Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

December 31, 2013

මහළු වීම ප්‍රමාද කරන ජාන

Polyp Hydra (බහුපාද ජලජ ජීවියා) යනු පිරිසිදු ජලයේ වෙසෙන විශේෂිත සත්වයෙකි. මහළුවීමේ ලක්ෂණ පෙන්නුම් නොකරන මෙම බහුපාද ජලජ ජීවියා අමරණීය ලෙස පෙනී යයි. කීල් විශ්ව විද්‍යාලයේ පර්යේක්ෂකයෝ Polyp hydra මහළු නොවීමට හේතු පරීක්ෂා කිරීමේදී මහළුවීමේ ක්‍රියාවලියට අදාල වැදගත් සම්බන්ධතාවයක් අනාවරණය කරගෙන තිබේ. මෙය මිනිසුන් තිරිහන් කිරීම ්‍රතිකාර ක්‍රමවල දියුණුව සඳහා වැදගත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
                                                                                             
Polyp Hydra මහළු නොවන්නේ ඇයි? අමරණීය බව පෙනීයන මෙම අපුර්ව ක්‍රියාව හේතුව මෙම සත්වයා සංසර්ගයෙන් නොව දළුලා වැඩීමෙන් ප්‍රතිනිර්මාණය වීමයි. සෑම බහුපාදියෙක්ම (Polyp) අඛණ්ඩව ප්‍රගුණය වීමට හැකි Stem සෛල වලින් සමන්විතය. මෙලෙස අවසානයක් නැති ප්‍රතිඋත්පාදක  Stem සෛල නොමතිව සත්වයෙකුට මෙලෙස ප්‍රතිනිර්මාණය විය නොහැක. සෙල්ස්විග් - හොල්ස්ටේන් විශ්ව විද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානය සමඟ කීල් විශ්ව විද්‍යාලයේ ජාන විඥේෂයින්  විසින් hydra අමරණීය  කරන දීරඝායුෂ ජානය මිනිසා මහළු වීම හා දුර්වල වීම විස්තර කරන බව අනාවරණය කරගෙන තිබේ.

Hydra මහළු නොවීමට හේතු වු ජානය සොයන විට අපට Foxo ජානය පිළිබඳ තොරතුරු දැනගැනීමට ලැබීම පුදුමයක් බව මෙම අධ්‍යනයේ ප්‍රධාන කතෘ, ආචාර්ය උපාධි අපේක්ෂිකා ඇනාමාරි බෝව් පවසන්නීය. මිනිසා ඇතුළු සෑම සත්වයකුටම Foxo ජානය තිබේ. Foxo ජානය මහළු වීමේ ක්‍රියාවලියට දක්වන දායකත්වය සහ කාලයත් සමඟ වයසට යන මිනිසුන්ගේ Stem සෛල ප්‍රමාණය අඩුවීම හා අක්‍රියවීම සම්බන්ධව මෙතෙක් දැන සිටියේ නැත. කාලයත් සමඟ මනුෂ්‍ය  Stem සෛල අක්‍රියත්වය වර්ධනය වීම තීරණාත්මක වේ. Stem සෛලවල අක්‍රියත්වය වර්ධනයත් සමග නව සෛල නිර්මාණය කිරීමේ හැකියාව නැතිවේ. වියපත් පටක තවදුරටත් ප්‍රතිඋත්පාදනය නොවේ. ප්‍රතිඵලයක් ලෙස මාංශපේශීන් දුර්වල වේ.

