March 13, 2015

මානසික ආතතිය ඔබම මැන ගන්න.

ඉඳිකටුවට බියද? මානසික ආතතිය පරීක්ෂාව සඳහා රුධීර පරීක්ණයට අමතර සරළ පරීක්ෂණයක් ඇත. ඒ සඳහා ඔබට වෛද්‍යවරයෙකු අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ පැන්සලක් සහ ඔබගේ කාලය පමණි.
ඔබ අන්තරාදායක ආතතියකින් පෙළෙන්නේදැයි පරීක්ෂා කිරීමට විද්‍යාඥයින් විසින් ප්‍රශ්ණාවලියක් සකසා තිබේ. කැමගී විශ්ව විද්‍යාලයේ මානසික ස්නායු විශේෂඥයකු වූ සෙල්ඩන් කෝගෙන් විසින් මානසික ආතති පරිමාණය කිරීම සඳහා මෙම ක්‍රමය නිර්මාණය කර ඇත.
මෙම ප්‍රශ්ණාවලියේ ඇති වැදගත් එහෙත් සැඟවුණු කරණු නම් සියලු ප්‍රශ්ණ (අවස්ථා) සඳහා ඔබ ලබාදෙන පිළිතුරට (ඔබේ ක්‍රියාවට) ලැබෙන ලකුණ ප්‍රමාණය අඩු කරගැනිමට හැකි  පිලිතුරක්(ක්‍රියාවක්) දක්වා ඔබේ ක්‍රියාව දියුණු කරගැනීමට ඔබ විසින් ඔබ තුලම මතුකර ගත යුතු ස්වයං ශික්ෂණයකි.
ඔබගේ ආතතිය පිළිබඳ ප්‍රශ්ණාවලිය - පසුගිය මාසයේ  ඔබ පහත අවස්ථාවලදී ක්‍රියාකළ ආකාරය මනින්න
                   ප්‍රශ්ණ
ලකුණු ලබා දෙන ආකාරය
 ඔබේ ලකුණු
1.      යම් බලාපොරොත්තු රහිත දෙයක් නිසා කලබල වෙනවාද
1 සිට 6 දක්වා ලකුණු ලැබීම්

Ø  කිසිවිටක නැත - 0
Ø  බොහෝදුරට හැක - 1
Ø  සමහරවිට ඔව් - 2
Ø  බොහෝවිට ඔව් - 3
Ø  නිතරම සිදුවේ - 4


2.      ඔබේ ජීවිතයේ වැදගත් දේ පාලනය කිරීමට ඔබට නොහැකි වූ බව ඔබට හැඟේද?

3.      ආතතියක් හෝ කම්පණයක් දැනේද?

4.      ඔබට පාලනය කළ නොහැකි නිසා යමක් සිදුවීමෙන් ඔබ කෝප වෙනවාද?

5.      ජයගත නොහැකි බොහෝ කරදර ඔබට ඇතිවූ බව හැඟෙනවාද?

6.      ඔබගේ වගකීම සඳහා ඔබට සාර්ථකව මුහුණ දීමට නොහැකිවූ බව පෙනුනාද?

7.      ඔබගේ පෞද්ගලික ප්‍රශ්ෆණ ඔබට පාලනය කිරීමට හැකි බවට විශ්වාසයක් ඇති බව දැනෙනවාද?
7 සිට 9 දක්වා ලකුණු ලැබීම්
Ø  කිසිවිටක නැත - 4
Ø  බොහෝදුරට නැත - 3
Ø  සමහරවිට ඔව් - 2
Ø  බොහෝවිට ඔව් - 1
Ø  නිතරම සිදුවේ - 0

8.      සිදුවීම් ඔබට අවශ්‍ය ආකාරයෙන් සිදුවන්නේ යැයි හැඟෙනවාද?

9.      සිදුවීම් වලදී ඔබ ඉහළින් සිටින බව දැනෙනවාද?


ඔබගේ ලකුණු එකතු කරන්න.
සාමාන්‍ය තත්ත්වය ලකුණු 13 ලෙස සැලකේ.ලකුණු 20 හෝ ඊට වැඩිනම් ආතතිය වැඩිය.
උපුටාගැනීම : http://www.popsci.com/quiz-how-stressed-are-you     by K.D.Atherton

0 comments:

Post a Comment