May 5, 2014

පලතුරු විද්‍යාත්මකව වර්ග කිරිම.

පලතුරු ක්ලයිමෙක්ට්‍රික් හා ක්ලයිමෙක්ට්‍රික් නොවන ලෙස වර්ග කෙරේ.  ක්ලයිමෙක්ට්‍රික් පලතුරු සම්පූර්ණයෙන් හොදින් පැසුණු පසු හා නියමිත ප්‍රමාණයට පැමිණි පසු  ඵල නෙලා ගැනීම සිදු කළ යුතුයි.ඉන් පසු ඉදීම සිදු වේ. අද විශාල වශයෙන් කෘත්‍රිම ක්‍රම යොදා ඉදවන්නේ මෙම වර්ගයේ පලතුරුයි.  මෙම පලතුරුවල නෙලා ගත් පසු තත්වය, ද්‍රව ප්‍රමාණය, පෘක්ටෝස් ප්‍රතිශතය ආදී ගුණ වැඩි වීම සිදු වේ.
ක්ලයිමෙක්ට්‍රික් නොවන පලතුරු ඉදුණු පසු නෙලා ගත යුතු අතර නෙලා ගත් පසු ඉදීම සිදු නොවේ. එබැවින් නෙලා ගත් පසු කෘත්‍රිම ක්‍රම භාවිතයෙන් ඉදවීම කළ නොහැකිය.

විද්‍යාත්මකව සැලකූ විට ක්ලයිමෙක්ට්‍රික් පලතුරුවල ඉදීමේ ක්‍රියාවලිය ඵලය මගින් නිපදවන එතිලීන්වලින් පාලනය වන අතර ඉදීමේ ක්‍රියාවලියේදී ඵලයේ සෛලවල ශ්වසන වේගය වැඩි වී කාබන් ඩයෝක්සයිඩ් නිෂ්පාදනයද වැඩිවේ. ක්ලයිමෙක්ට්‍රික් නොවන පලතුරුවල එලෙස සිදු නොවේ.

ක්ලයිමෙට්‍රික් හා ක්ලයිමෙක්ට්‍රික් නොවන පලතුරු පිළිබද අවබෝධය ලබා ගැනිම සදහා පහත වගුව ඉදිරිපත් කරමි.

CL = Climacteric ( ක්ලයිමෙක්ට්‍රික්)

NC = Non-Climacteric(ක්ලයිමෙක්ට්‍රික් නොවන)       

පලතුරු වර්ගය
උද්භිද විද්‍යාත්මක නාමය
ක්ලයිමෙක්ට්‍රික් හෝ නොවන බව
කජු
Anacardium occidentale
NC
අන්නාසි
Ananas comosus
NC
දෙහි
Citrus aurantiifolia
NC
දොඩම්
Citrus sinensis
NC
ස්ට්‍රොබරි
Fragaria sp.
NC
රඹුටන්
Nephelium lappaceum
NC






දෙල්
Artocarpus altilis
CL
කොස්
Artocarpus heterophyllus
CL
පැපොල්
Carica papaya
CL
දූරියන්
Durio zibethinus
CL
තක්කාලි
Lycopersicon esculentum
CL
ඇපල්
Malus domestica
CL
අඹ
Mangifera indica
CL
සැපදිල්ලා
Manilkara zapota
CL
කෙසෙල්
Musa sp.
CL
අලිපේර
Persea sp.
CL
පේර
Psidium guajava
CL

ක්ලයිමෙක්ට්‍රික් පලතුරුවල ඉදීමේ ක්‍රියාවලිය







පලතුරු ඉදවීමේ කෘත්‍රිම ක්‍රම පිළිබදව පසුව කරුණු දැනගනිමු.
පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී- අඹන්ගගකෝරළේ


0 comments:

Post a Comment