ජානමය වශයෙන් නවීකරණය කළ විවිධ Polyps (බහුපාදියෝ) සම්බන්ධව කීල් පර්යේෂකයෝ පරීක්ෂණ කරන ලදී. සාමාන්‍ය Foxo සහිත hydra,  අක්‍රිය Foxoසහිත සහ  Foxo රහිත සත්වයන් තුළ කැපීපෙනෙන ලෙස Stem සෛල අඩුවීමක්  විද්‍යාඥයන් නිරීක්ෂණය කර ඇත.  Foxo ජාන හා මහළු වීම අතර සෘජු සම්බන්ධයක් ඇතිබව අප ප්‍රදර්ශණය කළ බව පර්යේෂණය මෙහෙයවු කීල් විශ්ව විද්‍යාලයේ තෝමස් බෝයි පවසයි.අවුරුදු සීයකට වැඩි කාලයක් ජීවත්වු පුද්ගලයන්ගේ Foxo ජානය ක්‍රියාශීලිව තිබු බව විශේෂයෙන් හඳුනාගෙන ඇත. Foxo, Hydra සත්වයින්ට පමණක් නොව මිනිසුන්ටද විශේෂයෙන් බලපාන බව අවබෝධ කරගෙන තිබේ. මෙම අධ්‍යනයෙන් කරුණු දෙකක් අනාවරණය කර ගෙන ඇත.

        i.         I.    Stem සෛල පවත්වාගෙන යෑමට Foxoජාන ප්‍රධාන කාර්ය කරන අතර එමඟින් සත්වයින්ගේ ජීව කාලය නිගමනය කරන බව.
      ii.        II.   Stem සෛලවල පැවැත්ම සහ ක්‍රියාකාරී ප්‍රතිශක්ති පද්ධතිය පැවැත්ම යන කරුණු මත වියපත්වීම සහ දිගු පැවැත්ම රඳා පවතින බව 
මෙම නිගමන වලින්  මිනිසාගේ ජාන නවීකරණයෙන් මහළු වීම වැලැක්වීය හැකි බව ප්‍රකාශ කළ නොහැකි  නමුත් තිරිහන් කිරීමේ ප්‍රතිකාරවල විශාල වර්ධනයක් නුදුරු අනාගතයේ බලාපොරොත්තු විය හැකිය.

උපුටාගැනීම: Hydra's immortality gene sheds light on human aging    By Leon Gettler  December 9,


December 30, 2013

ආඝ්‍රාණ සංවේදක නියුරෝන හරහා සොයා ගැනුණු නවතම මදුරු විකර්ෂක

මදුරුවන් විකර්ෂණය කිරීමට සම මත තවරන ආලේපන වල ගන්ධයට ඔබ අකමැතිවූවා නම්, මින්ට් හෝ කැරමල් සුවඳැති වඩාත් කාර්යක්ෂම මදුරු විකර්ෂක ආලේපන ලබා ගැනීමට ඉදිරි අනාගතයේදී ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

 මදුරුවන්ගේ හිසෙන් එළියට නෙරා ඇති සංවේදක කොට්ටාහී (Sensing pads) ඇති විශේෂිත නියුරෝන හරහා (ස්නායු සෛල) මදුරුවන් උගුලකට හසුකර ගැනීමට පුළුවන. කැලිෆෝනියා රිවර්සයිඩ් විශ්ව විද්‍යාලයේ ස්නායු ජෛව විද්‍යාඥ ආනන්ද සන්කර් රේ පවසනුයේ, දීර්ඝ කාලයක් තුළ අප සිතා ගෙන සිටියේ මදුරුවන්ගේ සංවේදක කොට්ටාහි ඇති විශේෂ නියුරෝන මඟින් හඳුනාගත හැක්කේ අප ප්‍රශ්වාස කරන CO2 (කාබන්ඩයොක්සයිඩ්) පමණක් බවයි. නමුත් මේ අදහස වෙනස් වුයේ උපාධි අපේක්ෂක සිසුවියක් විසින් දීර්ඝ ඇවිදීමකට පසුව තම පාදවල ගන්ධයට මදුරුවන් ප්‍රතිචාර දක්වනු දැක ඉන් මවිතයට පත්වීමෙන් අනතුරුවයි.

