May 27, 2014

අවුරුදු 1000 කට පෙර ඔබේ මුතුන් මිත්තන්ගේ ගම සොයා ගමුද?

අවුරුදු 1000 කට පෙර පුද්ගලයාගේ මුල් වාස භූමිය එනම් ඔහුගේ පැවැත්මේ ආරම්භය සිදුවු භූගෝලීය ස්ථානයේ දැන ගැනීමට හැකි ක්‍රමවේදයන් ජාත්‍යන්තර විද්‍යාඥයින්ගේ කණ්ඩායමක් විසින් සංවර්ධනය කර ඇත. භූගෝලීය ජනගහන ව්‍යුහය (Geographic Population structure / GPS) මිනුම නම් වු මෙම ක්‍රමවේදය මඟින් අවුරුදු 1000 කට පෙර ඔබේ පැවැත්ම ආරම්භ වු මුතුන් මිත්තන්ගේ ගම හඳුනාගත හැකි බව ප්‍රකාශවේ. එපමණක් නොව එය පුදුගලයානු බද්ධ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශේෂිත පහසුකම් සපයනු ඇත.

ෂෙපීල්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය එරන් එල්හෝක් සහ සදර්න් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ අචාර්ය ටටියානා ටරාරිනොවා  විසින් මෙම නව තාක්ෂණය සොයා ගෙන තිබේ. පෙර පැවති තාක්ෂණයෙන් පුද්ගලයෙකුගේ DNA  මුලාරම්භය කිලෝමීටර 700 ක දුරකින් පිහිටි පැවැත්ම පමණක් හඳුනාගත හැකි විය. එහෙත් නව ක්‍රමය ලෝකවාසි ජනතාව ඔවුන්ගේ පැවැත්මේ මුලාරම්භ ගම්මාන හඳුනා ගැනීම දක්වා සංවර්ධනය වී තිබේ.ප්‍රතිඵල වල නිර්වද්‍යතාව 98% ක ප්‍රතිශතයක් වේ. ජානමය සම්මිශ්‍රණය පිළිබඳව GPS (භූගෝලීය ජනගහන ව්‍යුහය) අවධානය යොමු කර ඇත

පෙර වෙන්ව විසු ජනගහනය එකිනෙකා සම්මිශ්‍රවීම නිසා නව ජන සමුහයන් නිර්මාණය වීම යන ඓතිහාසික පොදු සිදුවීම ජානමය සම්මිශ්‍රණය නම් වේ. නව තාක්ෂණය මඟින් මෙලෙස නිර්මාණයවු ජාන විශේෂතා  100,000 ක පමණ ආකෘති සකසා ඇත. එය විශේෂිත භූගෝලීය ප්‍රදේශයකට ආවේණික වු Ancestry - informative marker (කුල පරම්පරාව දක්වන සළකනු කාරකය) ලෙස හඳුන්වයි.මයිටොකොන්ඩ්‍රියල් හෝ Y ක්‍රොමොසොමල් ජාන ( mitochondrial  or Y chromosomal) වෙනුවට GPS තාක්ෂණ මිනුම Autosomal Chromosomes (ආලිංගවර්ණදේහ ක්‍රොමසොම් ) ජාන භාවිතා කරනුයේ ඒවා පුද්ගල ජාන නිර්මිතය පිළිබඳව වඩා තුලිත ස්වරූපයක් දක්වන බැවිනි.

සාපේක්ෂව ඕනෑම කෙනෙකුට පාහේ මෙම GPS මිනුම භාවිතා කිරිමට හැකිවීම මෙම ව්‍යාපෘතියේ එක් වැදගත් ලක්ෂණයක් වේ. එනම් බාහිර ආයතනයකින් තම Autosomal DNA (ආලිංගවර්ණදේහ) ජාන වර්ගය හඳුනාගෙන ඇති අයෙකුට අවුරුදු 1000 කට පෙර තම මුතුන් මිත්තන්ගේ ගම් දනව් හඳුනාගැනීම පහසුවෙන් කළ හැකිය. Autosomal DNA ජාන වර්ගය හඳුනාගැනීම සඳහා දැනට ඇ.ඩො. 100-200 ත් අතර මුදලක් වැය වෙතැයි සඳහන් වේ. ප්‍රතිඵල ලබා ගැනිමට තම Autosomal DNA ජාන වර්ගය පිළිබඳ දත්ත ආචාර්ය ටරාරිනොවාගේ වෙබ් පිටුවට ඇතුළු කිරිම ප්‍රමාණවත් වේ.

උපුටා ගැනිම:-
Researches Develop DNA GPS tool to accurately trace geographical ancestry - Chris wood   - http://www.gizmag.com/dna-gps-trace-geographical-ancestry/31874/

 http://www.youtube.com/watch?v=Aap-s1kle4Q                  

0 comments:

Post a Comment