May 16, 2014

ඇස් බබාහි (කර්ණිකාවේ) ඇති කැමරාව

පෙනීමට කිසිදු බාධාවක් නොවන පරිදි ඇසේ කර්ණිකාවේ (ඇසේ බබා) කැමරාවක් සවි කළ හැකි බව ඔබට කෙසේ හැඟෙන්නේද? එවැනි තාක්ෂණයක් සඳහා පේටන්ට් බලපත්‍රයක් ගුගල් සමාගම විසින් 2014 අග භාගයේදී ඉල්ලුම් කරන ලදුව පේටන්ට් බලපත්‍රය මාර්තු 27 දින ප්‍රසිද්ධියට පත් කර තිබේ.

සිවිකාච තුල සවිකර ඇති සංවේදක වලට ඇහිපිල්ලන් ගැසීම හඳුනාගත හැකිය. ඇහිපිල්ලන් ගැසීම සිදුවන විවිධාකාරයන් අනුව ඊට අදාල වන විධානයන් ලබාදීමට එම සංවේදක වලට හැකිය. නව තාක්ෂණය අනුව කැමරාව කළු ඉංගිරියාව පහළින් ස්ථාන ගත කර ඇති බැවින් පෙනීමට කිසිදු බාධාවක් හෝ හානියක් සිදු නොවේ. එසේම කැමරාව පැළඳ සිටින්නාගේ ඇසේ කර්ණිකාවේ (ඇසේ බබාහි) පිහිටා ඇති බැවින් එම තැනැත්තා දකින (නිරීක්ෂණය කරන) සියළු දේම විඩියෝ පටිගත කළ හැකි වේ. පැළඳ සිටින්නාගේ ඇස් වලින් පෙනෙන රූප රාමු පටිගත වීම සිදුවේ.

අන්ධ පුද්ගලයකුට අවට පරිසරයේ ඔහු නොදකින දේ පිළිබඳ සංවේදීතාව ලබාදීමට මෙම තාක්ෂණයට හැකිය. සිවිකාචයක් පැළඳීමෙන් අන්ධ පුද්ගලයාට පෙනීම නොලැබෙන නමුත් මෙහි ඇති කැමරාවේ පටිගත වන රූප රාමුව අනුව ඊට අදාල සංවේදීතාවයක් ඔහුට හෝ ඇයට ලබාදිය හැකිය. අන්ධ පුද්ගලයා සමඟ ඇති වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණයක් ඒ සඳහා යොදා ගත හැකිය. ළංවෙන වාහනයක් හෝ බාධකයක් පිළිබඳ තොරතුරු විඩියෝ කැමරාව හා යෂ්ටිය සම්බන්ධ කිරීමෙන්(යෂ්ටිය කම්පනයවීම වැනි) දැනගැනීමට සැලැස්වීම සහ මෙම සිවිකාචයේ කැමරාවෙන් ලබාගන්නා රූපය නමක් ලෙස හඳුනාගෙන කණට සම්බන්ධ ශ්‍රවණ උපකරයකින්  දැන්වීම උදාහරණ ලෙස සඳහන් කළ හැකිය.

 ඇසේ කර්ණිකාවේ පරිගණකයක් ස්ථාන ගත කිරීමටද මින් පෙර ගුගල් සමාගම යෝජනා කර ඇත. ඇසේ කදුළු වලින් රුධිරයේ සීනි ප්‍රමාණය මැන ඒ අනුව ශරීරය තුළ ඉන්සියුලින් නිකුත් කරන සංවේදක සමඟ කටයුතු කිරීමට හැකි සිවිකාච  සංවර්ධනය කර තිබේ. ඒ පිළිබඳව මේ වසරේ මුල් භාගයේදී ප්‍රකාශයට පත් කර ඇත. මේ දැනට සිවිකාච ඇසුරෙන් නිෂ්පාදිත පේටන්ට් බලපත්‍ර ලද භාණ්ඩ දෙකකි. එවැනි වෙනත් භාණ්ඩ අවම වශයෙන් 05 ක් පමණ සංවර්ධයේ පවති.


උපුටාගැනීම :
Put a camera in your Eyeball by Keisey D Atherton
https://news.yahoo.com/video/google-wants-put-cameras-eyes-233345914-cbs.html

0 comments:

Post a Comment