March 2, 2015

ලොව විශාලතම සුර්ය විදුලි බලාගාරය

ලොව විශාලතම සූර්ය විදුලි බලාගාරය ඇමෙරිකාවේ කැලිෆෝනියා හිදී 2015 පෙබරවාරි 9 විවෘත ලදී. කැලිෆෝනියාවේ රිවර්සයිඩ් ප්‍රාන්තයේ පිහිටි කාන්තාරයක ඉදිකර ඇති මෙම සූර්ය විදුලි බලාගාරය මගින් මෙගා වොට් 550ක ධාරිතාවයකින් විදුලිය නිෂ්පාදනය කරන  අතර මෙය  නිවාස 160,000කට අවශ්‍ය විදුලිය සැපයීම සඳහා ප්‍රමාණවත් වන බව සඳහන්.


මෙම ව්‍යාපෘතියේ ලාභය ලෙස බලශක්ති දෙපාර්තමේන්තුව මගින් ඇස්තමේන්තු කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් හෝ 6ක් පමණ වනු ඇති. පුරා වසර තුනක් සේවකයින් 440 දෙනෙක් මෙම විදුලිබලාගාරය ගොඩනැගීම සඳහා දායක වී ඇති අතර, දැන් එම බලාගාරය ක්‍රියාත්මක කිරීම සදහා පුර්ණ කාලීන සේවකයින් 15 දෙනෙක් යොදවා තිබෙනවා.
විකල්ප බලශක්ති සඳහා කැලිෆෝනියා ප්‍රාන්ත රජය විශාල වශයෙන් මුදල් ද ආයෝජනය කරන අතර  ඔවුන් ඒ පිලිබඳව ඉතා විශාල උනන්දුවක් දක්වනවා.


මෙසේ ඉතාම සීග්‍රයෙන් සහ සාර්ථකව විකල්ප බලශක්ති වෙත යොමුවීමට ප්‍රාන්ත රජයේ ප්‍රතිපත්ති බොහෝ සෙයින් බලපා තිබෙන  අතර වසර 2020 වන විට ප්‍රාන්තයේ බලශක්ති අවශ්‍යතා වලින් 33%ක්ම පුනර්ජනනීය ප්‍රභව වලින් ( renewable energy) ලබා ගැනීමට ඔවුන් සැලසුම් කර ඇති බවත්  එමෙන්ම  වසර 2030 වන විට මෙම ප්‍රමාණය 50%  දක්වා ඉහල නැංවීමටත් ඔවුන්ගේ  අපේක්ෂාව  බව කැලිෆෝනියා ප්‍රාන්ත රජයේ බලධාරීන් ප්‍රකාශ වල සඳහන්.

0 comments:

Post a Comment