Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

May 30, 2014

ඔබත් සුදුහඳුන් කියා කොකේන් වලට රැවටුනාද ?

සුදුහඳුන්
ශ්‍රී ලංකාව තුල සුදුහඳුන් ශාකයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. අතීතයේ සිට අද දක්වා මෙම ශාකයේ කොටස් විවිධ ප්‍රයෝජනවත් කාර්යන් සදහා යොදා ගැනේ. දේශීය ඖෂධයක් වශයෙන් ආයුර්වේද වෙදකමේදී මෙම ශාකයට හිමි වන්නේ ඉතා ඉහල පිලිගැනීමකි. ඖෂධීයව ඉතා වැඩි වටිනාකමක් ඇති මෙම ශාකය ලෝකය පුරා විවිධ ප්‍රයෝජනවත් කාර්යන් රැසකට යොදාගනී. ඒ අතර සුදුහඳුන් තෙල් නිස්සාරණය, සුවඳ විලවුන් හා රූපලාවන්‍යය කර්මාන්තය මේ අතර සුවිශේෂී තැනක් හිමිකර ගනී. එසේම ගැමියන් අතර විවිධ අත්බෙහෙත් සදහා සුදුහඳුන් යොදාගන්නා අතර දලු ආහාරයක් වශයෙන්ද ප්‍රචලිතයි. කොකේන් ශාකය ලංකාවට ආගන්තුක වන අතර සීමිත ඖෂධීය වටිනාකමකින් යුක්තයි. ඒ අතර ශල්‍යකර්ම වලදී ලේ ගැලීම නැවැත්වීමට, සිහිමුර්ජා කිරීමට යොදා ගනී. බහුල වශයෙන් ලොව පුරා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වශයෙන් වැඩිදුර භාවිතා වේ.

සිංහල වෙදකමේදි හා අත් බෙහෙත් වශයෙන් ශාක යොදා ගැනීමේදී නිවැරදි ශාකය තෝරා ගැනීමට අප කටයුතු කල යුතුයි. නැතහොත් ඉන් ඇතිවිය හැකි අනිටු ප්‍රථිඵල ජීවිතයක් මරණයට බිලිවීම දක්වාම දික්ගැස්සිය හැකිය. අප රට තුල බොහෝමයක් ජනතාව සුදුහඳුන් ශාකය හා කොකේන් ශාකය හරිහැටි හඳුනාගැනීමට අපොහොසත්ව ඇත. මේ නිසා සුදුහඳුන් යොදා ගනිමින් සිදුකරන ඇතැම් වෙදකම් සදහා කොකේන් ශාකය යොදාගත් බවට වාර්තා වී ඇත. ඇතැම් විට ශාක අලෙවි කරන පැල තවාන් කරුවන් සුදුහඳුන් ලෙස හඳුන්වමින් කොකේන් පැල විකුණූ අවස්ථාද වාර්තාවී ඇත. මේ හේතුව නිසා ජනතාව මේ පිළිබද දැනුවත් වීම වඩාත් යෝග්‍යය බව පෙනී යන කරුණකි.
මේ සදහා සදුහඳුන් හා කොකේන් සතු විශේෂිත උද්භිධ  විද්‍යාත්මක ලක්ෂණයන් හදුනා ගැනීම ඉතා වැදගත් වේ.
සුදුහඳුන් බීජ
සුදුහඳුන්
සුදුහඳුන් පුෂ්ප
සුදුහඳුන් ඵලයක්
Santalum album නම් උද්භිධ විද්‍යාත්මකව හැඳින්වෙන මෙම අර්ධ පරපෝශී ශාකය (Santalaceae) ශාක කුලයට අයත් වේ. ඉන්දියාව නිජබිම කරගත් මෙම ශාකය ශ්‍රී ලංකාවේ මධ්‍ය කදුකරයේ බදුල්ල, බණ්ඩාරවෙල, ප්‍රදේශ වල වැඩිපුර ව්‍යාප්තව ඇති අතර වියළි හා අතරමැදි කලාප තුලද ව්‍යාප්තියක් පෙන්වයි. ගෙවතු ආශ්‍රිතව හා විශේෂයෙන් බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව මෙම ශාකය රෝපනය කර ඇති බව දැකගත හැකිය. සාමාන්‍යෙයන් මීටර් 3 - 4ක් උසට වැඩෙන මෙම ශාකය ඇතැම් විට මීටර් 20ක් දක්වාද වැඩී තිබෙනු දක්නට හැකිය. ශාක පත්‍ර ඉලිප්සාකාර හැඩතිය, දිගටිය. ලා කොල පැහැයකින් දිස් වේ. සරල පත්‍රයක් වන මෙය ද්විකාන්තරික පත්‍ර රටාවක් සහිතව කඳට සවිවේ. එනම් එක් පර්වයකට පත්‍ර 2ක් දෙපසින් සවි වන අතර කදේ ඉහලින් හා පහලින් ඇති පත්‍ර යුගල් තිරස්ව හා ඊට ලම්බක තලයක පිහිටයි. අත්ත කෙලවරද පතු යුගලකිත් අවසන් වේ.
ඉදුණු සුදුහඳුන් ඵලයක්
සුදුහඳුන් ද්විකාන්තරික පත්‍ර රඨාව
සුදුහඳුන් පුෂ්ප ඉතා කුඩාය. මි.මි. 4 – 5 පමණ විශ්කම්බයක් සහිතයි. රතුපාට දල පත්‍රයන්ගෙන් සමන්විත වේ. ඵල ගෝලාකාර කුඩා මාංසල ස්වභාවයක් දරයි. කොලපැහැ ගෙඩි පසුව රතු පැහැ වී හොදින් ඉදුනු විට කලු පැහැ ගැන්වේ. ඵලයේ කෙලවර කුඩා වෘත්තාකාර කොටසක් දැකිය හැකිය. සුදුපාට ගෝලාකාර බීජ නිපදවයි. බීජ ප්‍රරෝහනය තරමක් දුර්වලයි. මුල් මගින් පැල හටගනී.
                                                
