December 12, 2013

විකෘති වෛරස් මඟින් බලය වැඩි බැටරි

විවිධාකාරයෙන් හඳුන්වනු  ලබන සුර්යයා දීර්ඝ කාලීන බල ශක්ති ගබඩාවක්, එනම් උදාහරණයක් ලෙස නැවත නැවත ආරෝපණය කිරීම අනවශ්‍ය දිඝු කලක් අඛන්ඩව බලය ලබාදෙන අති විශාල විදුලි කෝෂයකි (බැටරියකි). එතරම් විශාල හෝ දීර්ඝ නොවුනද දිගු කාලයක් අඛන්ඩව බලය ලබාදිය හැකි විදුලි කෝෂයක් නිර්මාණය කිරීම යනු විද්‍යා ප්‍රබන්ධයකි.
එහෙයින් වත්මන් විදුලි කෝෂවල කාර්යක්ෂමතා වැඩිකිරීමට විවිධ පරීක්ෂණ පැවත්වේ.MIT ආයතනයේ පර්යේෂකයන් විසින් ශක්ති ඝනත්වය (Energy density)  තුන්ගුණයකින් වැඩි ලිතියම් වායු බැටරි (Lithium –air Battery) නිෂ්පාදනය කළ හැකි බව ප්‍රදර්ශනය කර තිබේ. ශක්ති ඝනත්වය යනු ඒකක ස්කන්ධයක් තුල තැන්පත් කළ හැකි බල ශක්ති ප්‍රමාණයයි.එමෙන්ම වර්තමානයේ පවතින ලිතියම් වායු බැටරි ශක්ති ඝනත්වය වැඩිම (බලයෙන් වැඩිම) විදුලි කෝෂයකි.
අඩු බරකින් වැඩි විදුලියක් ලබාදීමට හැකි බැටරි නිසා විදුලි මෝටර් රථ නිර්මාණය වී අද මහාමාර්ග වල ධාවනය වෙයි.එසේම එවැනි කාර්යන් සඳහා යෝග්‍යය වඩා වැඩි වාර ගණනක් ආරෝපණය කිරීමට හැකි සහ කල්පවත්නා ඉලෙක්ට්‍රෝඩ සහිත බැටරි නිෂ්පාදනය අභියෝගාත්මක කාර්යක් වී තිබේ.
ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රෝඩ රැහැන් වලට ජානමය වශයෙන් නවීකරණය කළ M 13 වෛරස්  වර්ගය සම්බන්ධ කිරීමෙන්  ලිතියම් වායු බැටරියේ බලය විශාල වශයෙන් වැඩි කළ හැකි බව MIT  ආයතනයේ පර්යේෂකයන් ප්‍රදර්ශනය කර තිබේ.
ඇබලෝන් (Abalone)යන මුහුදු ජිවියා මුහුදු ජලයේ කැල්සියම් උකහාගෙන තම කබොල (පිට වැස්ම) සාදන ආකාරයට මෙය සිදු කරනු ලබයි. M 13 වෛරසය ආධාරයෙන් නැනෝ රැහැන්, ලෝහ වල අණු කාමර උෂ්ණත්වයේදී උකහාගනියි.ඉන්පසු ඒවා වෛරසය සමඟ බැඳි විශේෂිත ආකෘතියක් නිර්මාණය කරති. සත්‍ය වශයෙන් වෛරස්, මැග්නීසියම් ඔක්සයිඩ් රැහැන් නිපදවති.ඒවා ඉතා රළු මතුපිටක් සහිත වේ. (පින්තූරය බලන්න) එමඟින් අවශ්‍ය මතුපිට ක්ෂෙත්‍ර ඵලය වැඩිවේ.ඉන්පසු එහි විදුලි සන්නායක ගුණය වැඩි කිරීමට ලෝහ එක් කරනු ලැබේ.
මේ සියල්ල එක්කර ලිතියම් වායු බැටරියේ බලය දෙගුණයකින් වැඩි කළ හැකිවේ.තවද ඉතා ඉක්මණින් විදුලි මෝටර් රථ ඇතුළු බැටරි භාවිතා වන විවිධ උපකරණ වල විශාල වැඩි දියුණුවීම් සිදුවනු ඇතැයි පර්යේෂකයෝ ප්‍රකාශ කරති.


උපුටාගැනීම:
Lithium-air batteries go viral for greater durability and performance By Randall Marsh
November 14, 2013

0 comments:

Post a Comment