March 19, 2015

කිරිපිටි පැකට් මෙන් මධ්‍යසාර පිටි පැකට්

පැල්කොහොල් (Palcohol)  ලෙස නම් කර ඇති මධ්‍යසාර පිටි අලෙවි කිරීම මධ්‍යසාර හා දුම්කොළ සහ වෙළඳ සංගමය විසින් පසුගිය සතියේදී අනුමත කර තිබේ. එනම් Palcohol ස්වල්පයක් වතුර සමග මිශ්‍ර කිරීමෙන් මධ්‍යසාර වීදුරුවක්‌ සකසා ගත හැකිය. දැනට වොඩ්කා හා රම් ලෙස සැකිසිය හැකි මෙම බීම සමග අවශ්‍ය ලෙස සෝඩා වැනි  වෙනත් බීම ද මිශ්‍ර කළ හැකිවේ. කෙසේ වෙතත් සෞඛ්‍ය විශේෂඥයින් හා නිලධාරීන් මේ සම්බන්ධ තම කණගාටුව පළ කර තිබේ. එමගින් ඉතා පහසුවෙන් මධ්‍යසාර පරිභෝජනය කිරීමේ හැකියාව ලැබීම නිසා බාලවයස්කාරයින් බීමට පුරුදු වීම සහ ඉහළ මධ්‍යසාර පරිභෝජනයන් ඇති විය හැකි යැයි ඔවුන්ගේ අදහසයි.

මධ්‍යසාර අලෙවිය සම්බන්ධයෙන් පවතින නීති හා රෙගුලාසි මධ්‍යසාර පිටි අලෙවිය සඳහා ද යොදා ගත හැකි බැව් නිෂ්පාදන සමාගම් පවසති. උදාහරණයන් ලෙස මැඩවුසෙට්ස් හී මත්පැන් ආනයනය නිෂ්පාදනය හා විකිණීම තහනම්ය. එහෙත් ඇරිසෝනා හී මෙම Palcohol අලෙවිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. දැනට මධ්‍යසාර ඇසුරුම් කිරීම සදහා බෝතල්, කෑන් වැනි පරිසර හිතකාමී නොවන ඇසුරුම් භාවිතය අඩුවීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීම පහසුවීම සිදුවිය හැකි නමුත්    මධ්‍යසාර පිටි හා වෙනත් කුඩු වර්ග මිශ්‍ර කිරීම සිදුවිය හැකි නිසා මෙමගින් සිදුවන හානිය තවදුරටත් බරපතල  විය හැකිය. ඒ නිසා මෙවැනි නිෂ්පාදන සෑම සංස්කෘතියකට එක ලෙස බලනොපාන බැවින් ඒ පිලිබදව විමිසිලිමත්ව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වේ.
 උපුටාගැනීම :
Powdered alcohol is now legal in the USA  by Janet Fang

https://www.youtube.com/watch?v=GTKP4gO3_m0

1 comments:

Post a Comment