December 2, 2013

පිළිස්සුනු මුහුණ වෙනුවට අළුත් මුහුණක්

හානි වූ පටක ඉවත් කිරීම, නැවත සම බද්ධ කිරීම (Skin grafts) වැනි ක්‍රම මඟින් සම්ප්‍රදායික පිලිස්සුම් ප්‍රතිකාරක ක්‍රම සිදු කරනු ලැබේ. එමඟින් කථන අපහසුතා, විකෘතිතා සහ කැලැල් ඇති වීම වැනි සංකූලතා ඇති වන අතර නැවත නැවත ශල්‍ය කර්ම වලට භාජනය කිරීමටද සිදු වේ.

මේ සඳහා නවීන පර්යේෂණ ක්‍රම උපයෝගී කර ගනිමින් නැමෙන සුළු පොලිමර් තට්ටු යොදා සාදන ලද විද්‍යුත් හා යාන්ත්‍රික සංඝඨක වලින් සමන්විත මුහුණේ හැඩය සහිත ජීව ස්කන්ධ ආවරණයක් දැනට පර්යේෂණ මට්ටමින් නිපදවා ඇත. මෙමඟින් මුහුණේ පිලිස්සුම් තුවාල මතට පොලිමර් තට්ටු ස්වයංක්‍රීව තැබීමෙන් (ඔදයනය) යම් කිසි ප්‍රතික්‍රියා යාන්ත්‍රණයක් මුහුණු ආවරණය මඟින් සිදු කරනු ලැබේ. මෙම මුහුණු ආවරණය මාස කීපයක් නොකඩවා පැළඳ තබා ගත යුතුය.

මෙහිදී ක්‍ෂුද්‍ර තරංග (Microwave) සහ ක්‍ෂුද්‍ර තරල චැනල (Micro fluidic channels) ජාලයක් මඟින් පොලිමර් තට්ටු අතර අර්ධ වායු ගෝලීය පීඩනයක් (Sub atmospheric pressure) නිර්මාණය වේ. මෙමඟින් වර්ධක සාධකය (growth Factor) සහ කඳ සෛල (Stem cells) තුවාල වූ පටක මතට පොම්ප කර එම පටක නැවත සෑදීම වේගවත් කරයි. තුවාල සහිත විශේෂිත ස්ථාන වල තත්වය ප්‍රතිග්‍රාහක (Sensors) මඟින් නිරීක්‍ෂණය වේ. මෙම තාක්‍ෂණය මඟින් මුහුණේ පිළිස්සුම් තුවාල සහිත රෝගීන් ඉතා ඉක්මනින් සුවපත් කල හැකි අතර නැවත නැවතත් ශල්‍ය කර්ම කිරීම අවම කර ගත හැක.

උපුටාගැනීම:http://thefactworl.blogspot.com/2013/02/latest-top-10-medical-inventions.html


0 comments:

Post a Comment