March 12, 2015

BPA ගැන ඔබ දන්නවාද?


BPA   යනු bisphenol A හදුන්වන කෙටි නාමයයි.1960 සිට මේ දක්වා කර්මාන්ත ශාලාවල සමහර ප්ලාස්ටික් හා රෙසින නිෂ්පාදනය සදහා මෙම BPA භාවිතා කරයි.මෙම BPA , පොලි කාබනේට ප්ලාස්ටික් ( polycarbonate plastics) සහ ඉපොක්සි රෙසින (epoxy resins) තුල දැකිය හැක.මෙම පොලිකාබනේටි ප්ලාස්ටික් , ආහාර ද්‍රව්‍යය හා බීම වර්ග ගබඩා කිරීමට භාවිතා කරන ඇසුරුමි වල දැකිය හැක.උදා: වතුර බෝතල්,දරුවන්ගේ කිරි බෝතල් යනාදිය.

ඉපොක්සි රෙසින(epoxy resins) ලෝහ නිෂ්පාදනවල ඇතුල් ස්ථරයේ දැකිය හැක.එනමි ආහාර ද්‍රව්‍යය අසුරන කෑන් වර්ග,බෝතල් වැසුමි(Bottle tops) සහ ජලය සපයන නල මාර්ගවල දැකිය හැක.

සමහර දන්ත පිරවුමි වලද,අක්ෂි කාච වලද, DVD සහ CD වලද  මෙම BPA දැකිය හැක.තවද නිවෙස්වල භාවිතා කරන විදුලි උපකරණ සහ ක්‍රිඩා උපකරණ වලද මෙම BPA දැකිය හැක.මෙම bisphenol A  අන්තරාසර්ගි හෝමෝන පද්ධතිය සදහා බාධකයක් ලෙස ක්‍රියා කරයි.ස්වභාවික හෝමෝන නිෂ්පාදනය,ශ්‍රාවය,ප්‍රවාහනය සහ ක්‍රියාකාරිත්වය සදහා මෙය බලපැමි කල හැක.මෙම BPA , අප ශරීරයේ  ස්වභාවිකව නිෂ්පාදනය වන හෝමෝන  මගින් සිදුකරන ක්‍රියාකාරිත්වය ,අනුකරණය කිරිමේ හැකියාව ඇති බැවින් එය අපගේ ශරීර සෞඛ්‍යයට හානිදායක විය හැක.කුඩා දරුවන් හා තරුණ වියේ පසුවන්නන් , මෙම BPA ගින් සිදුකරන්නාවු අහිතකර බලපෑමි සදහා ඉතා සංවේදි වේ.රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය(CDC)   මගින් කරන ලද පර්යේෂණ අනුව වැඩිහිටියන්ගෙන් 95% ක හා ළමයින්ගෙන් 93% ක මුත්‍රා සාමිපල් පරික්ෂා කලවිට මෙම BPA දැකිය හැකි බව පෙන්වාදි ඇත.


මිනිසා BPA සදහා නිරාවරණය වන ප්‍රධානම ආකාරය , කෑන් වල අසුරණලද ආහාර හා ගැටෙන ප්ලාස්ටික් ස්ථරය බව සොයාගෙන ඇත.මෙම BPA දැකිය හැකි පොලිකාබනේටි (polycarbonate) ප්ලාස්ටික්  භාජන සහ ඇසුරුමි,සේදුමිකාරක දියර,උණුසුමි දියර වර්ග හෝ ආමිලික ද්‍රාවණ‍යන්ගෙන් පිරිසිදු කලවිට එහි සුමට ස්ථරය පළුදුවන බැවින් BPA වැඩි වශයෙන් ආහාරවලට එකතුවිම සිදුවේ.


තවද Thermal කඩදාසි සහ කාබන් රහිත කඩදාසි වලද විවිධ ප්‍රමාණවලින් BPA අඩංගු විය හැකි අතර ඒවා අතෙහි සහ අතැගිලි වල තැවරීමට පුළුවන.මෙම Thermal කඩදාසි සිනමාශාලාප්‍රවේශ පත්‍ර, ලේබල් සහ ගුවන්ගමන් ප්‍රවේශපත්‍ර සදහා භාවිතාකරනු දැකිය හැක.මෙහි අඩංගු BPA සම හරහා අවශෝෂණය නොවන අතර අත් සහ අතැගිලි හරහා මුඛය තුලින් ආහාර මාර්ගයට ඇතුළුවිය හැක.

