වක්‍රකාර සූර්‍ය පැනල සවිකර ඇති ලොව ප්‍රථම සූර්‍ය බල දුම්රිය ඕස්ට්‍රේලියාවේ
නිව් සවුත් වේල්ස් වෙරළ තීරයේ සංචාරය කරන්නන්ට පුණර්ජනනීය බලශක්ති ප්‍රභවයකින් බලගැන්වූ
නව ප්‍රවාහන සේවාවක අත්දැකීම විඳීමට අවස්ථාව සැලසෙනු ඇත. ‘බයරන් බේ‘ (Byron Bay) දුම්රිය
සමාගම විසින් ලොව ප්‍රථම සූර්‍ය බල දුම්රිය ලෙස හඳුන්වා දී ඇති මෙය දෙවන ලෝක යුද්ධ
සමයේ භාවිත දුම්රියකින් නිපදවා ඇත.
මෙම මැදිරි 90 දශකයේ මැද භාගයේ සිට 2013 කාලය දක්වා
භාවිතයට නොගෙන අංගනය තුල පැවති අතර බයිරන් බේ සමාගම විසින් මෙම ඉතිහාසගත දුම්රිය නැවත
ප්‍රථිස්ඨාපනය කිරීමේ කරතව්‍ය භාරගන්නා ලදී. ඔවුන් මුලින්ම සැලසුම්කර තිබුනේ මෙය ඩීසල්
බලයෙන් ධාවනය කරවීමට උපත් සූර්‍ය බල තාක්ෂණයේ නවීන දියුණුවත් සමග එය වෙනස් කරන ලදී.
වෙනත් රටවල සූර්‍ය බලය භාවතා කරන දුම්රිය තිබූවත් මෙම සමාගමට අනුව මෙය පූර්ණ වශයෙන්
සූර්‍ය බලය පමණක් යොදා ධාවනය වන ලොව පළමු දුම්රියයි

2018 ජනවාරි
මස සිට මෙහි සේවාවන් පුළුල් කරමින්, මගී ආසන 100 කින් සමන්විත මෙම දුම්රිය බයිරන් බොක්ක
ආශිතව අළුතින් තනන ලද දුම්රිය ස්ථාන දෙක අතර පැයකට වරක් ගමන් කිරීමට බලාපොරොත්තු වේ.
මෙහි එක් බැටරි ආරෝපනයකින් ගමන්වාර 12 ත් 15 ත් අතර සිදුකල හැක
Nick
Lavars December 19th, 2017
මූලාශය
: Byron Bay Rail Company
0 comments:
Post a Comment