 මෙම අදහස පරීක්ෂා කිරීමට පර්යේෂණ කණ්ඩායම මදුරුවන්ගේ  cpA  නමින් හඳුන්වන නියුරෝන වලට ඉතා කුඩා ඉලෙක්ට්‍රෝඩයක් සම්බන්ධ කරන ලදී. මදුරුවන් පාදවල ගන්ධයට නිරාවරණය කළවිට, CO2 නොමැති වුවද නියුරෝන උද්දීපනය වන අයුරු දක්නට ලැබුණි. එමෙන්ම cpA නියුරෝන ක්‍රියාකාරිත්වය අක්‍රිය මදුරුවන් සුළං කුටීරයක් තුළදී පාදවල ගන්ධය කවන ලද පබළු (බීඩ්ස්) වෙත ආකර්ෂණය වීම සිදු නොවිණි. සම්පුර්ණ ක්‍රියාකාරීත්වය සහිත cpA නියුරෝන ඇති මදුරුවන්ගේ මෙම ගැටළුව නිරීක්ෂණය නොවිණි. මෙමඟින් යෝජනා වුයේ මිනිස් සිරුරෙන් නිකුත්වන ගන්ධයන්ට cpA නියුරෝන සංවේදී බවයි. අප විශ්වාස කරනුයේ මෙම නියුරෝන ප්‍රශ්වාසිත වාතයේ ඇති CO2  යම්තාක් දුරක සිට නිර්ණය කරන අතර, අදාල පුද්ගලයා වෙත සමීප වීමත් සමඟ සමෙහි ගන්ධය හදුනා ගැනීමෙන් බාහු, පාද සහ අනෙකුත් ශරීර කොටස් වෙත මදුරුවන් මඟ හඳුනාගන්නා බව යැයි විද්‍යාඥ රේ පවසයි.

 DEET (N,N-Diethyl-meta-toluamide) වැනි පොදු විකර්ෂක මඟින් ඉලක්ක කරනුයේ මදුරුවන්ගේ ආඝ්‍රාණ සංවේදක නියුරෝන වන අතර එමඟින් ගන්ධයන් හඳුනා ගැනුනද CO2 (කාබන්ඩයොක්සයිඩ්) හඳුනාගැනීම  සිදුනොවේ. එහි ක්‍රියාකාරීත්වය කෙටි පරාසයක් තුළ පමණක් සිදුවන අතර, මිළ අධික මෙන්ම, අප්‍රසන්න ගන්ධයට අමතරව, මැලේරියාව, කහ උණ, ඩෙංගු වැනි මදුරුවන් ආශ්‍රිතව බෝවන රෝග ව්‍යාප්තව ඇති දිළිදු උපසහරා සහ ආසියානු රටවල දිනපතා භාවිතා කිරීමද කළ යුතුවේ. මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට භාවිතා කරන අනෙක් ආරක්ෂිත ක්‍රමය වනුයේ ප්‍රොපේන් දහනය හෝ වියළි අයිස් දියකිරීම මඟින් CO2 නිකුත් කිරීමට සැලැස්වීම වුවද, එහි නඩත්තුව අපහසු වනුයේ මිළ අධික වායු සැපයීමේ යන්ත්‍රණය නිසයි.

 අළුතින් සොයාගනු ලැබු ද්විත්ව සංවේදි හැකියාව සහිත cpA  නියුරෝන වල ක්‍රියාකාරීත්වය උපයෝගි කරගෙන වඩාත් ඵලදායි මෙන්ම ආකර්ෂණිය මදුරුවන් පාලනය කරන ක්‍රමයක් ඉලක්ක කරගත් රේ සහ ඔහුගේ කණ්ඩායම අඩ මිලියනයකට ආසන්න රසායනික සංයෝග සංඛ්‍යාවක් පරිගණක වැඩසටහනක් හරහා අධ්‍යනය කරනු ලැබුවේ CPA නියුරෝන වල ක්‍රියාකාරත්වයට බලපෑමක් ඇති කළ හැකි ව්‍යුහයන් හඳුනා ගැනීම සඳහායි. පරිගණක වැඩ සටහනෙන් හඳුනා ගත් සංයෝග දහසක් අතුරෙන්, මදුරුවන් ආකර්ෂණය කරගන්නා උගුලකට යොදාගත හැකි  සංයෝග 138 ක් වෙන්කර ගැනීමට හැකි වු අතර ප්‍රසන්න සුවඳකින් යුක්ත මෙම සංයෝග නිපදවීම ලාභදායක වන අතර ආහාර හා සුවඳකාරක සඳහා යොදා ගැනීමට ආරක්ෂිත බවට දැනටමත් අනුමත කර ඇති ද්‍රව්‍යයන්වේ. මේ එක් එක් සංයෝගයන් සඳහා මදුරුවන්ගේ cpA  නියුරෝන දක්වන උත්තේජනයන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව වඩාත් කාර්යක්ෂම සංයෝග පමණක් මිනිස් සම මත ආලේප කිරීමට හෝ ආකර්ෂණ උගුල් සඳහා භාවිතා කිරීම සිදු කරන ලදි.

