December 26, 2017

කැල්සියම් (Ca) සහ මිනිස් සිරුර


මිනිසෙකුගේ ශරීර බරෙන් 2% ක් පමණ කැල්සියම් අඩංගුවේ. සිරුරේ සියලූම ඛණිජවලින් 50%ක් ම කැල්සියම් වේ. එමෙන්ම.පුද්ගලයෙකුට දිනකට කැල්සියම් 500mg පමන අවශ්‍ය වේ.ගර්භනී හා කිරිදෙන මව්වරුන්ට දිනකට 1000mg ක් පමන අවශ්‍යය වේ. මිනිස් සිරුරෙ ඇති ඛණිජවලින් කැල්සියම් වලට හිමිවන්නේ ඉතාමත් වැදගත් ස්ථානයක් බව ඉහත කරුණුවලින් මනාව තේරුම්ගත හැක.


කැල්සියම් වල වැදගත්කම

      අස්ථි හා දත් වර්ධනය, ස්නායු හා මංශපේශින් ක්‍රියාකාරිත්වය, එන්සයිමවල ක්‍රියාකාරිත්වය, විටමින් B12 අවශෝෂණයට අවශ්‍ය වීම.සිරුරේ  PH අගය පවත්වා ගැනීමට, ලේ කැටිගැසීමට,සෛල පාරගම්‍යතාවය පවත්වාගැනීම,හදවතේ ගැස්ම සහ පෙනහලුවල ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට.

කැල්සියම් අඩංගු ආහාර

      කිරි හා කිරි නිෂ්පාදිත, කටු සහිත කුඩා මාළු වර්ග,කොල එලවළු,සෝයා, පලා වර්ග, කුරක්කන්, තල,බිත්තර,පළතුරු(නෙල්ලි ,දිවුල්,රටඉදි,අලිපේර වැනි)



  
කැල්සියම් උනතාවය නිසා ඇතිව අහිතකර ප්‍රතිඵල

      දත් හා අස්ථි විකෘති වීම සහ දුර්වල වීම, අස්ථි මෘදු වීම සහ දුර්වල වීම (අස්ථි විකෘති රෝගය) අස්ථි වර්ධනය අඩුවීම ,වැඩිහිටියන්ගේ අස්ථි මාර්දවය (ඔස්ටියෝමැලේෂියා) අස්ථි මෘදු වීම සහ වේදනාව, අස්ථි ක්ෂීණතාවය (ඔස්ටියෝපොරෝසිස්) අස්ථි මෘදු වී බිදී යාමට තුඩු දීම.

 

 අද අප රටතුල ජනතාව අතර දිනෙන් දින ඉහල යන ඉහත තත්වයන්ගෙන මිදීමට දිනකට අවශ්‍යය කැල්සියම් ප්‍රමානය ආහාර සමග සිරුරට ලබාගැනීම ඉතාමත් අත්‍යාවශ්‍යය මෙන්ම කාලෝචිත වේ.

W.A.R සුමිත් කුමාර
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
නිකවැරටිය

4 comments:

කැල්සියම් වැඩි උනාම මොකද වෙන්නෙ

කිරි දෙන අම්මා කෙනෙක් විටමින් පෙති biuwama බබා මුත්‍රා දාන්නේ ගොඩක් අමාරුවෙන් නොබී kemata ගන්න පුළුවන් ආහාර මොනවද

කැල්සියම් නැති උනාමද ඈලි මෑලි ගතිය එන්නේ?

Post a Comment