2015

අධි රුධිර පීඩනය ( High Blood Pressure)

රුධිර පීඩනයපවුලේ වෛද්‍යවරයාට නිතරම හමුවන රෝග තත්වයකි. බොහෝවිට. සාමාන්‍යයෙන් කරන ලද පර්යේෂණයන්ට අනුව, සාමාන්‍ය අයෙකුට වඩා   අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයෙතුට ආඝාතය (Stroke) වැළඳිමේ ප්‍රවණතාව 7% පමණ වැඩිවන අතර හදවත් රෝග 3% කින් පමණ ද වැඩිවිය හැකිය. මෙයට අමතරව අනෙක් ඉන්ද්‍රියවල ද රුධිරය, නහර තුළ ගැට ගැසීමේ (Thrombosis) රෝග ද ඇතිවීමට ඉඩ ඇත.
රුධිර පීඩනය අගයයන් දෙකක් ලෙස මනිනු ලැබේ.
1.ආකුංච රුධිර පීඩනය  (Systolic Blood Presure)
 පීඩනය හෘදයේ කෝෂිකා සංකෝචනය වී සංස්ථානික මහා ධමනියට රුධිරය ඇතුළු වීමේදී රුධිර වාහිනී බිත්ති මත ඇති කරන පීඩනයයි. නීරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ මෙම අගය 110-120 mmHg වේ.
2විස්තාර රුධිර පීඩනය (Diastolic Blood Presure )
පූර්ණ හෘද විස්තාරයේදී (හෘදය විවේකීව තිබෙන විට) රුධිර වාහිනී බිත්ති මත ඇති කරන පීඩනයයි. නීරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ මෙම අගය 70-80 mmHg වේ.
වෛද්‍යවරු බෙහෙත් වට්ටෝරු වල රුධිර පීඩනය සදහන් කරන්නේ පහත ආකාරයටයි.
B.P.-120/70 mmHg ලෙසයි
මෙහි B.P. යනු රුධිර පීඩනයයි.
120 යනු ආකුංච රුධිර පීඩනයයි.
70 යනු විස්තාර රුධිර පීඩනයයි.
රුධිර පීඩනය මැනීමේ දී වෛද්‍යවරයා හා රෝගියා අනීවාය්‍යයෙන් ම නිසල පරිසරයක තැන්පත්ව සිටීම වැදගත් වේ. පළමු මැනීම අවසානයේ නැවතත් පීඩනය මැනිය යුතුය. අඩුම වශයෙන් තුන් පාරක් වත් පීඩනය මැනිම අවශ්‍ය බැව් රෝගියාට දැනුම් දිය යුතු වේ. රුධිර පීඩනය වැඩි නම්, එනම් 180/120 ට වැඩිවූ විට, රෝගියා අසල ඇති රෝහලකට ඇතුළත් කළ යුතුවේ. මෙය ඉතාමත් අවශ්‍ය දෙයක් බැව් රෝගියාට පැවසිය යුතුය. සාමාන්‍ය පීඩනය 140/90 බැව් අපි සලකමු. මින් ඉහළ අගයන් අධික රුධිර පීඩන තත්වයකි. 