December 7, 2013

අම්මාවරුන්ගේ බුද්ධිය වැඩිද ?

මව්වරු වීමෙන් කාන්තාවන්ගේ මොළය වැඩි දියුණු වන බව ලෝන්ග්වුඩ් විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකු වන ඇඩම් ප්‍රාන්සීන් ප්‍රකාශ කර තිබේ. මීයන් ඇසුරෙන් කරන ලද පර්යේෂණයකදී මවක් වීමෙන් තතීන් පාලනය, මතකය සම්බන්ධ ක්‍රියා සම්පූර්ණ කිරීම සහ ගැටළු විසදීම වැනි කාර්යයන් වඩාත් නිවැරිදිව ක්‍රියාත්මක ක හැකි බව නිරීක්‍ෂණය කර තිබේ.
පර්යේෂණ කිහිපයකදීම සියළු ඉගෙනීම් කටයුතු වලදී අම්මාවරු වැඩි දක්‍ෂතා දක්වා ඇති බව ප්‍රාන්සීන් ප්‍රකාශ කරයි. මී මවක් හා මී තරුණියක් යම් කාර්යයක් සඳහා පුරුදු පුහුණු කවිට මී මව වඩා ඉක්මනින් එම කාර්යය අනුව ක්‍රියා කරන බව නිරීක්‍ෂණය කර ඇත. තවද මවගේ ආදරය නිසා වැඩිහිටියන්ගේ ආතතිය අඩු වී ඇති බවද වාර්තා වේ.
මොළය වෙනස් වීම ආරම්භ වනුයේ ගැබිනියක් වූ දිනයේ සිටය. මොළයේ ඇති නියුරෝන විශාල වී ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. එමඟින් කළලය සහ මව අතර සන්නිවේදන ශක්තිය වැඩි කරයි. මොළයේ රැහැන් නැවත සකස් වීම මඟින් ළමයා වඩා හොඳින් ආරක්‍ෂා කිරීමේ සහකම්පනය (empathy) වැඩි වීම සිදුවේ. මෙවැනි පරීක්‍ෂණයකදී අප්‍රසන්න මොළයේ ආබාධ (Traumatic brain injury) වලින් වඩා ඉක්මනින් සුව වීමේ හැකියාව මව්වරුන්ට ඇති බව හඳුනාගෙන තිබේ.


මවක් වීමෙන් මොළයේ සිදු වන මෙම දියුණුවීම තමාද ඇතුළු පියවරුන්ට සහ මවක් නොවූ කාන්තාවන්ට ලබා ගත හැකි ක්‍රමයක් පිළිබඳව පර්යේෂණ පවත්වන බව ප්‍රාන්සීන් තවදුරටත් සඳහන් කරයි.

උපුටා ගැනීම :- 

0 comments:

Post a Comment