May 22, 2014

අච්චු ගැසු හිස් කබල

කලාතුරෙකින් සැදෙන අස්ථි ව්‍යාකූල විමේ රෝගයක් නිසා හිස් කබල ඉවත් කිරීමට ඇයට සිදු විය. ප්ලාස්ටික් වලින් ත්‍රිමාණ මුද්‍රණය කළ (අච්චු ගැසු) හිස් කබලක් නව හිස් කබල ලෙස (ඉහළ කොටස) ප්‍රතිස්ථාපනය කරන ලදී. ශල්‍යකර්මයෙන් මාස 03 ට පසුව රෝග පිඩාවලින් නිදහස් වුණු ඇය දැන් නැවත සිය සුපුරුදු රැකියාවේ නියැලෙණ්නීය.

අස්ථි ව්‍යාකුලවීමේ රෝගය නිසා මේ කාන්තාවගේ හිස් කබලේ ඝනත්වය වැඩිවිම සිදු විය. මේ නිසා ඉතා දරුණු හිසරදයකින් සහ පෙනිමේ දුර්වලතාවයකින් ඇය බොහෝ කල් පීඩා වින්දාය. ඇගේ හිස් කබලට බොහෝ සේ සමාන හිස් කබලක් ත්‍රිමාණව  ප්ලාස්ටික් වලින් මුද්‍රණය කරන ලදී. ත්‍රිමාණ මුද්‍රණ නිසා හිස් කබල සියුම් ලෙස වඩාත් නිවැරදිව සකසා ඇත. නෙදර්ලන්තයේ උටිරේජ් විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේදී මෙම ශල්‍යකර්මය  සිදු කර තිබේ. ඇයට ඇත්තේ කෘතිම හිස් කබලක් බව හෝ ඇය හිස් කබල ප්‍රතිස්ථාපනය කිරිමේ ශල්‍යකර්මයට භාජනය වි ඇති බව හඳුනාගැනීමට ඉතා අපහසුයි යැයි ප්‍රධාන ශල්‍ය වෛද්‍ය බොන් වර්වෙජි ප්‍රකාශ කරයි.

මින් පෙර හිස්කබලේ එක් එක් ප්‍රදේශ ප්‍රතිස්ථාපනය සඳහා ත්‍රිමාණ මුද්‍රණ හිස් කබල් කොටස් යොදා ගැනීම වර්වෙජි ඇතුළු කණ්ඩායම සිදු කර තිබුනද හිස් කබලේ ඉහළ සම්පූර්ණ කොටසම ප්‍රතිස්ථාපනය කර ප්‍රථම වතාව මෙය විය. මෑත අනාගතයේදි  මෙවැනි ශල්‍යකර්ම බොහෝ ඇතිවනු ඇතැයි අපේක්ෂා කරයි.බද්ධ කිරිම සඳහා සියුම් පටක(tissues)  ත්‍රිමාණ මුද්‍රණය කිරීම සඳහා පර්යේෂකයෝ කටයුතු කරති. දැනට ශල්‍යකර්ම වලදි ත්‍රිමාණ මුද්‍රණය කළ අස්ථි කොටස් යොදා ගෙන තිබේ.
මෙවැනි ශල්‍යකර්ම වලදි අදාල කොටස් පුද්ගලයාට සුවිශේෂි වන ලෙස නිර්මාණය කිරිමේ අත්‍යවශ්‍යතාවය පිළිබඳ වෛද්‍යවරු අවධාරණය කරති. උටිරෙච්හි නිර්මාණය කළ හිස් කබල ඒ සඳහා සුවිශේෂි උදාහරණයකි.  2011 ජුලි මාසයේදි බෙල්ජියම් රෝගියෙකුට ටයිටේනියමි වලින් ත්‍රිමාණව මුද්‍රණය කළ Jawbone (හකු පාඩාව) බද්ධ කර තිබේ. හිසු කබලෙන් 75% ක ප්‍රමාණයේ කෘතිම ප්ලාසිටික් හිස් කබල් ත්‍රිමාණ මුද්‍රණය කිරිම සඳහා කොනින්ටිකට් හි සමාගමකට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලන අධිකාරිය පසු ගිය වසරේදි අවසර ලබා තිබේ.

උපුටාගැනීම
Woman has her skull replaced with a 3D-Printed plastic one    by Francie Diep

0 comments:

Post a Comment