පොලිකාබනේටි බෝතල් වතුරබිම සදහා භාවිතාකරනවිට  BPA ශරීරගතවිම තුන්හතර ගුණයකින් වැඩිවනබව පර්යේෂණ මගින් සොයාගෙන ඇත.
එමෙන්ම මවිකිරිවලින් පෝෂණය වන දරුවකුගේ ශරීරගතවන BPA ප්‍රමාණය ඉතාඅඩුවන අතර ප්ලාස්ටික් බෝතල්වලින් කිරිබොන දරුවන්ට ශරිරගතවන BPA ප්‍රමාණය ඉතා ඉහලය.

  
BPA රිරගත වු විට ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු මොනවාද?

ප්‍රජනක පද්ධතියේ අසාමාන්‍යතා ඇතිවිය හැක.එනමි කාන්තාවන්ගේ ඩිමිබ පරිනතවීම හා සමිබන්ධ ගැටළු මතුවිය හැක.
පුරුෂ ශක්තිය හීනවීම (Male impotence) හා ලිංගික ආශාවන් නැතිවි යා හැක.
කාන්තාවන් තුල  හෘද රෝග ඇතිවිය හැකිබව හදුනාගෙන ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේ කරන ලද පර්යේෂණයක් මගින් වැඩිහිටියන් දියවැඩියාව හා හෘද රෝග සදහා ගොදුරුවිය හැකිබව හදුනාගෙන ඇත.
තවද පුරුෂයන් තුල ලිංගික හොමෝන වල වෙනස්කමි සිදුවිය හැකි බවද පෙන්වාදිඇත.මොළයේ ක්‍රියාකාරිත්වයේ වෙනස්කමිද සිදුවිය හැක.එනමි ධාරණ හැකියාව සහ ඉගෙනගැනිමේ හැකියාවද අඩුවන බව සොයාගෙන ඇත.
කාන්තාවන්ගේ ඩිමිබ වල සරු භාවය කෙරෙහිද බලපැමි සිදුකලහැකිබව හදුනාගෙන ඇත.තවද කාන්තාවන් තුල පියයුරු පිළිකා වර්ධනය වීමේ හැකියාවද ඇති බව පර්යේෂණ මගින් සනාථ වි ඇත.
ඇදුම රෝගය සදහාද බලපෑමි සිදුකල හැකිබව සොයාගෙන ඇත.

BPA ශරිරගතවිම වලකාලිම සදහා ආහාර සහ ඖෂධ අධිකාරිය මගින් පෙන්වාදී ඇති උපදෙස් වනුයේ,

BPA රහිත නිෂ්පාදන මිළදි ගැනිමට උනන්දු විය යුතුය.මෙහිදි මෙම නිෂ්පාදනවල ලේබලයේ BPA රහිතය යන්න සදහන්කර ඇත.ප්ලාස්ටික් නිෂ්පාදනවල අංක 3 හෝ 7 යොදා ඇත්නමි එය BPA සහිත නිෂ්පාදනයකි.
කෑන් වල අසුරන ලද ආහාර පරිභෝජනයෙන් වැලකිය යුතුය.එයට හේතුව බොහෝ කෑන්වල ඇතුල් පෘෂ්ඨයේ BPA ආලේපනය කර ඇත.
තවද BPA අඩංගු භාජන කිසිම අවස්ථාවක රත්කිරිමෙන් වලකින්න.එයට හේතුව මෙම ප්ලාස්ටික් වියෝජනය වී එහි අඩංගු  BPA ආහාර සමග මුසුවිය හැක.ආහාරවල කුඩා ප්‍රමාණවලින් BPA පැවතීම හානිදායක නොවන තර නිතර එම ආහාර ද්‍රව්‍යය ලබාගත්විට ඉහත සදහන් ආකාරයේ  සෞඛ්‍යයට අහිතකර බලපෑමි සිදුකරන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත.
ප්ලාස්ටික් ඇසුරුමි වෙනුවට උණුසුමි ආහාර ද්‍රව්‍යය බහාලිම සදහා විදුරු,පෝසිලේන් හෝ මළනොබැදෙන වානේ භාජන භාවිතාකිරීමට පුරුදු විම වැදගත්ය.

එබැවින් BPA අඩංගු ප්ලාස්ටික් භාජන භාවිතයෙන් ඈත්විම නුවනට හුරුය.


උපුටාගැනීම - www.medicalnewstoday.com
                       www.wikipedia.org/wiki/Bisphenol
.       
කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි

    

0 comments:

Post a Comment