March 24, 2015

කෘතීම විදුලිය නිපදවන ශාක

මෙම සංසිද්ධියට මූලික වී ඇත්තේ ජෛව සිදීප්තිය යන සංකල්පයයි.
ඡෛව සංදීප්තිය යනු ඡීවින් තුලින් ස්වභාවිකව විදුලි ආලෝකයක් නිපදවීමය.
මෙම සිද්ධිය ඇතිවන්නේ සංදීප්ත සෛල වල සිදු වන රසායනික ප්‍රතික්‍රියාවක් මගිනි. සංදීප්ත සෛල එකතු වි ආලෝක අවයවයක් නිපදවයි.මෙම සෛල පාලනය ස්නායු මගින් සිදුවේ  මේ සදහා ස්නායු ප්‍රතිග්‍රාහක සහ කාච උපකාරී වේ.
ආලෝක තීවුරතාවය තරංග ආයාමය සහ විසරණය අනුව මෙම සංසිද්ධිය පාලනය කිරීමේ හැකියාව ඇත.මෙය ඉතා රහසිගත ක්‍රියාවලියකි.


ඡෛව සංදීප්තිය ඇතිවීම සදහා luciferin සහ luciferase හෝphotoproteinඋපකාරී වේ.Luciferin  සංයෝගය ඇත්තෙන්ම ආලෝකය නිපදවීමට උපකාර වේ.කහ එළියක් ඇතිවන්නේ Luciferin අණුවල හැසිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
ලොඩියන්ගේ ඡෛව සංදීප්තිය ඇති කිරීම සදහා green fluorescent ප්‍රෝටිනයක් වැදගත්වේ .
ක්‍රස්ටේසියාවන්ගේ ඡෛව සංදීප්තිය යන  සිද්ධිය විශේෂිත වූපේශි සංකෝචනය සහ ඉහිල්වීම මගින් පාලනය වේ.
නයිට්‍රඡන් ඩයොක්සයිඩ් මගින් ද සමහර සතුන්ගේ ඡෛව සංදීප්තිය ඇති කෙරේ.
නයිට්‍රඡන් ඩයොක්සයිඩ් මගින් සංදීප්ත සෛල ඔක්සජිනීකෘත වේ. විශේෂිත වූපේශි සංකෝචනය සහ ඉහිල්වීම මගින් ඡෛව සංදීප්තිය පාලනය වේ.
සමහර සතුන් තුල  ජෛව සංදීප්තක සෛල නොමැති අතර ඡෛව සංදීප්තිය පෙන්නුම් කරන බැක්ටීරියා සමග සහජිවන සංගම් සාදා තම ආලෝක අවශ්‍යතාවය සපුරා ගනී.
කණමැදිරියන් හා රෑ බදුල්ලන් තුල ද  ජෛව සංදීප්තිය යන සංසිද්ධිය දක්නට ලැබේ.දීලීර විශේෂ රාශියක ඡෛව සංදීප්තිය දක්නට ලැබේ.එම නිසා ආලෝකය විහිදුවන බිම් මල් විශේෂ අපට හදුනා ගත හැකිය.
Neonothopanus යනු විශාලම සහ දිදිලන බිම් මල් විශේෂයකි.
මෙම බිම් මල් අදුරැ වනය ආලෝකමත් කිරීමට සමත් වී ඇත.  ජෛව සන්දීප්තිය නොහොත් ස්වාභාවික පරිසරයේදී හමුවන ආලෝකය විහිදුවන ශාක විශේෂ අධ්‍යයනය කිරීමේ විශේෂ උනන්දුවක් ආචාර්ය ඇලෙක්සෙන්ඩර් ක්‍රයිචෙවැස්කි (Dr. Alexander Krichevsky) සතු විය. ශාක වල අණුක ජෛව විද්‍යාව සහ ඇතැම් සමුද්‍රීය බැක්ටීරියා විශේෂයන් ගේ සංදීප්තිය නොහොත් ස්ව ආලෝකය (bioluminescence) අධ්‍යයනය කිරීමේන් ආලෝකය විහිදුවන ශාකනිපදවීමට ආචාර්ය ඇලෙක්සෙන්ඩර් උත්සාහ කලේය.

