March 26, 2015

නෙලුම් කොලේ අනුකරනයෙන් නිපදවූ පිගන්

මෙම නිපැයුම නිපදවා ඇත්තේ  නැනෝ තාක්ෂණය උපයෝගී කරගෙනයි.

නැනෝ තාක්ෂණය යනු නැනෝ මීටර 1 ත් 100 ත් අතර පරිමාණයේ පදාර්ථය සතු සුවිශේෂි ලක්ෂණ අවොබෝධ කර ගැනීමත් එම ලක්ෂණ පාලනය කරමින් නව නිමැවුම් හා යෙදවුම් සඳහා භාවිත කිරීමත්ය. 
 
 නැනෝ තාක්ෂණය යන සංකල්පයට නැනෝව, ඉංජිනේරු විද්‍යාව හා තාක්ෂණය යන විෂයන් අයත් වේ.  නැනෝ පරිමාණයේ පදාර්ථය සම්බන්ධ ආකෘතිකරණය (Modeling), ඇඹීම, ගණනය හා මැනීම සදහා නැනෝ තාක්ෂණය වැදගත්වේ. 

නැනෝ පරිමාණයේ පදාර්ථය සතු ලක්ෂණසාමාන්‍ය අවස්ථාවේ ඇති ලක්ෂණ වලින් වෙනස් වේ.  රසායනික ප්‍රතික්‍රියාතාවය වැඩි වීම, ඉහල සන්නායකතාවයක් තිබිම, හා ශක්තිමත් බාවය දැනීම මෙහි ලාවිශේෂ තැනක් ගනී.
නැනෝ පරිමාණයේදී ගුරුත්වාකර්ෂණ බලයට වඩා පෘෂ්ඨික ආතති බලය හා වැන්ඩවාල්ස් බල වැදගත්වේ.  17 වන සියවසේදී අයිසැක් නිවුටන් විසින් ඉදිරිපත් කළ නිවුටන් නියම නැනෝ පරිමාණයේ අංශු සඳහා වලංගු වන්නේ නැත.
නැනෝ අංශු වල ස්වභාවය විස්තර කළ හැක්කේ 20 වන සියවසේ ඉදිරිපත් වු ක්වොන්මි වාදය මගිනි. මෙම වාදයෙන් සාකචිඡා කරනු ලබන්නේ, පරමාණුක හා උප පරමාණුක අංශු වල තරංග හා අණුක ගණන පිළිබඳවයි. 
නැනෝ පරිමාණය මත රදා පවතින මෙම සුවිශේෂි ලක්ෂණ පිලිබද පර්යේෂණ පවත්වන පර්යේෂකයන් මෙය නැනෝ විද්‍යාව ලෙස හදුන්වනු ලබන අතරඑම ලක්ෂණ ඵලදායි ලෙස තාක්ෂණය සදහා යොදා ගැනිම නැනෝ ඉංජිනේරු විද්‍යාව ලෙස හදුන්වයි.
 
නෙලුම් කොලේ ඇති නැනෝ තාක්ෂණය කුමක්ද ?


නෙලුම් කොලේ මතට ජල බිංදුවක් වැටුන විට එයට සිදු වන්නේ කුමක් දැයි ඔබ දන්නවා නේද?

ජල බිංදුව ගෝලාකාර වෙයි. මතු පිට පෘෂ්ඨය නොතෙමයි.
මෙම සංසිද්ධියට මුල් වන්නේ නෙලුම් කොලේ මතු පිට පෘෂ්ඨයේ අණු සකස් වී ඇති ආකාරයයි.
 මතු පිට පෘෂ්ඨයේ අඩංගු ඉටි නිසා ජලභීතික බව ඇති වී ඇත.
මතු පිට පෘෂ්ඨය ස්පර්ෂ කෝනය 90  අංශක වලට වඩා අඩු නම් පෘෂ්ඨය ජලකාමී වෙයි.
මතු පිට පෘෂ්ඨය ස්පර්ෂ කෝනය 90  අංශක වලට වඩා‍ වැඩි නම් පෘෂ්ඨය ජලභීතික  වෙයි.

මතු පිට පෘෂ්ඨය ස්පර්ෂ කෝනය 90 සහ 160  අතර  නම් පෘෂ්ඨය ජලභීතික  වෙයි.
කුණු දූවිලි නොරදයයි.ස්වයංපිරිසිදු තත්වයට පත් වෙයි.


