Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

August 17, 2020

මොකක්ද මේ PCR පරීක්ෂණය?

ලොව පුරා පැතිරී ගිය කොරෝනා වසංගතයත් සමගම අපට නිතර අසන්නට ලැබුණු වචන කිහිපය අතුරින් එකක් වුණේ PCR පරීක්ෂණය යන වචනය යි.මෙය ඉංග්‍රීසි වචනයක කෙටි යෙදුමකි. එම  ඉංග්‍රීසි වචනයක  වන්නේ Polymerase chain reaction  යන්නයි. එය කෙටි කළ විට PCRවේ. මෙම පරීක්ෂණය පිළිබඳවමුල් වරට ලෝකයට ඉදිරිපත් කරනු ලැබුවේ 1983 වසරේ දී යි. එදා කේරි මුලිස් නම් ඇමරිකානු විද්‍යාඥයාසොයාගත් මෙම පරීක්ෂණ ක්‍රමය කොරෝනා වසංගතය ඇතිවීමට පෙර සිටම විවිධ කාර්යයන් සඳහා යොදාගනු ලැබීය.

පුද්ගලයාගෙන් පුද්ගලයාට DNA වෙනස්වන නිසා අධිකරණ වෛද්‍ය විද්‍යාවේ දී අපරාධකරුවන් හඳුනාගැනීම සහ වෙනත් කාර්යයන් සඳහා මෙම පරීක්ෂණය යොදාගනු ලබයි. (ශ්‍රී ලංකාව තුළ මුල්ම වරට ඝාතනයක අපරාධකරුවන් සොයාගැනීම සඳහා මෙම පරීක්ෂණය යොදාගනු ලැබුවේ 1999 වසරේ සිදු වුණු හෝකන්දර සය පුද්ගල ඝාතනයේ දී යි. )ඊට අමතරව යමෙකුගේ දෙමාපියන් හඳුනාගැනීම සඳහා මෙන්ම විවිධ ආසාදනයන් හඳුනාගැනීමට මෙම පරීක්ෂණය සිදු කරයි.

 වෛරසයක් තුළ ඇත්තේ DNA හෝ RNA යන න්‍යෂ්ඨික අම්ලවලින් එකක් පමණි.ඒ අනුව කොරෝනාවෛරසය තුළ ඇත්තේ RNA නම් වුණු න්‍යෂ්ටික අම්ලය යි. RNA හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණය සිදු කළ නොහැකියි. එම නිසා RNA පිටපත් කර හඳුනාගැනීම සඳහා එන්සයිමයක් භාවිතා කරමින් RNA, DNAවලට පරිවර්තනය කරගත යුතු යි. එහි දී  Reverse Tranceiptase නම් එන්සයිමය යොදා ගනී.එමඟින් සිදුවන්නේ RNAවලට අනුරූප DNA නිර්මාණය කිරීම යි. එම පරිවර්තනය කිරීමෙන් පසුව ලැබෙන DNAවලට PCR පරීක්ෂණය සිදු කළ හැකියි. 


PCR පරීක්ෂණයේ පියවර පහත දැක්වේ.

1) මෙම පරීක්ෂණය සිදුකිරීමේ දී මුලින්ම අදාළ අයගෙන් සාම්පල ලබාගත යුතු යි. ඒ සඳහා දිග cotton bud එකක් වැනි දෙයක් නාසයෙන් හෝ මුඛයෙන් ඇතුළු කර උගුර සහ නාස් කුහරය කෙළවර ආසන්නයෙන් සෙම සාම්පලයක් ලබා ගනියි.(මේ නිසා සමහරු මෙම පරීක්ෂාව සෙම් පටල පරීක්ෂාව ලෙසද හදුන්වති). 

2) ඉන් පසුව  ලබාගත් සෙම සාම්පල PCR පරීක්ෂණය සඳහා රසායනාගාර වෙත යොමු කරයි. මෙහිදී සාම්පල පැය 48ක් තුළ රසායනාගාරය වෙතට යැවිය යුතු යි. එලෙස යවන සාම්පල ප්‍රවාහනයේ දී සහ ගබඩා කර තැබීමේ දී නිර්දේශ කර ඇති උෂ්ණත්ව පරාසවල රඳවා තැබිය යුතු යි. 

3) RNA අණු පවතින්නේ යුගල දෙකක හෙලික්සීය ව්‍යුහයක් ආකාරයට යි. ඒ අනුව පරීක්ෂණයේ පළමු පියවරේ දී සිදුකරන්නේ එම හෙලික්සීය ව්‍යුහය දෙකඩ කිරීම යි. ඒ සඳහා මුලින්ම RNA අඩංගු මිශ්‍රණය රත් කිරීම සිදු කරනු ලබයි. එහි දී ලැබෙන උෂ්ණත්වය මඟින් RNA අණුවේ ඇති හයිඩ්‍රජන් බන්ධන බිඳී යයි. එමඟින් RNA අණුවේ පොටවල් දෙක වෙන් කර ගැනීමට හැකියි.

4) ඉන් අනතුරුව RNA අඩංගු මිශ්‍රණය සිසිල් වීමට සලස්වයි. එම පියවරේ දී ප්‍රයිමර්ස් (primers) හෙවත් පිටපත් කිරීමට අවශ්‍ය RNA කොටස් හඳුනාගැනීමට ලබයි. ඉන් පසුව Reverse Tranceiptase නම් එන්සයිමය භාවිතා කරමින් RNAවලට අනුරූප DNA නිර්මාණය කර ගත හැකියි. එලෙස නිර්මාණය කරගත් DNA කෘතිමව පිටපත් කරන අවස්ථාවේ දී ලබාගත් සාම්පලයේ වෛරසය තිබුණා නම් ඒවා දෙගුණ තෙගුණ වෙමින් පිටපත් බිලියන ගණනක් ප්‍රයිමර්ස්වලට පිටපත්වේ. එමඟින් කොරෝනා රෝගියෙකු හඳුනාගැනීමට සිදු කළ හැකිය.

5) මෙම පරීක්ෂණය සිදුකිරීමෙන් පසුව රෝගය නොමැති බව සනාථ කරගත් අයගෙන් යම් ප්‍රතිශතයකට රෝගය තිබිමේ හැකියාවක් පවතී. ඒ අනුව රෝගියාගේ ආසාදන තත්ත්වය තීරණය කිරීම සඳහා පරීක්ෂණයේ ප්‍රථිපල මෙන්ම රෝගියාගේ ඉතිහාසය සහ වෙනත් රෝග පිළිබඳව තොරතුරු වසංගත විද්‍යාත්මක අංශයට යැවිය යුතුවේ. මුල් PCR පරීක්ෂණයෙන් පසුව රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වුණු රෝගියෙකුගෙන් පසුව රෝග ලක්ෂණ පෙන්වීමට ඉඩ තිබෙන නිසාම නිරෝධානය වන පුද්ගලයන්ට දින 14ක් තුළ දෙවරක් මෙම පරීක්ෂණය කරනු ලබයි. 

 

අන්තර්ජාලය ඇසුරින් සකස් කළේ,

පී.දිමුතු ප්‍රසන් ධනසේන,-විද්‍යා හා තාක්ෂණ නිලධාරී.