      

 කොකේන්
ඒකාන්තර පත්‍ර රඨාවක් සහිත කොකේන් පත්‍ර   
ඉදුණු කොකේන් ඵල

කොකේන් පඳුරක්

දකුණු ඇමරිකාව නිජබිම කරගත් මෙම ශාකය (Erythroxylum coca) යන උද්භිධ විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන අතර (Erythroxylaceae) කුලය යටතට අයිති වේ. මෙම ශාකය ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක ව්‍යාප්තව ඇති අතර මත්ද්‍රවයක් ලෙස ප්‍රචලිතය. නොදැනුවත් කමින් මෙම ශාකය සුදුහඳුන් ලෙස වගා කර ඇත. මෙය පදුරකි. උස මීටර් 1 – 2 පමණ වේ. සරල පත්‍ර පවතී. ඒවා ඒකාන්තරව කදෙහි පිහිටා ඇත. එනම් කඳේ එක් පුරුකකට එක් පත්‍රයක් සවිවන අතර  ඉහලින් හා පහලින් ඇති පත්‍ර ඊට ප්‍රතිවිරුද්ධ දිශාවන්ගේ හටගනී. ලා කොල පැහැති, සිනිදු, තුනී,  පත්‍ර පවතී. පත්‍ර මැද නාරටිය දෙපස දිගු අතර පිහිටි ව්‍යාජ නාරටි 2ක් මගින් පැහැදිලිව වෙන්වූ ‍පෙදෙසක් හඳුනාගත හැකිවේ. පත්‍ර යටි පැත්තේ මෙය වඩාත් පැහැදිලිව දිස්වේ. මෙම ලක්ෂණය කොකේන් ශාකය හදුනාගැනීමට ඇති පහසු හා ඉතා වැදගත්ම ලක්ෂණයකි. කොකේන් ශාක කුලයේ “බටකිරිල්ල” ශාකයේද මෙම ලක්ෂණය පැහැදිලිව දැකිය හැකි වේ. ශාකය කුඩා අවදියේදීම මල් හා ඵල හටගනී. මල් ලා කහ පැහැයට හුරු සුදු පාටකින් දිස් වේ. මි.මි. 4 – 5 පමණ වේ. ඉතා කුඩාය. දිගටි ඕව්ලාකාර රතු දීප්තිමත් ඵල දැකගත හැකිය. දිලිසේ. ඇට වඩා පහසුවෙන් රෝපණය වේ.
ඉහත ශාක ලක්ෂණ ගලපා ගැනීමෙන් මෙම ශාකයන් වඩාත් පහසුවෙන් හදුනාගත හැකි වේ.
  