ස්වීඩනයේ සැලසුම්කරුවන් මෙය උපයෝගී කර ගෙන විසඳුමක් සොයා ගෙන ඇත.
 පිඟන් ආදිය සේදීමේ මෙතෙක් පැවති වදය නවතා දමන්නට. මේ නව ක‍්‍රමයෙන්  හැකියාව ලැබී ඇත.
කුණු නොඅල්ලන ස්වයං පිරිසිදු  පිගන් නිපදවීමට ඔවුනු සමත් වි ඇත.

මේ පිඟන්වලට නව තාක්ෂණයෙන් සොයා ගත් දව්‍යයක් ආලේප කෙරේ.එවිට එම පිගන් ස්වයං සේදුම් තත්වයට පත් වේ.

මේ සඳහා විශේෂ පිඟන් ආදිය නැතීමත් කෙරේ. නව සලූයිලෝස්වලින් නිපදවන ද්‍රව්‍යයකින් තනනු ලබන ඒවා සාමාන්‍ය පිඟන්වලට වඩා සැහැල්ලූයි. ඒත් ඒවාට වඩා බොහෝ සේ ශක්තිමත්ය.

සෙලියුලෝස් පල්පයක් රත් වූ අච්චුකට දමා තද කිරීමෙන් තමයි, පිඟන් බඩු තනා ගන්නේ. එසේ තනන පිඟන් බඩුවලට සුපිරි ජලරෝධක මිශ‍්‍රණයක් ආලේප කෙරේ.

ඒ ආලේපන මිශ‍්‍රණය තනා ගන්නේ ඉටි සමග කාබන්ඩයොක්සයිඞ්, අධි පීඩනයක් හා උෂ්ණත්වයක් යටතේ එකට එක් කිරීමෙන්ය. මේ ආලේපනය පිඟන් බඩුවල ගල්වන්නේ ස්පේ‍්‍ර ක‍්‍රමයටයි.

මෙසේ පිඟන් බඩුවලට ස්පේ‍්‍ර කළ පසු ඒ භාණ්ඩ මතුපිට සුපිරි ජලරෝධක තත්වයක් ඇති වේ.
සෙලූලෝස් කියන්නෙ කපු තන්තුවල, ලීවල, නියඳ ආදියෙහි තියෙන කාබනික සංයෝගයක්. එමගින් ද්‍රව්‍යවල ව්‍යුහයන්ට ශක්තිය ලබා දෙයි.

මේ නව ද්‍රව්‍ය සංවර්ධනය කර ඇත්තේ ස්වීඩනයේ ටුමරෝ මැෂින්’ (Tomorrow Machine) නම් නව සැලසුම් ආයතනයක් හා නිපැයුම් තැනීමට කැප වූ ඉන්වෙන්ටියා’ (Innveventia) නම් පර්යේෂණ සමාගමක් විසින්ය.

මේ නිෂ්පාදනය එහි නිෂ්පාදන කි‍්‍රයාවලියේ දී සම්පත් ඉතිරි කරනවා පමණක් නොව එහි මුළු ආයු කාලය තුළ ම ඒවා පිරිසිදු කිරීමට ජලය හා රසායන ද්‍රව්‍ය අවශ්‍ය වන්නේ නැහැ.මෙහි සැලසුම් කරුවන් පවසයි.

මෙහි සෙලූලෝස් පාදක ද්‍රව්‍ය අලූතින් ම නිර්මාණය කළේ ඉන්වෙන්ටියා ආයතනය වන අතර මේවායෙහි ආලේපනය ද්‍රව්‍යය නිර්මාණය කළේ ස්ටොක්හෝම්හී කේටීඑච් රාජකීය තාක්ෂණික ආයතන විසිනුයි.

සෙලූලෝස් තලපය තාපයට ලක් කළ අච්චුවකට දමා තද කිරීමෙන් බන්දේසි, පිඟන්, තසිම් හා දීසි තනනු ලැබේ.

ඒවා සිසිල් වූ පසු සාමාන්‍ය පිඟන් බඩු මෙන් ම තද, එහෙත් ඊට වඩා බරින් අඩු, ඒ වාගේ ම සුපිරි සවිමත් බවක් ලැබේ.
පිගන් පමණක් නොව මෙම තාක්ෂණය යොදා ගෙන රිදිපිලි ,තීන්ත ,වීදුරැ නිපදවීමට පර්‍යේෂකයන් සමත් වී ඇත.

උපුටා ගැනීම - http://en.wikipedia.org/wiki/Lotus_e

0 comments:

Post a Comment