December 17, 2013

බෙහෙත් දෙන කෘත්‍රිම ශරීරාංගය (Implants)

දියවැඩියාව, විනාශකාරි ලේ අඩුකම (Pernicious anemia) වැනි රෝග සඳහා සමහර විට රෝගින්ට දිනපතා එන්නත් මඟින් ඖෂධ ලබාදිය යුතුය.එවැනි නිදන් ගත රෝග සඳහා ස්වයංක්‍රියව ඖෂධ ලබාදෙන සමතුළ තැන්පත් කරන කෘත්‍රිම උපකරණයක්( Implants )පිළිබඳ බලාපොරොත්තු පහළවී තිබේ. මෙම  Implants, ආලෝක ප්‍රේරක ලෙස සැකසූ සෛල මඟින් බලගැන්වේ.


එපමණක් නොව ශරීර අභ්‍යන්තරයේ ඇතිවන වස විස වීම් ක්ෂණිකව හඳුනා ගැනීමට Implants හැකිය. දීර්ඝ කාලීනව ශරීර සෞඛ්‍ය තත්ව පිළිබඳ වාර්තා සපයමින් හදවත් රෝග සඳහා ඖෂධ හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවට ඔබට උපදෙස් දීමට හැකියාව ඇති  Implants සමහරවිට ස්වයංක්‍රියව  අවශ්‍ය ඖෂධ පවා  ශරීරයට ලබා දෙයි.
සෑම Implants තුලම ජානමය වශයෙන් නවීකරණය කළ සෛල අන්තර්ගතය. ඒවා ආලෝකයට ප්‍රතික්‍රියා දක්වමින් ක්‍රියාත්මක වේ.රෝග නිවාරණයට ඖෂධ මඟින් ලබාදෙන රසායනික ශරීරය තුළදීම ස්වයංක්‍රියව නිදහස් කිරීමට හැකි ලෙස මෙම සෛල ප්‍රතිලේඛනය කිරීමට පුළුවනි.
Hydro gel (හයිඩ්‍රොජෙල්) යනු පටක හා අනුරුපී විය හැකි බහුඅවයවයක අමුද්‍රව්‍යයකි.වියුගහන් චෝයි සහ සිඔක් යුන් ගේ මුලිකත්වයෙන් සහ ටොරන්ටෝ විශ්වවිද්‍යාල වල ඒකාබද්ධ කණ්ඩායමක් Hydro gel (හයිඩ්‍රොජෙල්)  වලින් සෑදු Implants කිහිපයක් නිපදවන ලදී.සෑම Hydro gel Implants එකක්ම මිලිමිටර 4 X මි.මි 40 ක වට ප්‍රමාණයකින් හා මිමි 1 ක ඝනකමකින් යුක්තය. ආලෝකයට සංවේදී වන ලෙස සකස් කළ සෛල මඟින් හිඩැස් සම්පුර්ණ කර තිබේ.
එක් පරීක්ෂණයක් මඟින් Implants ස්වයංක්‍රියව ඉන්සියුලින් නිකුත් කරන අයුරුත් අනෙක් පරීක්ෂණයෙන් ශරීරය තුළ ඇතිවන විසවීම් හදුනා ගන්නා අයුරුත් චෝයි සහ යුන් විසින් ප්‍රදර්ශනය කරන ලදී.ඉනිසියුලින් නිකුත් කිරීමට විද්‍යාඥයන් විසින් ප්‍රකාශ තන්තු ආධාරයෙන් නිල් ආලෝකයක් ලබාදී තිබුණි. වසවිස වීම් හඳුනාගැනීමේදී නවීකරණය වු සෛල මඟින් කොළ ආලෝකයක් නිකුත් කර ඇත.
එහෙත් රෝගීන්ට චිකිත්සාගර මඟින් ලබා දීමට පෙර මෙය වැඩි දියුණු කළ යුතුව ඇත.නවීකරණය කළ යුතු සෛල අදාල රෝගියාගෙන් ලබා ගැනීම. Hydro gel තුල ආලෝක සම්ප්‍රේෂණය වැඩි දියුණු කිරීම සහ විවිධ ඖෂධ සඳහා Hydro gel වල විශාලත්වය වැනි ක්‍රියාකාරකම් සංවර්ධනය කළ යුතුය.
මෙය ක්‍රියාත්මක වුවහොත් මතු දිනකදී උපකරණ මෙන් මිනිස් ශරීරයද ජාල ගත කළ හැකිවේ.


උපුටාගැනීම :
Forget Shots - New Implants Could Deliver Meds
OCT 20, 2013 01:00 PM ET // BY JESSE EMSPAK


0 comments:

Post a Comment