  වඩාත් කාර්යක්ෂම විකර්ෂකය වුයේ එතිල් පයිරුවේට් ( Ethyl pyruvate  ) ය. පළතුරු රම් හෝ කැරමල් රසය බීඩ්ස් වලට ගෙන දෙන මෙය භාවිතය ආරක්ෂිත බවට තහවුරු වී ඇත. ඊට ප්‍රතිවිරුද්ධ වශයෙන් වඩාත් ආකර්ෂණීයම සංයෝගය වුයේ සයික්ලොපෙන්ටනෝන් (Cyclopentanone) ය. මින්ට් සුවඳැති මෙම රසායනිකය Chewing gum වල සහ සුවඳ විලවුන් වල අඩංගු වේ. මෙම රසායනික ද්‍රව්‍ය වෙත CO2 නොමැති වුවද මදුරුවන් ප්‍රබල ලෙස ආකර්ෂණය විය. ඊ ළඟ පියවර වුයේ දැනට භාවිතා කරන ක්‍රම හා සංසන්දනය කළවිට මෙම සංයෝග දෙක කෙතරම් ඵලදායිද බව පරීක්ෂා කිරීමයි.

 "අපේ බලාපොරොත්තුව යම් දිනක මෙම සංයෝග දෙක දෙයාකාරයකින් ප්‍රයෝජනයට ගැනීමයි. පළතුරු සුවඳැති  එතිල් පයිරුවේට් ( Ethyl pyruvate) වැනි විකර්ෂකයක් ළඟ සිටින මදුරුවන්ගෙන් මිනිසාව ආරක්ෂා කරන අතර නිවසේ කොනක තැනු මින්ට් සුවඳැති Cyclopentanone උගුලක් මඟින් මදුරුවන් උගුලකට හසුකර ගැනීමට හැකිවනු ඇත." ස්නායු ජෛව විද්‍යාඥ ක්‍රෙග් මොන්ටෙල් පවසනුයේ විද්‍යාඥ රේ ගේ මෙම සොයා ගැනීම මදුරුවන් පාලනයට යොදා ගන්නා නව ක්‍රම එකතුවකට පදනම සපයන බවයි. ඔහු තව දුරටත් පෙන්වා දෙනුයේ විවිධ වර්ගයේ ආඝ්‍රාණ සංවේදක නියුරෝන තවදුරටත් අධ්‍යනය කළ යුතු අතරම සමේ උණුසුම් බව හඳුනා ගන්නා නියුරෝන පිළිබඳ අධ්‍යනයන් තවදුරටත් පුළුල් කළයුතු බවයි.                                                              

උපුටා ගැනීම 
05 December 2013 by Alyssa Botelho
New Scientist ඇසුරෙනි.

 http://www.newscientist.com/article/dn24710-look-to-mosquito-smell-neurons-to-find-new-repellents.html#.UsFBS_2IrIU

