May 2, 2014

මතකය මෙන්ම වැදගත් අමතක කිරීමේ ක්‍රියාවලිය

සනීප ආරක්ෂාව (Sanity) පිළිබඳ සැළකු කළ අමතක කිරීම. අවම වශයෙන් මතක තබා ගැනීම තරම්ම වැදගත් වේ. එසේ නොමැති නම් අඛන්ඩ ප්‍රවාහයක්සේ විදී වලදී අපි දකින මුහුණු, කියවන වචන, ක්ෂණිකව හෝ ස්වල්ප වශයෙන් අසන දකින දැනෙන විවිධ දේ යනාදියෙන් අපේ මනස පිරී ඉතිරි යනු ඇත. එහෙත් ස්නායු පාදක කොට ගත් අමතක කිරිමේ ක්‍රියාවලිය අප හොඳින් හඳුනාගෙන නැත. වටපණුවන් (roundworms) ආශ්‍රිතව කරන ලද අධ්‍යනයකදී mushahi ( මුෂාසි) නම් ප්‍රෝටීනයක් අමතක කිරිමේ ක්‍රියාවලිය සඳහා ක්‍රියාශීලිව දායක වන බව හඳුනාගෙන තිබේ.නොකැළැල් මනසේ සදාතන සුර්යාලෝකය (Eternal sunshine of the spotless mind)” හි දස වර්ෂය සම්පූර්ණයේදී මෙම අධ්‍යයනය වාර්තා වී ඇත.

මුෂාසි ප්‍රෝටීනය අඩු මට්ටමක වු වටපණුවන් (roundworms) ලෙස ජානමය වශයෙන් වෙනස් කළ වටපණුවන්ට වඩා හොඳ මතකයක් තිබු බව අධ්‍යයනයේදී පැහැදිලි විය. විවිධ සුවඳ (ගන්ධ) මතක තබා ගැනීමේ හැකියාව මේ සඳහා පාදක කර ගන්නා ලදි. ජානමය වශයෙන් වෙනස් කළ (මුෂාසි ප්‍රෝටීනය අඩු මට්ටමක) වටපණුවන් සාමාන්‍ය වටපණුවන්ට වඩා සුවඳ වර්ග 24 ක අමතර ප්‍රමාණයක්  සඳහා ක්‍රියාශීලිව ප්‍රතිචාර දක්වා තිබේ. මෙය අමතක කිරිමේ ක්‍රියාවලිය ක්‍රියාශීලි ක්‍රියාවක් බව පිළිගැනීමට කරන ලද මුලික පර්යේෂණ වලින් එකකි.

තවදුරටත් නිරීක්ෂණයේදී මුෂාසි ප්‍රෝටීනය විශේෂිත අණු වර්ගයක් නිෂ්පාදනයට බාධා කරන බව හඳුනාගෙන ඇත. මතකය ඇති කිරිම සහ පවත්වාගෙන යෑම සම්බන්ධව නියුරෝන සමඟ මෙම අණු සම්බන්ධය. ඇඩියුසින්(adducing) නම් වෙනත් ප්‍රෝටීනයක් මෙම නියුරෝන සහ අණු සම්බන්ධ උපාගමය (Synapses) උත්තේජනය කරන බවද සොයාගෙන තිබේ. එය මතකය අළුත් කර ගැනීමට උපකාර කරයි. මෙම ක්‍රියාවලි දෙක අතර තුලනය මඟින් මතකයේ රඳවා ගත යුත්තේ හෝ රඳවා නොගත යුත්තේ කුමක් දැයි තීරණය වේ. තුලනයේ දෝෂ මතක ක්‍රියාවලිය වෙනස් වීමට හේතුවේ. එමඟින් මනුෂ්‍යයාගේ මතකය සම්බන්ධ අසාමාන්‍යතා සිදු වනු ඇත.

ඇල්ෂයිමර් (Alzheimer) රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී මෙම ප්‍රෝටීන වැදගත් වන අතර ඒ මඟින් බොහෝදේ නිරීක්ෂණය කර ගත හැකි වනු ඇතැයි පැවසේ.


උපුටාගැනීම :
Forgetting is an actively controlled process in the brain  - Douglas Main 

0 comments:

Post a Comment