December 29, 2017

ලොව ප්‍රථම ශූන්‍ය විමෝවන කළාපය -)Zero Emission Zone ( ZEZ )

ලෝකයේ රථ වාහන භාවිතය අධික වීමට සමානුපාතිකව ඒවායින් වායුගෝලයට පිටවන වායූන් නිසා සිදුවන පරිසර දූෂණය ද වැඩිවෙමින් පවතී. මෙයට විසඳුමක් ලෙස වාහනවලින් වායුගෝලයට පිටවන විෂදුම් අවම කිරීම කෙරෙහි ලෝකයේ අවධානය දැඩිව යොමුවී ඇත.





මෙම කරුණ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සඳහා එංගලන්තයේ ඔක්ස්‍ර්ඩ් නගර සභාව ඇතුළු ආයතන මේ වන විට කටයුතු කර ඇත. එනම් ඔක්ස්‍ර්ඩ් නගරය 2035 වන විට ලොව ප්‍රථම ශූන්‍ය විමෝවන කළාපය ( Zero Emission Zone - ZEZ ) බවට පත් කිරීමයි. එයට ප්‍රධාන හේතුව ඔක්ස්‍ර්ඩ් නගරය ආශ්‍රිත වායුගෝලයේ දැනට පවතින අධිත  NO2 සාන්ද්‍රණයයි. මේ හේතුවෙන් පිළිකා ඇතුළු රෝග රාශියක් නිසා වසරකට මියයන සංඛ්‍යාව 40000කට ආසන්නය. ඔවුන්ගේ අවසාන ඉලක්කය වනුයේ අධික ලෙස දූෂණයට ලක්ව ඇති “ජෝර්ජ් ස්ට්‍රීට්” වැනි මාවත් ආශ්‍රිතව NO2 සාන්ද්‍රණය 2035 වන විට 74%කින් පමණ අඩු කිරීමයි.



මෙම කටයුත්ත 2020 දී නගරයේ වීදි කීපයක් තෝරා සිදු කරන අතර එම වීදිවල පෙට්‍රල්/ඩීසල් කාර්, ටැක්සි, වෙළඳ වාහන හා බස් ධාවනය තහනම්ය. 2025 දී එයට තවත් වීදි ප්‍රමාණයක් ද 2030 දී තවත් වීදි ප්‍රමාණයක් ද බැඟින් එකතු කරමින් 2035 දී ඉන්ධන භාවිතාකර ධාවනය කරන වාහන සියල්ල නගරය තුළ තහනම් කිරීමට නියමිතය. එසේම 2040 වනවිට සියළුම වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් කාර් සහ වෑන් රථ අලෙවිය අවසන් කිරීමට ද එංගලන්ත රජය බලාපොරොත්තු වේ.

වසන්ත රණසිංහ - මුලටියන විදාතා මධ්‍යස්ථානය

0 comments:

Post a Comment