 වනසංරක්ෂණ දෙපාර්ථමේන්තුව විසින් 2011 ජාත්‍යාන්තර වනාන්තර වර්ෂය වෙනුවෙන් එලි දැක්වුනු වනාන්තර සුරකුමට වන විද්‍යා ග්‍රන්තය ඇසුරෙනි.

සුපිරි ද්‍රව්‍ය ග්‍රැෆීන් සාදන පහසු ක්‍රමය

පළමුව ග්‍රැෆයිට් පවුඩර් ස්වල්පයක් බ්ලෙන්ඩරයට දමන්න. ඉන්පසුව එයට වතුර සහ සේදුම් දියර එක්කර අධිවේගයෙන් මිශ්‍ර කරන්න. ඔබට සුභ පැතුම් ඔබ විශ්මයජනක සුපිරි ග්‍රැෆින් ද්‍රව්‍යය නිෂ්පාදනය කර ඇත. එහෙත් මෙය ඔබ නිවසේදී අත්හදා නොබලන්න. මක්නිසාදයත් සේදුම් දියර, වතුර සහ ග්‍රැෆයිට් පවුඩර් මිශ්‍ර කළ යුතු මාත්‍රාව භාවිතා කරන ග්‍රැෆයිට් පවුඩර් වල තත්වය අනුව වෙනස් වන බැවිනි. ඒ නිසා මෙම ක්‍රමයෙන් නිවසේදී ග්‍රැෆින් සෑදීම සංකීර්ණ ක්‍රියාවකි.

එහෙත් විද්‍යාත්මකව අදාල මාත්‍රාව සකස් කර ගත හැකි නම් විශ්මයජනක ලෙස පහසු වු මෙම ක්‍රමය විශාල වශයෙන් පිරිසිදු ග්‍රැෆින් නිෂ්පාදනය සඳහා යොදා ගනු ඇත. අයර්ලන්තයේ ඩබ්ලන් හි ට්‍රිනිටි විශ්ව විද්‍යාලයේ ජොනතන් කෝල්මන් සහ ඔහුගේ කණ්ඩායම එක්සත් ජනපදයේ රසායනික නිෂ්පාදන සමාගමක් වු තෝමස් ස්වෑන් හි කොන්ත්‍රාන්තුවක් මත මෙම තාක්ෂණය සංවර්ධනය කර තිබේ. ග්‍රැෆින් ද්‍රව්‍යයේ අසාමාන්‍ය තාප සහ විද්‍යුත් ගුණ නිසා ඉලෙක්ට්‍රොනික කර්මාන්ත ක්ෂේත්‍රෙය් විප්ලවයක් කිරීමට ග්‍රැෆින්ට හැකි බව පැවසේ. එහෙත් මේ දක්වා උසස් තත්වයේ ග්‍රැෆින් ඉහළ මට්ටමේ රසායනාගාර තාක්ෂණ ක්‍රම මඟින් වුවද නිෂ්පාදනය කළ හැක්කේ පැය 01 කට ග්‍රැෆින් ග්‍රෑම් ½ ක් පමණි.පාපන්දු ක්‍රිඩා පිට්ටනික් පිරවිය හැකි ප්‍රමාණයක ග්‍රැෆින් වල මුළු බර ග්‍රැම් 1 කි. ඊට වඩා වේගවත්ව නිෂ්පාදිත ග්‍රැෆින් ගුණාත්මක බවින් පහළ මට්ටමක් පවතී.