December 26, 2013

ඩෙංගු මඬිමු

විද්‍යාඥයින් සහ බ්‍රසීලය ජානමය වශයෙන් නවීකරණය කළ මදුරුවන්, ඩෙංගු කාරක මදුරුවන්  බහුල ප්‍රදේශවලට නිදහස් කිරීම ආරම්භ කර තිබේ. එනම් ජානමය වශයෙන් නවීකරණය කරන ලද පිරිමි මදුරුවන් මගින් ඩෙංගු කාරක මදුරු(ඊඩීස් ඊප්තායි/Aedes aegypti) ජනගහනය අඩුකර ඩෙංගු රෝගය මැඬලීමට බ්‍රසීලය ක්‍රියාකරන බව වාර්තා වේ.මෙම නව නිර්මාණත්මක එහෙත් විවාදයට තුඩු දෙන ක්‍රියාව මාරාන්තික  ඩෙංගු රෝගය වැළැක්වීමට ගත් උත්සාහයකි. ලොව පුරා වසරකට මිලියන100 කට ආසන්න ප්‍රමාණයකට ඩෙංගු රෝගය වැළඳෙන බව ලෝක සෞඛ්‍යය සංවිධාන වාර්තා වල දැක්වේ.
 ඩෙංගු රෝගය බෝ කරන මදුරුවන් විනාශ කිරීම සඳහා විද්‍යාඥයන්  විසින් ජානමය වශයෙන් නවීකරණය කරන ලද පිරිමි ඊඩීස් ඊප්තායි මදුරුවන් දහස් සංඛ්‍යාවක් සතියකට දින තුනක්  මදුරුවන් ඇති ප්‍රදේශවලදි නිදහස් කරන ලදී. (ඩෙංගු රෝගය බෝ කරන්නේ ඊඩීස් ඊප්තායි මදුරුවාගේ  ගැහැණු සතායි) මෙම ජානමය වශයෙන් වෙනස් පිරිමි මදුරුවන් නිසා බිහිවන ඊඩීස් ඊප්තායි මදුරුවන් ඩෙංගු රෝගය ව්‍යාප්ත කිරීමට හැකි මට්ටමට වර්ධනය වීමට පෙර මිය යයි. ඒනිසා ඉතා සිඝ්‍ර ලෙස මදුරු ජනගහනය අඩුවෙයි.

බ්‍රසිලයේ පිහිටි දුෂ්කර ගම්මානයක ප්‍රජාව ඩෙංගු රෝගයෙන් මෙන්ම මදුරු වසංගතයෙන් ගැලවීම සඳහා ඔවුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කළ හැකි සියළු දේ කර තිබේ. මෙම නව ක්‍රමයේ සුදුසු හෝ නුසුදුසු  බව පිළිබඳව පුර්ණ අවබෝධයක් නොතිබුණු ගම්වාසීන් මුලින් එයට විරුද්ධතාවය පළ කරන ලදි. එහෙත් ඔවුන් දැන් එම ක්‍රමයේ නියම කොටස්කාරයන් වී තිබේ. ජානමය වශයෙන් වෙනස් මදුරුවන්  නිදහස් කිරීමෙන් භායානක ප්‍රතිඵල ගෙනදේ යැයි මුලින් සිතුවද එමඟින් විශාල යහපතක්  සිදුවු බව ඔව්හු පවසති. ඇත්ත වශයෙන් නවතම ප්‍රතිඵල වලින් ඩෙංගු රෝගය මැඩලීමට මෙන්ම මදුරු කරදරයෙන් බේරීමට මෙම විද්‍යාත්මක නිර්මාණය  ඔවුන්ට අනපේක්ෂිත උපකාරයක් කර ඇති බව පැහැදිලි වේ. මාස 06ක් වැනි සුළු කාලයකින් ඩෙංගු කාරක මදුරුවන් ප්‍රමාණය 90% කින් පමණ අඩු වී තිබේ.

ජානමය වශයෙන් නවීකරණය කරන ලද පිරිමි මදුරුවන් බෝකිරීම ගමිමානයෙන් ඈත්ව පිහිටි විද්‍යාගාරයේදී සිදු කර තිබේ. ප්‍රතිකාර ක්‍රමයේ සාර්ථකත්වය නිසා විවිධ රටවල හා ප්‍රදේශවල ඩෙංගු රෝගය මැඩ පැවැත්වීම සඳහා දැනට සතියකට මිලියන 04 ක මදුරුවන් ප්‍රමාණයක් විද්‍යාගාරයේදී අභිජනනය කෙරේ. එහෙත්  මදුරුවන් වැඩිවිය දක්වා වර්ධනය කිරීමට පෝෂණය කිරීම පහසු ක්‍රියාවලියක් නොවේ. කපු කොට්ට (Cotton pad)  වලට මුලින් මිනිස් සුවඳ එක්කර ඉන් පසු ඒවා රුධිරයෙන් පොඟවනු ලැබේ. අවසානයේ දී කපු කොට්ට ශරීර උෂ්ණත්වයට උණුසුම්කර කුඩා මදුරුවන්ගේ පෝෂණය සඳහා ලබා දෙනු ලැබේ.
 