වසර ගණනාවක පර්යේෂණ වල ප්‍රතිථලයක් ලෙස ලොව පලමු වරට,තමා විසින්ම ස්වාභාවිකව ආලෝකය විහිදුවන ශාක බිහි කිරීමට ආචාර්ය ඇලෙක්සෙන්ඩර් සමත් විය.

සුළඟ මගින් ඇති කරන කම්පන ශක්තියෙන්, සුර්යාලෝකයෙන්, සහ පාරිසරික උෂ්ණත්ව අඩුවැඩි වීම් වලින් (temperature fluctuations) විදුලිය නිපදවන කෘතීම ශාකයක් නිර්මාණය කිරීමට ෆින්ලන්තයේ තාක්‍ෂණික පර්යේෂණ මධ්‍යස්ථානයේ (Technical Research Centre of Finland) පර්යේෂකයින් පිරිසක් සමත් වී ඇත. මෙම ශාකයට තමන් නිපදවන විදුලිය ගබඩා කර තබාගෙන ජංගම දුරකථන ආරෝපණය කිරීම, LED විදුලි පහන් භාවිතයෙන් ආලෝකය සැපයීම වැනි කාර්යයන් සිදු කිරීමට හැකියාව ඇත.

ත්‍රිමාණ මුද්‍රණ තාක්‍ෂණය (3D printing) භාවිතා කර තමයි මෙම ශාකය නිපදවන්නේ. නිවාස ඇතුලත මෙන්ම පිටතත් මෙම ශාකයට විදුලිය නිපදවීම සිදු කරන්න හැකියාව තිබෙනවා. මෙම ශාක නිෂ්පාදනය සඳහා භාවිතා කරන ත්‍රිමාණ මුද්‍රණ ක්‍රියාවලිය නිසා විශාල වශයෙන් මෙම ශාක නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත. මේ නිසා මෙය ගෘහ අලංකරණ භාණ්ඩයක් ලෙස වෙළඳපොළට විශාල වශයෙන් නිකුත් කිරීමට හැකියාව ඇත.
මෙම ශාකයේ කොල සදා තිබෙන්නේ නම්‍යශීලි කාබනික සුර්ය පැනල වලින්(organic solar panel).සෑම පත්‍රයකටම එයට වෙන්වූ power converter එකක් ඇත. මෙය සතු මෙම multi-converter පද්ධතිය නිසා සූර්ය ශක්තියෙන් පමණක්ම නොව වෙනත් ශක්ති ප්‍රභව (සුළඟ, පරිසර උෂ්ණත්ව වෙනස ආදිය) මගින් නිපදව වන විදුලි බලයද එකම පරිපථයක් හා සම්බන්ධ කර භාවිතා කරන්නට මෙම ශාකයට හැකියාව ඇත.
මෙම ශාකයේ කඳ නිර්මාණය කර තිබෙන්නේ ශාකමය වූ මිශ්‍රණයකින්. මෙයත් නිෂ්පාදනය කරන්නේ ත්‍රිමාණ මුද්‍රණය මගින්. ගසේ කොළ ප්‍රමාණය මත ගසේ විදුලි නිෂ්පාදන ධාරිතාවය රඳා පවතිනවා. මේ නිසා සුදුසු පරිදි සුදුසු ස්ථාන වල මෙම ශාක තබා පරිසර අලංකාරය ඇති කරන ගමන්ම බොහොම පරිසර හිතකාමී ලෙසින් විදුලිය නිෂ්පාදනයේ හැකියාව ඇත.

අනාගතයේ තවත් නව නිපැයුම් හා සම්බන්ධ වීමට ඔබට හැකි වනු ඇත.

උපුටා ගැනීම - Artificial light emmiting plants

0 comments:

Post a Comment