පැන්සල් තුඩු නිර්මාණය කර ඇත්තේ ග්‍රැෆටයිඩ් වලිනි. පෙර පර්යේෂණ වලදි ග්‍රැෆයිට් වලින් ග්‍රැෆින් සාදාගත හැකි බව හඳුනාගෙන තිබේ. මුල්වරට ග්‍රැෆින් ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා 2010 නොබෙල් ත්‍යාගය පිරිනමනු ලැබුවේ එතරම් සුපිරි ද්‍රව්‍යයක් සොයා ගැනීමම විශ්මයක් වීම හේතුවෙනි. කාඩ්පත් එකතුවෙන් කාඩ් කුට්ටමක් සැකසෙන ලෙස ඉතා සියුම් තීරු ග්‍රැෆින් එකතුවෙන් ග්‍රැෆටයිඩ් සැදෙන බැවින් ග්‍රැෆටයිඩ් නියමිත ලෙස වෙන්කර ග්‍රැෆින් සාදා ගැනීමට කෝල්මන් පරීක්ෂණ ක්‍රියාත්මක කරන ලදි. කෝල්මන් සහ කණ්ඩායම ග්‍රැෆටයිඩ් පවුඩර් (powder) සහ විවිධ ද්‍රාවණ දියර එක් කරමින් රසායනාගාරයේදී වේගයද භාවිතා කරමින් මිශ්‍ර කළෝය. ද්‍රාවණය ලෙස සේදුම් දියර (Dishwasher ) එක්කළ විට සැදුණු ද්‍රව්‍ය අන්වීක්ෂ පරීක්ෂණයේදී පිරිසිදු ග්‍රැෆින් බව ඔවුන් හඳුනා ගන්නා ලදී.
තාක්ෂණ ක්‍රමයේ සාර්ථකභාවය මැන ගැනිමට ඔවුන් විවිධ බ්ලෙන්ඩර් (මිශ්‍රණ උපකරණ) සහ විවිධ සේදුම් දියර භාවිතා කර ඇත. එහිදි බ්ලෙන්ඩරය ඉතා මිල අධික බ්ලෙන්ඩරයක් වීම අවශ්‍ය නොවන බවත් සේදුම් දියරය එංගලන්තයේ නිෂ්පාදිත Fair Liquid වර්ගයේ පිඟන් සේදුම් දියර වර්ගය විය යුතු බවත් නිරික්ෂණය කර තිබේ. මෙය කොතරම් පහසු වුවත් නියමිත තත්ව හා මාත්‍රා යටතේ නොමැතිව ඉතා ආසන්න තත්ව හා මාත්‍රා යටතේ සියලු ග්‍රැෆයිට්, ග්‍රැෆින් බවට පත් නොවන බැවින් ඒවා වෙන් කර ගැනීම වඩාත් අපහසු වන බවද සඳහන්වේ.
ඉහළ තාක්ෂණික හා කාර්මික තත්ව යටතේමෙම තාක්ෂණයෙන් පැයකට ග්‍රැෆින් ග්‍රෑම් 100 ක් නිෂ්පාදනය කළ හැකි බව කෝල්මන් පවසයි. ග්‍රැෆින් දැනට ඇති ශක්තිමත්ම මෙන්ම සැහැල්ලුම (ආසන්න වශයෙන් ද්විමාන) සහ වෙනත් ද්‍රව්‍ය සමඟ මිශ්‍ර කිරීමේ හැකියාව ඇති ද්‍රව්‍යයක් නිසා වෙනත් ද්‍රව්‍ය හා 50% මිශ්‍රණයෙන් වුව අවශ්‍ය ප්‍රතිඵල ලබා ගත හැකිවේ.