160/110 දක්වා පීඩනය පවුලේ වෛද්‍යවරයාම ප්‍රතිකාර කිරීම සිරිතකි. එයට වැඩි නමි වෙනත් වෛද්‍යවරයෙකුට පෙන්වීම කෙරේ බොහෝ විට රෝගියා ගෙදර ගොස් පීඩනය මනිනු ලැබුව හොත් (පීඩනය මැනීමේ උපකරණයක් ගෙදර තිබේ නම්) එම පීඩන ප්‍රමාණය අඩු මට්ටමක පවතිනු දැකීමට පුළුවනි.
අධි රුධිර පීඩනය නිතර පවතිනනේ නම් හෝල්ටර් මොනිටර්නැමැති උපකරණය රෝගියාට සම්බන්ධ කොට, පැය 24 ක් ම එම උපකරණය සම්බන්ධ කර තබා, රෝගියාගේ තත්වය දැන ගැනීමට වෛද්‍යවරයාට අපහසුවක් නැත. මේ අනුව පළමුව රෝගියාට ඇත්ත වශයෙන්ම අධි රුධිර පීඩනයක් ඇති බැව් නිශ්චිතව දැන ගත යුතුය. මන්ද යත්, රෝගියාට අධික රුධිර පීඩනයක් තිබුනොත් අනීවාය්‍යයෙන් ම ඔහු ගේ ජීවිතය අනතුරේ බැව් රෝගියාට දන්වා එයට අවශ්‍ය ඖෂධ ලබා දිය යුතුය. රෝගියා මේ බැව් දැනගත යුතු වේ. සමහර අවස්ථාවල දී මාසයක් දෙකක් අධි රුධිර පීඩන ඖෂධ ගන්නා අය තවමත් රෝගය සුව වී නැතැයි  කියා වෙන වෛද්‍යවරයෙක් වෙත යාමට ඉඩ තිබේ.
අධි රුධිර පීඩනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත වේ.
1) අත්‍යාවශ්‍ය (Essential) රුධිර පීඩනය. මෙය 95% ක් ම මේ වර්ගයට අයත් වේ. මෙයට එකම හේතුවක් හෝ හේතු ගණනක් තිබීමට පිළිවන.
2) ද්විතීයික (Secondary) රුධිර පීඩනය. මෙය Hypertension වලට අයත් වේ. ඒ සඳහා හේතුවක් තිබිය යුතුය. රෝගියාගේ වයස අවුරුදු 40 ට අඩුනම් බොහෝ වෛද්‍යවරු ඒ සඳහා හේතුවක් සොයා ගනී. මෙයින් අදහස් කරන්නේ අත්‍යාවශ්‍ය අධි රුධිර පීඩනය මේ අයට නොසෑදෙන බව නොවේ. මෙයින් අදහස් කරන්නේ අඩු වයස් අයට රුධිර පීඩනයක් ඇතිවීමට හේතුවක් තිබේදැයි සොයා බැලිය යුතු බවයි.
ප්‍රධාන වශයෙන් අධි රුධිර පීඩනය සඳහා පහත සඳහන් හේතු බලපාන්නට  පිළිවන.
1) වකුගඩු ආබාධ
2) අන්තරාසර්ග පද්ධතියේ ආබාධ Endocrine
3) හෘද ධමනි ආශ්‍රිත හේතු Cardiovascular
4) ඖෂධ වර්ග

