May 30, 2014

සුපිරි ද්‍රව්‍ය ග්‍රැෆීන් සාදන පහසු ක්‍රමය

පළමුව ග්‍රැෆයිට් පවුඩර් ස්වල්පයක් බ්ලෙන්ඩරයට දමන්න. ඉන්පසුව එයට වතුර සහ සේදුම් දියර එක්කර අධිවේගයෙන් මිශ්‍ර කරන්න. ඔබට සුභ පැතුම් ඔබ විශ්මයජනක සුපිරි ග්‍රැෆින් ද්‍රව්‍යය නිෂ්පාදනය කර ඇත. එහෙත් මෙය ඔබ නිවසේදී අත්හදා නොබලන්න. මක්නිසාදයත් සේදුම් දියර, වතුර සහ ග්‍රැෆයිට් පවුඩර් මිශ්‍ර කළ යුතු මාත්‍රාව භාවිතා කරන ග්‍රැෆයිට් පවුඩර් වල තත්වය අනුව වෙනස් වන බැවිනි. ඒ නිසා මෙම ක්‍රමයෙන් නිවසේදී ග්‍රැෆින් සෑදීම සංකීර්ණ ක්‍රියාවකි.

එහෙත් විද්‍යාත්මකව අදාල මාත්‍රාව සකස් කර ගත හැකි නම් විශ්මයජනක ලෙස පහසු වු මෙම ක්‍රමය විශාල වශයෙන් පිරිසිදු ග්‍රැෆින් නිෂ්පාදනය සඳහා යොදා ගනු ඇත. අයර්ලන්තයේ ඩබ්ලන් හි ට්‍රිනිටි විශ්ව විද්‍යාලයේ ජොනතන් කෝල්මන් සහ ඔහුගේ කණ්ඩායම එක්සත් ජනපදයේ රසායනික නිෂ්පාදන සමාගමක් වු තෝමස් ස්වෑන් හි කොන්ත්‍රාන්තුවක් මත මෙම තාක්ෂණය සංවර්ධනය කර තිබේ. ග්‍රැෆින් ද්‍රව්‍යයේ අසාමාන්‍ය තාප සහ විද්‍යුත් ගුණ නිසා ඉලෙක්ට්‍රොනික කර්මාන්ත ක්ෂේත්‍රෙය් විප්ලවයක් කිරීමට ග්‍රැෆින්ට හැකි බව පැවසේ. එහෙත් මේ දක්වා උසස් තත්වයේ ග්‍රැෆින් ඉහළ මට්ටමේ රසායනාගාර තාක්ෂණ ක්‍රම මඟින් වුවද නිෂ්පාදනය කළ හැක්කේ පැය 01 කට ග්‍රැෆින් ග්‍රෑම් ½ ක් පමණි.පාපන්දු ක්‍රිඩා පිට්ටනික් පිරවිය හැකි ප්‍රමාණයක ග්‍රැෆින් වල මුළු බර ග්‍රැම් 1 කි. ඊට වඩා වේගවත්ව නිෂ්පාදිත ග්‍රැෆින් ගුණාත්මක බවින් පහළ මට්ටමක් පවතී.

පැන්සල් තුඩු නිර්මාණය කර ඇත්තේ ග්‍රැෆටයිඩ් වලිනි. පෙර පර්යේෂණ වලදි ග්‍රැෆයිට් වලින් ග්‍රැෆින් සාදාගත හැකි බව හඳුනාගෙන තිබේ. මුල්වරට ග්‍රැෆින් ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා 2010 නොබෙල් ත්‍යාගය පිරිනමනු ලැබුවේ එතරම් සුපිරි ද්‍රව්‍යයක් සොයා ගැනීමම විශ්මයක් වීම හේතුවෙනි. කාඩ්පත් එකතුවෙන් කාඩ් කුට්ටමක් සැකසෙන ලෙස ඉතා සියුම් තීරු ග්‍රැෆින් එකතුවෙන් ග්‍රැෆටයිඩ් සැදෙන බැවින් ග්‍රැෆටයිඩ් නියමිත ලෙස වෙන්කර ග්‍රැෆින් සාදා ගැනීමට කෝල්මන් පරීක්ෂණ ක්‍රියාත්මක කරන ලදි. කෝල්මන් සහ කණ්ඩායම ග්‍රැෆටයිඩ් පවුඩර් (powder) සහ විවිධ ද්‍රාවණ දියර එක් කරමින් රසායනාගාරයේදී වේගයද භාවිතා කරමින් මිශ්‍ර කළෝය. ද්‍රාවණය ලෙස සේදුම් දියර (Dishwasher ) එක්කළ විට සැදුණු ද්‍රව්‍ය අන්වීක්ෂ පරීක්ෂණයේදී පිරිසිදු ග්‍රැෆින් බව ඔවුන් හඳුනා ගන්නා ලදී.
තාක්ෂණ ක්‍රමයේ සාර්ථකභාවය මැන ගැනිමට ඔවුන් විවිධ බ්ලෙන්ඩර් (මිශ්‍රණ උපකරණ) සහ විවිධ සේදුම් දියර භාවිතා කර ඇත. එහිදි බ්ලෙන්ඩරය ඉතා මිල අධික බ්ලෙන්ඩරයක් වීම අවශ්‍ය නොවන බවත් සේදුම් දියරය එංගලන්තයේ නිෂ්පාදිත Fair Liquid වර්ගයේ පිඟන් සේදුම් දියර වර්ගය විය යුතු බවත් නිරික්ෂණය කර තිබේ. මෙය කොතරම් පහසු වුවත් නියමිත තත්ව හා මාත්‍රා යටතේ නොමැතිව ඉතා ආසන්න තත්ව හා මාත්‍රා යටතේ සියලු ග්‍රැෆයිට්, ග්‍රැෆින් බවට පත් නොවන බැවින් ඒවා වෙන් කර ගැනීම වඩාත් අපහසු වන බවද සඳහන්වේ.
ඉහළ තාක්ෂණික හා කාර්මික තත්ව යටතේමෙම තාක්ෂණයෙන් පැයකට ග්‍රැෆින් ග්‍රෑම් 100 ක් නිෂ්පාදනය කළ හැකි බව කෝල්මන් පවසයි. ග්‍රැෆින් දැනට ඇති ශක්තිමත්ම මෙන්ම සැහැල්ලුම (ආසන්න වශයෙන් ද්විමාන) සහ වෙනත් ද්‍රව්‍ය සමඟ මිශ්‍ර කිරීමේ හැකියාව ඇති ද්‍රව්‍යයක් නිසා වෙනත් ද්‍රව්‍ය හා 50% මිශ්‍රණයෙන් වුව අවශ්‍ය ප්‍රතිඵල ලබා ගත හැකිවේ.

උපුටා ගැනිම:- 
Make graphene in your kitchen with soap & blender – Jacob Aron
http://www.newscientist.com/article/dn25442-make-graphene-in-your-kitchen-with-soap-and-a-blender.html#.U32p1JJHLhw   
https://www.youtube.com/watch?v=6vm_G9sVHDE

0 comments:

Post a Comment