උපුටා ගැනිම:- 
Make graphene in your kitchen with soap & blender – Jacob Aron
http://www.newscientist.com/article/dn25442-make-graphene-in-your-kitchen-with-soap-and-a-blender.html#.U32p1JJHLhw   
https://www.youtube.com/watch?v=6vm_G9sVHDE

May 28, 2014

"Should I Remove It?" மென்பொருள்



இன்று நாம் ஒரு கம்ப்யூட்டரை வாங்கும் போதே, கம்ப்யூட்டரை வடிவமைத்துத் தரும் நிறுவனம், தான் விரும்பும் சில புரோகிராம்களைப் பதிந்து தருகிறது. காலப் போக்கில், நாமும் சில புரோகிராம்களைப் பதிகிறோம். அவை காலஞ் சென்ற பின்னரும், நாம் பயன்படுத்தாத போதும், அவற்றை நீக்காமல் வைத்திருக்கிறோம். சில புரோகிராம்கள், அப்போதைய சிஸ்டம் வடிவமைப்புடன் ஒத்துப் போகாதவையாக இருக்கலாம். இருப்பினும் அவற்றையும் தொடர்ந்து ஹார்ட் டிஸ்க்கில் இன்ஸ்டால் செய்து வைத்து இயக்காமல் வைத்திருக்கிறோம். இவற்றுடன் பல அட்வேர் எனப்படும் விளம்பர புரோகிராம்களும் இணைந்து விடுகின்றன. அதே போல நமக்குத் தேவையான ஒன்றை இன்ஸ்டால் செய்திடுகையில், தேவையில்லாத டூல்பார்களும், எக்ஸ்டன்ஷன் புரோகிராம்களும் சேர்ந்தே பதியப்படுகின்றன.

இவற்றை நாம் அவ்வப்போது நீக்க வேண்டும். சரி, இவற்றைச் சுத்தம் செய்திடலாம் என்றால், எவற்றை நீக்குவது, எவற்றை வைத்துக் கொள்வது என்ற குழப்பத்தில் அந்த வேலையைத் தொடங்காமலே வைத்திருக்கிறோம். இந்த குழப்பத்தில் இருந்து மீள, தீர்வுகளைத் தரும் புரோகிராம் ஒன்று இணையத்தில் இலவசமாகக் கிடைக்கிறது. அதன் பெயர் "Should I Remove It?". இது, நம் கம்ப்யூட்டரில் எவற்றை எல்லாம் அன் இன்ஸ்டால் செய்து நீக்கிவிடலாம் என்று தெரிவிக்கிறது. இந்த புரோகிராமின் தன்மைக்கும் பயன்பாட்டிற்கும் பல விருதுகளை இது பெற்றுள்ளது என்பதே இதன் திறனுக்கு ஒரு சான்றாகும். இதனை இயக்கினால், உங்கள் கம்ப்யூட்டரில் என்ன புரோகிராம்கள் எல்லாம் இன்ஸ்டால் செய்யப்பட்டுள்ளன என்று காட்டுகிறது. அத்துடன் அவற்றை நீக்குவதில், எவை எல்லாம் அவசியம் நீக்கப்பட வேண்டும் என்ற வகையில் வரிசைப்படுத்துகிறது. இதன் மூலம், நாம் எந்த பயமும் இன்றி நீக்கப்படக் கூடிய புரோகிராம்களை நாம் அடையாளம் கண்டு கொள்ளலாம்.

இதனைத் தரவிறக்கம் செய்து, கம்ப்யூட்டரில் இன்ஸ்டால் செய்தவுடன், நம் கம்ப்யூட்டர் எப்படி சுத்தமாக உள்ளது(?) என்று காட்டப்படுகிறது. கட்டாயமாக நீக்கப்பட வேண்டிய புரோகிராம்களை சிகப்பு வண்ணத்தில், நீக்குவதற்கான அளவுகோலில் அதிக மதிப்பெண்களுடன் காட்டுகிறது. இந்த புரோகிராம் லைப்ரேரியில், இணையத்தில், சாப்ட்வேர் சந்தையில் கிடைக்கும் பெரும்பாலான புரோகிராம்கள் இருக்கின்றன. மைக்ரோசாப்ட், கூகுள் போன்ற புகழ்பெற்ற நிறுவனங்களின் புரோகிராம்களுடன், பாபிலோன் டூல்பார், ஆஸ்க் டூல் பார் போன்றவைகளும் உள்ளன. ஒவ்வொன்றும் நீக்கப்பட வேண்டிய தன்மை மதிப்பெண்களுடன் காட்டப்படுகின்றன. இதில் காட்டப்படும் பார் சார்ட் வழியாக எத்தனை தேவையற்ற புரோகிராம்கள் நாம் அறியாமலேயே கம்ப்யூட்டரில் புகுந்துள்ளன என்று காட்டப்படுகிறது. கம்ப்யூட்டரைத் தயாரித்து வழங்கியவர் பதித்த வர்த்தக ரீதியான சோதனை புரோகிராம்களின் பட்டியல் நம்மை நிச்சயம் அதிர்ச்சிக்குள்ளாக்கும். இவற்றை எல்லாம் நாம் சோதனை முறையில் பயன்படுத்திப் பார்த்து, பின்னர் இவற்றை கட்டணம் செலுத்தி வாங்கிவிடுவோம் என்ற நப்பாசையில், சில வர்த்தக நிறுவனங்கள், கம்ப்யூட்டர் தயாரிப்பாளர்களிடம் பணம் செலுத்தி, நாம் வாங்கும் கம்ப்யூட்டர்களில் பதிய வைக்கின்றன.