පහත සඳහන් වෛද්‍ය පරික‍ෂණ අධි රුධිර පීඩනයේ ස්වභාවය දැනගැනීම පිණිස අවශ්‍ය වේ.
1.   පපුවේ එක්ස් කිරණ පරික‍ෂණය CXR
2.   ඊ.සී.ජි. (හෘත් කන්තුක) පරික‍ෂණය ECG
3.   ඉකෝ පරික‍ෂණය Echo
4.   රුධිර විශ්ලේෂණය Urine analysis
5.   රුධිර පරික‍ෂණය FBI
පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී

සුව ගෙනෙන පොල් වතුර

පොල් වර්ග වල ගෙඩිය ළපටි අවස්ථාවේ සහ මේරූ අවස්ථවේ ඒතුළ පවත්න ආහාරමය දියරයක් පවතී. පොල් වර්ගය සහ ගෙඩියේ මේරීම අනුව තැඹිලි වතුර, කුරුම්බා වතුර හෝ පොල් වතුරයන නමිවලින් හැඳින්වුවද මේවා බොහෝ ලක්‍ෂණ අතින් එකිනෙකට සමාන වේ.

පොල් තැඹිලි කුරුම්බා වතුර පිලිබඳ  විද්‍යාඥයින් විසින් කර ඇති පර්යේෂණ වාර්තා පිළිදව කරුණූ සොයා බැලීම කාලෝචිතය. පෝෂණයෙන් අති විශිෂ්ට පොල් වතුර ජීවයේ පානයයි. පොල් වතුර මේ ලොව ඇති සුපිරිසිදුම පානයයි. මාස 9ක් පුරා ජෛව පිරිසිදු වීමේ ක්‍රියාවලියට ලක්වී නිපදවන පොල් වතුර, ජීවානුහරිතය.එහි සංයුතිය අපගේ සෛල ප්ලාස්මාවේ රුධිරයේ අයනික සංයුතියට බෙහෙවින්ම සමාන වන බව විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබේ.  පොල් වතුර යුද්ධවලදී බරපතල තුවාල ලබන සොල්දාදුවන් සඳහා සේලයින් ද්‍රාවණයක් ලෙස කෙලින්ම භාවිතයට ගෙන තිබෙන බවත්, දෙවන ලෝක යුද්ධයේදී පමණක් ජීවිත 50,000ක් පමණ බේරා ගෙන තිබෙන බවත් ඉතිහාසය තතු විමසීමේදී දැනගත හැකිය. එමෙන්ම පොල් වතුර ආහාරමය තන්තු වලින්ද පොහොසත්ය. මැංගනීස්, අයඩීන්, සල්ෆර්, සින්ක්, සෙලෙනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ හා විටමින් සී, බී හා ඇත. තවද මෙහි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. කාබනික අම්ල, එන්සයිම වර්ග, ප්‍රතිඔක්සිකාරක, පයිටොකෙමිල්ස් වර්ග, ශාක හෝමෝන වර්ග මෙන්ම හදවතට හිතකර මේදයද අන්තර්ගත වේ.
       හෘදයාබාධ හා අධික රුධිර පීඩනය වැළැක්වීමේ සුපිරි ආහාරයක් ලෙස විද්‍යාඥයින් විසින් පොල් වතුර හඳුන්වා දී ඇත. මෙය හදවත රකින විශිෂ්ට ආහාරයකි. පොල් වතුරෙහි අහිතකර කොලෙස්ටරෝල් නොමැති අතර, අධ්‍යයන වලදී හෙළිවී ඇත්තේ අපගේ සිරුරේ තිබෙන අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීමට ඉවහල් වන හිතකර කොලෙස්ටරෝල් මට්ටම පොල් වතුර බීම නිසාවෙන් ඉහළ යන බවයි.
අනෙක් අතට රුධිර කැටි ඇති වීම වළක්වාලන ගුණයක් පොල් වතුරෙහි අඩංගු වන බැවින් දරුණු හෘදයාබාධ සහ ආඝාතනය වැනි රෝග වලින් ඇතිවන අවදානම අඩු කර ගන්නටද පොල් වතුර පානය ඉවහල් වන බව සොයා ගෙන ඇත.
වකුගඩු හෙවත් වෘක්ක තුළ රැඳෙන විවිධ විෂ පදාර්ථයන් නිසාවෙන් වකුගඩුවලට සිදුවන හානි වැළැක්වීම පොල් වතුර සතු තවත් විශිෂ්ට ගුණයක් බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
