March 16, 2015

ඔබේ මතකය වැඩිදියුණු කරන ආහාර වර්ග 8ක් ගැන දැනගන්න.

වෛද්‍ය විද්‍යාත්මකව පර්යේෂණ වලට අනුව මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය සහ භෞතික ක්‍රියාකාරකම් සඳහා ආහාර ප්‍රධානම අමුද්‍රව්‍ය වේ. සමහර ආහාර ඔබේ මොළයේ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමට සහ බුද්ධිය වර්ධනය සඳහා බලපානු ලැබේ. මෙම අහාර ප්‍රධාන වශයෙන් කිරි, බිත්තර, මාළු, මොනොසෝඩියම ග්ලුටමේට්, රටකජු, ඉරිගු, මිරිස්, සහ නිවිතියයි.   
  ඔබගේ මොළයේ සෛල වර්ධනය සදහා අවශ්‍ය ප්‍රෝටීන්, කැල්සියම්,  විටමින් බී1 , සහ ඇමයිනෝ අම්ල කිරිවල අන්තර්ගත වේ. කිරිවල ඇති කැල්සියම් ශරිරයේ මොළය මගින් අවශෝෂණය කර සෞඛ්‍යාරක්‍ෂිත වර්ධනයට උපකාර වේ. විටමින් බී1  ස්නායු සෛල වල සාමාන්‍ය වර්ධනය වැඩිදියුණු කරනු  ලැබේ. ඔබ නින්ද නොයෑමේ රෝගයෙන් පෙළෙන පුද්ගලයෙක් නම් නින්දට පෙර කිරි වීදුරුවක් පානය කිරීමෙන් ඔබට සුවදායක නින්දක් හිමිවේ.
බිත්තර වල බහුලව ලෙසිතින් අඩංගු වේ. මෙම ලෙසිතින් ශරීරයට ගිය විට එය ආහාර මාර්ගයේ ඇති එන්සයිම මගින් ඇසිටිල් කෝලීන් බවට වියෝජනය වේ. මෙම  ඇසිටිල් කෝලීන් රුධිරය හරහා මොළයේ සෛල වලට ගොස් මතකය වැඩිදියුණු කරයි. වෛද්‍ය පරීක්ෂණ වලට අනුව දවසකට බිත්තර 1ක් හෝ 2ක්  ආහාරයට ගැනීමෙන් ප්‍රමානවත් කෝලීන් ප්‍රමාණයක් ලැබී මොළය ආරක්ෂා කරයි. 
        මාළු මගින් මොළයේ ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍ය ප්‍රෝටීන් සහ කැල්සියම් ලබාදේ. මිරිදිය මත්ස්‍යයින්ගේ අන්තර්ගත මේද අම්ල රුධිර නාලිකා ආරක්ෂා කරන අතර මොළයේ සෛල වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යනු ලැබේ.
මොනොසෝඩියම් ග්ලුටමේට් වල අඩංගු සෝඩියම් ග්ලුටමේට් ආහාර මාර්ගයේ ඇති ආමාශයික අම්ල මගින් ග්ලුටැමික් අම්ලය බවට පරිවර්තනය වේ. මේ මගින් මොළයේ පරිවෘත්තිය ක්‍රියාවලිය, බුද්ධිය වර්ධනයට සහ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණුවට දායකවේ.
රටකජු වල ලෙසිතින් සහ Cephalin අඞංගු වේ. මෙම ලෙසිතින් සහ Cephalin ස්නායු පද්ධතියට වැදගත් සංයෝගවේ. ප්‍රමාණවත් තරම් රටකජු ආහාරයට ගැනීමෙන් මොළයේ රධිර සංසරණය,මතකය වැඞිදියුණු කිරීම සහ මොළයේ සෛල පැරණි වීම වලකාලයි.
ඉරිගු වල අසන්තෘප්ත මේද අම්ල වන ලිනොලෙයික් අම්ලය අඩංගු වේ. මෙම මේද අම්ල මොළයේ රුධිර නාළිකා ආරක්ෂා කරන අතර රුධිරයේ මේද ප්‍රමාණ අඞු කරයි. මෙහි අධිකව අඞංගු ග්ලුටැමික් අම්ලය මොළයේ සෛලවල පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරන අතර මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි.
මිරිස්වල අධිකව විටමින් සී සහ කැරොටින් අඞංගු වේ. මිරිස් ආහාරයට එක්කිරීමෙන් රසය වැඩිවීම, ආහාර රුචිය වැඞිවීම සහ මොළයේ රධිර සංසරණය වැඞිදියුණු වීම සිදුවේ.

සකස් කලේ - ඒ.ඒ.සී.වී. අතාවුද
                     විද්‍යා හා තාක්ෂණ නිලධාරි - අරණායක

1 comments:

"මොනොසෝඩියම් ග්ලුටමේට් වල අඩංගු සෝඩියම් ග්ලුටමේට් ආහාර මාර්ගයේ ඇති ආමාශයික අම්ල මගින් ග්ලුටැමික් අම්ලය බවට පරිවර්තනය වේ. මේ මගින් මොළයේ පරිවෘත්තිය ක්‍රියාවලිය, බුද්ධිය වර්ධනයට සහ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණුවට දායකවේ."

මෙහෙම කියනවට මේක ලියපු කෙනාට කීයක් දුන්නද දන්නෙ නැහැ

Post a Comment