"Should I Remove It?" புரோகிராமின் கணிப்புப்படி, தோஷிபா நிறுவனம் வழங்கும் கம்ப்யூட்டர்களில் தான், அதிக எண்ணிக்கையில் தேவையற்ற புரோகிராம்கள் பதிந்து வழங்கப்படுகின்றன. அடுத்தபடியாக, சோனி மற்றும் டெல் நிறுவனக் கம்ப்யூட்டர்களில், இத்தகைய புரோகிராம்கள் அதிகம் காணப்படுகின்றன. "Should I Remove It?" புரோகிராம் முற்றிலும் இலவசமாகக் கிடைக்கிறது. இதனுடன் கூடுதலாக, தேவையற்ற எந்த புரோகிராமும் தரப்படுவதில்லை. அனைத்து விண்டோஸ் சிஸ்டங்க ளிலும் எளிதாக இயங்குகிறது. இதனுடைய யூசர் இண்டர்பேஸ் மிகவும் பயனுள்ளதாக, அனைவரையும் வழி நடத்தும் வகையில் அமைக்கப்பட்டுள்ளது.

Read more at: http://tamil.gizbot.com/computer/computer-handling-tips-007626.html

සුපිරි සුද රෝගයකට මුලද?

සුදෝසුදු පැහැයෙන් බබලන අත් තුවා, ළදරු තුවා, ටිෂු කඩදාසි වගේම සනීපාරක්ෂක තුවා වර්තමානය වනවිට භාවිතය බහුල වෙලා. ඇත්තටම අපි මේවා භාවිතයට පෙළඹෙන්නේ පහසුවට සහ ඒවායේ පවතින සුපිරි සුදට ආකර්ශනය වීම නිසයි.
නමුත් කොහොමද මේ කඩදාසි සහ රෙදි කැබලිවලට සුදුපාට ලැබිලා තියෙන්නේ. යම්කිසි පාට වෙනස් කිරීමේ ක්‍රියාවලියක්, එනම් විරංජන ක්‍රියාවලියක් මගින් තමයි මේ සුපිරි සුද ලබාගන්නේ.
විරංජන ක්‍රියාවලියට ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ කාබනිකමය ක්ලෝරින් සංයෝග. මින් ඉතාමත් භයානක රසායනය හදුන්වන්නේ ඩයොක්සීන් නමින්. ටෙට්රා ක්ලෝරෝ ඩයිබෙන්සො ඩයොක්සීන් නැමැති මෙම සංයෝගය දැනට හදුනාගෙන ඇති ඉතා විෂ සහිත සංයෝගයක්. මේ ඩයොක්සීන් වල ඉතා කුඩා අංශු මාත්‍රයකින් පවා ඉතා ප්‍රබල විකෘතිතා ඇති කිරීමට හැකියාව තිබෙනවා.
විශේෂයෙන්ම ළදරු තුවා සහ සනීපාරක්ෂක තුවා වැඩි කාලයක් තිස්සේ ශරීරයේ දැවටී තිබීම නිසා ඩයොක්සින් සිරුරට උරාගැනීමේ හැකියාව වැඩියි. සම හරහා වගේම දූවිලි, දුම ඔස්සේත් ඩයොක්සීන් ශරීරගත විය හැකියි. ළදරු සම සියුම් නිසා මෙය පහසුවෙන් සිදුවෙන්න පුළුවන්. ඒ වගේම කාන්තාවන්ගේ දරුඵල අඩුකිරීම්, ගබ්සා ඇතිවීම, ගර්භාෂ පිළිකා ආදිය මෙන්ම සම රළුවීමත් ඩයොක්සීන් වල ප්‍රතිඵලයක් ලෙස වෙන්න පුළුවන්. මේ නිසා සුපිරි සුදට වඩා සෞඛ්‍යාරක්ෂාව ගැන හිතුවොත් හොද නේද?
 



