March 19, 2015

පියාසර කරන කුඩා මෝටර් රථ

පියාසර මෝටර් රථයක්‌  හිමිකර ගැනීම බොහෝ දෙනාගේ සිහිනයකි. විසිවන ශත වර්ෂයේ ආරම්භයේදී මෝටර් රථ බහුල ලෙස භාවිතා වීම ආරම්භ වූ අවධියේ සිටම මිනිසුන් තුල මෙම සිහිනය පවතී. පිසාසර මෝටර් රථ වල විවිධ නිර්මාණනීය ආකෘති 1923 වසරේ සිටම ඉදිරිපත්වූ නමුත් එවැන්නක් නිෂ්පාදනය වෙතැයි 1970 දශකය දක්වා ප්‍රකාශ නොවුණි. 1940 දී හෙන්රි හෝඩ් විසින් ද දෙමුහුන් අහස්යාත්‍රා සහ මෝටර් රථ බිහිවෙන බව ප්‍රකාශ කළේය.ඉන්පසුව විවිධ සමාගම් විසින් පියාසර මෝටර් රථ පිලිබදව  පාරිභෝගිකයා රවටනු ලැබුව ද එමගින් ලද බලාපොරොත්තුව පියාසර මෝටර් රථ නිෂ්පාදනය සඳහා පිටුවහලක් විය. එහෙත් තවමත් පියාසර මෝටර් රථ පාරිභෝගිකයින් සඳහා ප්‍රායෝගික සත්‍යයක් වී නොමැත.

ස්ලෝවකියන් සමාගම පසුගිය වසරේ වියානා හී පැවති පුරෝගාමීන්ගේ උත්සවයක දී ඔවුන්ගේ පරමාදර්ශ දෙමුහුන් මෝටර් රථ/අහස් යානා ඉදිරිපත් කරමින් පියාසර මෝටර් රථ පිළිබඳ ජනතා උද්යෝගය අලුත් කරන ලදී. බොත්තමක් එබීමෙන් අනාගත ස්වරූපයේ මෝටර් රථයන් සියුම්ව අහස්යානාවක් බවට පරිවර්තනය වන ආකාරය එම වීඩියෝ පටයෙහි දැක්වේ. එපමණක් නොව ඉන්පසුව එම මෝටර් රථය පියාසර කරනු ද දැකිය හැකිය.

එම අවස්ථාවේදී AeroMobil ආයතනය මෙවැනි පියාසර මෝටර් රථ වෙළඳපොලට නිකුත්  කිරීම පිළිබඳ බලාපොරොත්තු ඇති නොකිරීමට පරිස්සම් වී තිබේ. එය තවදුරටත් දියුණු කළ යුතු බව ඔවුන් ප්‍රකාශ කර ඇත. ඉන් මාස 04 කට පසු AeroMobil සමාගම පියාසර මෝටර් රථ තව වසර 02 කින් වෙළඳපොලට නිකුත් කිරීමට හැකියාව ඇති බව ප්‍රකාශ කරයි.

මින් පෙර ද මෙවැනි පොරොන්දු විවිධ සමාගම් මගින් ලබා දී තිබුණ ද එවා ඉටු නොවීම නිසා මේ පිළිබඳව ද පාරිභෝගිකයෝ සැක පහල කරති. AeroMobil සමාගමට අනුව පළමු පියාසර මෝටර් රථය ආසන 02 කින් සමන්විත අතර එය මෝටර් රථයක් ලෙස මහාමාර්ගයේදී පැයට කිලෝමීටර 160 ක වේගයක් ද අහස්යානයක් ලෙස ගුවනේදී පැයට කිලෝමීටර 200 ක වේගයක් ද ලබා ගනු ඇත. නිවසේ ඇති ගරාජයක වුව ද නවතා තැබීමට තරම් කුඩා වන එයට  සාමාන්‍ය ඉන්ධන වලින් ධාවනය කළ හැකි වීම නිසා ඕනෑම ඉන්ධන හලකින් ඉන්ධන පුරවා ගත හැකිවේ. තව ද ඕනෑම කුඩා තණ බිම් තීරුවක් මත බැස්සවීමට හැකි බැවින් ගුවන්යානා නැවතුම්පලවල් ද අවශ්‍ය නොවේ. අධිවේගී මාර්ග මත පියාසර මෝටර් රථ බැස්සවීමට හා ධාවනය කිරීමට මාර්ග තීරුවක් වෙන් කිරීම පහසුවීම නිසා පොදු භාවිතය සඳහා ඉක්මනින් යොදා ගනු ඇතැයි ප්‍රකාශ වී තිබේ.

උපුටාගැනීම : company claims their flying car will hit markets in two years by Justin Alford

https://www.youtube.com/watch?v=cKgMRSbwdOA

0 comments:

Post a Comment