ස්වභාව ධර්මය මිනිසා විසින් මෙලෙස පාලනය කිරීමට උත්සහ කිරීම සම්බන්ධ වර්තමානයේ දෘශ්‍ය නොවන නමුත් අනාගතයේදි විය හැකි යැයි කල්පිත හානි  පිළිබඳව මත පළ වුවද  මෙම ක්‍රියාවලියේ නියතු විද්‍යාඥයන් පවසන්නේ මෙය ජුරාසික්  උද්‍යානය (Jurassic park) නොවන බවයි. Jurassic park යනු ලොව ජනප්‍රිය වු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියකි. විද්‍යා ප්‍රබන්ධ තරම් සිඝ්‍රයෙන් විද්‍යාත්මක  නිර්මාණ බිහිවීම හෝ වර්ධනයවීම සිදු නොවේ. විද්‍යාගාර තුළදී  මදුරුවන් පිළිබඳ විශාල  ලෙස අධ්‍යයනය කර ඇති බැවින් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම පිළිබඳව සහ ඒවායින් පරිසරයට හෝ මිනිසුන්ට හානියක් නොවන බව ස්ථිර බවද විද්‍යාඥයෝ පවසති. මෙහිදී පිරිමි මදුරුවන් පමණක් නිදහස් කරන බවත් පිරිමි මදුරුවන් ගැහැණු මදුරුවන්ට වඩා ප්‍රමාණයින් කුඩා නිසා වෙන් කර ගැනීම පහසු බවත් සඳහන් කරති.

බොහෝ රටවල් සමස්ථ ක්‍රියාවලිය කෙරෙහිම තදින් අවධානය යොමු කර ඇති අතර තවත් රටවල් මෙම ක්‍රමය භාවිතා කරති.පර්යේෂකයෝ ජානමය නවීකරණය මඟින් මැලේරියා රෝගය පිටු දැකීම සඳහා මැලේරියා රෝගකාරක මදුරුවන් සම්බන්ධ පරීක්ෂණ පවත්වති. ස්පාඤ්ඤය තම රටේ පළතුරු වගාවට හානිකරන මැස්සන් පාලනයට මෙම ක්‍රමය භාවිතා කිරීමට සැරසේ. මෙම ගම්වාසීන් සමාජයේ බහුල ඩෙංගු වැනි මරාන්තික රෝග තුරන් කිරීම සදහා නව ක්‍රමයක් ඇති කිරීමට ලොව බොහෝ අභියෝග හමුවේ නිර්භයව මුහුණ දුන් කුඩා ප්‍රජාවක් ලෙස යම් දිනෙක සනිටුහන් විය හැකිය.

උපුටාගැනීම:

December 24, 2013

ළදරුවා රකින මේස්

රුවාගේ සුව සෙත සලස සංවේදී Owlet මේසය ළරුවාගේ වැදගත් සෞඛ්‍යමය කරුණු පාදය තුළින් නිරීක්ෂණය කරයි.එම නිරීක්ෂණ දත්ත ලෙස Blue tooth මඟින් අන්තර්ජාල සම්බන්ධතා සහිත ජංගම දුරකථනයට සම්ප්‍රේෂණය කරනු ලැබේ. එමඟින් දෙමව්පියන්ට දරුවාගේ සමේ උෂ්ණත්වය, හෘද ස්පන්නය, රුධිරයේ ඔක්සිජන් මට්මට සහ නිදා සිටින ඉරියව්ව (සෑම මොහොතකම) පිළිබඳ තොරතුරු ලබාදේ. ළරුවාගේ පෙරළීම් ගැන තදින් අවධානය යොමු කිරීමටද හැකිය. Owlet මේස් වෛද්‍ය හෝ රෝග නිශ්චය කරන උපකරණයට වඩා ළරුවාගේ ක්‍රියාකාරකම් සහ නිරෝගි බව පිළිබඳව විමසිලිමත්ව සිටිමින් දෙමව්පියන්ට සහය වන උපකරණයකි. නිසා දෙමව්පියන්ට ළරුවා ආරක්ෂා කර ගැනීමේ මුලික ක්‍රියා අතපසුවීමකින් තොරව ක්‍රියාත්මක කළ හැකිය.

