May 23, 2014

සුප්‍රසිද්ධ විද්‍යාඥයින් කළ අයුතු බලපෑම්


විද්‍යාවෙන් විශේෂිත සහජ දක්ෂකම් දැක් වු විද්‍යාඥයින්ගෙන් සමාජීය වශයෙන් සිදුවු අයතු බලපෑම් පිළිබඳ වාර්තා විරලය. එහෙත් කෘතග්ජන මිනිසුන් වශයෙන් එසේ ක්‍රියා කළ ප්‍රසිද්ධ විද්‍යාඥයින්ද සිටී. එවැනි සමහර ක්‍රියා වර්ෂ සිය ගණනකට පසුව වුවද සමාජය ප්‍රතික්ෂේප කරයි.

විවිධ විද්‍යාත්මක නිර්මාණ සහ සොයා ගැනීම් වලට ප්‍රසිද්ධ තෝමස් එඩිසන් අඩු වෝල්ටීයතාවයක් සහිත සරල ධාරා(direct current). විදුලිය නිපදවීම සම්බන්ධව වැඩි ප්‍රසිද්ධියක් ලබා ගත්තේය. අධි වෝල්ටීයතාව සහිත ප්‍රත්‍යාවර්ථන ධාරා (alternating current) විදුලිය නිපදවු නිකොලා ටෙස්ලා වර්ෂ 1884 දී තෝමස් එඩිසන් මුණ ගැසීම සඳහා නිව්යෝර්ක් නගරයට පැමි‍ණියේය. එඩිසන් හමුවු ටෙස්ලා ප්‍රත්‍යාවර්ථන ධාරා බලැති මෝටරයක් නිපදවීමට එඩිසන්ට ආරාධනා කළේය. එහෙත් එය භායානක ක්‍රියාවක් යැයි පැවසු එඩිසන් සරල ධාරා විදුලි ජනකයක් (Generator ) හෝ ඩයිනමෝවක් නිෂ්පාදනයට තමාට උපකාර කරන ලෙස ටෙස්ලාට දැන්විය. ඒ සඳහා ඒඅවස්ථාවේදී විදේශිකයකු වු ටෙස්ලාට ඩොලර් 50,000 ක් ලබාදීමටද  එඩිසන් කැමැත්ත ප්‍රකාශ කරන ලදී.

මාස ගණනක් එම කාර්ය සඳහා මහන්සිවී විදුලි ජනකයක් සෑදීමට සුවිශේෂ දායකත්වයක් සැපයු ටෙස්ලා තමාගේ ත්‍යාගය ලබාගැනීමට එඩිසන් වෙත නැවත පැමිණි විට ඔබ සම්පූර්ණ ඇමරිකානු පුරවැසියෙක් වු විට මගේ විහිළුව අගේ කරයි යයි පැවසු එඩිසන්, ටෙස්ලාව හාස්‍යයට ලක් කරන ලදී.

ප්‍රත්‍යාවර්ථන ධාරා විදුලිය සඳහා වු පේටන්ට් බලපත්‍රය ටෙස්ලාගෙන් මිලදී ගත් ජෝර්ජ් වෙස්ටින්හවුස් ප්‍රත්‍යාවර්ථන ධාරා විදුලිය වඩාත් ප්‍රසිද්ධියට පත් කරන ලදී. මතවාදි ලෙස මෙන්ම මුල්‍ය වශයෙන්ද (Direct current) සරල ධාරා විදුලිය ප්‍රචලිත කිරීම වෙනුවෙන් කැපවුනු එඩිසන් A.C. විදුලිය ප්‍රචලිත වීම සම්බන්ධයෙන් අසතුටට පත්විය. එනිසා ඔහු  A.C. විදුලියට විරුද්ධව විශාල ප්‍රචාරණ වැඩ පිළවෙළක් ක්‍රියාත්මක කළේය. මෙම ප්‍රචාරණ නිර්දය ලෙස අනුකම්පා විරහිත විය. ඔහුට අධිවෝල්ටියතාව නිසා A.C. (ප්‍රත්‍යාවර්ථන ධාරා) විදුලිය ඉතා භයානක බව ඔප්පු කිරිමට අවශ්‍ය විය. ඒ සඳහා ඔහු විසින් ප්‍රසිද්ධියේ බල්ලන්, පුසන්,හරක් සහ අශ්වයින් අධිවෝල්ටීයතාව සහිත විදුලිය මඟින් මරණයට පත්කරන ලදී. වඩා කෘර ලෙස අලින්ද මෙම හිරිහැරයට භාජනයවිය.

මෙම ප්‍රචාරණයේදී වරක් මිනිසුන්ද විදුලිබලයෙන් මරණයට පත්කළ හැකි දැයි එඩිසන්ගෙන් විමසන ලදී. එයට පිළිතුරු ලෙස ඔහුගේ අනුගාමිකයෙක් විදුලි පුටුව නිර්මාණය කළේය. එය වර්තමානයේදී මෙන් දියුණු නොවු ප්‍රථමික විදුලි පුටුවක් වු බැවින් එහිදි මරණයට පත්වු මිනිසාට විනාඩි 8 ක පමණ කාලයක් මරණය සමඟ සටන් කිරීමට සිදුවී තිබේ. එය ඇසු ටෙස්ලා හිස ගසා දැමීම වඩා සුදුසු යැයි ප්‍රකාශ කර ඇත.
මේ සියලු අගතිගාමි ප්‍රචාර හමුවේ වුවද A.C. විදුලිය එහි අධිවෝල්ටීයතාව නිසා වැඩිදුරක් ගමන් කිරීමට හැකිවිම සහ අපවර්තකය (inverter) මඟින් නිවසේදී මිනිසුන්ගේ ප්‍රායෝජනයට ගත හැකි වීම නිසා ප්‍රචලිත විය.
තෝමස් එඩිසන් විද්‍යාඥයා එසේ අයතු ලෙස කටයුතු කළද එතරම් ප්‍රසිද්ධ නොවු නිකොලා ටෙස්ලා විද්‍යාඥයාගේ නිර්මාණ සහ සාමාජීය ජීවිතයේ වර්ණවත් බව අන්තර්ජාලයේ සටහන්ව ඇති තොරතුරු මගින් දැනගැනීම වැදගත්වේ. වයර් නැතිව ගෙදරට එන විදුලිය (witricity) ශීර්ෂයෙන් මෙම Blog හි ඇති ලිපියේද ඔහු ගැන කෙටි සටහනක් කර ඇත.

උපුටා ගැනිම:-
 Beloved scientists who were actually bullies - Joey Carmichael

0 comments:

Post a Comment