(වෛද්‍ය වරයා සගරාව ඇසුරිනි)
එච්.ආර්.එම්.ඩබ්. සෙනරත්
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
කටුවන.

May 27, 2014

හොද දැක්මක් ඇති බ්‍රිට්ල්ස්ටාර්


බ්‍රිට්ල්ස්ටාර් යනු පසගිල්ලාට සමීප සම්බන්ධයක් ඇති මූදු ජීවියෙකි. උගේ විශේෂත්වය වන්නේ ඇස් දහසකින් දකින්නාක් මෙන් විස්මිත ලෙස පැහැදිලි දෘෂ්‍ය උපකරණයක් ඌ සතුවීමය. ඇමරිකවේ නිව්ජර්සිහි ලුසන්ට් තාක්ෂණ ආයතනයට අයත් බෙල්රසායනාගාරයේ ඉංජිනේරුවරියක වන ජොවානා අයිසන්බර්ග් හා ඇගේ සහයකයන් විසින් අනාවරණය කරගනු ලැබූ පරිදි පළිගුමය ද්‍රව්‍යකින් සෑදී නම්‍යශීලී සන්නාහයක් වන් උගේ සිරුර පුරාම මනා හැඩයකින් යුත් ආලෝකය ඒකරාශී වන කාච පිහිටා තිබේ.  ඒ සැමකක්ම මිනිස් හිසකේ ගසකින් අඩක් තරම් වූ පළලින් යුක්තය.
කාලීන තාක්ෂණය යොදාගෙනවත් ඔවුන්ගේ මේ ස්වරූපය නිමයිය නොහැකි බව ජොවානා පවසයි.
උගේ සිරුරේ පිහිටා ඇති දහස් ගණන් වූ කාච එකට එක්ව විශාල ඇසක් ලෙස ක්‍රියා කරයි. එමගින් ඊට යටින් පිහිටි රූප ග්‍රාහක සෛලවලට ආලෝකය කේන්ද්‍ර ගත කරයි. උගේ සෑම කාචයකින්ම රූප දැකිය නොහැක. එහෙත් විවිධ දිශා වලින් ඒකරාශී වන අලෝකයෙන් බ්‍රිට්ල්ස්ටාර් නම් ජීවියාට උගේ වට පිටාව ගැන දළ චිත්‍රයක් ලබා දෙයි. ඒ සමගම දවසේ කාලය පිළිබද හැගීමක් ද ඉන් ඇති කරයි.
උගේ සිරුරේ අව් කණ්නාඩි යුගලක් ලෙසින්ද ක්‍රියාත්මක වෙයි. දිවා ආලෝකය මැද එය අදුරු පැහැයක් ගන්නේ එහෙයිනි.මේ ජීවියා හමුවන තෙක් ඉංජිනේරුවනට මෙවන් ක්ෂද්‍ර කාච සිහිනයක්ව තිබිනි. දෘෂ්‍ය ජාල නිමැයීමේදී හා ක්ෂද්‍රචිප නිෂ්පාදනයේදී එවන් කාච අතිශයින් වැදගත්ය.
මේ නිසා වසර දහස් ගණන් ජීවත්ව ඇති මේ සත්වයාගෙන් උගේ සැකැස්ම ණයට ගෙන අපට අනුකරණාත්මක නිෂ්පාදනයක් කළ හැකි බව ජොවානාගේ අදහස් වී  තිබේ.