මා බ්‍රිම්හැම් තරුණ විශ්ව විද්‍යාලීය සිසුන්ගේ නිර්මාණයක් වන මෙය දැනට මහජන ආධාර වැඩ සටහන් (ස්වාධීන) සඳහා යොදා ගනු ලබයි. Owlet ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ර්ට් වොල්මන් Owlet මේස් නිෂ්පාදන කාර්යයට එක්වරම කැමති ය. නොමේරු ළරු උපත ලැබු ඔහුගේ නිවුන් බැණාවරුන් දෙදෙනාගෙන් එක් ළරුවකු හදිසි මරණ අනතුරකින් මියගියේය. හදිසි මරණ සහලක්ෂණය {Sudden Infant Death Syndrome (SIDS)} නම මෙවනි මරණ වලට ළරුවා නිදියන ඉරියව්වල සම්බන්ධතාවයක් ඇති බවද පැවසේ. ඒ නිසා වෛද්‍යවරු ළරුවා මුහුණ උඩු අතට සිටිනසේ නිදි කරවන මෙන්ද මුණින් අතට නිදිය ගැනීමෙන් වළක්වන මෙන්ද දෙමව්පියනට උපදෙස් දෙති.


දරුවාගේ කකුළ වටා ඇති Owlet මේස් මුළු රාත්‍රිය පුරාම ළරුවා නිදා සිටින ඉරියව් පිළිබඳ සුපරික්ෂාකාරීව සිටිමින් අනතුරුදායක තත්වයක් මතුවුවහොත් දෙමව්පියන්ට ක්ෂණිකව දන්වන බැවින් ළරුවා ට ආරක්ෂාව මෙන්ම දෙමව්පියන්ට සැනසිලිදායක නින්දක් ලබාදේ. ළරුවා මුනින් අතට පෙරලෙන විට මෙමඟින් නලා ශබ්දයක් පිටවේ.(අනතුරු සඥාවක්) ඉතා සියුම් LED බල්බ උපයෝගී කරගෙන මේස තුළ ඇති සවිධි සංවේදි මීටරයක් (Pulse oximeter) මඟින් ළඳරුවාගේ වැදගත් සෞඛ්‍යමය තොරතුරු මනිනු ලැබේ. මෙහිදි හානිකර නොවන කිරණ පටක තුළින් ගමන් කරවා උරාගත් කිරණ ප්‍රමාණය අනුව රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය සහ සෞඛ්‍ය තොරතුරු ලබා ගනී.

මෙම තොරතුරු ජංගම දුරකථනයට හෝ පරිගණකයට සම්ප්‍රශණය කර අවකාශය වෙත මුදාහැරිය හැකි නිසා දෙමව්පියන්ට ලොව කුමන ස්ථානයක සිට හෝ තම දරුවාගේ සනීපාරක්ෂාව සොයා බැලිය හැකිය. දැනට අවුරුද්දට අඩු ළරුවන් සඳහා Owlet මේස් නිර්මාණය කර ඇතත් ඉදිරියේදී අවුරුදු 02 ට අඩු ළරුවන් වෙනුවෙන්ද නිර්මාණය කිරීමට බලාපොරොත්තුවේ. මෙ තවදුරටත් සංවර්ධනය කිරීමට මෙන්ම මිල අඩුකිරීමට ද කටයුතු කරන බව නිෂ්පාදකයෝ පවසති.


උපුටාගැනීම: Owlet smart sock keeps tabs on your baby's vital signs By Lakshmi Sandhana
September 11, 2013