         පළිබෝධ නාශක ශේෂ කොටස් මෙන්ම ආසනික් හා කැඩ්මියම් වැනි බැර ලෝහ නිසාවෙන් සිදුවන හානිය අවම කිරීමටත් පොල් වතුර ඉවහල් විය හැකි බවට විශ්වාස කළ හැකි , විද්‍යාත්මක තොරතුරු බොහොමයක්ම ඇත.පොල්, කුරුම්බා සහ තැඹිලි වතුරෙහි අඩංගු වෙන මොනොලෝරීන් සතුව ව්‍යාධිජනක බැක්ටීරියා, වෛරස් හා හර්පීස් සයිටොමෙගලෝ වෛරස් වර්ග මෙන්ම දරුණු ප්‍රතිශක්තිකාරක වෛරස් වර්ගත් විනාශ කිරීමේ ප්‍රබල හැකියාවක් සතුවන බව පැවසේ.
        පොල් වතුරෙහි තිබෙන  සයිටොකයිනින් සංයෝගවලින් අපගේ සිරුරට ලැබෙන ගුණය රාශියකි.සයිටොකයිනින් යනු   ශාක හෝර්මෝනයන් වර්ගයකි. මෙම හෝර්මෝන වර්ග ශාකය වයසට යෑම, වර්ධනය හා විකසනය හා සංවර්ධනය පාලනය කිරීමට ඉවහල් වේ. මෙම සයිටොකයිනින් වලින් පොහොසත් ආහාර සුලබව තබා ගැනීම, දීර්ඝායුෂ විඳීම සහ වයසට යෑමේදී මතු වන සංකූලතා අවම වීමටත්, යෞවන පෙනුම වැඩි කාලයක් රැක ගැනීමටත් ඉවහල් වන බවයි. පොල් වතුර වනාහි මෙම ශාක හෝර්මොනයන්ගෙන් පරිපූර්ණ ආහාරයකි.
මීට අමතරව පොල් වතුර පිළිකා ඇතිවීමට හේතුවන නිදහස් මුක්ත කණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්සිකාරක වලින්ද පොහොසත් බව සොයා ගෙන ඇත. බර අඩු කර ගැනීමට කදිම පානයකි. මේ ලොව තිබෙන විශිෂ්ටතම ශක්තිජනක පානය වන්නේ පොල් වතුරයි. පොල් වතුරෙහි සින්ක් හා සෙලෙනියම් වැනි ඛනිජලවන වර්ග තිබෙන බැවින් ලිංගික සරුභාවයටත් මදසරුභාවය දුරු කිරීමටත් පොල් වතුර ගුණදායක බව පැවසේ. පොල් වතුරෙහි තිබෙන විශිෂ්ට අයනික ලෙහෙසියෙන්ම සිරුරට උරා ගැනීමටත් පොල් වතුර සහය දක්වන බව සොයා ගෙන ඇත. මහලු උදවියට හා ඝන ආහාර දිරවීමට අපහසු රෝගීන්ට ලබා දිය හැකි විශිෂ්ට පෝෂණීය පානයකි. පොල් වතුර එළකිරි වලට වඩා පෝෂණ තත්ත්වයෙන් විශිෂ්ට වන අතර, විටමින් සංයුතියෙන් දොඩම් යුෂයටත් වඩා විශිෂ්ට වෙයි.
        මව්කිරිවල තිබෙන ලෝරික් අම්ලය පොල් වතුරෙහිද තිබෙන නිසා සකස් කළ ළදරු කිරි පිටි වර්ග වලට වඩා පොල් වතුර විටමින් සංයුතියෙන් ගුණදායකවේ.වමනය යෑම නතර කිරීමේ ගුණයක් සහ ආමාශයේ දැවිල්ල, ගැස්ට්‍රයිටීස් රෝගය, ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ, බඩ පුරවා දැමීම්, අජීර්ණය මල බද්ධය සුව කිරීමේ ගුණයක් පොල් වතුරෙහි තිබෙන බව සොයා ගෙන ඇත. ඇසට හිතකරය. ඇසේ සුද ඒම සහ ග්ලූකෝමා රෝග තත්ත්වයන් ඇති වීම වළක්වයි. ළමයින්ගේ පණු රෝග සහ උදරාබාධ සුව කිරීමටත් පොල් වතුර හොඳ ඔසුවක් ලෙස භාවිතා කළ හැකිය.
ශරීරය අධිකව වෙහෙසන අවස්ථාවලදී සහ විජලන තත්ත්වයන්හිදී පොල් වතුර හෝ කුරුම්බා වතුර ලබා දීමෙන් විශිෂ්ට ගුණ ලැබේ. පැපොල, සරම්ප හා ශරීරයේ පලු දැමීම සහ උෂ්ණ බිබිලි වලින් සුවයක් ලැබීම සඳහා පොල් වතුර බාහිරව ගැල්වීමෙන් සහනයක් ලැබෙන බව පර්යේෂකයන් සොයා ගෙන ඇත. සම රැලි වැටීම පාලනය කරන අතර, තුවාල සුව වීමටද දායක වෙයි. පොල් වතුරෙහි තිබෙන විශිෂ්ට ගුණයන් නිසාවෙන් ගර්භණි මව්වරුන්ට පොල් වතුර, තැඹිලි වතුර පානය කරන්නට සුදුසු බව සොයා ගෙන ඇත.මෙ අනුව පොල් වතුරෙහි පවතින වටිනාකම අතිමහත් බව පැහැදිළිය.

පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී